මෙහෙකාර සහෝදරයා (6 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මට කට හොලවන්නවත් බෑ.ඇස්දෙකත් ලොකු කරන් මම අහිංසා මිස් දිහායි පොලිසියෙ අක්කා දිහායි බැලුවා.එයා ඇවිත් හිටියෙ යුනිෆෝම් එකෙන්මයි.ඒ ඇඳුමට ගොඩක් ලස්සනයි ඒ අක්කා.😍

“ඔය කථාකළා ඇති.දැන් මම කියන දේ අහන්න.ඔයා ඉක්මනට සනීප වෙන්න ඕනි.හරිද.මම ඩොක්ටර් එක්ක කතාකරලා එන්නම්.

ආ…ශෙනූ ඔයා යනවද දැන්ම.ඩියුටිවලට පරක්කුවෙයිද?…”

“නෑ අහිංසා මම ඉන්නම් ඔයා එනකල්.ඩොක්ටර් එක්ක කතාකරලා එන්නකො.”

“තෑන්ක්ස් ශෙනූ….” එහෙම කියලා අහිංසා මිස් ඩොක්ටර් හම්බවෙන්න ගියා.

“අක්කෙ මොකක්ද වුනේ මට.එදා අහිංසා මිස්ට කරදරයක් වුනේනෑ නේද?කියන්නකො එයාට කරදරයක් නෑනෙ…..” ❤️

මගේ වචන කලබලකාරී කියලා මටත් තේරුණා.

“නෑ මල්ලි.අහිංසට කරදරයක් නෑ.ඔයා නිසා.ඒ වාහනේ අහිංසාව ඇක්සිඩන්ට් කරන්නමයි ඇවිත් තියෙන්නෙ.අපි පරීක්ෂණ කරනවා.ඒත් තාම සැකයක් විතරයි තියෙන්නෙ උන් ගැන.”

“අහිංසා මිස් මාත් එක්ක ගොඩක් තරහයි.ඇයි දැන් මල්ලි කියන්නෙ මට එයා..”🙄

“එයා නරක කෙනෙක් නෙවෙයි මල්ලි.අහිංසා නපුරු නෑ.එයා කාවවත් එකපාර විශ්වාස කරන්නෑ.ඒකයි ඒ.මම දන්නවනෙ.කැම්පස් කාලෙ ඉඳන් එයයි මායි හොඳම යාලුවො.”🤗

“මොනවා…එතකොට අර එදා කියපු යාළුවා අහිංසා මිස්ද?…” මටත් පුදුමයි.පුදුම හමුවීම්නෙ.😮😮

“ඔව්නෙ.කවුද දන්නෙ ඔයා එහේ ඉන්නෙ කියලා….”එහෙම කියලා අක්කා අහිංසක විදියට හිනාවුනා.

“එතකොට අක්කෙ ඔයා දන්නෙ කොහොමද මම ඇක්සිඩන්ට් වුනා කියලා…”මම ඇහුවෙ සිද්ධිය පැහැදිලි කරගන්න ඕනි නිසා…

“එදා අහිංසා ඔයාව හොස්පිටල් එකට ගෙනත්.එයත් කලබල වෙලා ගොඩක්.එයා දැකලා ඒත් එක්කම ඔයාගෙ පර්ස් එක වැටිලා තියෙනවා.ඒක එයා මෙහෙට ඇවිත් තමයි බලලා තියෙන්නෙ.

මම ඔයාට දීපු කාඩ් එක එයා දැකලා ඒක පර්ස් එකේ තිබිලා හින්දා.ඒක මගේ හින්දා එයා කෝල් කරලා මගෙන් ඇහුවා අඳුරන්නෙ කොහොමද කියලා ඔයාව.

ඉතින් මම විස්තරේ කිවුවා.එතකොටයි මමත් දන්නෙ.මමත් පොලිස් ස්ටේෂන් එකේ හිටියෙ.ඒගමන් මමත් ආවා ඔයාව බලන්න.අපේ වීරයට කරදරයක් වුනාම නොබලා කොහොමද.”

එහෙම කියලා අක්කා මගේ ඔලුව අතගෑවා.ඒගමන්ම වගේ අහිංසා මිස් ආවා😊

“කොහොමද අහිංසා මල්ලි ගැන මොකද කිවුවෙ ඩොක්ටර්..”

