කෙහෙල් කැන් හොරු (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්කොලේ කෙලවර වෙන මායිම තමා හොස්ටල් එක තිබ්බෙ. මේ වැඩේ අපි 10 වසර 11 වසර දෙකේදිම කරපු එකක්. වැඩේ නැගලම ගියා ඉතින්. මෙහෙමයි සරලවම කියනවා නම් අපේ හොස්ටල් එකට අල්ලපු වත්තෙ තිබ්බෙ නීතිපති නිල නිවස. දන්නවනේ ඉතින් නීතිපති කිව්වම කොහොම තැනක් තියෙන මනුස්සයෙක්ද කියලා. ඔය නීතිපතිගෙ වත්තෙ පිටිපස්සේ ටිකක් කැලේට වගේ තමයි තිබුණේ. කැලේට වගේ තියෙන්න ප්රධානම හේතුව තමයි පිටිපස්සට වෙන්න ගස් 15ක් 20ක් තියෙන කෙහෙල් පදුරක් තිබ්බා.
හම්මේ ඉතින් ඔය ගස් වල කෙසෙල් කැනක් හැදෙනකොට ඉතින් ඉන්න බෑ. ආනමාලු කැන් හැදෙනවා ඒ දවස් වල අපි තරම් විතර උසට. අපි ඉන්නෙ කෙල හලාගෙන. සෝමාලියාවට පාං පෙන්නුවා වගේ තමයි. ප්රශ්නේ කියන්නෙ කැන දිහා බලාගෙන හැමදාම හූල්ලනවා මිසක් ජීවිතේකට හිමිකම් කියන්න බෑ. හරියට නිකම් ජීවිතේකට හම්බෙන්නෙ නැති කෙල්ලෙක් දිහා බලාගෙන හූල්ලනවා වගේ. ඒ දවස් වල කෙල්ලො අදාලම නැති වුනාට දැන් තමා තේරෙන්නෙ එහෙම ෆීලින්ග් එකක් කෙසෙල් කැන එක්ක අපිට තිබිලා කියලා.
ඔය වත්තේ ඉතින් කෙසෙල් කැනක් කපාගන්නවා කියන එක හීනයක්. ඒත් කතාවක් තියෙනවා නේ උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑ කියලා. ඉතින් අපිත් වෙනම ප්ලෑන් එකක් ගහලා අදනම් කෙසෙල් කනවමයි කියලා හිතා ගත්තා. ඔන්න රෑ වෙද්දි ඉතින් අපි වැඩේට ගේම ගහන්න පටන් ගත්තා. හොස්ටල් එකේ කුස්සියෙ වහලට නැග්ගම අර වත්ත හොදටම පේනවා. එතනින් තමා වත්තට යන්න ලේසිම ඒ වුනාට ලොකු ප්රශ්න දෙකකට අපිට මුහුණ දෙන්න වුනා. පළවෙනි එක ටිකක් සාමාන්ය එකක්. ඒ වහලට නැගපු ගමන් වොඩා ඇහරලා ඉදියොත් මුලු සංදර්ශනේම ටිකට් නැතුව බලාගත්තැහැකි. ඊට වඩා ලොකුම ප්රශ්නේ වුනේ පොලීසියේ එක්කෙනෙක් හැම පැයකට පාරක්ම බල්ලෙකුත් අරගෙන වත්ත වටේ මුරසංචාරය කරනවා.
