අහිංසාව ගෙන ගියේ ගොඩගම ප්රදේශයේ අතුරුපාරක ඇති පාළු තැනකටයි.එය තරමක් ජනාවාසයෙන් අඩු ප්රදේශයක් වූ අතර අතුරු පාරෙන් ඇතුලත විශාල පාලු ඉඩමක අැති නිවසක් වෙත ඇයව පැහැර ගෙන යන වාහනය හරවන අයුරු පවන් තරමක් දුරින් ත්රීවිලරය නවතා බලාසිටියේ ඊළඟට කරන්නෙ මොකක්ද කියලා හිතහිතමයි.
“අයියේ පුලුවන් තරම් ඉක්මනට ළඟම තියෙන පොලිස්සියට ගිහින් මම කියපු විස්තරේ කියන්න.අනේ මට මේ වෙලාවෙ උදවුකරන්න.මගේ අක්කට උන් කරදරයක් කරන්න කලින් බේරගන්න ඕනි.”
“හරි මල්ලි මම ඒවැඩේ කරන්නම්.එ්ත් ඔයා පරිස්සම් වෙන්න.මෙහේ ඉන්නෙ ලොකු ලොකු ගේම් කාරයෝ.”
ත්රීවිලරය හරවා ඔහු පිටත් වීමට සූදානම් වී නැවත ත්රීවිලරය ඔහු නැවතුවේය.
“මල්ලි මෙහාට එන්න පොඩ්ඩක්.ආ මේක ගනින්.ඕනිවෙයි ඉස්සරහට.”
ඔහු දුන්නේ කාපට් එක යට සඟවා තිබූ අඩි තුනහමාරක විතර යකඩ පොල්ලකි.
“මේ මම හදිස්සියක් වුනොත් කියලා තියන් ඉන්න එකක්.උඹේ අතේ මොකුත් නෑනෙ.මේක අරන් පලයන්.හැබැයි උන්ලඟ තුවක්කු එහෙම ඇති.පරිස්සමින්.”
ඔහුට ස්තුති කර පවන් යකඩ පොල්ල අතට ගත්තේ ඕනෑම දෙයකට සූදානම්ව හිත දැඩි කරගෙනයි.
පවන් එහි තිබූ වැටෙන් පැන වත්තට ඇතුලු වූයේ ඕනිම තැනක මැරයන් සිටිය හැකි බව සිතාගෙනයි.
මේ අතර පැහැරගත් පිරිස අහිංසාව නිවස තුලට රැගෙන ගියේ ඒ වන විට අහිංසාගේ සිහිය නැති කර තිබූ නිසයි.
නිවස අැතුලත කාමරයකට රැගෙන ගිය අහිංසාව එහි ඇඳකින් තබා අත් දෙක හා කකුල් දෙක දෙපසට කර බැඳ දැමුවේ හිත්පිත් නැති තිරිසනුන් ලෙසිනි.
“තව ටිකකින් මේකිට සිහිය එයි.එතකල් ඉමු.සිහිය ආවම මේකිගෙ ගෑස් බස්සලා අපේ වැඩේ කරගමු.මේකිට උදවුකරන්න කවුරුවත් එන්නෑ.උඹලා කෝකටත් එළියේ සර්ච් එකේ හිටහල්ලා.
මම මේකිට වැඩේ කරලා උඹලටත් දෙන්නම්.”
ඔවුන්ගේ ප්රධානියා වූයේ සෙනිත් සේනාධීරයි.ඔහු වයස තිහක පමණ අයෙකි.ඔහු මුදල් බලයෙන් යටගැසූ අපරාධ රාශියක හිමිකරුවෙකි.
මේ අපරාධයේ අණදෙන්නාද ඔහුය.මීළඟට නිවස තුල සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ ඔහුගේ විධාන අනුවයි.
ඒනිසාම ඔහුගේ සහචරයෝ ඔහුව හා අහිංසාව කාමරයේ තනි කර දමා දොරද වසා එලියට ගියේ ඊළඟ අවස්ථාව ලබාගැනීමේ තිරිසන් පහත් ආශාවන් හා බලාපොරොත්තු සිතේ තබාගෙනයි.
