මෙහෙකාර සහෝදරයා (10 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“කමලා, කෝ අහිංසා ඉන්නවද?”

ශෙනුල්යා පැමිණියේ නිවාඩුවක් දමා අහිංසා කතා කරන නඩුව අත ලඟටම පැමිණ තිබූ නිසා ඒගැන කතාකර ගැනීමටයි.නමුත් අහිංසා නිවසේ නැත.නඩුවේ වින්දිතයින් සමඟ නඩුව ගැන කතාකිරීමට අහිංසා නුගේගොඩට ගියේ පාන්දරමයි.

” මල්ලි?..”
“එයා ඉන්නවා මැඩම්.දැන්නම් නැගිටලා ඇති.”
කමලා එසේ පවසා මිදුලට ගියාය.

ශෙනුල්යා පවන්වත් බලලාම යනවා යැයි සිතා පවන්ගේ කාමරයට ගියේ ඔහුව පුදුම කිරීමටයි.
ඇය දුටු දෙයින් පුදුමයට පත්වුණේ ඇයමයි.පවන් අතේ තිබුණේ බෙහෙත් පෙති අහුරකි.

“මල්ලී මොකද ඔය.ආ…..ඇයි ඔච්චර බෙහෙත් ටිකක් අතේ තියාගෙන හිටියෙ.බොන්නද?”

පවන්ට කටඋත්තර නැතිවුණේ ශෙනුල්යා නොසිතූ මොහොතක පැමිණි නිසයි.

“මේ අක්කෙ මම…..මම…”

පවන්ගේ ගොතගැසීමෙන් ඔහු කරගැනීමට සිටි දේ වටහා ගැනීමට ශෙනුල්යාට අපහසු නොවුණි.

“පිස්සුද ආ…මෙහෙට දෙනවා ඔය බෙහෙත් ටික.මොළයක් නැද්ද.මේටික බිව්වනම් ඔයා මැරෙනවා…”

ශෙනුල්යාට ඇතිවුනේ පවන්ගැන දුක මිශ්ර තරහකි.ඇයද අහිංසා තරමටම පවන්ට ආදරය කළාය.ශෙනුල්යාට සිටියේ බාල සහෝදරියකි.

ඇය පවන්ට වඩා අවුරුද්දකින් බාලය.ඒනිසාම ශෙනුල්යා පවන්ට දැඩි සෙනෙහසක් දැක්වුවාය.ඇයට කේන්ති ගියේද එනිසයි.

“අක්කේ මට සමාවෙන්න…මේ ගැන අහිංසා අක්කට නම් කියන්න එපා අක්කේ…”

පවන් හැඬුවේ ශෙනුල්යාගේ අතට බෙහෙත් පෙතිටික දෙනඅතරයි.

“මෝඩයො…මොකක්ද කරගන්න හැදුවෙ.හිතුනෙ නැද්ද ඔයාට මොකක්හරි වුනොත් අහිංසා මොකක් කරගනීද කියලා.මම අනිවාර්යෙන් එයාට මේක කියනවා.”

“එයාගෙ හොඳටමයි අක්කෙ මං ජීවිතේ නැතිකරගන්න හැදුවෙ….”

පවන් තවමත් හඬයි.

“මොකක්.මොකක්ද ඔයා කිවුවෙ.අහිංසගෙ හොඳට?….”

ශෙනුල්යාට කිසිවක් සිතාගැනීමට නොහැකි වුනේ මේවන තෙක් සිදුවූ කිසිවක් ඇය නොදැන සිටි නිසයි.

“ඔව්.මට බෑ අහිංසා අක්කා හැමදාම දුකෙන් අඬඅඬ ඉන්නවා බලන්න.එයාගෙ තාත්තා මේ ගෙදරින් ගියේ මම හින්දා.ඒකට අහිංසා අක්කා හැමදාම දුක්වෙයි.

මට මේගෙදරින් තාම යන්න බෑ ඇවිදින්න බැරිහින්දා.ඒක හින්දා මට හිතුනා මම මැරුණොත් ලොකුමහත්තයා මේ ගෙදරට ආයි එයි කියලා.එහෙම වුනොත් අහිංසා අක්කා හැමදාම සතුටින් ඉඳී.ඒකයි මම මේ පෙතිටික බීලා මැරෙන්න හැදුවෙ.”

“මෙච්චර දෙයක් වෙලත් අහිංසා මට කිවුවෙ වත් නෑනෙ.කොච්චර දුකක් හිතේ තියන් ඉන්නවා ඇද්ද එයා.මට පුදුමයි.”

මෙච්චර කාලයකට අහිංසා තමාට කිසිවක් සඟවා නැති නිසා මෙවර ඇයට කුමක් වුනාදැයි ඇය කල්පනා කළාය.

