අහිංසා මිස් යන්න ගියාට මගේ හිතේ ලොකු බයක් තිබුණා.මම දෙවියන්ට හිතින් කිවුවෙ අහිංසා මිස්ව ආරක්ෂා කරන්න කියලා.එයාට අක්කෙ කියලා ආදරෙන් කතාකරන්න මමත් ගොඩක් කැමතී.







ඒත් එහෙම කියන්න බෑ මට.මම එයාලගෙ සේවකයෙක්.ඒ හින්දයි ඒ ආදරේ එහෙමම මම සඟවගත්තෙ.

මේක අසම්මත ආදරයක් නෙවෙයි.සහෝදරයෙක් විදියට කරන ආදරයක් විතරයි.ඒත් මම ඒ ආදරේ සඟවගත්තා.



ඉස්පිරිතාලෙ තියෙන පිලිවෙලයි පිරිසිදුවයි හින්දා මේක පුද්ගලික රෝහලක් කියලා මට තේරුණා.ඒ එක්කම මිසී කෙනෙක් ආවා බෙහෙත් අරන්.දැක්කත් වමනෙ යන්න එනවා.



” ආ ඔයා දැන් මේ බෙහෙත්ටික බොන්නකො.” මිසී එහෙම කියලා මගේ අතට බෙහෙත් ටික දුන්නා.



“අනේ මිසී බෙහෙත් දැක්කත් වමනෙ එන්න වගේ” මම කිවුවෙ අප්පිරියාවෙන්.





“එහෙම කියලා කොහොමද?බෙහෙත් නොබී කොහොමද සනීප වෙන්නෙ.අනික ඔයා දන්නවද ඔයාගෙ අක්කා ඔයාව සිහිනැතිව ඉද්දි කොච්චර අැඬුවද කියලා.



එයාට ගොඩක් දුකයි ඔයාව මෙහෙම දකිද්දි.”





මිසී එහෙම කියලා වතුරත් දීලා යන්න හදද්දි අහිංසා මිස් ආවා.
” ආ මිස් අහිංසා ඔයා ආව එක හොඳයි.ඔයාගෙ මල්ලි බෙහෙත් බොන්නෙ නෑ.ඔයාවත් ටිකක් කියන්න.” මිසී අහිංසා මිස්ට කේළම කියලා එලියට ගියා.

“ඒයි මොකද බෙහෙත් බොන්නෙ නැත්තෙ.ආ.තව කල් මෙහේ ඉන්න ඕනිද?මෝඩයො බෙහෙත් බොනවා.







මට මගේ මල්ලිව ගෙදර එක්ක යන්න ඕනි ඉක්මනට.තව මෙහේ තියලා බෑ මගේ මල්ලි පැටියව.



කෝ දැන් මේ බෙහෙත්ටික බොන්න හොඳ ළමයා වගේ…” අහිංසා මිස්ම එහෙම කියකිය මට බෙහෙත්ටික පෙවුවා.



අහිංසා මිස්ගෙ හිත රිද්දන්න බැරි නිසා අමාරුවෙන් බෙහෙත් ටික මම ගිල්ලා.අම්මෝ තිත්ත.

“කොහොමද නඩුව මිස් කතාකරපු.?”
” ඒක කල් ගියා මල්ලි.ටිකක් අමාරු කේස් එකක්.මිනීමැරුමක් සම්බන්ධව.චෝදනාව තියෙන කෙනා ඇමති කෙනෙක්ගෙ පුතෙක්.සල්ලි බලේට අහිංසකයෙක්ට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ.”

” අනේ අක්…නෑ…මේ..අහිංසා මිස් ඔයා පරිස්සම් වෙන්න.මට බයයි මිස්ගැන.”





මම එහෙම කියද්දි අහිංසා මිස් මං දිහා බලපු බැල්ම මට කවදාවත් අමතක වෙන එකක් නෑ.එච්චර ආදරයක්, සහෝදරකමක් ඒ ඇස්වල තිබුණා.

“මොකක්ද ඔයා මට අක්කෙ කිවුවා…” අහිංසා මිස් පුදුම වෙලා.මට එහෙම කියවුනේ මං වත් දන්නෙ නැතුව.
” අනේ සොරි අහිංසා මිස්…මම ඒක හිතලා…..”
“මෝඩයො මං දැන් වරදක් කිවුවද.ඔයා දන්නෑ.ඔයා අපේ ගෙදරට ආව දවසෙ ඉඳන් මටත් ඔයාවගේ මල්ලි කෙනෙක් හිටියනම් කියලා දහස්වාරයකටත් වඩා හිතිලා ඇති.
ඒත් මට ඔයාව පිළිගන්න බැරිවුණා මගේ අවාසනාවට.දැන් ඔයා මට අක්කෙ කිවුවම දැනුනු සතුට..





ඒක වචනෙන් කියන්න බැරි තරම් පැටියො..මම කැමතියි හැමදාම ඔයා මගේම මල්ලි විදියට මගේ ලඟින්ම ඉන්නවා නම්…ඉන්නවා නේද?” 



අහිංසා මිස්ගෙ ඒ වචන වලට මට ඇඬුණා.කාත් කවුරුත් නැති මට දැන් අක්කා කෙනෙක් ඉන්නවා නේද කියලයි ඒවිදියට මට ඇඬුනෙ.





” මගේ අක්කා කැමති එහෙමනම් මම මගේ අක්කා ලඟටම වෙලා ඉන්නවා.
ඔයාව පරිස්සම් කරනවා.
හරිද.ඒත් මං එක පොරොන්දුවක් දෙනවා.ඔයාට කරදරයක් කරන්න හදපු කිසිඑකෙක්ට මම යහතින් ඉන්න දෙන්නෙ නෑ. ” 





“මල්ලී.මගේ මල්ලී.අදවෙනකල් මගේ ජීවිතේ මම තනියෙන් ගෙවුවෙ.තාත්තී බිස්නස්වලට හිරවුනු ලෝකෙක ඉන්නෙ.ඔයාගෙ වචන මට ලොකු ශක්තියක් පැටියො.”

කොහොමහරි මාව අද අහිංසා මිස්ගෙ ගෙදර එක්ක යනවා.මට එපාවෙලා එලියට බැහැපු ගෙදරට මම අද යනවා.ඒත් වැඩකාරයෙක් විදියට නෙවෙයි.
” මල්ලි මම සේරම ලෑස්ති කලා.අපි යමු.ඩොක්ටර් එහෙනම් අපි යන්නම්.තෑන්ක්යූ වෙරි මච් ඩොක්ටර්.” අක්කා මාව අතින් අල්ලගෙන බෑග් එකත් එයාම අරගෙන මාව එක්කන් යන්නෙ හරි ම පරිස්සමින්.

එයාගෙ කාර් එකෙන්මයි ඇවිත් තිබුණෙ මාව එක්ක යන්න………
ගෙදර එක්කන් යන පවන්ට ලොකු මහත්තයා මොකක් කියයිද.පවන්ව බාර ගනීද.අහිංසා මිස් මල්ලිගෙ පැත්ත ගනීද තාත්තගෙ පැත්ත ගනීද
