පවන්ව අහිංසා අක්කා ඉස්සරහා ශීට් එකේම තියාගෙන එක්කන් ගියෙ.මීටකලින් එයා කොල්ලෙක්ව එහෙම වාහනේ දාගෙන ගිහින් තිබුණෙ නෑ.
ගෙදර යනකල් පවන් කතාකලේ නෑ.කතාකරන්නෙ මොනවද කියලා පවන්ට හිතාගන්න බැරුවයි පවන් හිටියෙ.
” හරි ඔන්න අපි අපේ ගෙදරට ආවා.”
අහිංසා අක්කා කිවුවෙ කාර්එක ගේට් එකෙන් ඇතුලට ගන්න ගමන්මයි.
පවන් හිමීට හිනා වුනා.පවන්ට හැම වේදනාවක්ම අමතක වෙලයි තිබුණෙ.දකුණු කකුල නවන්න බැරිවෙන තරමට බැන්ඩේජ් දාලා.දකුණු අතත් එහෙමයි.
ඉස්පිරිතාලෙ දි නම් අහිංසා අක්කට නිතරම ළඟ ඉන්න බැරිනිසා කෙනෙක්ව පවන් ළඟ නතරකරල තිබුණෙ.එයාතමයි කෑම එහෙමත් කැවුවෙ.
පවන් කල්පනා කලේ ඉස්සරහට වැඩටික තනියම කරගන්නෙ කොහොමද කියලා.
” ලොකුම ප්රශ්නෙ ලොකු මහත්තයා.එයා මොනවා කියයිද ආයිත් ගෙදර ආවම.අනික කමලා නැන්දා අර ලිවුම ලොකුමහත්තයට පෙන්නලත් ඇති….”
පවන්ගෙ හිතේ තිබුණෙම ඕකයි.අහිංසා අක්කා කමලා නැන්දගෙත් උදවුවෙන් පවන්ව කාමරයට එක්කගෙන ගියා.කමලා නැන්දටත් හිතාගන්න බෑ අහිංස බේබිගෙ වෙනස.
“අහිංසා අක්කේ ලොකු මහත්තයා ආවම මොකක් කියයිද.මාව එලවයි.මාව ගෙනාවෙ වැඩකාරයෙක් විදියටනෙ.”
කොළඹ නවලෝකෙ ඉඳලම මේ වෙනකල්ම ගතවුණ වෙලාව ඇතුලත පවන් දැන් තමයි කතාකලේ.
“ඒවා කොහෙද.මම ඔයාට මෙහෙන් යන්න දෙන්නෑ කොහෙවත්.බලමුකො තාත්ති ආවම…” අහිංසා අක්කා පවන්ට කිවුවෙ ස්ථීර හඬකින්.
“කමලා අපි දෙන්නට කූල් ඩ්රින්ක්ස් දෙකක් හදන් එන්න….”අහිංසා අක්කා කමලාට එහෙම කියලා පවන්ගෙ ඇඳ උඩින්ම වාඩි වුණා.
“මල්ලි ඔයා ගිය ආත්මෙක මගේම මල්ලි වෙන්න ඇති.මේ ආත්මෙත් අපි දෙන්නා හම්බවුණා.පරක්කු වෙලාහරි…
මගේ ජීවිතේ සම්පූර්ණයි දැන් මට.මගේ අම්මා නැතිවෙලා තියෙන්නෙ මං පොඩිකාලෙමයි.තාත්ති මට කිසි දේකින් අඩුවක් කලේ නෑ ආදරෙන් හැරෙන්න.එයාට බිස්නස්මයි.පාන්දර යනවා රෑ එන්නෙ.ගොඩක් දවසට මම එයාව දකින්නෙත් නෑ.”
අහිංසා අක්කා කියන දේවල් පවන් අහගෙන හිටියා හොඳට.
“එහෙමවත් කවුරුවත් මට ඉඳලා නෑනෙ අක්කෙ”
පවන් කිවුවෙ අතීතෙ මතක් වෙලා ගොඩක් දුකෙන්.
“හරි අද ඉඳන් ඔයාට අක්කා කෙනෙක් ඉන්නවනෙ….” අහිංසා අක්කා පවන්ගෙ අතකින් අල්ලගෙන කිවුවෙ ගොඩක් ආදරණීයව.
