නංගිගේ මනාලයා (14 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං එලියට ගිහින් ටික වෙලාවකට පස්සෙ යසිරු එලියට ආවේ.... ආ ..ඔය එන්නේ...ඔය දෙන්නා පරක්කු නිසා අපි කෑවා හොදද...දෙන්නා එක්ක කාලා එන්න..එහෙම කියලා නිශීලා එලියට ගියේ...ඉතුරු උනේ මායි යසිරුයි විතරයි...මන් ප්ලෙට් එකක් අරගෙන කෑම බෙදාගත්තත් යසිරු කන වගක් වත් නැ...මං එයා දිහා නොබලම කන්න ගත්තේ.... මං මෙතන නොකා ඉන්නකොට තමුසේ තනියම කනවද..... ඉතිං ඔයත් කන්න...බෙදලා දෙන්නද .... ඕනේ නෑ...මට අතින් කන්න බැරි නිසානේ බෙදාගත්තෙ නැත්තේ...නිකමට ඇහුවද අතට මොකද උනේ කියලා..හ්ම්ම්ම්....

මං එලියට ගිහින් ටික වෙලාවකට පස්සෙ යසිරු එලියට ආවේ….
ආ ..ඔය එන්නේ…ඔය දෙන්නා පරක්කු නිසා අපි කෑවා හොදද…දෙන්නා එක්ක කාලා එන්න..එහෙම කියලා නිශීලා එලියට ගියේ…ඉතුරු උනේ මායි යසිරුයි විතරයි…මන් ප්ලෙට් එකක් අරගෙන කෑම බෙදාගත්තත් යසිරු කන වගක් වත් නැ…මං එයා දිහා නොබලම කන්න ගත්තේ….
මං මෙතන නොකා ඉන්නකොට තමුසේ තනියම කනවද…..
ඉතිං ඔයත් කන්න…බෙදලා දෙන්නද ….
ඕනේ නෑ…මට අතින් කන්න බැරි නිසානේ බෙදාගත්තෙ නැත්තේ…නිකමට ඇහුවද අතට මොකද උනේ කියලා..හ්ම්ම්ම්….
දෙයියනේ ….මේ මොකද …. අත තුවාල වෙලා …අත තුවාල වෙලා තියෙනවා දැක්කම අහේතුවකටමයි මට ඇඩුම් ආවේ..
ඇයි මේ….මං කෑම එක පැත්තකින් තියලා අඩ අඩාමයි අතින් අල්ලගෙන ඇහුවේ..
එක පොඩි තුවාලයක්…මොකද මේ ආ…මටනේ තුවාල උනේ ඉතිං තමුසෙ මොකද අඩන්නේ…මං දන්නවා තමුසේ මට කොච්චර අකමැති කියලා පෙන්නන්න හැදුවත් මං වගේම තමුසේත් මට ආදරෙයි කියලා… එකනේ මේ අඩන්නේ….මට රිදෙද්දි තමුසෙට රිදෙන්නේ එකනේ නේද…..
මං ඔලුව දෙපැත්තට වැනුවේ නැ කියන්න …
බොරු කියන්න එපා මන්දාකිණි මට තමුසෙගේ ඇස් දිහා බැලුවම පෙනවා…කාටද මන්දි ඔච්චර බය ආ…තමුසෙට පුලුවන්ද මං වෙන කෙනෙක්ගෙ වෙනක්ම් බලාගෙන ඉන්න…කැමතිද මං වෙන කෙනෙක්ගෙ වෙනවට…
කියන්න දාහක් ජාති හිතේ තිබුනත් මං මුකුත්ම කිව්වේ නැ.
මට කතාකරන්න ඕන මන්දාකිණි …කියන්න ගොඩක් දෙවල් තියෙනවා …එවා හෙට කියන්නම්…කො දැන් අඩන්නේ නැතුව මට කවනවකො බඩගිනි ..
