පුංචි දොස්තර නෝනා (15 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email


සමීරට මේ දුරකතන ඇමතුම ලැබුණු දින උදෑසන ප්රාර්ථනා සුපුරුදු ලෙස දේශන වලට සහභාගී වීමට බෝඩිමේ සිට විශ්ව විද්යාලය වෙත ගමන් කරමින් සිටියේ…

“ආ නංගී….අද අහුවුණා නේද?….”

ඒ හඬට ප්රාර්ථනා තිගැස්සුනා.පැමිණ සිටියේ පෙර දිනයකදී ප්රාර්ථනාට රැග් කිරීමට උත්සහා කල දෙවන වසර සිසුන් සිවු දෙනයි.නිමේෂාට දේශන ප්රමාද වී පැවැත්වෙන නිසා ප්රාර්ථනා සිටියේ තනිවමයි.

“අ….අ….අනේ අ…අයි…යේ….මට කරදර කරන්න එපා….ප්ලීස් අයියේ…..”

ප්රාර්ථනා බැගෑපත් වුනා.ඒත් ඇයව බේරාගැනීමට කිසිවෙක් සිටියෙ නෑ අසලකවත්.

“උඹට අද මොකුත් කරන්නෑ.හැබැයි හෙට උදේ ලෙක්චර්ස් වලට යන්න බෑ උඹට.උඹ හෙට අපිත් එක්ක යන්න එන්න ඕනි පොඩි ගමනක්….”

ප්රාර්ථනා තවත් බියට පත්වුනා.

“මොකද බය ද.ආ…එදා ආව චන්ඩියාට මේක කියලනම් අහුවෙන්න එපා.මහවැලි ගඟේ පාවෙන්න වෙයි උඹට…..”

ප්රාර්ථනාගෙ දෑස්වල කඳුළු පිරුණා.

“ඒත් අයියේ….”

ඔවුන් ප්රාර්ථනාට බාධාකලා…..පසුව ප්රාර්ථනාගෙ සමීපයටම සිව්දෙනා පැමිණ ඇය වටකරගත්තෙ ප්රාර්ථනාගෙ දෑස්වලින් කඳුළු කම්මුල් තෙමාගෙන ගලාගෙන යද්දි.

“ඒත් මේත් නෙවෙයි…..හෙට උදේ 8 වෙද්දි මහවැලි ඉවුරෙ Lovers Lane එක ළඟට එන්න ඕනි.උඹ පරක්කු උනොත් උඹට අපෙන් සමාවක් නෑ…..

අපිට විනෝද වෙන්න දුන්නොත් උඹට හවස් වෙද්දි යන්න දෙනවා.හැබැයි මේක කාටම හරි කිවුවොත් හරි උඹ අපිව මගහැරියොත් හරි උඹව ⁣බලෙන් අරන් ගිහින් අපේ වැඩේ කරගෙන උඹව මරලා ගඟට දානවා.කිසිම සාක්ෂියක් නැතිවෙන්න.

හිතපන් පොඩ්ඩක් …..උඹේ මහලොකු ප්රේමවන්තයට අඩුම ගානෙ උඹේ වටිනාම දේ නැතිඋනත් උඹව හරි ඉතුරු වෙයි මේකට කැමති වුනොත්.හැබැයි වැඩවරද්ද ගත්තොත් ඌට උඹ විතරක් නෙවෙයි ඌවත් නැතිවෙයි….”

ඔවුන් කිවුවේ තර්ජනාත්මකව ප්රාර්ථනාගේ කම්මුලකට තට්ටුවක් දමමිනි.ඉන්පසු ඔවුන් එතැනින් ඉවත්ව ගියේ ප්රාර්ථනා දෙස යලිත් වරක් කෑදර බැල්මකින් බලමින්ය.

සිදු වූ දේ ප්රාර්ථනාට සිතාගැනීමටවත් නොහැකි විය.’මෙච්චර දවසක් මාව මට්ටු කරන්න ප්ලෑන් කරන්න ඇති මුන් ‘ ප්රාර්ථනා සිතුවෙ එහෙමයි.ආදර මාවතට සරසවි සිසුන් යන්නේ තම පෙම්වතියගෙන් තම ආශාවන් ඉශ්ඨ කරගැනීමට බවත් සිසුවියන් එහි යන්නෙ තමන්ගේ ආදරය පෙම්වතාට ඔප්පුකිරීමට තමන්ගේ වටිනාම දේ පුදදීමට හෝ හැඟීම්පාලනය කරගැනීමට නොහැකිව බවත් ප්රාර්ථනා දන්නවා.

ප්රාර්ථනා ආපසු හැරි ගියේ බෝඩිමටයි.දේශන වලට සහභාගී වීමට ඇයට සිතක් තිබුණෙ නෑ.බෝඩිමට ඇය යනවිට නිමේෂා විශ්ව විද්යාලයට යාමට සූදානම් වෙමිනුයි සිටියෙ.

“ප්රාර්ථනා උඹ මොකද බන් මේ ආයිත්….උඹේ ඇස්වලත් කඳුළු…මොකෝ මේ කියපන් බන්….මොකෝ උනේ…..?”

ප්රාර්ථනාගෙ දෑස්වල කඳුළු දුටු නිමේෂා කලබල උනා.

“නිමේෂා…..”

ප්රාර්ථනා හඬමින්ම නිමේෂාව වැළඳගත්තා.නිමේෂා සිටියේ කිසිවක් සිතාගැනීමට නොහැකිව.

