ඔබ දැන සිටියා ද අධික පිරිසිදු භාවය ,ශ්රස්ථිය මානසික රෝග ලක්ෂණයක් විය හැකි බව ? ඉතින් අද ලිපියෙන් කතා කරන්නේ Obsessive Compulsive Disorder හෙවත් අධික පිරිසිදු භාවය ,ශ්රස්ථිය පිළිබඳවයි.
★ රෝග ලක්ෂණ :
ශ්රස්ථිය රෝගයෙන් පෙළෙන්නෙකු සමාන්‍ය යෙන් නෑම සඳහා පැයක් හෝ පැය තුනක කාලයක් ගත කරනවා.සමහරුන් නෑමට පෙර සබන් කැබැලි කිහිපයකට කඩා ගන්නවා මන්ද යත් ඔවුන් තම ශරීරයේ එක් කොටසකට ආලේප කළ සබන් කැබැල්ලක් ශරීරයෙ අනෙක් කොටසක ගැල්වීමට ප්රියාතාවයක් නොදැක්වීමයි.මොවුන් සබන් කෑල්ලෙන් කෑල්ල ශරීරයේ ගල්වා ශරීරය ඉතාම පිරිසිදු යැයි සිතා ඉමහත් ප්‍රිතියක් ඇති කරගන්නවා.
එසේම තමාගේ ශරීරයට විෂ බීජ ඇතුලුවේ යැයි අධික බියකින් පසුවන මොවුන් තමන්ගෙ ඇඳුම් අන් අයගෙ ඇඳුම් සමඟ සේදීමට පවා අකමැතියි.එසේ සේදූ ඇඳුම්ද රෙදි වැලක හෝ ආධාරයක දමා වියළා ගැනීමට ද බියක් දක්වන අතරම ඒවා හොදින් මිරිකා නැවත පැළඳගැනීමද සිඳු කරයි.එමෙන්ම එකම ඇඳුමක් සෝදා නැවත ඇඳිමද ඔවුන්ගෙ පුරුද්දකි.
දරු ප්‍රසූතියෙන් පසු ශ්රස්ථිය රෝගයට ගොදුරු වන්නියෙකු,දරුවාට විෂබීජ ඇතුලුවේ යැයි සිතා කිසිම අමුත්තෙකුට දරුවා ඇල්ලීමට හෝ බැලීමට හෝ ඉඩ නොදෙයි.දරුවාව නැවත නැවත සෝදා පිරිසිඳු කිරීමද සිඳුකරයි.
ශ්රස්ථිය රෝගීන්ට ඇති වන තවත් ලක්ෂණයක් නම් අවිනිශ්චිත සිතුවිලි නිතර නිතරම ඇති වීමයි.නිදසුනක් ලෙස නිවසින් පිට වීමට පෙර දොර වසා ඇති දැයි කිහිපසැරයක්ම බැලීම,ගෑස් උඳුන ක්‍රියා විරහිත දැයි නිතර බැලීම.විදුලි ස්ත්‍රික්කය ක්‍රියා විරහිත දැයි නැවත නැවත බැලීම මොවුන්ගේ ගැටලුවකි.
ශ්රස්ථිය රෝගීන් නිතරම තමාට හුරු අංකයක් භාවිතා කරන අතර වැඩක් කරද්දි එම අංකය ගණන් කරයි.නිදසුනක් ලෙස තමා ප්‍රිය කරන අංකය 4 නම් ඔවුන් ලියන සෑම අකුරක්ම හතර වතාවක් ලියයි.නැතිනම් සෑම අකුරු හතරකට වතාවක්ම එළඹෙන අකුරු උඩ හතර වතාවක් ලිවීමට ප්‍රිය කරයි.වාක්‍යයක් ආරම්භ කිරීමේදී ඇතැම් අකුරු විශාලව ලිවීමට උත්සහා කරන අතර අනෙක් අකුරු සියල්ලම ඉතා කුඩාවට ලියයි.
ශ්රස්ථිය රෝගයෙන් පෙළෙන්නෙකුගෙ සිතුවිලි ප්‍රියජනක නැත.එම නිසා රොගීයේ පීඩාවට පත්වී සිටිනවා.රෝගීයා අකැමති වූවත්,එම සිතුවිලි පලවා හැරීමට ඔවුන්ට හැකියාවක් නැත.එලෙස නැවත නැවත සිතට ඇතුලු වන සිතුවිලි අතර අසත්‍ය හෝ නින්දාසහගත දේ බොහෝය.
උපුටා ගැනීම : Nadeesha Shiromini