අනේ එයා පොඩි දරුවෙක් වගේ මං කවනකොට කනවා…කන ගමන් හරි ආදරේන් මගේ දිහා බලනවා…එයාගේ ඇස් දිහා බලන්න බැ..මට මාවම අමතක වෙනවා…එයාට තියේන්නේ හිනාවෙන ඇස් දෙකක්…දිග ඇහිපිහාටු…ඝන ඇහිබැම…..ලා රෝස පාට තොල්..ගානට කපපු රැවුල….බලන කෙනෙක්ත ඇස් අහකට ගන්න හිතෙන්නේ නැ.. එතරම් එයා ලස්සනයි …
කලා ඉවර වෙලා මං තුවාලෙට බෙහෙත් දැම්මේ…දාලා මං එලියට යන්න හදනකොටම එයා මගේ අතිනැදලා ලගට ගත්තේ…මගේ දිහාම බලාගෙන ඉදලා එයා ඇහුවේ ” මගේ වෙනවද කියලා ….
මං එයාට ආදරේයි මහගොඩක් එත් කොහොමද මං එක කියන්නේ…මට අයිතියක් කො…එයා නංගීගේ නේ…..
මගේ අවසරයක් නැතුවම මගේ නලල කිස් කරලා එයා මාව අතැරියා…
***********
කොච්චර නිදාගන්න හැදුවත් මට නින්ද යන්නේ නැ ..මට දැනුනේ කව්රු හරි මගෙ කාමරේට එනවා වගේ..කලුවර නිසා පෙන්නේ නැ…මං දොර වැහුවේ නැද්ද අනේ….මං කෑ ගහන්න හදනකොටම කවුද මගේ කටව්වැහුවා….
ෂ්……කෑ ගහන්න එපා මොඩි…..මේ මං…බය වෙන්න එපා මං ඇර වෙන කෙනෙක් තමුසෙ ලගට එන්නැ …එන්න තියේන්නේත් නැ…
නින්ද යන්නේ නැ නේද…මං හිතුවා මං වගේම තමුසෙත් ඇහැරගෙන ඇති කියලා…..
අනේ ඔයා…ඇයි මේ වෙලාවේ අනේ යන්නකො….මට මෙහෙ ඉන්නත් නැතිවෙයි…
බැ මං යන්නේ නැ…මට තමුසේ ලග ඉන්න ඕන…එහෙම කියලා එයා ඇදේ ඇලවේලා මගේ කුසට මුණ තදකරගත්තා…එයාගේ හුස්ම දැනේනවා මට…මට දරාගන්න බැ දෙවියනේ…එයාව මේ තරම් මට දැනෙද්දි කොහොමද මං එයාව ඈත් කරන්නේ ,මට එපා කියන්නේ….මට ඕනේ එයාගේ ආදරේ…එයාගේ මේ දගකාරකම් වලට මේ හිත ලොබයි…. මටත් නොදැනිම මගේ ඇගිලි එයාගේ කෙස් අතර ගියේ…
මම දන්නවා සුදු නෝනා උඹට මාව ඕනේ කියලා,මාව දැනෙනවා කියලත් ආදරේ කරනවා කියලත්….එයා ඔලුව උස් කරලා මගේ මුණ දිහාම බලාගෙන කිව්වේ …කලුවරට හුරු උනඇස් වලින් මට එයාගේ මුණ පේනවා….
මං හෙට ආපහු යනවා…ඒ යන්න කලින් ඕන උනේ ලගට වෙලා ඉන්න…ඊට කලින් කියන්න ගොඩක් දෙවල් තියෙනවා ,,ඒවගේම දැන ගන්නත්…මං හිතනවා මට හැමදෙම හංගන්නේ නැතුව කියයි කියලා…එයා කිව්වේ මගෙ මුණ පුරා එයාගේ ඇගිලි තුඩු ගෙනියමින්….
දැන් තුවාල ගොඩක් දුරට හොදයි නේද….තව ටික දවසකින් ඉස්සර හිටියා වගේම ඉදිවි මගෙ කෙල්ල….කොහොමද මෙහෙම උනේ ….