“පරිස්සමට බලාගන්න කිවුවා.තව දවස් දෙකකින් ඩිස්චාර්ජ් කරයි.මට මෙයාගෙ වැඩකාරයා වෙන්න වෙනවා ශෙනූ ඉස්සරහට…”😁😁

අහිංසා මිස් එහෙම කියලා හිනාවෙද්දි මටම පුදුමයි.මෙච්චරකල් මම එයාගෙ හතුරෙක් වගේ මට සැලකුවෙ.ඒත් දැන් මෙච්චර ආදරයක්….

“ඔයා හොයාගත්තද ශෙනූ අර මිනිස්සු කවුද කියලා….?”

” තවම නෑ අහිංසා.ඔයා බයවෙන්න එපා.මම ඉක්මනට උන්ව හොයලා ඇරෙස්ට් කරනවා.මගෙන් කිසිම සමාවක් නෑ උන්ට…”🤬

මම ඒ ශෙනූ අක්කගෙ මූණ දිහා බැලුවා.ඒ ඇස් කේන්තියෙන් පිරිලා.

“මම යන්නම් එහෙනම් අහිංසා.ඔයා පරිස්සම් වෙන්න.මට සැකයක් තියෙනවා එකෙක් ගැන ඒකයි……මල්ලි මම යනවා , ඩියුටිනෙ දැන්.පරිස්සමින් ඉන්න.ඉක්මනට සනීප වෙන්න ඕනි හොඳේ…”😍

මගේ අතින් අල්ලගෙන එහෙම කියලා ශෙනූ අක්කා ගියා….

“මම ඔයාට කරදරයක් නොවී ඔයාගෙ ගෙදරින් යන්න ගියෙ අහිංසා මිස්.ඒත් ඒකෙනුත් ඔයාටමයි කරදර වුනේ.”😥

” මේ….දැන් ඔයා මම කියන දේ අහන්න ඕනි.මම අදින් පස්සෙ ඔයාගෙ අක්කා.හරිද.ඔයා මගේ මල්ලි.🤗😊

අපේ ගෙදර වැඩකාරයා නෙවෙයි මීට පස්සෙ ඔයා.ඒ වගේම කොහෙවත් යන්නත් බෑ.මම කියන දේ ඇහුවෙ නැත්තම් ගහලා හරි හදාගන්නවා මම ඔයාව.හරිද….”😬🤗

අහිංසා මිස් හිනාවෙනවා.ඒත් ඇස්වල කඳුළු…මටත් දුකයි.එයාමට මල්ලි කිවුවා.මට කවුරුවත් එච්චර ආදරෙන් කතා කරලා නෑ.ඒත් කොහොමද මම එයාට අක්කෙ කියන්නෙ.මම එයාගෙ ගෙදර වැඩකාරයා….

මම එහෙම හිතද්දි අහිංසා මිස් “මොනවද කල්පනා කරන්නෙ.ආ….මගේ වෙනස් වීමද…”

අහිංසා මිස් තාමත් යන්තමින් ආදරණීයව හිනාවෙනවා.

“සොරි පැටියො මම ඔයාට ඒවිදියට සැලකුවෙ ඔයා මොකට ආවද කියලා දන්නැති නිසා.අනික ඔයා මෙච්චර හොඳ කෙනෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑනෙ….”

” මල්ලි.පැටියො.මම ගිහින් එන්නම්.මට දවල්ට නඩුවක් තියෙනවා කතාකරන්න.උසාවියට යන්න ඕනි මම දැන්. ගෙදර ගිහින් ලෑස්ති වෙලා එහෙම.මම හවසට එන්නම් ඔයාව බලන්න.

මේ පලතුරු ටිකක් එහෙම තියෙනවා කන්න හොඳේ.බෙහෙත් එහෙම බොන්න. බෑ කියන්නැතුව හරිද..”අහිංසා මිස් එහෙම කියලා මගේ නලලත් ඉඹලා හිනාවෙලා යන්න හැරුණා.🤗😍❤️

“පරිස්සමින් ගිහින් එන්න අහිංසා මිස්…..”මමත් එහෙම කිවුවෙ එයාට සහෝදරයෙක් විදියට මමත් ගොඩක් ආදරේ නිසා…..❤️❤️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!