නිහඬ සදයි ඈ ( 2 කොටස )(පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෙල්ලේ කෝ….ඉක්මනට ඕක අස් කරලා ගේ මොප් කරපං …ඒ කරලා ඉවර වෙලාඅලුතින් කර්ටන් ටික දාලා ගේ ලස්සනට සරසපං…ලස්සනට තියේන්න ඕන හොදද…කිසිම අඩුවක් තියෙන්න බැ….අද ගොඩක් කට්ටිය එනවා උබට තෙරුනානේ..
අකීරා අතින් ඉගි කලේ හැමදේම හරි කියලා වත්සලා කියමින්…
කෙල්ල බටු ඇටේ වගේ උනාට කඩියා වගේ වැඩ…වත්සලා කොච්චර කෙල්ලට නපුරු උතත් අකීරා කවදාවත් වත්සලා ගැන නරකක් හිතලා නැ..
ගෙදර බරටම පාටියට ලැස්ති වෙනවා…හවස් වෙද්දි ගෙදර කට්ටිය ටික ටික පිරෙන්න ගත්තෙ ජයලත් යුවාන්ව එක්කන් එන්න එයාපොර්ට් එකට ගිය අතරේ … ජයලත් වගේම අකීරාට යුවාන් ආදරේ කරේ තමන්ගෙම නංගි කෙනෙක්ට වගේ…එත් වත්සලාගේ හීතේ නම් තියෙන්නෙ වෙනවම අදහසක්…
උදේ ඉදන්ම අකීරා ගොඩක් මහන්සි උනා…වත්සලාගෙන් දැන් තමයි කෙල්ලට නිදහසක් ලැබුනේ…කාමරේට ඇවිත් වොශ් දාගෙන අකිරා පාටි එකට අදින්න කියලා තොරගත්තෙ කහ පාට හීනි පටි තියේන ගවුමක් ..කොන්ඩේ කඩලා දාලා චුටියට මේකප් එකකුත් දාගෙන කෙල්ල බැලුවේ කණ්ඩි යෙන් පේන තමන්ගෙම රූපේ දිහා..බලන ඕනම දෙනෙක්ට ඇස් අහකට ගන්න බැරි තරම් අකීරා ලස්සනයි…කාට වත් හිතාගන්න වත් බැ අකීරා කියන්නේ ගොලු කෙල්ලෙක් කියලා…ගොඩාක් දෙනෙක් දන්නෙ වත් නැ අකීරා ගොලුයි කියලා..අඩුම යුවාන්ගේ යාලුවො වත් ..මොකද කවදාවත් යුවාන් අකීරාට කතා කරන්න බෑ කියලා කියලා නැ..කවුරුත් දැනගන්න්නවට කැමතිත් නැ…
අකීරා කවදාවත් දුක් වෙලා නෑ තමන්ට කතා කරන්න බැ කියලා…අකීරාට කතා කරන්න බැරි උනත් අනිත් අය කියන දෙවල් හොදට ඇහේනවා…අකීරා අතින් ඉගිකරලා කියන දෙවල් ගොඩක් වෙලාවට වත්සලාට ඇරුනම යුවාන්ට වගේම ජයලත්ට හොදට තෙරුම් ගන්න පුලුවන්…
අකීරා කෙල්ලේ …යමන් පහලට දැන් එනවත් ඇති මගෙ කොල්ලා…හ්ම්ම් …වරෙන් ඉතිං…අරහේ වැඩ තියේනවා කෝ ඉක්මනට …
පහල ගොඩක් කට්ටිය ඉන්නවා..නෑදෑයො වගේම යුවාන්ගේ යාලුවොත් ඇවිත්…වත්සලාගෙ පස්සෙන් එන අකීරා දිහා යුවන්ගේ යාලුවො නම් බලාගෙන ඉන්නේ කෑදර කමින්..අකීරා නම් දන්නවා එයාලගෙන් බේරිලා ඉන්න…
තාත්තේ මොකද ගෙදර කවුරුත් නැත්තේ…අද මං එනවා කියලා දන්නේ නැද්ද ….බලපං මචං මෙච්චර කාලේකට පස්සෙ මං ගෙදර එන්නේ එත් කවුරුත් නැ….
