මෙහෙකාර සහෝදරයා (18 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අම්මෝ මැඩම් මොනවද මේ කියන්නෙ.එයා ලෝයර් කෙනෙක්.මම⁣ පොලිසියෙ සාමාන්ය නිලධාරියෙක්.අනික මම ගියෙ කාර්එක දීලා එන්න විතරයි.”
“මොකෝ කොල්ලා බය වුණාද?එයා මොකද කිවුවෙ.කාර් එක දුන්න ගමන් ආවද?”
ශෙනුල්යා තවමත් පවසන්නේ සිනාසෙමිනි.මේ ඇත්තටම තමන්ගේ මැඩම්මද යන්න නිසල්ට සිතුනේ ඇගේ වදන් නිසයි.
“මම කාර් එක නවත්තලා යතුර අහිංසා මිස්ට දෙන්න ගියා.ඉතින් මට බීම එකකුත් හදලා දුන්නා.ඒගමන් පොඩිවෙලාවක් කථාකළා අහිංසා මිස්.ඒ කතාවෙන් තේරුණා එයා හොඳ කෙනෙක් කියලා.”
” ඕ එහෙමද.මේ නිසල් ඔයාට එයාගැන මොකද හිතෙන්නෙ.සීරියස් අහන්නෙ.කෙල්ලත් ලස්සනයිනෙ.?”
නිසල්ට තවමත් පුදුමය.තමන්ගේ මැඩම්ගේ මේතරම් හිතවත් කතාවක් වෙන කෙනෙකු ළඟදී නිසල් දැක නැත.
“අනේ මැඩම් මොනවද මේ කියන්නෙ.අනික මේ විදියට යාලුවෙක්වගේ මට කතාකරන එක මැඩම්ට හොඳනෑ.”
“ඒයි …මට කවුරු මොනවා කියන්නද?ඔයා මට ඩියුටිවලින් එහාට ගියාම හොඳම යාළුවෙක්.මම ඒක ඕන කෙනෙක් එක්ක කියනවා.ඔයාට බෑනෙ මාව යාළුවෙක් වගේ ආශ්රය කරන්න ඩියුටිවලින් පිටදිවත්.ඒත් මම එහෙමයි.හරිද.
ඉතින් දැන් කියන්නකො.අහිංසා ගැන මොකද හිතන්නෙ.මට හිතෙනවා ඔය දෙන්නා හොඳට ගැලපෙනවා කියලා..”
“මොකක්?මැඩම් මාව එයාට ගැලපෙන්නෙ නෑ.අනික එයා ලස්සනයි තමයි.එයාට මට වඩා ගොඩක් හොඳ කොල්ලෙක් හොයාගන්න පුලුවන්නෙ.
මැඩම් දෙයක් අහන්නද?”
“අහන්න ඕනි දෙයක්”
“මම කවදාවත් මැඩම්ගෙ මේවගේ හැසිරීමක් දැකලා නෑ.මැඩම් ඩියුටිවලදි දරුණුයි.ඒත් දැන්…..”
“ඒ ඩියුටි නිසල්.ඩියුටිවලදි මෙහෙම ඉන්න බෑ.මමත් සාමාන්ය කෙල්ලෙක්.මමත් කැමතී සරලව, විහිලුවක් කරලා සතුටින් ඉන්න.ඔයා මගේ යාළුවෙක් නිසා ඒ සරල කෙල්ල තමයි දැන් ඔයාගෙ ඉස්සරහා ඉන්නෙ.ඔයාගෙ දරුණු මැඩම් නෙවෙයි.”
“හරි ඔන්න මැඩම් යමු දැන්.වැස්ස පෑයුවා.තව හිටියොත් ආයි වහී.”
“ඔයත් මගහැරලා යන්න නම්….
යමු යමු….”
අහිංසා සිනාසෙමින්ම ගොස් නිසල්ගේ යතුරුපැදියට නැගුනාය.ඒ වචන වලට නම් නිසල්ටද සිනහ නොවී සිටීමට බැරිවිය.
නිසල් තරමක වේගයෙන් ගියේ නැවත වරක් වහීවි යැයි සිතුණු නිසයි.අහස පුරා තිබුනේ වැහි වළාකුළු පමණි.ශෙනුල්යාගේ නිවස ඉදිරියට ගොස් ඔහු යතුරුපැදිය නැවැත්වූයේය.
“නිසල් යමු අපේ ගෙදර ඇවිත් නෑනෙ.යමු ගෙදරටත් ඇවිත්ම යන්න.අනික ඔයා ම⁣ට මේවෙලාවෙ කලේ ගොඩක් ලොකු උදවුවක්.ඇත්තටම මමත් ටිකාක් විතර බයේ අතන හිටියෙ.ආයුධයක්වත් අතේ නෑනෙ.”
“මට තේරුණා.ඒක ඉතින් සාධාරණයි තමයි.කමක්නෑ මැඩම් මම යන්නම්.රෑත් වුනානෙ.”
