මෙහෙකාර සහෝදරයා (15 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දෙදෙනා නිදාගන්නා විට රාත්රී 11ත් පසුවිය.සිදුවූ දේවල් නිසා තව දින දෙකතුනක් යනතුරු කිසිදු නඩුවක් වෙනුවෙන් පෙනීනොසිටීමට අහිංසා තීරණය කලේ අද සවසමයි.
පසුදා ශෙනුල්යා සුපුරුදු පරිදි පොලිස් ස්ථානයට ගියේ රාජකාරී කටයුතු බහුල දින කීපයක් නිසයි.එක් අතකින් ජයබාහු සේනාධීර ඇමති තුමා තම පුතාගේ මරණයට හේතුව සොයනු ඇත.ඊට විකල්පයක් ගැන සිතීම ශෙනුල්යාගේ සිතට විශාල පීඩනයක් ගෙන දුන්නාය.
“ගුඩ් මෝර්නින් මැඩම්.මැඩම් උදේ ඉඳන් බර කල්පනාවක.මොකක්හරි ප්රශ්නයක්ද මැඩම්…?”
ඇගේ කුටියට පැමිණියේ ඊයේ දින මෙහෙයුමට සහභාගී වූ නිසල් නම් පොලිස් නිළධාරියයි.ඔහු ශෙනුල්යාට වඩාත් හිතවත්ය.දෙදෙනාම සමවයස්වල තරුණයෙක් හා තරුණියකි.
“ආ ගුඩ් මෝනින් නිසල්.නෑ එහෙම දෙයක් නෙවෙයි.ඊයෙ කේස් එක ගැන කල්පනා කලේ.මෙතනින් ඉඳගන්නකො පොඩ්ඩක්….”
“ඇයි මැඩම් ප්රශ්නයක් නම් කියන්න.අපි බලමු මොකද කරන්න පුලුවන් කියලා…..”
නිසල් ශෙනුල්යාට පැවසුවේ ඇය ප්රධානිය වුවත් තමාට හිතවත් බව දන්නා නිසයි.
“නිසල් ඔයා තමයි මට විශ්වාසවන්තම කෙනා.ඉතින් මගේ ප්රශ්නයක් ඔයා එක්ක මට කියන්න පුලුවන්.ඔයා මම මෙහෙට එන්නත් කලින් ඉඳන් මෙතන ඩියුටි කරනවනෙ.ඔයාට විශ්වාසද අපේ අය කිසිම හේතුවක් නිසා ඊයෙ සිද්ධිය ගැන කාටවත් කියන එකක් නෑ කියලා.”
ඇමති තුමාගෙ අතට සත්ය තොරතුරු පත්වේ යැයි බිය ශෙනුල්යා තුල ඊයේ සිටම ඇතිවිණි.ඒ එසේ වුවහොත් පවන්ටද තමාටද ගැලවීමක් නැතිබව ඇය හොඳින් දන්නා නිසයි.
“මැඩම් බය වෙන්න එපා.ඊයෙ මම මැඩම් එක්ක එක්කගෙන ගියෙ අපේ ඉන්න විශ්වාසවන්තම ටීම් එක.ප්රශ්නයක් වෙන එකක් නෑ.අපිබලමු ඇමතිතුමා මොකක් කරයිද කියලා….?
“තෑන්ක්ස් නිසල්.ඔයා මට හොඳම යාළුවෙක් වගේ.ඒකයි මගේ ප්රශ්න ඔයා එක්ක කියන්නෙ….”
“අනේ මැඩම් එහෙම කියන්න එපා.මම මැඩම් යටතේ ඉන්නෙ.අපේ යුතුකම මැඩම්ට ප්රශ්නයක් වෙද්දි සපෝර්ට් කරන එක.මම යන්නම් මැඩම් එහෙනම්…”
“ඕකේ නිසල්.”
නිසල් එතනින් ඉවත්ව ගොස් විනාඩි පහකට පමණ පසු ශෙනුල්යාගේ රාජකාරි දුරකතනයට දුරකතන ඇමතුමක් ලැබිණි.
“හෙලෝ.කිරුලපන පොලිස්ටේෂන්….”
“මැඩම් ශෙනුල්යා අමරසිංහ….?”
“ඔව් ඒ මම තමයි.කවුද මේ කතාකරන්නෙ.?”
“මම සී අයි ඩී ඔෆිසර් සදෙව් ආදිත්ය විජේසිංහ.”
ශෙනුල්යාට එක්වරම බියක් දැනුනේ හිටි හැටියේ සී අයි ඩී ඔෆිසර් කෙනෙක් කතාකල නිසයි.
“මට මැඩම් ශෙනුල්යාව හම්බවෙන්න පුලුවන්ද?”
“මාව ?.ඇයි ඒ මිස්ටර් ආදිත්ය.මොකක් හරි විශේෂ දෙයක් ගැනද?”
“යස් මැඩම් ශෙනුල්යා.ඒක ⁣ෆෝන් එකෙන් කතාකරන්න පුලුවන් දෙයක් නෙවෙයි.මම කතාකලේ මැඩම්ව හෙට මීට් වෙන්න පුලුවන්ද කියලා දැනගන්න.”
ශෙනුල්යාව තවත් බිය කිරීමට ඔහුගේ කතාව සමත්විය.නමුත් ඒ බව ඇය ඔහුට නොපෙන්වා කතාකලේ තරමක් අපහසුවෙනි.
“ඕකේ මිස්ටර් ආදිත්ය.පුලුවන්.හෙට උදේ එන්න පොලිස්ටේෂන් එකට.”
“අ…..මේක පොලිස්ටේෂන් එකේදි කතාකරන්න බෑ.ගොඩක් වැදගත් ඒවගේම රහසිගත දෙයක්.⁣හෙට කිරුලපන අරලිය කොෆි ෂොප් එකට එන්න පුලුවන්ද?ඔයා පුලුවන් වෙලාවක් කියන්න.”
“ඕකේ.හෙට දවල් 2ට එතනට එන්න.මම එන්නම්.”
“තෑන්ක්යූ මිස් ශෙනුල්යා.මම ඒ වෙලාවට එන්නම්.”
ශෙනුල්යාට සැකයක් සිතුණත් ඕනෑම දෙයකට සූදානම්ව ඔහු හමුවීමට යාමට ඇය තීරණය කළාය.
ඇය තම රාජකාරී පිස්තෝලයද ඉණේ සඟවාගෙන ඔහු හමුවීමට නිවාඩුවක් දමා ගියේ කාගේ හෝ උපක්රමයක් දැයි සැක නිසාය.
වෙලාව දෙකයි විස්සත් පසුවුවද පැවසූ ආකාරයේ කවුරුත් එහි නොමැත.දහවල් නිසා එතරම් ⁣සෙනඟක් එ⁣හි නොසිටියද පෙම්වතුන් පෙම්වතියන් කීප දෙනෙක් එහි සිටියහ.
එක්වරම ශෙනුල්යාට පිටුපසින්,
“එක්ස්කියුස් මී.මිස් ශෙනුල්යා…..?”
යැයි ඇයට කතාකරන හඬක් ඇසී හැරී බැලුවාය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!