සිoහල රජ දවස උඩ වාසල වත්ත නමින් හැදින්වුණු රාජකීය වන උද්‍යානය කදු පන්ති කීපයක් පුරාම පැතිරි සෙoකඩගලපුර සිoහල රාජධානියේ ජල උල්පත විය. සුන්දර කදු පන්ති සියල්ලම වසා පැතිරී තිබූ ගණ වන ගහනය මුලු මහනුවරම මීදුමෙන් වෙලාගන්නට ඇත.
සෙoකඩගලපුර මහනුවර රාජධානිය වටා පැතිර තිබූ බහිරවකන්ද, හන්තාන, ආදී කදු පන්ති වසා තිබූ ඒ ගණ වස්පතීන්ගෙන් පිරිපුන් ස්වාභාවික තෙත් කලාපීය වනාන්තරයන්ගෙන් අද ඉතිරිව ඇති එකම වන ලැහැබ මෙම උඩවාසල වත්ත නොහොත් උඩවත්ත කැලේ රාජකීය වන උද්‍යානය පමණි.
සාමාන්‍ය ජනතාවට ඇතුලු වීමට තහනම් කර තිබූ නිසා රජ දවස මෙයට තහoචි කැලේ නමින්ද නමක් පටබැදී තිබුනි.
වසර 133ක් උඩරට රාජධානියේ විසූ ඉoග්‍රීසීන් සියලු වනාන්තර විනාස කර අවසානයේ ඉතිරි කර ගියේ උඩවත්ත කැලයෙනුත් කුඩා කොටසක් පමනයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසින් අක්කර 275ක් පුරා දිවයන උඩවත්තකැලේ රාජකීය වන උයන 1856 දී රක්ෂිතයක් ලෙස නම් කරන ලද අතර 1938 වසරේදී අභය භූමියක් ලෙසද නම් කරන ලදී. ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ ඇත. එයින් ශාක විශේෂ 100ක් පමණ අප රටට ආවේණිකය. එකල නා වනය ලෙසද මෙය හදුන්වා ඇත.
අතිශය දුර්ලභ පුස්වැලක් උඩවත්තකැලේදී ඔබට දැකිය හැකිය. වසර 300 කට වඩා වයස්ගත මෙම පුස් වැල අතිශය විශේෂී වූ වැදගත් කමකින් යුක්තය.
එකල බෝගම්බර වැවේ සිට මෙහි දක්වා උමගක් වූ බව පැවසේ. ….
මෙම වනාන්තරය වටා පිහිට විවිද විහාර වාසි ස්වාමීන් වහන්සේලාට භාවනානුයෝගී ජීවිතයක් ගතකිරීමට මෙම වනාන්තරයෙන් අනගි අවස්තාවක් උදා වී ඇත. උඩවත්ත කැලේ තපෝවන ආරන්‍ය සේනාසනය මෙවන් එක් ආරන්‍යයකි.
උඩවත්ත කැලයේ ඇති තවත් ඓතිහාසික ස්ථානයක් වනුයේ ගැරිසන් සොහොනයි.