” ඇයි එක්කෙනෙක්.එයා මගෙත් මල්ලි.හරිද අහිංසා….” අහිංසයි පවනුයි එකපාර බැලුවෙ කාමරේ දොර පැත්ත.කවුද ඒ කියලා.
ඇවිත් හිටියෙ ශෙනුල්යා.ශෙනුල්යාව දැක්කම දෙන්නටම පුදුමයි.
“ඕ ශෙනූ ඔයා…කිවුවෙවත් නෑනෙ ඔයා එනවා කියලා…”
“අනේ නෑ කෙල්ලෙ මම අද නෙවෙයි හෙටයි එන්න හිටියෙ මල්ලිව බලන්න.ඒත්….”
“ඒත් ඇයි ශෙනූ…කියන්නකො ප්රශ්නයක්ද?” අහිංසා කලබල වුනේ මේ කියන්න යන්නෙ මොකක්හරි බරපතල දෙයක් ගැන කියලා හිතුණ නිසයි.
“මේ…. කොහොමද ඔයාට ඒක කියන්නෙ.කලබල වෙන්න එපා මේක කිවුවම අහිංසා.අපි දැනගත්තා ඔයාව ඇක්සිඩන්ට් කරන්න හැදුවෙ කවුද කියලා.”
“කවුද ඒ ශෙනූ.කියන්නකො මට.කවුද ඒ තිරිසන්නු”
“සේනාධීර ඇමති තුමාගෙ ගෝලයො.අපි ඒ හරියෙ තිබුණ සිසීටීවී කැමරා පරීක්ෂා කලා.
වාහනේ නවත්තලා තිබුණ තැන බිල්ඩිමක කැමරාවක තියෙනවා ඇමතිතුමාගෙ ගෝලයෙක් වෑන්එකෙන් බැහැලා ඉඳලා නගිනවා.”
“හරි. අර මිනීමැරුම ගැන නඩුවෙන් මාව අයින් කරන්නයි එහෙනම් උන්ට ඕනි.මම තමයි එකම බාධාව උන්ට තියෙන..”
“අහිංසා මම ඔයාගෙ ආරක්ෂාවට දෙන්නෙක්ව දෙන්නම්.එයාලා ඔයා එක්කම ඉඳී.ඒවගේම ඔයා යන තැන් ගැන ඉන්ෆෝම් කරයි මට.ප්රශ්නයක් වෙන්න දෙන්නෑ මම කීයටවත් ඔයාට.”
” අනේ අහිංසා අක්කෙ ඔයාට කරදරයක් කරයිද උන්.ශෙනූ අක්කෙ මගෙ අහිංසා අක්කට කරදරයක් වෙන්න දෙන්න එපා.”
පවන් කිවුවෙ ඇස්වල කඳුළු පුරවගෙන.
” බයවෙන්න එපා පැටියො.මට මොකුත් වෙන්නෑ.ඔයා ඉක්මනට සනීප වෙන්නකො.”
අහිංසා අක්කා කිවුවෙ පවන්ගෙ ඔලුව අතගාන ගමන්.
“ඔයා බය වෙන්න එපා මල්ලි.ඔයාගෙ අහිංසා අක්කට මොකුත් වෙන්න දෙන්නෑ මම.ඔයාට පොරොන්දු වෙනවා.”
” අහිංසා එහෙනම් මම යනවා.වැඩවගයකුත් තියෙනවා.” එහෙම කියලා ශෙනුල්යා අක්කා නැගිට්ටෙ. කමලා නැන්දා බීම දෙකට තුනක් ම ඒ වෙලාවෙ ගෙනාවෙ ශෙනූ අක්කා පැමිණිබව දුටු නිසයි.
තරමක් රාත්රිය වනතුරු ලොකු මහත්තයා පැමිණියේ නැත.8.30 පමණ වන විට ලොකු මහත්තයාගේ වාහනය පැමිණි ශබ්ධය ඇසීම නිසා පවන් කලබලවිය.පෙර තිබූ බිය නැවතත් ඔහුගෙන් මතුව ආවේය.