මෙහෙකාර සහෝදරයා (11 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සෙනිත් සේනාධීර බන්ධනාගාරයෙන් නිදහස් වූ බව අහිංසා දැන නොසිටියාය.
“බලපන් අරකිට මං කරන දේ.ඒකි හිතන් ඇති ලෝයර් කෙනෙක් වුනා කියලා මහලොකු කෙරුම්කාරියක් කියලා…ලෝයර් නෝනා…මාව හිරේ යැවුවෙ අර කෙල්ලට මං කරපු දේ හින්දනෙ.බලන් ඉන්නවා තමුන්ට වෙන දේ….”
සෙනිත් සේනාධීර හිරෙන් නිදහස්වී එලියට පැමිණි විට සිය සහචරයන්ට පැවසුවේ එයයි.නමුත් ඔහුගේ සැලසුම ගැන දැන සිටි කිසිවෙකුත් නොවීය.
“සර්.ඇයි අරවගේ අපරාධ කාරයෙක්ව එලියට දුන්නෙ.”
ශෙනුල්යා පොලිස්පතිතුමා හමුවීමට ගොස් කතා කලේ කෝපයෙනි.
“ශෙනුල්යා මොකක් ගැනද ඔයා කියන්නෙ…”
“සර් මම කතා කරන්නෙ අර ජයබාහු ඇමතිතුමාගෙ පුතා සෙනිත් සේනාධීරගෙ කේස් එක ගැන.”
” ආ.ඒකට කරන්න කිසිම දෙයක් නෑ ශෙනුල්යා.සල්ලි බලේ තමයි.අපි මොකක් කරන්නද?”
“ලැජ්ජයි සර්.මම ස්ථානාධිපතිනියක්.ඒවගේම තාම කෙල්ලෙක්.එහෙම වෙලත් මට තියෙන හයියවත් සර්ට නැද්ද.සර් මම කවදාවත් නීතියට පිටින් වැඩ කරලා නෑ.
කාටවත් වැඩ කරන්න දෙන්නෙත් නෑ.මම ගොඩක් අමාරුවෙන් ඇතුලට දාපු කෙනා නිකන්ම එලියට දෙනකල් සර්ලා බලන් ඉන්නවා.කෙල්ලෙක්ට ලොකු අපරාධයක් එයා අතින් වෙලා තියෙනවා.ඒක ඔප්පු උනා.එහෙම වෙලත්……”
ශෙනුල්යා කියන්න සිතූදේ ගිල ගත්තේ පසුවට ගැටලුවක් ඇතිවේ යැයි සිතාය.
“අයිම් සොරි සර්.මම මෙහෙම කියනවට.මට, ඕනිනම් ට්රාන්සර් එකක් හම්බවෙයි.කමක් නෑ.ඒත් මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ.ඒ අපරාධකාරයට එළියෙ නම් ඉන්න දෙන්නෑ සර් මම.”
ශෙනුල්යා පොලිස්පති තුමාගේ කාර්යාලයෙන් එලියට පැමිණියේ එසේ කියාගෙනමයි.ඇයට තිබුණේ ඉහල නිළධාරීන් ගැන කෝපයක්.ඇය වහාම අහිංසාට අැමතුමක් ගත්තේ මේ බව පැවසීමටයි.
” හෙලෝ ශෙනූ කියන්න.මොකද හදිස්සියෙ…?”
“අහිංසා අරූ එලියට ඇවිල්ලා.”
“කවුද ශෙනූ.කවුරු ගැනද කියන්නෙ.”
” සෙනිත් සේනාධීර.උන් සල්ලි බලේ පෙන්නලා එලියට අරන් ඒ අපරාධකාරයව.”
ශෙනුල්යා කෝපයෙන් කතාකරන බව අහිංසාට තේරුම් ගියාය.
“මොකක් ශෙනූ.ඒ කේස් එකේ මිනිහා වැරදී කියලා ඔප්පු වෙලා තියෙද්දිත්….”
“ඔව් අහිංසා.මම පොලිස්පතිතුමාව හම්බවෙන්න ගියා දැන්.එයාලටත් කරන්න දෙයක් නෑලු.මටනම් මාර කේන්තී.ඒවගේම දුකයි අපේ නීතිය ගැන…..
මේ ඔයා පරිස්සම් වෙන්න අහිංසා.කොහේ ගියත් මල්ලිව එක්ක යන්න.උන්ගෙ ටාගට් එක ඔයා වෙන්න පුලුවන්.මම ආයිත් ඔයාට දෙන්නෙක්ව ආරක්ෂාවට දෙන්නද?”
“එහෙම ඕනිනෑ ශෙනූ.එයා කොහොමත් නැට්ට වගේ මගේ පස්සෙන්ම තමයි.වෙලාවකට පොඩි එකෙක් වගේ.මට අරක කරන්න එපා මේක කරන්න එපා.අරහෙ යන්න එපා, මෙහෙම ඉන්න, උපදෙස් ගොඩයි.”