Not Registered Yet Website view
පළවෙනි ප්රශ්නේ නම් නිරාකරණය කරගන්න පුලුවන් වොඩා නිදාගන්නකන් ඉදලා. මනුස්සය සත පහකට ශුවර් නෑ. පොරට අපිවත් ශුවර් නෑ. ඉතින් රෑට හිටපු ගමන් එනවා මුන් මොන මංගල්ල කරනවද කියලා බලන්න. හැබැයි රෑ 12න් පස්සෙ එහෙම එන්නෙ නෑ. වැඩේ 12න් පස්සෙ දාගත්තා. මුලින්ම හොස්ටල් එකේ කුස්සියට පැනලා මන්නයක් ගත්තා. ඊට පස්සෙ 5 දෙනෙක් එක්ක හෙනම හිමීට කුස්සියෙ වහල උඩට නැග්ගා. බින් ලාඩන්ට ගේම ගහන්න ගියපු නේවි සීල් හෙලිකොප්ටරය කඩා වැටුනා වගේ දෙයක් එකපාරට වුනේ. එකෙක්ව වැටෙනවා තව පොඩ්ඩෙන් එහෙම වුනා නම් දිල්වාලේ පුච්නේ ලගා ඕ…… කියලා දාන්න තිබ්බා කැත නැතුව.
කට්ටියම වහලට නැගලා බිම දිගාවෙලා දැන් ඉන්නවා අර වත්ත දිහා බලාගෙන. මොකක් වෙනකන්වත් නෙමෙයි පොලීසියෙන් යනකන්. සිරාවටම හිතේ තඩි චකිතයක් තිබ්බා. මාට්ටු වුනොත් ඉතින් කෙසෙල් කපන්න ගියා කියලා නෙමෙයි නේ නඩු දාන්නෙ. නීතිපති ඝාතන තැතක් කියලා තමයි. පැය බාගයක් වගේ යද්දි පොර ගියා බල්ලා එක්ක. එහෙම්මම විනාඩි 5ක් විතර යැව්වා. දඩ බඩ ගාලා මිශන් එක පටන් ගත්තා. දෙන්නෙක් බැස්සා වත්තට. අනිත් දෙන්නා වහල උඩ ඉන්නවා අරුන්ට අපහසුතාවයක් වෙයි කියලා. අනිත් එකා වොඩාගෙ ගෙදරයි නීතිපතිගේ වත්තයි දිහා ඔත්තු බලනවා. කෑලි කපන තරම් කලුවරයි. යන දෙන්නා ගිහින් එකෙක් කැනට හොදට බර දීලා අල්ලගන්නවා. කපන එකා එක මන්න පාරෙන් කැන කපාගන්නවා. දෙන්නා එක්කම උස්සගෙන ආයෙම සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න හීමිට ඇවිදගෙන එනවා.
දැන් තමා ඊළග වැඩේ. දෙන්නා එක්කම කෙසෙල් කැන උස්සනවා. උඩ ඉන්න දෙන්නා ඒක අරගෙන අරුන්ටත් අත දීලා උන්වත් ආයෙම වහලට ගන්නවා. ඔය වැඩ ටික ඉවර වෙද්දිම ඔත්තු බලන එකා බිමට බැහැලා ඉවරයි. එහෙම්මම තව එකෙක් බැහැලා දෙන්නම කැන ගන්නවා. (ඒ කෙසෙල් කැන් එකෙක්ට තනියෙන් උස්සන්න බැරි තරම් සයිස්) දඩ බඩ ගාලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න බැහැලා කැනත් අරගෙන කාමරේටම යනවා. ඔය වැඩ ඔක්කොටොම විනාඩි 5ක් වත් යන්නෙ නෑ. දැන් ඉතින් අමාරු හරිය ඉවරයි නේ. ආතල් එකේ කෙසෙල් කැනේ ඇවරි ටික කපලා කබඩ් වල දාලා තියෙනවා ඉදෙන්න.
මේ වැඩේ කෙසෙල් කැනක් හැදෙන්න හැදෙන්න කලා. සෑහෙන සාර්ථක වුනා. හැමදාම වැඩේ හොදටම කලා. හොදට නොකලා නම් මේක ලියන්න මං මෙතන නෑ. තාම හිරේ ඉදිවී. දැන් නම් ඒ ගෙදර කවුරුත් නෑ මං හිතන්නේ පාලුවට ගිහින් තියෙන්නේ. තාම යද්දි බලන් යනවා කෙසෙල් පදුර නම් තියෙනවා.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!