“ඇයි බන් මේ…මොකද උනේ කියපන්කො කෙල්ලෙ අඬන්නෙ නැතුව….ඕනිම දේකට මම උඹට ඉන්නවනෙ….කියපන් ප්රාර්ථනා මොකද උනේ කියලා…..”

“ඔයාට කිවුවෙ මම, දවසක් මට සීනියර් අයියලා ටිකක් රැග්කරන්න හදද්දි සංදේශ් අයියා ඇවිත් මාව බේරගත්තා කියලා….”

“ඔව් ඉතින්..ඒක එහෙම්ම ශේප් වෙලා ගියානෙ බන්.උඹ මේ දවස් ටිකේ පාඩුවෙ හිටියෙ….?අවුලක් වුනේ නෑනෙ උඹට….”

“හිටියා තමයි නිමේෂා ඒත් උන් අද මට තර්ජනය කලා කැම්පස් එකට යද්දි….”

“තර්ජනය කලා…!!!! කියපන් මොකද උන් කිවුවේ….?”

නිමේෂාගෙ හඬෙහි කෝපයක් තිබෙන බව ප්රාර්ථනාට වැටහුණා.

“උන් මට කිවුවා හෙට ලෙක්චර්ස් යන්නෙ නැතුව Lovers Lane එකට එන්න කියලා….”

“මොකක් ‘ලවර්ස් ලේන්’.ඒ කොහේද ඒ…..?”

ආදර මාවත ගැන නිමේෂා දැනන් හිටියෙ නෑ.සාමාන්යයෙන් විශ්ව විද්යාලයට පැමිණෙන නවක සිසුන් ටික කාලයක් ගතවන තුරු ඒගැන දැනගන්නේ නෑ.ඒත් ප්රාර්ථනා ඒ ගැන දැන සිටියා….

“මහවැලි ඉවුරෙ තියෙන Lovers lane එකට යන්නෙ ආදරේ කරන අය විතරයි නිමේෂා.කෙල්ලො කොල්ලො ගිහින් ආදරේ විඳිනව එහේ….හිතාගන්න පුලුවන් නේද ඔයාට, මට එතනට එන්න කිවුවෙ ඇයි කියලා….”

නිමේෂා මේ පුදුමය නිසා දෑස් විශාල කරගෙන ප්රාර්ථනා දිහා බලන් හිටියෙ…

“මට ඒක හිතාගන්නනම් පුලුවන්…ඒත් මට හිතාගන්න බැරි උඹ කොහොමද ඒගැන දන්නෙ කියලා……”

“ඒක දැන් වැඩක් නෑ නිමේෂා..මම ආවෙ නැත්තම් මට කරදර කරලා මරලා ගඟට දානවා කිවුවා….”

ප්රාර්ථනාගෙ දෑස්වල තවමත් කඳුළු.ඒත් ඇය දැන් හඬන්නෙ නෑ.

“ඉතින් අපි පොලිසියට කියමු…උන්ටම ගිය කැම්පස් එක..එහෙම බලහත්කාරකම් කරන්න පුලුවන්ද උන් කොල්ලො උනා කියලා….”

” බෑ නිමේෂා…එහෙම කරන්න බෑ.කාටහරි කියලා තිබුණත් මාව මරනවා කිවුවා….ඒත් කැමැත්තෙන් ගියත් වෙන්නෙ මගේ වටිනම දේවල් නැතිවෙන එක…ඒකට වඩා සැපයි මැරෙන එක…..මට හිතාගන්න බෑ මං මොකක් කරන්නද කියලා නිමේෂා…..”

ඇය කිවුවෙ නිමේෂාගෙ අත්දෙකෙන් තදකර අල්ලගෙනමයි.

“මම කියන්නම්,උඹ කතාකරපන් සංදේශ් අයියට.සේරම විස්තරේ කියන්න එයාට.එයා කියයි කරන්න ඕනි දේ…මට ⁣දැනුන විදියට සංදේශ් අයියා හොඳ කෙනෙක්.

කොහොමත් තමන්ගෙ කෙල්ලට කරදරයක් වෙන්න යද්දි පාඩුවෙ ඉන්නෑනෙ බන් කොල්ලෙක්…..”

නිමේෂාගේ මේ උපදෙස් නිසයි ප්රාර්ථනා සමීරට දුරකතන ඇමතුමක් ගත්තේ…

**********************************************

සමීර දුරකතනය අතට ගත්තේ යලි නොසන්සුන් වූ සිතෙනි.

“හෙලෝ….”

“හෙලෝ සංදේශ් අයියේ…..මම ප්රාර්ථනා…..”

“ඇයි පැටියො මේ නම්බරේ වෙනස්…ඔයාගෙ කටහඬත් අමුතුයි….”

“මේක නිමේෂාගෙ ෆෝන් එක අයියේ….”

“රත්තරං ඇයි මේ.? මට අමුත්තක් දැනෙනවා.කියන්න ඇයි මේ.වෙනදට පුංචි දොස්තර නෝනා කියන ඔයා ඇයි අද ප්රාර්ථනා කිවුවෙ…..මට කියන්න පැටියො….”

“අයියේ අද මට අර එදා………………….”

ප්රාර්ථනා සියලු විස්තරේ සමීරත් සමඟ පැවසුවෙ හඬමින්…..

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!