අහිංසා ඇඳ සිටියේ නිල්පැහැ ඩෙනිම් කලිසමක් සහ අත්නැවූ රතුපැහැ ෂර්ට් එකකි.සෙනිත් සේනාධීර අහිංසාගේ මුලු ශරීරය දෙසම බැලුවේ කෑදර බැල්මකිනි.
විනාඩි දහයක් පමණ ගෙවුණු පසු අහිංසාට සිහිය ලැබිණි.
“ආ ලෝයර් මැඩම්,මාව මතකද දන්නෑ.කොහොමද ඉතින් ජීවිතේ……”
සෙනිත් සේනාධීර ඇසුවේ සිනාසෙමිණි.
“ආ තමුන්ද.තමුන් මහ තිරිසනෙක්.කවදද මේ ජරාවැඩ නවත්තන්නෙ.මාව අතාරිනවා….”
අහිංසා කෑගැසුවේ කෝපයෙන් උවත් ඇයට කළහැකි කිසිවක් නොවීය.අත් මුදා ගැනීමට උත්සහ කලත් තදින් ගැටගසා තිබූනිසා එයද කලනොහැක.
අහිංසා පොඩි දරුවෙකු මෙන් හැඩුවාය.ඇයට පවන්ව සිහිවිය.
“අනේ මාව අතාරින්න.මම කලේ මගේ රස්සාව.අනික මේවා කරන තමුසෙලාට කවදාවත් බේරිලා ඉන්න බෑ….”
“ඇයි මම මේ ඉන්නෙ හොඳට.තව ටිකකින් තව අපරාධයක් මගේ එකවුන්ට් එකට වැටෙනවා.ඒක ඔයාට විඳගන්න පුලුවන් ලෝයර් නෝනා.
කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි….”
සෙනිත් සේනාධීරගේ කටහඬ තියුණුය.අහිංසා සෑම අතින්ම අසරණ විය.කඳුළු ඇගේ දෑස්වලින් කම්මුල් තෙත් කරමින් ගලා ගියාය.
“ඇයි ලෝයර් නෝනා අඬන්නෙ.කෝ අර උසාවියෙදි කතාකරන මහලොකු කට….ආ”
අහිංසාට දැන් කතාකරගත නොහැකි තරමට ඇඬුණි.තවටිකකින් විශාල වේදනාවකට මුහුණ දීමට සිදුවන බව ඇයට ස්තීරය.
” බය වෙන්න එපා.මගේවැඩේ කරගෙන තව දහයක් විතර එළියෙ ඉන්නවා.උනුත් වැඩටික කරගෙන ඔයාව යවන්නම් අනිත් ලෝකෙට.
මේකට මට තව උදවු කරන්න අයත් ඉන්නවා.ඔයාව කරදරයක් වුණු….”
“කවුද ඒ?”
තමාව අයින් කිරීමට උවමනාව ඇත්තේ කාටදැයි ඇයට දැනගැනීමට උවමනාවක් ඇතිවිය.
“ඔයා තවටිකකින් යන හින්දා මම කියන්නම්කො.ඔයාගෙ කුඩම්මා.ඔයාගෙ තාත්තා ගෙදරින් ගිහින් ගියෙ එයා ලඟටනෙ…”
“මොකක්?”
“අයියෝ ඔයා දන්නැද්ද.කොච්චර කල්ද ඔයාගෙ තාත්තා මගේ නැන්දා එක්ක යාළුවෙලා…ඒ ඔයාගෙ කුඩම්මා.එයාට හරි කරදරයි ඔයාගෙන්.ඉතින් ඔයාව අයින් කරන එක මගේ යුතුකමනෙ….”
අහිංසාට සියල්ල පැහැදිලිය.තාත්තා ගෙදරින් ගියේ පවන් නිසා නොවන බව ඇයට හොඳින්ම වැටහිණි.
“කතා ඇති..අපි වැඩේ පටන්ගමු ලෝයර් නෝනා.ඔය ලස්සන ඇඟදිහා බලාගෙන මට තවත් ඉවසන්න බෑ..”
එසේ පවසා සෙනිත් අහිංසා ළඟට කිට්ටු වූයේ කෑදර බැල්මෙන් අහිංසාගේ මුහුණ දෙස බලමිනි.අහිංසා දෑස් තදකර පියාගත්තේ මේ අපරාධය ඉවසිය නොහැකිවයි.