මෙහෙකාර සහෝදරයා (19 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදිනද සුපුරුදු පරිදි සදෙව්ගෙන් කෙටිපණිවිඩ ගලා ආවේය.ඒ සෑම එකටම ශෙනුල්යා සතුටින් පිළිතුරු පණිවිඩ යැවුවෙ ඔහුගැන කැමැත්තක් ඇතිවූ නිසා බව ඇයට ද සිතුණි.
එකවරම එවූ පණිවිඩයකින් ඇය මොහොතක් ගල්වූවාක් මෙන් සිටියාය.
එහි මෙසේ සඳහන්ව තිබුණි.
“ශෙනුල්යා හෙට ඔයාට දෙයක් කියන්න තියෙනවා.මම ඒක ගොඩක් දවස් ඉඳන් කියන්න හිටිය දෙයක්.තරහා නැතුව හෙට ගල්කිස්ස බීච් එකට එන්න පුලුවන්ද?”
ඇය මෙයින් තිගැස්සිණි.ඒත් යන්නෙ කොහොමද කියායි ඇය කල්පනා කලේ.හෙට කාර්එක ගරාජ් එකට දැමිය යුතුය.ඇයට මතක්වූයේ අහිංසාවයි.ඇගේ කාර්එක ඉල්ලගෙන යනවා යැයි ඇය සිතාගත්තාය.
ඇයට නිසල්ට කතාකිරීමට උවමනා වී ඔහුට දුරකතන ඇමතුමක් ගත්තාය.
“හෙලෝ නිසල් මම ශෙනුල්යා.”
“ආ කියන්න මැඩම්.ඇයි මේ රෑම ගත්තෙ හදිස්සියක්ද?”
“ම් ම්….ඔවු නිසල් දෙයක් කියන්න තියෙනවා.ඔයාට මම කිවුවා නේද සී අයි ඩී ඔෆිසර් සදෙව් ගැන…”
“අ…ඔව් මැඩම්.මට මතකයි.ඉතින්….”
“එයා මට හෙට ගල්කිස්ස බීච් එකට එන්න කිවුවා.”
“එහෙමද.ආ එයා දවසක් මම එනකල් බලන් ඉඳලා මගෙන් ඇහුවා මැඩම් ගැන.මට කියන්න අමතක වුනානෙ.සොරි මැඩම්…”
“ආ….මොනවද ඇහුවෙ මං ගැන.මං දන්නෙවත් නෑ….”
“මගෙන් ඇහුවා මැඩම් ඉන්නෙ කොහෙද.වයස කීයද.මැඩම් කොහොම කෙනෙක්ද එහෙම කියලා ගොඩක් දේවල්.බෝයි ⁣ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලත්….
මම කිවුවෙ නෑ කිසිදෙයක්.මම දන්නෙත් නෑනෙ ගොඩක් දේවල් මැඩම්ගැන.දැනගත්තත් එකඑක්කෙනාට කියන්නෑ.”
“ඒක හොඳයි නිසල්.මට ඔයාගෙන් උදවුවක් ඕනි.හෙට අර ගරාජ් එකට කාර්එක දාන්න පුළුවන්නම් ලොකු දෙයක්.හෙට මම එන්නෑ නිසල්…”
“ඒක මං කරන්නම් මැඩම්.ඒත් මැඩම්ව එයා එක්ක යනවා කිවුවද.නැත්තම්….”
“නෑ නිසල් මම අහිංසගෙ කාර්එක අරන් යනවා.මට එයත් එක්ක යන්න බෑ.හරියට අඳුරන්නෙත් නැතුව.”
“හරි මැඩම් එහෙනම්.පරිස්සමින්.දන්නවනෙ කාලෙ හැටි.පරිස්සම් වෙන්න.මොකද කොල්ලොන්ගෙ හැ⁣ටි මැඩම්ලට වඩා අපි දන්නවනෙ මැඩම්.ආශ්රය කරන හින්දා.සෝ බී කෙයාෆුල්….”
