ශෙනුල්යා ඉබේම පුටුවෙන් නැගිට්ටුනාය.ඇය ඉදිරියේ සිටියේ ගොඩක් කඩවසම් තරුණයෙකි.
“යස්..අයිම් ශෙනුල්යා සත්සරණි අමරසිංහ. යූ මිස්ටර් ආදිත්ය?….”
“ඕ..යස්.අයිම් සදෙව් ආදිත්ය.සදෙව් කියන්න.මිස්ටර් ඕනිනෑ.”
ඔහු සිනාසුනේය.ඕනෑම අයෙකු දෙවරක් හැරී බලන තරමේ කඩවසම් බවක් ඔහුට තිබිණි.ශෙනුල්යාද එසේය.ආදිත්ය මොහොතක් ඇය දෙස ඇසිපිය නොගසා බලා සිටියේ ඒ නිසා විය යුතුය.
“ඕ සොරි මිස් ශෙනුල්යා…අයිම් එක්ස්ට්රීම්ලි සොරි ෆෝ ලේට්…..”
“ඕකේ…..ඕකේ මිස්ටර් සදෙව්…..ප්ලීස් සිට්….”
ශෙනුල්යා පැවසුවේ සිනාසෙමිණි.
“ඔය ඉතින් ආයිත් මිස්ටර් ලු.මම සදෙව්.අනික අපි දෙන්නගෙ පොස්ට් එක සමාන නිසා නෝ ප්රොබ්ලම්…..”
“ඇත්තටම මට සමාවෙන්න මිස් ශෙනුල්යා…මට පොඩ්ඩක් ලේට් උනා.ඔයා ඇවිත් ගොඩක් වෙලාද?”
“නෑ මම ටිකකට කලින් ආවෙ.අනික ඔයා දැන් කිවුවෙ අපි දෙන්නගෙ තනතුරු සමානයි කියලා.ඉතින් මටත් ශෙනුල්යා කියන්න.මිස් කියන්න ඕනි නෑ.”
ශෙනුල්යා පැවසුවේ සදෙව් දෙස නොබලා ඉවත බලාගෙනය.
“ඕකේ ශෙනුල්යා.මොකුත් බිව්වෙත් නෑනේද?මොනවා හරි බොනගමන් කතාකරමු…”
ඔහු ඇගේ කැමැත්ත මත අයිස් කෝපි දෙකක් ගෙන්වා ගත්තේය.ඔහුට දැන් උවමනා වුයේ ශෙනුල්යා සමඟ වැඩිපුර වෙලාවක් ගත කිරීමටයි.
පැමිණි රාජකාරිය ඔහුට අමතක වූවා සේය.ඇයව දමා යාමට ඔහුට ලෝභ සිතුණි.ඇයටද, දැනෙන තරමට නොවුනත් සිතේ කොනක ඔහුගැන යම් කැමැත්තක් පහළව තිබිණි.පිරිමි ළමයෙකු ගැන ඇයට ඇතිවූ කුළුඳුල් හැඟීම එයයි.
එය ඔහුට ඇය නොපෙන්වූයේ පොලිස් ස්ථානාධිපතිනියක් නිසා තමාගේ තත්වය පහත දමාගැනීමට ඇය අකමැති නිසාය.
“මේකයි ශෙනුල්යා අපි ඩිරෙක්ට්ම කතාවට එමු..මම සී අයි ඩී එකේ ඔෆිසර් කෙනෙක්.ජයබාහු සේනාධීර ඇමති තුමාගෙ පුතාගෙ මර්ඩර් එක ගැන පරීක්ෂණය ඇමති තුමා අපිටයි බාර දීලා තියෙන්නෙ.
ඉතින් මම මේගැන මුල ඉඳලා හෙවුවා.මට දැනගන්න ලැබුණා ඔයා මේකට සම්බන්ධවෙලා තියෙනවා කියලා….”
ශෙනුල්යා එක්වරම ගැස්සිණි.ඒ බව ඔහුට පෙණුනද ඔහු එතරම් එය ගණනක නොගත්තේ ඇය ගැන පැහැදීමක් ඔහුගේ සිතේ තියෙන නිසයි.
“නෑ මම කිවුවෙ ඔයා එතනට ගියා කියලා මට දැනගන්න ලැබුණා.ඒවගේම මම ඔයාගෙ ඩියුටි හිස්ට්රි එක ගැන ස්ටඩිකලා.ඔයා ගොඩක් විනය ගරුක ඒවගේම ඍජු නිලධාරිනියක්.බාරගත්ත කේසස් ගොඩක් හොඳට හැන්ඩ්ල් කරලා තියෙනවා.