හරි හරි අපි යමු පුතේ ඇතුලට…යාලුවාව එක්කන් එන්න ….
මචං අභී යමං…මේ තියෙන්නෙ මගේ ගෙදර ….
හරි හරි…යමන්…මං ලැගේජ් එක අරගෙනම එන්නම්…
යුවාන් දොරත් ඇරන් ඇතුලට යනවත් එක්කම ඇහුනේ හැමෝම යුවාන්ට විශ් කරගෙන ලගට එනවා..සුභ උපන් දිනයක් මගේ පුතේ..මගේ කොල්ලා තවත් හැඩ වෙලා…වත්සලා යුවාන්ව වැලදගත්තෙ අනිත් අයත් ඇවිත් විශ් කරද්දි…
එත් යුවාන්ගේ ඇස් හෙව්වේ අකීරාව..අකීරා දුවලා ගිහින් යුවාන්ව වැළද ගත්තේ සතුටින්..
මගේ කෙල්ල තවත් හැඩ වෙලානේ …අද ගොඩාක් මහන්සි උනා නේද …ඉන්නවාකො කට්ටිය යනකම්,මං ඔයාට ගොඩාක් දෙවල් ගෙනවා…
මෙච්චර වෙලා පැත්තකට වෙලා බලාගෙන හිටපු අභි ඇවිත් යුවාන්ට විශ් කරා…
මචං අභී මේ ඉන්නේ මං කිව්වේ මගේ නංගී …
අභී අකීරා දිහාවට හැරිලා ඕනවට එපාවට හිනා උනේ හිනා නොවි බැරිකමට..අභී කියන්නේ මහා ආඩම්බර නපුරු කොල්ලෙක් ..කෙල්ලො වහා කදුරු වගේ ..අභීගේ පස්සෙන් කෙල්ලො නම් ඕන තරම් එනවා එත් අභී නෙමෙයි කෙල්ලො ගානකට වත් ගන්නේ..හැමෝගේම හීන කුමාරයා අභී..කොල්ලාගේ තියේන ආඩම්බර නපුරු පෙනුමට තමයි හැමෝම ගොඩක් ආස…පෙනුම විතරක් නෙමෙයි ඇත්තටම අභී ගොඩාක් නපුරුයි…අභී යුවාන්ගේ හොදම යාලුවා…දෙන්නා අදුනා ගත්තේ රටදි…
අකීරා අතට අත දුන්නත් අභී දැක්කෙ නැති ගානට අහක බලාගත්තම නම් අකීරාගේ මුණේ තිබුන හිනාව අතුරුදන් උනා…
සුදු මුණට වවපු රැව්ල ගෙනාවේ ආඩම්බර පෙනුමක්..නිල් ඩෙනිමට සුදු ටී ශර්ට් එකක් ඇදලා උඩින් ඇදපු කලු කොර්ට් එකට ආභී තවත් ලස්සනයි …
අභීගේ මේ හැසිරිම අකීරගේ හිතට ගෙනවේ දුකක්..අභීව දැකපු වෙලාවේ ඉදන් හදවත් ආසාමාන්ය විදියට ගැහෙන්න ගත්තත් අමාරුවෙන් සාමාන්ය වෙන්න හදද්දී ආභීගෙ හැසිරිම ඇයට ගෙනාවේ වේදනාවක් …අකී අමාරුවෙන් මුණට හිනාවක් අරගෙන එතනිම් ගියේ ඇඩේයි කියලා බයටම ..
අකීරාගේ දුකට සතුටට දෙකටම හිටියේ ජේනි…හැමෝම ඇතුලේ විනෝද වෙද්දි අකීරා ගියේ ජේනියා හොයාගෙන… ජෙනියා එක්ක බෙන්ච් එකට ඇවිත් වාඩි උනේ ජේනි දුවගෙන ඇවිත් අකීරා ලගටම වෙලා හිටියේ කෙල්ලව ආරක්ෂා කරන්න වගේ..
                                                                        මධුභාෂණී රණසිංහ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!