“ඉතින් මෝඩියෙ හොඳයිනෙ.ඒ ඔයාට ආදරේ හින්දනෙ.ඒක කොච්චර දෙයක්ද?”
“ඔව් ඔව් ඒකනෙ මම මොකුත් නොකියන්නෙ එයාට.ලොකු කොල්ලෙක් වුනාට මං ඉස්සරහා පොඩිඑකෙක් වගේ…”
අහිංසා කතාකලේ පවන් දෙසත් හොරෙන් බලා ආදරණීයවයි.ශෙනුගේ පණිවිඩයෙන් අහිංසා තුල තැතිගැන්මක් ඇතිවුනත් පවන් ළඟින් සිටින නිසා එ් බිය ඇගෙන් ඈත්වී ගියාය.
ඒ ඇමතුමෙන් දින තුනකට පසු අඟහරුවාදා දිනයක් එළඹිණි.අහිංසා සූදානම් වූයේ මහරගමට යාමටයි.
“මල්ලි මං මහරගමට ගිහින් එන්නම්.ඔයා ගෙදරට වෙලා ඉන්න හොඳේ.”
නමුත් අක්කාව තනියම යැවීමට පවන් බිය වූයේ පසුගිය දිනවල සිදු වූ දේවල් නිසයි.
“අනේ මේ ඔයාව තනියම යවලා කොහොමද.මමත් එනවා…”
පවන් එවැනි අවස්ථාවල මුරණ්ඩු චරිතයකි.
“මල්ලි මම ඉක්මනට එන්නම් ඔයා එන්න ඕනි නෑ.මට නුපුරුදු ටවුමක් නෙවෙයිනෙ මහරගම…”
“ටවුම පුරුදු උනාට මිනිස්සුන්ව පුරුදු නෑනෙ.අක්කෙ මට බයයි ඔයාව තනියම යවන්න.අනික පහුගිය දවස්වල…..”
“හරි හරි යමුකො.ඉක්මනට ලෑස්තිවෙලා එන්න.”
අහිංසා පවන්ගේ ඉල්ලීමට කැමැත්ත දුන්නේ තමන්ටද අනතුරක් ඇති නිසයි.අනික ⁣තනියම ගියා කියලා දැනගත්තොත් ශෙනුල්යා අනිවාර්යෙන් තමාටත් මල්ලිටත් බනින බව අහිංසා දනී.
මහරගම නගරයේ එක් තැනක දී අහිංසා වාහනයෙන් බැස්සේ පවන්ට බීම එකක් අරන් ඒමට වුවත් සිදුවූයේ නොසිතූ දෙයකි.
හදිසියේ නතරකළ වෑන්රථයකින් පැමිණි පිරිසක් අහිංසාව බලෙන්ම එයට දමාගෙන කොට්ටාව දෙසට වේගයෙන් ගියේ පවන් බලා සිටියදීමයි.
පවන්ට කළයුත්තේ කුමක්දැයි එක්වරම සිතා ගැනීමට නොහැකි වූවත් වාහනයෙන් බැස මාර්ගයේ ගමන් ගත් ත්රීවිලරයක් නවත්වා වෑන්රථය පි⁣ටුපස හඹාගියේ වෙන කළහැකි දෙයක් නොමැති නිසයි.
ඒ සැනින් පවන් දුරකතන ඇමතුමක් ගත්තේ ශෙනුල්යා අක්කාට මේ ගැන දැන්වීමටයි.
“මොකක්.අනේ අහිංසා….”
ශෙනුල්යාද මේ ගැන ඇසීමෙන් කම්පනයට පත්වූයේ අහිංසා තමන්ගේ හොඳම මිතුරිය නිසයි.
“මල්ලි මේ අහන්න.ඔයා වාහනේ පස්සෙන්ම යන්න.හැබැයි උන්ට දැනෙන්න දෙන්න එපා ඔයා පස්සෙන් එනවා කියලා.තනියම මොකුත් කරන්න යන්න එපා.මම දැන්ම කට්ටියක් අරන් එනවා.ඔයා මට තැන කියන්න හරියටම.”
“හරි අක්කේ මම කියන්නම්.අනේ පුලුවන් ඉක්මනට එන්න.⁣මගේ අක්කා….”
පවන් හැඬුවේ මේ දුක දරාගැනීමට නොහැකිවයි.සිදුවූයේ් සිහිනෙන් වත් නොසිතු දෙයකි.
“හැබැයි අක්කෙ.මගෙ අක්කට මොකක් හරි වුනොත් උන් එකෙක්වවත් පණපිටින් තියන්නෑ මං.ඔයා එන්න පරක්කු උනොත් මම තනියම ගිහින් අක්කව බේරගෙන එනවා..හොඳේ..”
“⁣කලබල වෙලා මෝඩ තීරණ ගන්න එපා.අපේ අහිංසට මොකුත් වෙන්නෑ.මම ඉක්මනට එන්නම් ඔතනට.”
ශෙනූ දුරකතනය විසන්ධි කලේ කණ්ඩායමක් වහාම සූදානම් කරගැනීමටයි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!