අඹ කොල්ලය (ඉස්කෝලෙ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද ලියන්නේ තැඹිලි, කුරුම්බා සහ අඹ කැඩීම ගැන
තැඹිලි, කුරුම්බා කැඩීම
මේකෙ නම් එච්චර ආතල් සිද්ධියක් වෙලා නෑ. මොකද මේක කරලා කවදාවත් මාට්ටු වුනේ නැති නිසා. සාමාන්යයෙන් මේ වැඩේට යන්නෙ 3 දෙනයි. ඊට වඩා ගියොත් වැඩේ චොක වෙනවා. යන්නෙත් රෑ 12 ට 1 ට වගේ. ගිහින් ඉස්කෝලේ වත්තේ තියෙන පොල් ගස් වල කුරුම්බා ටිකයි තැඹිලි ටිකයි බානවා. Principal සර් ගේ ගෙදර වත්තෙ තැඹිලි පවා කඩන්න අපි ඒ කාලෙ නිර්භීත වුනා. වැඩේ වෙන්නෙ මෙහෙමයි. තුන් දෙනෙක් යනවා එක්කෙනෙක් ගහට නගිනවා. ඊට පස්සෙ දෙන්නෙක් බෙඩ්ශීට් එකකුත් තියාගෙන පල්ලෙහාට වෙලා ඉන්නවා. හොදට බෙඩ්ශීට් එක දිග ඇරලා දෙපැත්තෙන් අල්ලගෙන ඉන්නෙ. කෑලි කපන කලුවරේ ඉතින් උඩ ඉන්න එකා ගානට මැනලා බලලා බඩු බිමට දානවා. යට තියෙන බෙඩ්ශීට් එකට තමයි දාන්නේ. කිසි සද්දයක් එන්නෙ නැති වෙන්න තැඹිලි ටික වැටෙනවා. ඊට පස්සෙ එහෙම්මම බෙඩ්ශීට් එක ගුලි කරලා ඔතාගෙන අරගෙන එනවා. හොර පොල් කඩන්න හොද ක්රමයක් ඔන්න!
අඹ කැඩීම
මේක නම් ආතල් විතරයි. අඹ කඩලා අහුවෙලා ගුටි කාලා ඇති හිසේ කෙස් ගානට. ඒ දවස් වල ඉස්කෝලේ සික්කෙක් ඉදියා පොරගෙ තොල් දෙක හෙන ලොකුයි. ඒක මූනේ ලොකුවටම කැපිලා පේනවා. අඹ කඩන උන් අහු වෙන්නම පොරට. ඒ දවස් වල කතාවක් තිබ්බා පොර එන්නෙ අඹ කඩන්න කලිනුත් නෙමෙයි පස්සෙත් නෙමෙයි හරියටම අඹ ගෙඩිය වැටෙද්දිමයි කියලා. ඒක හින්දම මිනිහට හොස්ටල් එකේ කොල්ලො කිව්වෙ ‘අඹ තොලා’ කියලා. සාමාන්යයෙන් හවසට බුදුන් වදින්නේ 6 ට. ඊට කලින් ඉතින් මල් කඩන්න සෙට් එකක් යනවා. ඉස්කොලේ අරලිය ගස් දෙක තුනක් තිබ්බා ඕක තියෙන්නෙත් හෙන අස්සක වගේ තව බිල්ඩින් එකක වහල ලගයි ඊට පස්සෙ එතනම තමා අඹ ගස් ටික තිබ්බේ. හැමදාම 5 වෙනකොට එනවා මල් කඩන්න. අභිප්රාය මල් කඩන එක නෙමෙයි අඹ කඩන එක. අඹ වාරෙට කරන්නෙම ඕක.
ඔන්න ඉතින් එදත් සුපුරුදු පරිදි කට්ටිය 6 දෙනෙක් වගේ ආවා වැඩේට. මම කරන්නෙ හැමදාම අරලිය ගහ දිගේ වහලට නැගලා ඉදිලත් නැති ගානට පැහිලා තියෙන අඹ ගෙඩියක් කඩාගෙන වහල උඩටම වෙලා කන එක. ඒ වගේම ඉතින් අඹ ගෙඩි 50ක් විතර කඩාගෙනත් එනවා. ලුණු දාලා කනවා මිරිස් දාලා කනවා අන්තිමට කන්න බැරුව ඉතුරු වෙන ඒවගෙන් ඇතුලේ ගහගන්නවත් එක්ක. එදත් ඉතින් කිසි අවුලක් නැතුව මම වහලෙට නැගලා අඹයක් කඩාගෙන කනවා. ඒ අතරේ හොද ගෙඩි තියෙනවා නම් බිම ඉන්න එකාට යවනවා. ඌත් අඹ ගෙඩියක් කන ගමන් ගෙඩි එකතු කරනවා. ඒ අස්සෙ කුඩ්ඩා සහ වැද්දා මුන් දෙන්නගෙ කාඩ් දෙක ඒක. මුන් ගියා එතනම අයිනේ තියෙන කාමරංකා ගහට කාමරංකා කඩන්න කියලා. මුන් දෙන්නා කාමරංකා ගහේ මම වහලේ එකෙක් බිම තව දෙන්නෙක් අඹ ගහේ උඩම.