“ඕකේ නිසල්.මම ඒක මතක තියාගන්නම්කො.මම හිතන්නෑ එයා නරක කෙනෙක් කියලා.අනික සී අයි ඩී එකේ කෙනෙක්නෙ.බලමුකො ගිහින්ම….”
“හරි මැඩම්.එහෙනම්…..”
ශෙනුල්යා ඇමතුම විසන්දි කළාය.ඊළඟට ගත්තේ අහිංසාටයි.
“හෙලෝ අහිංසා…..”
“හෙලෝ ශෙනූ.කොහොමද කාලෙකින්.දැන් අපිව අමතක වෙලානෙ.මල්ලිත් ළඟදි මතක් කලා ඔයාව.”
“අනේ නෑ අහිංසා.එක එක වැඩ හලෝ.ඒකයි.මේ ඒක නෙවෙයි.හෙට ඔයාගෙ කාර්එක ගන්න පුලුවන්ද.හෙට ගමනක් එහෙම යන්න තියෙනවද? උසාවි එහෙම….”
“වෙලාවට හෙට උසාවි යන දවසක් නෙවෙයි.අරන් යන්න ඇවිත්.ඒක නෙවෙයි කොහේ යන්නද.කෝ ඔයාගෙ එක….”
ශෙනුල්යා සියල්ල පැවසුවාය.
“ඕ හෝ ….එහෙනම් කොල්ලෙක් සෙට්වුනා නේ.හැබැයි ශෙනූ පරිස්සමින්…දන්නවනෙ.කොල්ලො විශ්වාස කරන්න එපා.අපිට එන ගොඩක් කේස් ඔය ආදරේ කියලා කරගත්ත ඒවා.”
“හරි හරි කෙ⁣ල්ලෙ මමත් පොලිස්සියෙ කෙල්ලෙක්නෙ.බලමුකො ගිහින්ම.කෝ අපේ වීරයා එහෙම…මොකද කරන්නෙ.”
“හරි එහෙනම් හෙට උදේ එන්නකො අපේ ගෙදර.එයා අන්න ෆිල්ම් එකක් බලනවා.මමත් මේ කෝල් එක ඇහිලා ආවෙ කාමරේට.”
ටිකක් වෙලා කතාකරමින් සිට ශෙනුල්යා ඇමතුම අවසන් කළාය.
උදෑසනම ශෙනුල්යා අහිංසාගේ ගෙදරට ගොස් කාර්එක අරගෙන ගල්කිස්සට යාමට පිටත් වූවාය.
පහසුම මාර්ගය ලෙස කිරුලපනින් නුගේගොඩට ගොස් කලුබෝවිල හරහා දෙහිවලට ගොස් ගල්කිස්සට යාමට ඇය තීරණය කළාය.මාර්ග තදබදය අඩු නිසා අඩු වෙලාවකින් යා හැකිය.
ඇය ඇඳසිටි තදනිල් පැහැ ඩෙනිම් කලිසමට කලු පැහැති අත්දිග ටීෂර්ට් එක ඕනෑම කෙනෙක් නැවතී බලාසිටීමට තරම් රූමත් බවක් ඇයට එක්කර තිබිණි.
උදෑසන නිසා විනාඩි පනහක් පමණ වෙලාවක් ඇයට ගල්කිස්සට යාමට ගතවිය.බීච්එකට ගොස් ඉඩ ඇති තැනකින් වාහනය පාර්ක් කල ඇය කාර්රථයෙන් බැස්සේ වැලි සහිත නිසා ඇගේ අඩිඋස පාවහන් යුගලද කාර්රථයේම ගලවා දමාය.
ඇය බොහෝවිට පන්සලකට හැර ඕනෑම තැනක⁣ට පැලඳුවේ අඩිඋස පාවහන්ය.
ඒවා ගලවා දමා සෙමින් සෙමින් වට පි⁣ටාව බලමින් ඇය වෙරළ දෙසට ගමන් කළාය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!