නංගිගේ මනාලයා (21 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හරි මං මේ දැන් එනවා ආවම මට උනේ මොකක්ද කියලා කියන්න ඕන තමුසේ…ඇත්තමයි මට එන කෙන්තියට මෙකිව උස්සලා පොලවේ ගහන්න හිතෙන්නේ…
අනේ මට සමාවෙන්න යශ්…මට වෙන කරන්න දෙයක් තිබුනේ නැ…
ඇයි උඹට බැරි උනාද මට එක කොල් එකක් දිලා කියන්න.ඔව්ව් ඉතිං කවුද මං තමුසේගේ නේද….
අනේ එහෙම කියන්න එපා…ඔයාත් මට ඔහොම කරන්න එපා…මට කවුරුත් නැ…ඔයත් මට …..මට කතාකරගන්න බැ ඇඩේනවා …..
හරි හරි….අඩන එක නතර කරනවා….මං එනවා දැං….
දැන් රෑ වෙලා …ඔයා උදේම එන්න …
හරි හරි…එහෙනම් දැන් වොශ් එකක් දාගෙන කන්න හොද ළමයා වගේ…කලා දොයියන්න…මං එනකොට ෆොන් එකක් අරගෙන එන්නම්…
බුදු සරණයි යශ්…පරිස්සමට ඉන්න…ආදරෙයි ….උම්ම්මා….
යකෝ…..මේකි……
අනේ ….ඇයි එපාද …හ්ම්….
නැ බං සතුට වැඩි කමට හුස්ම හිර උනාවගේ…පිස්සි….බුදු සරණයි …මගේ කෙල්ලත් පරිස්සමට ඉන්න මං එනකම්…ආදරෙයි …උම්මා….
නිශී ……මේන්න ෆොන් එක….මට බඩගිනි නිශියො….
හරි කෑම බෙදලා ඇත්තේ වොශ් දාගෙන කාපං….
අනේ මං කලාම ඉන්නම් බං බඩගිනි….
හරි හරි කලා ඉදපංකො එහෙනම්…මං එළියට යනවා කොල් එකක් ගන්න…ලැජ්ජා නැතුව බඩ පිරෙන්න කාපං හරිද…..
උඹ දන්නවනේ මං කන්න ලැජ්ජා නැ කියලා….
මං කාලා වොශ් දාගෙන ඇවිත් ඇදට වැටුනේ අම්මගේ ඩයරිය අතට අරගෙනමයි….මාව වේගෙන් ගැහේනවා ..මං වෙව්ලන ඇගිලි තුඩු වලින් ඩයරිය පෙරලුවේ … අම්මගේ අකුරු හරිම ලස්සනයි …අම්මා ඩයරිය ලියන්න පටන් අරගෙන තිබුනේ වයස විස්සෙදි…. ” නිම්නාදි ඒකනායක.”
හරිම ලස්සන නමක් මගේ අම්මට තියේන්නේ …
ඩයරිය කියවගෙන යද්දී මට තෙරුනේ මගෙ අම්මා ලොකු පවුල් පසුබිමක හැදුන වැඩුන කෙනෙක්….අම්මගේ අප්පච්චි ඒ කියන්නේ මගේ සීයා දේශපාලන බලවතෙක්..එත් සීයාගෙ නම මේකේ ලියලා නැ.අත්තම්මා ගුරුවරියක්…අම්මා ට අයියලා දෙන්නෙක් වගේම එක අක්කා කෙනෙක් ඉදලා තියෙනවාමේ ඩයරියේ තියේන විදියට අම්මා අප්පච්චි එක්ක ඇවිත් තියෙන්නේ ගෙදරට හොරෙන්…අප්පච්චි ඒ කාලේ අම්මගේ ඩ්රයිවර් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ…ඊට පස්සෙ සීයා කියලා තියේනවා අම්මට අප්පච්චි නැතුව ඇවිත් සීයා කියන කෙනෙක්ව බදින්න කැමති උනොත් අම්මට සමාව දෙනවා කියලා..අම්මා අප්පච්චිට ගොඩක් ආදරේ කරලා අප්පච්චිත් එහෙමයි …මාව අම්මට ලැබෙන්න ආවම වැඩියෙන් සතුටු වෙලා තියේන්නේ අප්පච්චි …
කියවගෙන යද්දි මට දරාගන්න බැරි උනේ මට ඒ තරම් ආදරේ කරපු මගේ අප්පච්චි කොහොමද මෙහෙම වෙනස් උනේ…
තව පිටු කිහිපක් පෙරලනකොට මට හම්බවුනේ පරන ෆොටො එකක්…කලු සුදු එකක්…මං වගේමයි…. ඒ මගෙ අම්මා…මං අම්මා වගේමයි….අම්මගේ සෙනෙහස කවදාවත් මට ලැබිලා නැ.අම්මා මං වෙනුවෙන් හීන දැකපු හැටි මේ අකුරු සාක්ෂි ….එත් මං මහා පව්කාරයි…මගේ අම්මාව ඉපදෙන කොටම මරාගෙන ඉපදිලා …එක දවසක් මට ඒ උනුසුම විදින්න ලැබිලා නැ…මගේ අම්මට තිබුනා මාවත් අරගෙනම යන්න…ඇයි අම්මා මාව තියම දාලා ගියේ…අම්මා අද හිටියා නම් මං තරම් සතුටින් ඉන්න කෙනෙක් නැ.අප්පච්චිත් අද මෙහෙම වෙනස් වෙන්නේ නැ.
මට නින්ද ගියේ අම්මගේ ෆොටො එක පපුව උඩ තියාගෙනම….
උදේ මට ඇහැරුනේ දැනුන සීතල අතක ස්පර්ශයක් එක්ක….
ඔයා………
හ්ම්ම්ම්…මං…ගොඩක් වෙලා ඇවිත් ..ඇහැරවන්න ලෝභ හිතුනා…ඉතිං මං හිටියා අවදි වෙනම්…
අනේ….ඔයා උදේම ආවද…මට නින්ද ගියානේ…ඉන්නකො මං ඉක්මනට එන්නම්…
හ්ම්ම්.මං පාන්දරම ආවේ…දැං වෙලාව 8 යි…කෙල්ල ගොඩක් වෙලා නිදාගෙන …යන්න එපා ඉන්න ඔහොම ටිකක්….
අනේ…මෙහෙම…..
ඇයි….ම්ම්ම්…ලැජ්ජයිද…මං ගොඩක් වෙලා ඉදන් මෙතන හිටියේ…
එතකොට මං නිදිනේ…දැං මං අවදියෙන් ඉන්නේ…යන්නකො මං එන්නම්…
හරි හරි යන්නම්…මෙතනට එකක් දෙන්නකො…යශ් දෙතොල් පෙන්නලා හිනා වෙනවා…
අනේ….
දුන්නොත් යන්නම්…
මං ඉස්සිලා යශ්ගෙ දෙතොල් වලට කෙටි හාදුවක් දුන්නේ දුවන්න බලාගෙන …
එයි….කොහෙද දුවන්නෙ….
යශ් කතාකරද්දි මං වොශ් රූම් එකට දුවලා දොරවහාග්ස්ත්තෙ තව හිටියොත් බෙරුමක් නැති නිසා…
නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (20 කොටස)
නංගිගේ මනාලයා (22 කොටස)
නංගිගේ මනාලයා (23 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!