“උතුරේ ජීවත් වෙන අයට ඇත්තටම මොනවද ඕනෙ?” ඔබ අහල නැති ඇත්තම කතාව – යොහාන් චන්ද්‍රසේකරන්

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔබ කිසිදිනක නොඇසු කතාවක්

මේක මම ලියන්න හිතුනේ දකුනු ඉන්දීය සිනමාවේ මුරලිදරන් කියන සැබෑ වීරයාව ප්‍රතික්ෂේප කරලා. ප්‍රභාකරන්ව වීරයෙක් කරන්න උත්සහ කරන්න හදන පෝස්ට් එකක් දාලා තිබ්බා . ලංකාවේ අපිට ලොකු කේන්තියක් අවා ඒක දැක්කහම,

මේකයි කතාව,
අපේ ආච්චි සහ අපේ ගෙදර අය මට කියල තියන මට ඇහිලා තියන දැකල තියන දේවල් වලින් මම මේ දේ කියන්න යන්නේ. මම මෙහෙම හොඳට සිංහල ලිව්වට කතා කරාට මගේ උප්පැන්නේ කියන්නේ මම දෙමල ජතිකයෙක් කියලා. මම පොඩිකාලේ ඉදන් හැදුනේ වැඩුනේ වගේම ඉගන ගත්තෙ සිංහල සමාජේ එක්ක නිසා මට දෙමල භාශාවට වඩා හොඳටම පුලුවන් සිංහල දෙමල භාශාව පවිච්චිය ගොඩක් අඩුයි. අපේ ආච්චි ( තාත්තාගේ අම්මා) සහ පවුලේ අය හිටියෙ රටේ උතුරු පලාතේ ඉතින් මෙයාලා ගොඩක් සතුටින් තමන්ගේ ඉඩම් කඩන් බලාගෙන. ලමයි එක්ක රස්සා කරගෙන ඉන්නකොට තමයි අඳුරු කාලය උදා වෙන්නේ ඒ LTTE එකෙන් ගෙවල් වලට ඇවිල්ලා තරුණ ලමයි ඉන්නවා නම් බලහත්කාරයෙන් එක්කන් යනවා ඒ LTTE හමුදාවට. අවේ නැත්නම් මරනවා තාත්තා ආවේ නැත්නම් පවුලේ ලමයෙක්ව මරනව ලමයෙක් එව්වේ නැත්නම් අම්මව තාත්තාව මරනවා. මේ විදිහට ආච්චිවට කියලා ලමයින්ව එවන්න කියලා ආච්චී ඒකට බය උන පාර ලමයින්ව එක්කගෙන හැමදේම දාලා ඇදගෙන හිටිය ඇදුම පිටින්ම එදා කෝච්චියෙන් ඇවිල්ලා දකුනු පලාතට පස්සේ ආච්චි දකුනු පලාතේ හිටිය තමන්ගේ නෑදෑ අය එක්ක එහෙ ජිවත් වුනා. පස්සේ විවාහ යෝජනාවකින් තාත්තයි අම්මයි විවාහ උනා අම්මා ලංකාවේ ජිවත් උනු ඉන්දියානු දෙමල පවුලක කාන්තාවක් එත් එයාට හොඳටම සිංහල පුලුවන්. පස්සේ ඒ දෙන්නා පදිංචියට එන්නේ හොරණට මම ඉපදුනේ හොරණ හිටියෙම සිංහල මිනිස්සු එක්ක පාසල් ගියෙ සිංහල පාසලකට හිටිය යාලුවෝ ඔක්කෝම වගේ සිංහල කවදාවත් කිසිම වෙනස් කමක් මට නම් වෙලා නෑ ගමේ අයගෙන් හෝ පසලෙන් හෝ කිසිම තැනකින්. ආච්චි සහ අම්මලා තාත්තලා අදටත් කියනවා තරුන කාලේ ජූලී කලබල වලින් පවා එයලවා ගෙවල් වල හංගගෙන කන්නදීල බේර ගත්තේ සිංහල මිනිස්සු කියලා.

