ත්රෙවෝන්ගෙන් සල්ලිත් අරන් මන් යන්න ලෑස්ති උනෙ ඔපරේෂන් එකට ඕන කරන ප්රෙමන්ට්ස් කරලා එන්න..එතකොට වැඩ ටික පටන් ගන්න විතරනෙ තියෙන්නෙ.
ඒත් ඊට කලින් ආව කෝල් එකට මන් එතනම නැවතුනා.හිතේ තිබ්බ බලාපොරොත්තු බිදිලා යන්න ගියේ එක මොහොතයි…ඇස්වලින් එක සීරුවට වැටෙන කදුලු එක්ක තවත් හිටන් ඉන්න පනක් තිබ්බෙ නෑ. ඇස් පිය වුනා…
ඒත් ආයේ ඇස් ඇරිනි…තවත් දුක් විදින්න.ඇස් වලට අහු උනේ ගෙදර සිවිලිම.ඊළගට ළග හිටපු ත්‍රෙවෝන් ඊට එහායින් රනුල්. ඒ ඇස්වල තිබ්බේ අනුකම්පාව.
” සර්…” වෙනදා අකීකරු මායාගේ හඩ බිදිලා තිබ්බ.
” මායා”
” සර්…මගේ අම්මා”
” බොඩි එක ගෙදරට ගෙනාවා මායා..”
මන් හීන් සීරුවෙ නැගිට්ටා..ඇගට පණක් තිබ්බේ නෑ.වැටෙන්න යද්දි ත්‍රෙවෝන් මගේ අත අල්ලගත්ත.
හෙමීට සාලෙට ගියා.
අම්මගෙ නිසල සිරුර සාලේ තියලා තිබ්බ.ආයෙ දෙපයට වාරු නැති වෙද්දි බිම ඉන්ද උනා.
” අම්මා…” අද ඉදන් කාත් කව්රුත් නැති අනාථයෙක් කියලා හිත පිලිගන්න හදවත ලෑස්ති නෑ.
මට අම්මව බේරගන්න බැරි උනා…මන් නරක දුවෙක් හදවත චෝදනා කරනවා.විලාප දීලා අඩන්න තරමේ වේදනාවක් හදවතට දැනෙද්දි නිහඩවම ඇස් වල කදුලු කම්මුල් දිගේ බේරුනා.
” මායා” ත්‍රෙවෝන් මන් දිහාට පාත් උනා.
“මන් නරක දුවෙක් සර්.අම්මා මැරුණෙ මන් නිසා …මට මගේ අම්මව බේරගන්න බැරි උනා”
” එහෙම නෑ මායා ඔයා ගොඩක් හොද දුවෙක්. ඒ අම්මා ගෙනාපු ආයුෂ…ඔයාගෙ වැරුද්දක් නෑ මායා” ත්‍රෙවෝන් උත්සාහ කරා හිත හදන්න.
” නෑ..මට තිබ්බ මීට කලින් සර්ජරි එක කරන්න…ඒත් අම්මා යනකන්ම බැරි උනා මට එයාව හොද කරගන්න.”
තවත් මොකුත් කියන්න කලින් ත්‍රෙවෝන් ඒ පපුවට මාව තුරුල් කරගත්ත. වෙනදා වගේ තරහවක් ත්‍රෙවෝන් ගැන දැනුනේ නෑ.ඒ වෙනුවට ලොකු හිස් හැගීමක් හිතේ පැලපදියන් වෙලා තිබ්බ.
ඇති වෙනකන් අඩන්න ඇති ඒ පපුවට වෙලා.ඇස් රිදෙනකන්ම. ටිකකින් ත්‍රෙවෝන් ළගින් ඈත් වෙලා අම්මගේ සීත දෙපා අල්ලගත්ත.හැමදාම වගේ ආදරෙන් ඒ දෙපා වැන්දා.
” මට සමාවෙන්න අම්මේ..මෙ සුද්දිට ඔයාව බේරගන්න බැරි උනා..ඒත් ළබන ආත්මෙත් ප්‍රාර්ථනා කරන්නෙ ඔයා මගේ අම්මා වෙන්න කියලා” ඇස් වලින් ගලපු කදුලු ඒ සීත දෙපාවලට වැටිලා නොපෙනී ගියා.
” අපි කාමරේට යමු මායා”
ඒ දෙපතුල් බදාගෙන හඩාවැටෙන මාව ත්‍රෙවෝන් ආයේ අල්ලගත්ත.
ඒ බහට අවනත වෙලා කාමරේට යන්න හද්දිම දොරෙන් මතු උනේ හදවත බලන් උන්නු කෙනෝල්ගේ රූපේ..
රනුල් දොර ලග ඉදන් එන අයව පිළිගත්ත.