ඉතින් මම හිතුවා මේකට ඔයාගෙන් උදවු ලැබුණොත් අපිට මේක ඉක්මනට ඉවරකරන්න පුලුවන් වෙයි කියලා.ඔයා මොකද කියන්නෙ ශෙනුල්යා උදවු කරනවද අපිට….”
”වයි නොට්.මම කැමතී.අනික ඔයත් ගොඩක් දක්ෂ කෙනෙක් වගේ. මං ගැනත් හොයලා ගොඩක්…..”
“ඇත්තටම ශෙනුල්යා මම මේකට සම්බන්ධ හැමෝම ගැනම හෙවුවා.විශේෂයෙන් මැරුණ සෙනිත් සේනාධීර ගැන.බැලූබැල්මටම මේක ගැටුමක ප්රතිපලයක්.ඒත් මට හිතෙනවා ඊට එහා දෙයක් වෙලා තියෙනවා කියලා….”
ශෙනුල්යා මදක් කල්පනා කලේ අයිස් කෝපි එක පානය කරන ගමන්මයි.ඇය ඍජුව ඔහුගේ දෑස්දෙක දෙස බැලුවාය.
“මම ඔයාට කියන්නම් හැමදේම.විශේෂයෙන් මට අදාල නැති ඒරියා එකක කේස්එකකට මැදිහත් වුනේ ඇයි කියලත්.”
ශෙනුල්යා සිදුවූ සියල්ල ඔහුට පැවසුවාය.නමුත් පවන්ට ගැටලුවක් ඇති නොවන ලෙස සියල්ල පැවසීමට ඇය සැලකිලිමත් වූවාය.
“මට තේරෙනවා ශෙනුල්යා.මෙතන සම්පූර්ණ වරද සෙනිත් සේනාධීරගෙ කියලා.මේක ගැන ඇමතිතුමා පුද්ගලිකව හොයන නිසා අපිට බොරුවක් කරන්නත් අමාරුයි.මමත් පිළිගන්නවා මොකක් වුනත් ඇමති තුමාගෙ පුතාට ලැබුණ දඬුවම සාධාරණයි කියලා.
ඒත් මේ සාක්ෂිවල පරස්පරතාවයන් තියෙනවා.මට ඔයාගෙ යාලුවව හම්බවෙන්න පුලුවන්ද?”
“පුලුවන්.මම එයාව මීට් කරවන්නම්.”
“අපි බලමු මේක ශේප්කරගන්න විදියක්” තියෙනවද කියලා….”
ඔහු පැවසුවේ ශෙනුල්යාගේ දෑස් දෙක දෙස බලාගෙනමයි.
සී අයි ඩී නිලධාරියෙකුගෙන් ශෙනුල්යා බලාපොරොත්තු වූයේ මෙවැනි හැසිරීමක් නොවේ.ශෙනුල්යාට පීඩනයක් නොදීමට ඔහු සෑමවිටම උත්සහකල කල බව ශෙනුල්යාටද වැටහිණි.
කතාවෙන් කථාවෙන් දෙදෙනාම පැය දෙකක් පමණ කතාකරමින් සිට ඇත.එය දෙදෙනාටම දැනුනේ නැත.
“එහෙනම් සදෙව් මම යන්නම්.මම ඔයාට උදවු කරන්නම් මේ කේස් එකට.ඒත් මම ඔයාගෙන් එක ඉල්ලීමක් කරනවා.සෙනිත් කියන අපරාධකාරයව නිර්දෝෂී කරන්න නම් එපා…”
ශෙනුල්යා පැවසුවේ පුටුවෙන් නැගී සිටිමිනුයි.
“අපි පුලුවන් තරම් ට්රයිකරමු වැරදිකාරයන්ට දඬුවම් දෙන්න.මමත් ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්නද?”
ශෙනුල්යා ඒ වචනවලින් මදකට ගමන නැවතුවාය.
“මොකක්ද සදෙව්?”
“මට, ඔයා කැමතිනම් ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද?”
“අ….ආ හරි මේ මගේ කාඩ් එක…උවමනාවක් වුනොත් කෝල්කරන්න.”
ඇය තම හෑන්ඩ්බෑගයෙන් කාඩ්එකක් ගෙන සදෙව් අත තැබුවේ සිනාමුසු මුහුණිනි.
මේ හිනාව මගේ වෙනවා නම් යැයි සදෙව්ට සිතුනද එය හදවතේම තබාගෙන අකමැත්තෙන් හෝ ඇයට සමුදීමට ඔහුට සිදුවිය.