ඔයා මාව ඉස්සර දැකලා තියෙනවාද…..මන් ඇහුවත් එයා මුකුත් කිව්වේ නැ..හිනා උනා විතර්‍යි…
එකක් විතරක් මතක තියාගන්න සුදු නෝනා තමුසේ මගේ විතරයි ..මං ලගට ගන්නවා ඉක්මනට ,හැමදාම සතුටින් තියන්න මට පුලුවන් උපරිමයෙන් උත්සාහ කරනවා …
එත්…….
එපා දැන් මුකුත් අහන්න එපා…මට මෙහෙම ඉන්න ඕනේ…හෙට පොයනේ අපි කිරිවෙහෙර වදින්න යමු…ඊට පස්සෙ මන් හවස ආපහු යනවා…ඒ යන්න කලින් මට ආදරෙයිද නැද්ද කියලා කියන්න…
ආ තව දෙයක් මෙහෙට වෙලා පරිස්සමට ඉන්න ඕන…මං ඔයාගෙ අප්පච්චි එක්ක කතා කරනවා මේ ගැන….ඊට පස්සෙ මං තමුසෙව අරන් යනවා …
අනේ එක නම් කරන්න එපා…අප්පච්චි දැනගත්තොත් මං ගැන වැරදියට හිතයි..අම්මා නංගී ….
එක ගැන මං බලාගන්නම් …එකක් විතරක් මතක තියාගන්නවා තමුසේ මගේ වෙන එක කාටවත් නවත්තන්න බැ . ..
මං ගොඩක් අසරණයි …මං එයාට පණ තරම් ආදරෙයි එත් මං කොහොමද එයාට එක කියන්නේ…නංගී මට මොන විදියට සැලකුවත් මට බෑ එයාගේ ආදරේ උදුරගන්න…මේ දේවල් දැනගත්තොත් එයාලා මොනවා කරයිද….
දැන් නිදාගන්න සුදු නෝනා …හොදටම රෑ වෙලා…මං යනවා ….එයා එහෙම කියලා මාව ටික වෙලාවක් තුරුලු කරන් ඉදලා නලලට කෙටි හාදුවක් දිලා කාමරෙන් ගියේ….
මට ඕනේ උනේ නෑ එයාව ඈත් කරන්න..එත් මං කරන්නෙ වැරැදි වැඩක්….
මං කාමරේ දොර ලොක් කරලා ඇදට ආවත් ගොඩක් වෙලා යනකම් නින්ද අහලකට වත් ආවෙ නැ.
*************
මන්දියො අද පොයනේ යමු කිරිවෙහෙර වදින්න …කට්ටියම යනවා…
උදේම යනවද නිශී ….
ඔව්ව්….ලැස්ති වෙන්න …
හා….
***********
මං ඇන්දේ අත් දිගට දාපු සුදු දිග ගවුමක්…කොන්ඩේ ලිහලා දාලා පොඩි කටුවක් ගැහුවා…දැන් නම් මට මාක්ස් එකක් දාන්න ඕනේ නැ ….තුවාල ගොඩක් දුරට සනිපයි…
හැමොම ලැස්ති වෙලා ඉවරයි එත් එයා පේන්න වත් නැ…මං ගෙනියන්න ඕන තෙල් මල් ඔක්කොම ලැස්ති කරගත්තා…
මං දැක්කේ ගේ ඇතුලේ ඉදන් එන යසිරුව….එයා අද හරිම පිං පාටයි…නිල් ඩෙනිමට සුදු පාට ටී ශර්ට් එකක් ඇදලා…කොන්ඩේ ජෙල් කරලා උඩට උස්සලා..දුවලා ගිහින් තුරුලු වෙන්නනමයි හිතුනේ….
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරේයි හැමොටම …
කතාව ගොඩක් අයට පෙන්නේ නැලු …එක නිසා කතාව පේන හැමොම කමෙන්ට් එකක් දාගෙන යන්න හොද ළමයි වගේ…. 😘😘
කතාව ටිකයි කියලා බනින්න එපා යස්ස පැටව්නේ….👻👻👻👻😀😀

මධු භාෂි

නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (22 කොටස)
නංගිගේ මනාලයා (23 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!