පුංචි දොස්තර නෝනා (11 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒත් සතියෙ මැද බදාදා දිනයට බිනර පොහොය යෙදුණු නිසා පෝයත් පහුවෙලාම එන්න තිබුනා කියලයි ඇයට හිතුනෙම.එහෙම කිරීමට නොහැකි වුනේ නිමේෂා නිසාමයි.ඇයට තමන් නිසා පාඩු කිරීමට ප්රාර්ථනා කැමති වුනේ නෑ.
“හෙලෝ පුංචි දොස්තර නෝනා…ඔයා මේ වෙලාවෙ ෆ්රී ද?….”
සමීර ප්රාර්ථනාට කතාකලේ අඟහරුවාදා හවස.
“ම්ම්ම්ම්…..නෑ සංදේශ් අයියේ කියන්නකො….”
“ඇයි ම්ම්ම් කිවුවෙ.වැඩක් නම් කමක් නෑ පැටියෝ මම පස්සෙ ගන්නම්….”
“නෑ නෑ මගෙ සුදු අයියෙ කියන්න.මමත් පාළුවෙන් හිටියෙ …මම ඔයාට ගන්න හදලත් නිකන් හිටියා ඔයා නිදි ඇති කියලා.රෑ යන්න ඕනිනෙ නේද?”
ප්රාර්ථනාගෙ හඬ වෙනදටත් වඩා අහිංසකයි කියලයි සමීරට හිතුනෙ.
“මේ පුංචි දොස්තර නෝනා, කැමතිද මාත් එක්ක ගමනක් යන්න හෙට….”
සමීර ඇහුවෙ අමුතුවට….
“කොහෙද සුදු අයියේ…..?”
“ඇයි බයයිද මාත් එක්ක යන්න……”
“අනේ නෑ සුදු අයියේ මම දන්නවා ඔයා වැරදි තැනකට මාව එක්කන් යන්නෑ කියලා….”
“ම්ම්…එහෙම තැනකට එක්කන් ගියොත්?”
සමීර ඇහුවෙ හිනාව අමාරුවෙන් තද කරගෙන.
“මොකක්…..සුදු අයියේ ඔයා……”
“අනේ මගේ පිස්සු කෙල්ලෙ…..හෙට ⁣දවස මොකක්ද කියලා දන්නවද?”
“හෙට පෝය දවසනේ…ඉතින්…..”
“හෙට ලබන්නෙ මට ඔයාව හම්බ වුනාට පස්සෙ ලබන පළවෙනි පෝය.ඉතින් අපි හෙට නුවර දළදා මාලිගාවට යමු?…..”
සමීර එහෙම ඇහුවත් ප්රාර්ථනා කැමති වෙයිද කියලනම් සමීර⁣ට තිබුණෙ සැකයක්….
“එතකොට අද ඔයා බස් එකේ යන්නැද්ද සංදේශ් අයියේ…..?”
“ඔයා හෙට මාත් එක්ක නුවර යනවා නම් අද මම නවතින්නම්…..”
ප්රාර්ථනාට නුවර යන්න අකමැති ⁣වෙන්න හේතුවක් තිබුණෙ නෑ.ඇයට සමීරව තමන් තරම්ම විශ්වාසයි….
“හ්ම්….එහෙනම් ඒක විශේෂ දවසක් නිසා අමතක නොවෙන්න අපි හෙට නුවර යමු සංදේශ් අයියේ…..මමත් දළදා මාලිගාවට ගිහින් නෑ කවදාවත්……”
දළදා මාලිගාවට නොගිහින් තිබුන නිසාම ප්රාර්ථනාට ලොකු ආසාවක් ඇති වුනා ගමන ගැන.සංදේශ් සමඟ යන නිසා ගමන මතක් වෙලා රෑ⁣ට නින්ද යන එකකුත් නෑ කියලා ප්රාර්ථනාට හිතුනා.
“මචන් ප්රදීප් අද වෙන ඩ්රයිවර් කෙනෙක් යවන්න බැරිද බන් වව්නියාවෙ.හෙට මට ගමනක් යන්න තියෙනවා බන්.ඒකයි….”
“හරි සමියා…..මම තාත්තට කියන්නම්…..”
සමීර බයෙන් හිටියෙ ප්රදීප් ඩ්රයිවර් කෙනෙක් දාන්න අකමැති වෙයිද කියලා.ඒත් ප්රදීප් කැමති වුනා.
මුලු මහනුවරම පිං පාටයි.වෙනදට වඩා එලියක් නුවර පරිසරය පුරාම පැතිරිලා තිබුණා.මුලු පරිසරයෙම රැව්දුන්නෙ දළදා මාලිගාවෙ හේවිසි හඬ.සමීරත් බොහෝ කාලයකින් උදෑසනට තියෙන නුවර සුන්දරත්වය විඳලා තිබුණෙ නෑ.
හැමතැනකම රූස්ස රොබරොසියා ගස්වලින් වැටුණු රොබරොසියා මල්.රෝස පාටයි බැලූ බැලූ තැන.
සමීරත් ප්රාර්ථනාත් නෙලුම් මල් විස්සක් මිලදී අරන් දළදා මාලිගාවට හෙමින් සීරුවෙ ඇවිදගෙන ගියා.දෙන්නම සුදු පාටින් ඇඳලා හිටියෙ.සුදුපාට කොච්චර පිංවන්ත පාටක්ද කියලා දෙන්නටම හිතුනා.
දළදා වහන්සේ අභියසට ගිහින් දෙන්නගෙම අත්වල තිබුණ මල් දහය බැගින් තිබුණ මල් මිටි දෙක එකතු කරළා තනි මල් මිටක් කරලා දෙන්නම එකටම දළදා වහන්සේට පූජාකලේ මල්මිටි දෙක එකතු වුනාවගේ කවදාවත් ම ඔවුන්ව වෙන්නොවී එකටම ජීවිත කාලෙම ඉන්න හැකිවේවා කියලා ප්රාර්ථනා කරලා.⁣සමීරත් ප්රාර්ථනාත් වැඳගෙනම මුහුණට මුහුණ බැලුවෙ සැහැල්ලු හිත්වලින්.
“සංදේශ් අයියේ…..”
“ම්…..”
“කවදාවත් නැතිතරම් සැහැල්ලුවක් දැනෙනවා මට අද….”
“පුංචි දොස්තර නෝනට එහෙම දැනෙනවනම් මටත් සතුටුයි…..”
“අැයි සුදු අයියෙ ඔයාට එහෙම දැනෙන්නෙ නැද්ද?……..”
ප්රාර්ථනාට පුදුමයි සමීර ගැන..
“ම්….හ්….මම කැමති නෑ එහෙම සැහැල්ලු වෙන්න….”
ප්රාර්ථනාට තවත් පුදුම හිතුනා ඒ උත්තරේ නිසා….
“ඇයි සුදු අයියේ ඒ…..?”
“මට දැන් සැහැල්ලු වෙන්න බෑ පුංචි දොස්තර නෝනා..මට දැන් ඔයාව බලාගන්න තියෙනවනෙ.ඉතින් මම කැමති නෑ දැන් සැහැල්ලු වෙන්න….ඔයා සතුටින් නම් මගේ සතුටයි සැහැල්ලුවයි ඒකතමයි….”
සමීර කිවුවෙ යන්තම් සිනහවක් මුවඟ රඳවාගෙන හිස් අහස දිහා බලාගෙනයි.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!