ත්රෙවෝන්ගෙන් සුරත මිදුන.කෙනෝල් මන් ළගට ඇවිදගෙන ආවම මන් ඒ පපුවට කඩාවැටුනා.එදා වගේම අදත් කෙනෝල් නිහඩයි.ඒත් මට හිත හදාගන්න ඒ උණුසුමේ අවශ්‍යතාවය දැඩිව දැනුනා.
” හිත හදාගන්න දරුවො” ඒ මුවින් නික්මුනේ එච්චරයි.
මුවින් නොකියපු දහසක් දේ කෙනෝල්ගේ හිත තුළ රුදෙද්දී ඒ වේදනාව අද්දර එකට සිය පාරක් ඒ හදවත හඩා වැටුනා.
කෙනෝල්ගේ පපුවට තුරුල් වෙලා ඉන්න මායා …ත්රෙවෝන්ගේ පපුවට පිහියකින් ඇන්නා වගේ.
ගැහැණියක සම්බන්ධෙන් කවදාවත් ත්රෙවෝන්ගෙ හැසිරීම මුදු මොලොක් එකක් නොවෙද්දී…මායා…ඒ අපූරු රූ අද්දර මේ හිත කියන කාරණාව කුමක්ද.
ඒ දෑත් කිටි කිටියෙ මෙලවුනා. තමන් සන්තක වටිනාම වස්තුව කාටවත් දීලා අතපිහදගන්න ත්රෙවෝන්ට උවමනා උනේ නෑ.
” මචන් මෙයාව එක්ක යන්න රූම් එකට” දිගු සුසුමක් එක්ක කෙනෝල් කීවේ තාමත් ඉකිබිදින මායාව ඒ පපුවෙන් ඈත් කරලා.
කියන පමාවට මාව ත්‍රෙවෝන් කාමරේට එක්ක ගියා.ඇද බදාගත්ත මන් ආයෙම කදුලු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නා.
” ඔයා කවදාවත් අඩන්න එපා සුදූ.ඔය හිනාවෙන ඇස් දෙකට කවදාවත් දුක ළං කරගන්න එපා”
වෙනදාට සෙල්ලක්කාර ත්රෙවෝන්ගෙ ඒ වචන අද හිත නිවන්න උනා.කෙනෝල්ට වඩා ඇයි අද ත්රෙවෝන්ගෙ ඒ වදන් වලට වේදනාව අඩුවෙලා යනව වගේ දැනෙන්නෙ.
*************
ඇස්වලට දැනුනු බරක් එක්ක ඇස් උස්සගන්න පුලුවන් උනේ නෑ.ඇගට දැනුනේ ලොකු වේදනාවක්.
” අම්මා…අම්මා …” මට කෙදිරි ගෑවුනේ අසිහියෙන් වගේ.
” කෙල්ලට හොදටම උණ ”
” ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරන්න ” අතරින් පතර ඇහුනේ එක එක කට හඩවල්.
සිහිය අසිහිය අතරේ පිඩා වින්ද මන් ඇහැරුනේ පහුවදා රූ. මන් ළග පුටුවක බර දීලා හිටපු ත්රෙවෝන්ගෙ රූපේ හිතට දැනෙව්වෙ දුකක්.මන් හින්දා වටේපිටේ හැමෝම දුකෙන්.
” ඇහැරුණාද” ත්‍රෙවෝන් ඇහුවෙ මන් ඇස් ඇරියා දැක්කම්.
” ම්ම්”
මන් ළගට ආව ත්‍රෙවෝන් ඔලුවට අත තිබ්බ.
” දැන් නම් උණ බැහැලා”
” මට ගොඩක් අමාරු උනාද”
” ම්ම් පැය ගානක් සිහියක් තිබ්බේ නෑ…මන් බය උනා”
ත්‍රෙවෝන් මදහසක් එක්ක කීවත් මන් හිනා නැතුව බලන් හිටිය.
” මන් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නෙ ඇයි සර්..මන් ඔයාගෙ බොඩිගාඩ් ඊට එහා බැදීමක් අපි අතර නෑනේ ”
” ඔයාට දවසක තේරෙයි මායා මේ බැදීම මොක්ද්ද කියලා”
ඒ ඇස් දුකින්. ඒත් මට ඒවා පාරලා සැනසෙන්න ඒ ඇස්වලට බොරු බලාපොරොත්තු දෙන්න හිතුනෙ නෑ.
” බොරු බලාපොරොත්තු තියාගන්න එපා සර්” හදවතට එකගව දැනුන දේ මන් වචන කරා.
” මට ආදරේ කරන්න මායා” ඒ හඩ පැහැදිලිය.
