” දූ දොර අරින්න…අහිංසා..අහිංසා…”
ලොකුමහත්තයා අහිංසාට දෙතුන්වරක් කතාකල පසු අහිංසා දොර ඇරියාය.
“මොකද දුව. කතාකරනවා ඇහුනෙ නැද්ද…”
” ආ…නෑ තාත්තේ මම කිචන් එකේ හිටියේ.ඇහුනෙ නෑ…”
අහිංසා බලාසිටියේ ලොකුමහත්තයාට සියල්ල පැවසීමට සුදුසු අවස්ථාව එනතෙක් ය.ඒ ආහාර ගන්නා මොහොතය.
හිත දැඩිකරගෙන ඉක්මනින් පියාට සියල්ල පවසා හිත නිදහස් කරගැනීමටයි අහිංසා සිතා සිටියේ.
“මේ තාත්තී කාරණාවක් තියෙනවා කියන්න”
“මොකක්ද දුව?” ලොකුමහත්තයා ඇසුවේ අතට ගත් බත්ටික යලි පිඟානටම දමමිනි.

” මේ… තාත්තී අද පවන්ව ඩිස්චාර්ජ් කලා.එයාට යන්න තැනක් නෑ.පවන් මල්ලි නිසයි මම අද ජීවත්වෙලා ඉන්නෙ.මම එයාව මෙහේ එක්කගෙන ආවා…”



“මොකක්!?…”

“අහිංසා පිස්සුද ඔයාට.අනාතයෙක් මෙහෙට ගෙනාවෙ.ඌ කලින් අපේ ගෙදර වැඩක්හරි කලා.දැන් උගෙන් වැඩක්නෑ.දැන්මම ඌව ගෙදරින් එලවන්න ඕනි..”



ලොකුමහත්තයා ගත්තේ දැඩි තීරණයකි.එය අහිංසා කිසිසේත්ම බලාපොරොත්තු වූ පිලිතුරක් නොවේ.

” තාත්තී.අද වෙනකල් මම තාත්ති කියන දේ ඇහුවා.අකීකරු වෙලා නෑ.ඒත් මට පවන් මල්ලිව ගෙදරින් යවන්න බෑ.මොකක්ද අපේ මනුස්සකම එහෙම කළොත්.ඒ ළමයා අපේ ගෙදර වැඩකලා හොඳට.
මමයි එයාට බැන්නෙ , නපුරුකම් කලේ.ඒත් එයා මගේ ජීවිතේ බේරුවා.මගේ මල්ලි එයා දැන්.තාත්තට මට වඩා බිස්නස් නෙ වටින්නෙ.තාත්ති අද වෙනකල් මාත් එක්ක එක පැයභාගයක් කතාකරලා තියෙනවද.?”





අහිංසාගේ වචන හමුවේ ලොකුමහත්තයාට පිළිතුරු නොවීය.කෑම ගැනීම නතර කල ඔහු එසැනින් නැගිට ඉවත්ව ගියේ කෝපයෙනි.ටික වේලාවකින් වාහනය ස්ටාර්ට් කරන ශබ්ධය ඇසුණු නිසා අහිංසා ඉක්මනින් නිවසේ ප්රධාන දොරටුව අසලට ගියාය.
“තාත්තී….තාත්තී කොහෙද ඔයා යන්නෙ.ඔයාට ගෙදරින් යන්න තරම් දෙයක් වුණෙ නෑනෙ.” 



අහිංසා හඬාවැටුණාය.
“ඔයාට මටවඩා අර වැඩකාර කොල්ලා ලොකුනම් ඌත්එක්කම ඉන්න.මම යනවා….”
ලොකුමහත්තයා පැවසුවේ එපමණකි.ඔහුගේ වාහනයෙන් වේගයෙන් නිවසින් පිටවී ගියේය.

” අහිංසා බේබි …ලොකුමහත්තයා කොහෙද ගියේ…..” කමලා ඇසුවේ කිසිදෙයක් සිතාගැනීමට නොහැකිවය.



“දන්නෑ කමලා.තාත්තිට වෙන යන්න තැනක් නෑ.කොහේ කියලා යන්නද.මට තාත්තිවත් ඕනි මල්ලිවත් ඕනි.ඒක තාත්තිට තේරුම් ගන්න බෑ…” 

අහිංසා කමලා සමඟ කතා කලේ හඬමිනි.තවත් එතැන සිටීමට අහිංසාට නොහැකිවිය.ඇය වහාම පවන්ගේ කාමරයට හඬමින්ම දිවගියාය.

“අක්කේ ඇයි අඬන්නෙ.ලොකුමහත්තයා මොකද කිවුවෙ.අනේ කියන්නකො ඇයි අඬන්නෙ..”
“තාත්ති ගෙදරින් ගියා මල්ලි.එයා කිවුවා ඔයාව ගෙදරින් යවන්න කියලා.මම කොහොමද ඔයාව ගෙදරින් යවන්නෙ.මට ඒක කරන්න බෑ කීයටවත්.මම බෑ කිවුවා…”
” කොහෙද ලොකුමහත්තයා යන්න ඇත්තෙ අක්කෙ.?”

“දන්නෑ.එයාට යන්න තැනක් නෑ මල්ලි…”
“අහිංසා අක්කෙ.ඒ ඔයාගෙ තාත්තා.ඔයාව පොඩිකාලෙ ඉඳන් හදාගත්තෙ එයා.මාව ගෙදරින් යවන්න.එතකොට ලොකුමහත්තයා එයි ආයිත්.මට බෑ ඔයා දුකින් ඉන්නවා බලන්න.”



පවන්ගේ දෑස්ද කඳුලින් පිරුණේ ඉබේටමයි.
” ඒයි මෝඩයො.ඔයා හිතනවද ඔයා ගෙදරින් ගියොත් මම සතුටින් ඉඳී කියලා.කවදාවත් එහෙම වෙන්නෑ මල්ලී.මම ජීවත් වෙන්නෙ ඔයා නිසා…මට ඔයාව වටිනවා.”





අහිංසා තෝරාගත්තේ පවන්වයි.ඒත් එය පවන්ට හිතට දුකකි.තමන් පියෙකු හා දුවෙක් වෙන් කලා යැයි පවන් හදවතින් ම පසුතැවුණි.