“හරි එහෙම වුනා කියමුකො.ඒත් දැන් අහිංසට තාත්තා නෑ.එයාට ඉන්නෙ ඔයා විතරයි.ඔයත් ජීවිතේට මොකක්හරි කරගත්තම එයාට සතුටු හිතෙයි කියලා හිතනවද මල්ලි ඔයා.

මෝඩ වැඩ කරන්න එපා.ඔයා එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනි.එයාට ඔයාගෙ උදවු ඕනි.ඔයා තමයි එයාගෙ හයිය.”

ශෙනුල්යා සියල්ල පැහැදිලි කර අහිංසා එන තෙක් සිටීමට තීරණය කලේ යොදාගත් විශේෂිත වැඩක් නොතිබූ නිසයි.

අහිංසා පැමිණි පසු සියල්ල ශෙනුල්යා ඇය සමඟ පැවසුවාය.

“ඒයි….මේ බලනවා…ඔයා මොනවද හිතන්නෙ.ඔයා මැරුණොත් මම මෙහේ පාටිදායි කියලද සතුටට.මගේ තාත්තා මෙහෙට එයි කියලද.ආ.එහෙමද හිතුවෙ….”

අහිංසා කතාකරන්නේ කෝපයෙනි.පවන් මෙවැනි දෙයක් කරගනී යැයි අහිංසා හීනෙකින්වත් නොසිතුවාය.

“තාත්තා ඔයා මැරුණත් මෙහෙට එන්නෑ ආයි.එයා යන්න ගියේ අනිවාර්යෙන් වෙන හේතුවක් නිසා වෙන්න ඕනි.ඒ හේතුව ඔයානම් නෙවෙයි.

මට මෙච්චර දේවල් වෙලත් මට ජීවත් වෙන්න එකම එක බලාපොරොත්තුවක් තියෙනවා.ඒ ඔයයි මල්ලි.ඔයා හිටියෙ නැත්තම් මට මොනවා වෙයිද කියලා මට හිතාගන්නවත් බෑ.ඔයා මගේ ළඟින් ඉන්න ඕනි.හැමදාටම.

ඔයා මගේ එකම සහෝදරයා,යාළුවා,මගේ ජීවිතේ බලාපොරොත්තුව.ඔයා නැති වුනොත් මට මාවත් නැතිවෙයි මල්ලි.අනේ මං එකම ඉල්ලීමයි ඔයාගෙන් ඉල්ලන්නෙ.මාත් එක්ක ඉන්න මල්ලි.මගෙන් ඈත් වෙන්න එපා…”

අහිංසා පවන්ව බදාගෙන බොහෝවෙලාවක් හැඬුවාය.ශෙනුල්යා කලේ ඒ සියල්ල කඳුළු පිරි දෙනෙතින් බලාසිටීමයි.

“මට සමාවෙන්න මගේ අක්කේ.මම ඔයාව දාලා ආයිත් කොහෙවත් යන්නෑ.ආයිත් මේවගේ දෙයක් කරගන්නෑ.කවදාවත්ම.මගේ පණ තියෙනකල් ම මම ඔයාව ආරක්ෂා කරනවා අක්කේ…මගේ අක්කේ….”

පවන් පැවසුවේ අහිංසාගෙ දෑස්වල කඳුළු පිස දමමිනි.

දින දෙකක් ගතවිය.ඇමති පුත්රයාගේ නඩුවෙන් අහිංසා දිනුවේ ඇමතිගේ සියලු බලාපොරොත්තු කඩකරමින් ඔවුන්ට කලුපැල්ලමක්ද එක්කරමිනි.ජයබාහු සේනාධීර ඇමතිතුමාගේ පුත් සෙනිත් සේනාධීරට වසර දහයක සිරදඬුවමක් හිමිවිය.

අපරාධයට ලක්වූ තරුණියට සාධාරණය ඉෂ්ඨ කිරීමට අහිංසාට හැකිවිය.නමුත් මාස හතරකට පසු සෙනිත් සේනාධීරට ඇප දී නිදහස ලැබුණේ දේශපාලනයේ අදිසි හස්තය ක්රියාත්මක වීමෙනි.

ඔහු එලියට පැමිණියේ අහිංසා ගැන විශාල කෝපයක් හිතේ රඳවා ගෙනයි.අහිංසාට කල යුතු දේ ඔහු සිරගෙයි සිට සැලසුම් කලේය.මේවනවිට පවන්ද සුවවී තිබීම අහිංසාට විශාල සතු⁣ටක් විය.

ඔහු සෑම විටම අහිංසාගේ පසුපසින් ම ඇගේ ආරක්ෂාවට ගියේ එය සහෝදරයකුගේ යුතුකම නිසයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!