දවසක් මං ගමනක් යද්දි මට ඉස්සරහින් ලස්සන කෙල්ලෙක් යනවා දැක්කා හැබැයි ඒ කෙල්ලගෙ ගමන බිමන නම් හරි හදිස්සි වගේ තමයි මට නම් පෙනුනේ කොහොම කොහොම හරි කෙල්ලගෙ මේ කඩි කුලප්පුව හින්දා කෙල්ලගෙ බෑග් ඒකේ තිබිලා මල්ලකුත් බිමට වැටුනා
මං කතා කරා ඒත් හ්ම් හ්ම් මුකුත් ඇහුනේ නෑ වගේ හරි කලබලෙන් ගමන යනවා මං ඉතින් ඉක්මනට දුව ගෙන ගිහින් අර මල්ල අතට ඇරන් මොනව ද කියලා බැලුවා ඒක බලපු මාත් ටිකක් විතර කලබල වුනා
මොක ද ඒකෙ තිබ්බෙ ලෙඩෙකුට දෙන බෙහෙත් වර්ග ටිකක් කෙල්ල කඩි කුලප්පුව වගේ දුවද්දි මට ඒත් නිකමට සැක හිතුනා මොකක්දෝ කබලදෑනියක් වෙලයි මේ යන්නෙ කියලා
මටත් ඉතින් කඩි කුලප්පුව හැදිලා වගේ මං බෙහෙත් මල්ල ඇරන් කෙල්ල පස්සෙම ගියා බලද්දි කෙල්ල හොස්පිටල් එකට යන්නෙ වේලාවට මාත් ඉතින් හොස්පිටල් වැඩ කරන හින්දා අවුලක් වුනේ නෑ
මටත් කෙල්ල හින්දම කලින් වැඩට එන්නත් පුළුවන් උනා මං ඉතින් කෙල්ල පස්සෙ ගිහිල්ලා බැලුවා කාට ද මේ බෙහෙත් කියලා බලද්දි මටත් ගොඩාක් දුක හිතුනා කෙල්ලගෙ අම්මා අසනීප වෙලා බෙහෙත් ටික ඒ අම්මට දෙන්නයි
ඒත් කෙල්ල බෑග් එක අතට ඇරන් පිස්සියක් වගේ හැමතැනම අර බෙහෙත් ටික හොයනවා කෙල්ලගෙ ඇස් වල කදුළු පිරිලා
මං එක පාරටම නංගි කියලා කතා කරලා මං ඔයාට කොච්චර කතා කර කර පස්සෙන් ආව ද මේ බෙහෙත් ටික දෙන්න මටත් මේක පාරෙ තිබිලා හම්බුනේ කියලා කීවා විතරයි මෙන්න කෙල්ල තවත් හයියෙන් අඩන්න පටන් ගත්තා
මටත් මාරම අවුල් මං දිහා මිනිස්සු බල බල යනවා මං ඉතින් ඒ කෙල්ලට කීවා නංගි දැන් අඩන්න ඕනි නෑනේ බෙහෙත් ටික හම්බුනානේ මාත් මේ හොස්පිටල් එකේ තමයි වැඩ කරන්නෙ කියලා මොනවා හරි උදව්වක් තිබ්බොත් කියන්න කියලා ඒ අම්මගෙ සැප දුක් අහලා මං එතනින් ඉක්මනට ආවා
පසුව දා ආයෙත් මේ කෙල්ල මට හම්බුනා මාත් ඉතින් මග නැවතිලා කෙල්ල එක්ක විස්තර කතා කරා බලද්දි කෙල්ල විතරයි ගෙදර ඉන්නෙ කෙල්ල හරි දුප්පත් අම්මගෙ අසනීපෙටවත් බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා කෙල්ල මට මෙහෙම කියනවා
“අයියෙ අයියට බැයි ද මගෙ අම්මව බලා ගන්න මං රස්සාවක් හොයා ගන්නකන් කියලා”
මං ඒ කතාවට ගොඩාක් දුක හිතුනා අද කාලේ අම්මා අප්පච්චි දිහා නොබලන කොල්ලො කෙල්ලො ඉද්දි මේ කෙල්ල නම් කොච්චර නම් හොද ගුණ යහපත් කෙල්ලෙක් ද කියලා මට එවලෙම හිතුනා කෙල්ලට කියන්න
“මං අම්මා විතරක් නෙවෙයි ඔයාවත් මුළු ජීවිත කාලෙටම බලා ගන්නම් කියලා”
මං කෙල්ලට කීවා ඔයා රස්සාවක් කරන්න ඕනි නෑ අම්මට ලග ඉදලා අම්මව හොදට බලා ගන්න මං දොස්තර එක්ක කතා කරලා අම්මගෙ අසනීපෙ ඉක්මනට හොද කරලා දෙන්නම් කියලා
කෙල්ලට ඒක කීවාම පුදුම සතුටක් ආවේ කෙල්ල ගියාට පස්සෙ මං කෙල්ලගෙ අම්මට කීවා අම්මෙ ඔයාගෙ දුව හරි හොද ගුණ යහපත් ළමයෙක් නේද මං එයාට කැමති කියලා
අම්මටත් ඒක අහපුවාම පුදුම සතුටක් ආවේ අම්මා මට කියනවා “පුතේ මේකිට ඉන්නෙ මං විතරයි මේකිව පරෙස්සමින් බලා ගන්න කියලා”
මං අම්මට පොරොන්දු වුනා “අම්මගෙ දුවව පරෙස්සමින් බලා ගන්නම් කියලා”
අම්මා මං ගැන විස්තරේ පස්සෙ දවසක දුවට කියලා තිබ්බා ඒක අහලා කෙල්ලටත් පුදුම සතුටක් ආවෙ
මාත් එදාම කෙල්ලට මගෙ හිතේ තිබ්බ ආදරේ කැමැත්ත කීවා
කෙල්ල මට කැමැත්ත දීලා අන්තිමට කීවා මාව නැතත් “මගෙ අම්මව පරෙස්සමින් බලා ගන්න කියලා”
අහම්බෙන් හමු වුන ඒ ආදරේ අද මගේ ජීවිතේ වෙලා
අහම්බෙන් හමු වෙච්චි මේ වගේ ආදර කතා හැමෝටම ඇති එහෙම ආදරේ පරෙස්සමින් බලා ගන්න
තමන් ගැනවත් හිතන්න වෙලාවක් නැති ඒත් තමන්ගෙ ලෝකේ තමන්ගෙ දෙමාපියෝ වෙච්චි හොද ගුණ යහපත් කෙල්ලො කොල්ලො මේ ලෝකේ ඇති මොන ප්රශ්න ආවත් කවදාවත් එහෙම ආදරයක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් හම්බුනොත් නැති කර ගන්න එපා
එයාව මුළු ජීවිතේම කර ගන්න එයාව ආදරෙන් පරෙස්සමින් බලා ගන්න
තෙරුවන් සරණයි
-කවිශ්ක මධුෂාන්