” මට කාටවත් ආදරේ කරන්න බැරි වේවි සර්”
” ඔයා දවසක මේ ත්‍රෙවෝන් දුනුසිංහට ආදරේ කරාවි මායා.මාව නැතුව බැරි වේවී…”
” එහෙම වෙන්නෙ නෑ සර්”
” දැන් නිදාගන්න මායා..මේ වෙලාවෙ ඔයාව ටයඩ් කරවන්න මන් කැමති නෑ..”
” මට අම්මා ළගට යන්න ඕන සර්”
” එන්න යමු” මන් ආයෙම ඒ සුරතට වාරුවෙලා නැගිට්ට.
*************
අම්මාගෙ මරණෙත් එක්ක ජීවිතේ සතුට මගෙන් උදුරගෙන ගිහින් තිබ්බ.
ඉස්සර දගකාරකම් කරපු මායාව හොරු අරන් ගිහින් වගේ.
පැය ගණන් කාමරේට වෙලා ඔහේ වැලපුනා…වෙලාවකට ඔහේ බලාගත්ත අත බලන් හිටියා. අම්මගේ වියෝව හදවත තාම පිළිගන්න කැමති නෑ.
අම්මගෙ සුවද තියෙන මේ ගෙදර දාලා කොහෙවත් යන්න හිත දුන්නෙත් නෑ.
” රූ ..යමු බන් උඹ මෙහෙම තට්ට තනියම ඉද්දි අපි කොහොමද එහෙ හිත හදන් ඉන්නෙ” ඒ රනුල්.
” මට ටිකක් නිදහසේ ඉන්න ඕන රනු.”
” වැඩට එන්න ඕන නෑ රූ.යමන් උඹ පේන මානේ ඉන්නවා කියන්නෙ හිතට සැනසීමක්”
රනුල්ගෙ පෙරුත්තටම ආපහු ත්රෙවෝන්ගෙ ගෙදරට ගියා.ටික දවසක් මෙහෙම ඉදලා ආයේ වැඩට යනවා.දැන් ඉතින් ආයේ ඔට්ටුවට ෆයිට් කරන්න උවමනාවකුත් නෑනේ.
” මායා”
ජනේලෙ ළග ඔහේ හිටපු මන් ගැස්සිලා ගියා.
” සර්”
” දැන් ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නෙ මායා”
“මගේ හීන අම්මා එක්කම මැරිලා ගියා සර්. ඒ හීනවලට පණ දෙන්න බැරි තරම් මට මහන්සි දැන් ”
” මායා මේ අහන්න දරුවො ඔයාට හොද අනාගතයක් තියෙනවා.බොක්සින් වලින් ඉහලටම යන්න තරම් ටැලන්ට් එකක් ඔයාට තියෙනවා.අම්ම උනත් හොද ලෝකෙකට වෙලා බලාගෙන ඇති ඔයා දිහා.එයාට කොච්චර දුක හිතෙනවා ඇත්ද ඔයා ඔහොම ඉද්දි ”
ත්රෙවෝන්ගෙන් ඒ වචන ඇහෙද්දි මගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.මේ මන් දන්න සෙල්ලක්කාර ත්රෙවෝන්මද. හදවතටම කතා කරන්න ඔහු ඉගෙන ගත්තේ කවද්ද.
” සර්”
” ආයේ බොක්සින් පටන් ගන්න මායා ඔය හිතත් හැදෙයි ඔයාගේ එතකොට”
” සර් ” ඒ වචනෙ විතරයි මට කියවෙන්නේ තියෙන පුදුමෙටම.
” මොකෝ නම පාඩම් කරනවද..හිතලා බලන්න මන් කියපු දේවල් ගැන ..”
මන් ඔහේ ඔලු බක්කෙක් වගේ ඔලුව හෙල්ලුව.මන් දිහාට හිනාවක් පා කරපු ත්‍රෙවෝන් කාමරෙන් ගියේ මේ මනුස්සයාගෙ වෙච්ච විපරියාසෙ දිහා මන් පිස්සෙක් පිස්සෙක් වගේ බලන් ඉද්දි.
*************
ජැකට් එකට බොටම දාගෙන කැප් එක දාගත්ත.හෙමීට ප්‍රැක්ටිස් රූම් එක ඇතුලට රින්ගුවෙ ඒ ඇස්වල නොගැටෙන්න වග බලාගන්න ගමන්.
එදා මළගෙදර දවසෙ මන් කරපු වැඩේ නිසා ඒ මූණ දිහා බලන්න දැනුනේ අපහසුවක්.ප්‍රැක්ටිස් මුලු වෙලාවෙම මන් ඒ ඇස් මගෑරලා ඉන්න උත්සහ කරා.
ඒත් ඉවර වෙලා කඩාගෙන බිදගෙන යන්න හදපු මගේ ගමන නැවතුනේ මන් ඉස්සරහ නැවතුනු ඒ රූපේ නිසා.
මතුවටත්…
-නිල්නෙතු සාරංගා-