නමුත් නිවසට පැමිණෙන ලෙස ශෙනුල්යා ⁣තුන්වරක්ම ඔහුගෙන් ඉල්ලා සිටියාය.ඒ අතර ඇගේ මවද ගේට්ටුව විවෘත කර එලියට පැමිණියේ ශෙනුල්යා පැමිණෙන සෑම දිනකම ඇය එසේ පුරුද්දක් ලෙස එලියට එන නිසයි.
“ලොකූ.මොකද මේ.කවුද මේ.කෝ කාර් එක.”
ඇගෙන් ප්රශ්න වැළකි.
“කාර් එක මග දාලා ආවා අම්මේ.ඒක ගැරිජ් එකකට දාන්න වෙලා.වෙලාව⁣ට මේ නිසල් ආවෙ.එයා මාව එක්ක ආවා.මේ අපේ පොලිස්ටේෂන් එකේම වැඩකරන කොල්ලෙක්.”
ඔහු එක්වරම ශෙනුල්යා දෙස බැලුවේ දෑස් විශාල කරගෙනයි.
” ආ…ආ…ඔව් ආන්ටි.මැඩම්ව තනියම මග දාලා එන්න බෑනෙ.ඉතින් එක්කගෙන ආවා.”
ඔහු පැවසුවේ කතානොකර සිටීමට බැරි නිසයි.
“ඉතින් දරුවො ගෙදරටම ආව එකේ මොනවා හරි බීලම යමු.නැත්තම් කෑම කාලා යමු.”
“ඒක තමයි අම්මා මම කිවුවෙත්.බැරිලුනෙ.මැඩම් කියන දේවත් අහන්නෑ මෙයා ඩියුටි වලින් පිටදි.”
ශෙනුල්යා පැවසුවේ ඔහු දෙස බලාගෙන සිනහවක් මුවෙහි රඳවා ගෙනමයි.
“ආ…හරි ආන්ටි එහෙනම්. මම මොකුත් ගෙනාවෙත් නෑ හිස් අතින්ම ඉතින්….”
“ඇයි නිසල් ඔයා අපේ අම්මගෙ ලොකු දූව ගෙනාවෙ.ඉතින් කොහෙද හිස් අතින් ආවෙ.”
මේ තරම් සරල දඟකාර කෙල්ලෙක් පොලිස් නිලඇඳුමෙ හිඳීම ඔහුට පුදුමයක් වූයේය.
රෑ කෑම කෑමට නොහැකි බව පැවසූ නිසා ශෙනුල්යාගේ මව ඔහුට තේ සාදා දුන්නාය.
කීප සැරයක්ම ඇගේ මව හොඳින් නිසල් දෙස බලාසිටිනු නිසල් මෙන්ම ශෙනුල්යාද දුටුහ.ඇගේ පියාද සුහදව ඔහු සමඟ කතාබහ කලේය.උසස් පවුල් උනත් ඔවුන් නිහතමානී පිරිසක් බව ඔහු ඒ විනාඩි කිහිපයේ දී අවබෝධ කරගත්තේය.
“මැඩම් එහෙනම් මම යන්නම්.ගෙදර අය බලන් ඇති පරක්කු මොකද කියලා.ආන්ටි අංකල් මම යන්නම්.ගොඩක් ස්තුතියි මේ දේවල් වලට.”
“තෑන්ක්යූ වෙරිමච් නිසල් ඔයා කරපු උදවුවට.හෙට හම්බවෙමු.පරිස්සමින් යන්න.බුදුසරණයි.”
ඇය පැවසුවේ හදවතින්මයි.ඒ තරමට නිසල් ඈට සමීප වී තිබිණි.එහෙත් එය මිත්රත්වයක් මිස ප්රේමයක් නොවේ.එය දෙදෙනාම හොඳින් දැන සිටි⁣යහ.
බුදු සරණයි මැඩම්.පරිස්සමින් ඉන්න.වාහනේ හෙට දාමු ගැරිජ් එකකට.මගේ යාලුවෙක්ගෙ තැනක් තියෙනවා අපේ පොලිස්ටේෂන් එක කිට්ටුව.අපි එතනට දාමු.”
“හරි එහෙම කරමු.තෑන්ක්ස් මේ උදවු හැමදේටම නිසල්….”
ඔහුව ගේට්ටුවෙන් එලියට ඇරලවීමට යමින් ගමන් ඇය පැවසුවාය.
“ඒක අපේ යුතුකමනෙ මැඩම්.අනික යෙහෙළියක් වෙනුවෙන්නෙ.”
“අන්න එහෙම එන්න.ඔය පිලිගත්තෙ.දන්නවද නිසල් මට ඒක මාර සතුටක්.මට යාලුවො ගොඩක් නෑ.පිරිමි යාලුවො කොහොමත් නෑ.ඉතින් මට ඔයාගෙ යාළුකම ලොකු හයියක්.”
ඔහු සියල්ල අසා සිට ඇයහා සිනහ වී යතුරුපැදියට නැගී යන්නට ගියේය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!