දැන් ඉතින් වැඩේ ජයටම සාමකාමීවම කෙරෙනවා. එක පාරටම ඔය වෙලාවෙ මං දැක්ක දර්ශනයෙන් මං විනිල්මුක්ත වෙලා ගියා. ඉස්කෝලේ ප්රයිමරිය තියෙන්නේ ඔය පැත්තේ. ඒ පැත්තේ ඉදලා සික්කො දෙන්නෙක් එනවා. හොදම ආතල් එක එන්නෙ ඕ අයි සී එක්ක අඹ තොලා. ගහ උඩ ඉදපු දෙන්නට අනතුරු ඇගෙව්වා. උන්ට බහින්න වෙලාවක් නෑ බැස්සොත් අහු වෙනවා. මම වහල දිගේ එහාට ගිහින් අතු අස්සෙ වහලේ දිගා වුනා. බිම ඉදපු එකා දිව්වා. කාමරංකා ගහේ ඉදපු උන්ට දැන් කියන්න විදිහක් නෑ.
Not Registered Yet Website view
ඔන්න දැන් දෙන්නා එනවා රයිගමයයි ගම්පලයයි වගේ. එක පාරටම ඕ අයි සී සික්කා නැවතුනා. හදවත නතර වෙද්දිමයි ඇහුනේ අර බූරු පුතාලා දෙන්නා කාමරංකා ගහට නැගලා තියෙන්නේ සෙරෙප්පු දෙක බිම තියලා. සාමාන්යයෙන් සෙරෙප්පු හංගලා තමයි ගහට නගින්නේ. දැන් සික්කො දෙන්නට හෙන ප්රශ්නේ. කොහොමද යකෝ සෙරෙප්පු කුට්ටම් දෙකක් මෙතනට ආවෙ කියලා. අරුන් දෙන්නා ඉතින් ටයිටැනික් එකේ ජැකුයි රෝසුයි වගේ උඩ බදාගෙන ගැහි ගැහී ඉන්නවා. මං වහලේ බදාගෙන ඊළගට මොකක් වෙයිද කියලා අරුන්ගේ අම්මා මතක් කරනවා. ඕ අයි සී ගියා ගිහින් කාමරංකා ගහේ උඩ බැලුවා.
ආ……. මේ ඉන්නෙ කියල කිව්වෙ හරියට නිකං පාතාලේ කෙරුමෙක්ව අල්ලගත්ත DIG කෙනෙක් වගේ ගැම්මට. අඹ තොලාටත් නිකම් ඉන්න බෑ නේ පොර ඇවිල්ලා අඹ ගහේ උඩ බලලා අඹ ගහේ ඉදපු දෙන්නවත් අල්ලගත්තා. මෙන්න තවත් ඉන්නවා තවත් ඉන්නවා කියලා. මම කොල අස්සෙ දිගාවෙලා ඉදියා. 4 දෙනෙක්ව අල්ලගත්ත එකේ ඒ ජයග්රහණයෙන් ඔද තෙද වැඩිලා ඉදපු සික්කො දෙන්නට එච්චර දුර එන්න තරම් උවමනාවක් තිබ්බෙ නෑ. උඹලා මොකද කලේ කියලා ඇහුවම කාමරංකා ගහේ හිටපු එකෙක් කියනවා අංකල් මේ බුදුන් වදින්න මල් කඩන්න ආවා කියලා. උගේ අප්පගෙ කතා නේ එව්වා.
ඒ වෙලාවෙම MIC සර් ට කෝල් කලා. දැන් කට්ටිය දන්නවා වැඩේ පත්තු වෙනවා කියලා. ඔක්කොම අරගෙන සික්කො ගියා. මං විනාඩි 5ක් විතර ඉදලා සෙරෙප්පු දෙකත් හංගපු තැනින් අරගෙන බිම ඉදපු එකාව හෙව්වා. ඌ පේන්නවත් නෑ මිත්රවරුනි. ඌට හෙනගැහිච්චාවෙ කියලා හොස්ටල් එකට එද්දි අරුන් MIC ගෙ කාමරේ. බිම ඉදපු එකා ඉන්නවා. ඌ බය වෙච්ච පාර හොස්ටල් එකටම දුවලා ටෞකණ්ඩ.
ටිකකින් අරුන් 4 දෙනා එනවා. සද බොද වෙලා මූණු පු% වෙලා. ආයෙ හවසට කොහෙවත් ගියොත් බලාගන්නම් කියලා හොදට දෙසලා. අපේ MIC ගේ සිද්ධියක් තියෙනවා මොන දේ කලත් කියන්නේ හොස්ටල් එකෙන් අස් කරනවා කියලා. අන්තිම කාලෙ වෙද්දි ඒක විහිලුවක් වුනා. අස් කරනවා කිව්වම හිනා වෙනවා. මුන්වත් අස් කරනවා කියලා. බණ්ඩා කියන එකාගෙ අම්මගෙ තාත්තා ගෙ හොදත් කියලා ඌට බැනලා තිබ්බෙ. ගහලා තිබ්බෙ නම් නෑ මතක විදිහට. ඒම වුනත් ඊළග දවසේ ඉදලා ආයෙම අඹ කැඩුවා අඹ කෑවා. අඹ වාරේ කියන්නෙ හෙන සුන්දරයි ඉතින්.

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!