ඉතින් මේ යුද්දෙ ඉවර වෙලා අවුරුදු 8 විතර පස්සේ මම ජිවිතේ පලවෙනි වතාවට ගියා උතුරේ මේ ගමට අපේ තව සියා කෙනෙක් ඉන්නවා (ආච්ච්ගේ මල්ලි) තව බාප්පලා එහෙ ඉන්නවා මම දෙමල කතා කරද්දි එයාලට තෙරුම් ගන්න අමාරුයි අවුලක් නෑ ඒත් ශේප් එහෙ මුලු ගමේ කොල්ලෝ සෙට් එකම එක්ක හොඳට ඇවිද්දා ගොඩක්ුන් නැදැයෝ ගම වටේම වැව් 3 ක් තියෙනවා. සුපිරිම ආතල් ගත්තේ ක්‍රිකට් ගහලා, වැවේ නාලා, අඹ වාරේ නිසා කර්තකොලොම්බු අඹ කෑව ඇති වෙන්න මහ රෑ අලි බලන්නත් ගියා. ඉතින් උන් හැමවෙලේම මට කිව්වෙ අපිටත් සිංහල උගන්වපන් කියලා මුන් මගෙන් අරක කොහොමද කියන්නේ මේක කොහොමද කියන්නේ කියලා අහන එකම තමා වැඩේ ෆේස් බුක් සිංහල කෙල්ලෝ ඉන්නවා උන් එක්ක චැට් කරන්න දන්නේ නෑ ඔවා තමා උන්ට. ලොකු අසාවක් තිබ්බා සිංහල ඉගන ගන්න සිංහල යාලුවෝ ආශ්‍රය කරන්න. සීයා කිව්වේ එහේ ඇවිල්ලා සිංහල පන්තියක් කරන්න කියලා.
Not Registered Yet Website view

ඒ පලාතෙන්ම සිංහල කතා කරන්න පුලුවන් අපේ සීයට විතරයි. එයා තමා එහෙ රජයේ වැඩ කරන දෙමල අයට සිංහල උගන්වලා තියන්නේ. සීයා යුද්දේ එක්කම ජීවත් උන කෙනෙක්. එයා කියනවා එයා වින්ද දුක විශේෂයෙන් LTTE එක නිසා නොසෑහෙන්න දුක් වින්ඳ මනුස්සයෙක්. එයාගෙත් එක පුතෙක්ට වෙච්චි දෙයක් නෑ තාමත් එයාගේ පොටො එකක් තියාගෙන ඉන්නවා එයා එයි කියලා. බාප්පලාගේ වයිෆ් ලා දෙන්නටම රජයේ රැකියා ලැබුනා මේ යුද්දෙන් පස්සේ යුද්දෙට කලින් තමන් අමාරුවෙන් ඉගන ගත්ත දේවල් නිසා එක්කනෙක් ගුරුවරියක් අනිත් කෙනා නර්ස් කෙනෙක්. එගොල්ලෝ ගොඩාක් සතුටෙන් ඉන්නේ. දැන් ගොඩක් යාපනේ අය කොලඹ එනවා මගේ හොඳ යලුවෙක් කෙල්ලෙක් ලඟදි අවා slit එකට එන්න කලින් මට කියලා සිංහල වචන අහගත්තා අපි ගොඩක් වෙලාවට කතා කලේ ඉංග්‍රිසියෙන් සිංහල පොඩ්ඩක් වත් බෑ ඒත් දැන් හොඳට කතා කරනවා මට කිව්වා සිංහල යාලුවෝ ඉගැන්නුවා කියලා කොච්චර ලස්සනද බලන්න. එහෙ දෙමල කෙල්ලන්ට කොල්ලන්ට ඕනී මෙහෙ සිංහල කොල්ලෝ කෙල්ලො එක්ක සතුටෙන් ඉන්න අශ්‍රය කරන්න ඒත්, සිංහල අය ගැන නෙගටිව් දේවල් කියලා බය කරන වැඩිහිටියෝ සමර අය ඉන්නවා ඒ පොඩි කාලේ ඉදලා LTTE එක බලෙන් ඒ මිනිස්සුන්ගේ ඔලුවට බලෙන් පොවපූ දේවල් ඒක කලේ LTTE එකෙන්මයි. වහල්ලු හදාගන්නේ එහෙමයි උන්. එහෙම වහල්ලු දෙමල අය විතරක් නෙමේ සිංහල මුස්ලිම් අයත් ඉන්නවා අපි අතර ඕනී තරම්

මේවා ඔක්කොම දේශපාලන ඩීල් ප්‍රභාකරන් තමන්ගේ ලමයින්ව ලස්සනට තියාගෙන උගන්වලා මේ අනිත් අහින්සක දෙමල ලමයිගේ ජිවිත සම්පූර්ණයෙන්ම විනාශ කලා. ඉත්තෝ විදිහට පාවිච්චි කලා තමන්ගේ අරමුණු වලට අහින්සක මිනිස්සුන්ට බොරු හීන පෙන්වල. ජාතිවාදය අවුස්සලා රැවට්ටුවා. මේවා දන්න අය ගැලවිලා ආවා. අනිත් අය වහල්ලු විදිහට හිටියා තාමත් නාකි වහල්ලු ඉන්නවා තරුන අයගේ ඒක නෑ අර වහල්ලු තමා දැනුත් විස දාන්නේ හැමෝටම.

ඇත්තම කිව්වොත් දැන් සිංහලද දෙමලද කියලා නෑ අපේ රටේ හැමෝම වගේ දේශපාලන වහල්ලු වෙලා ඉවරයි දේශපාලන අතකොලු වෙලා ඉවරයි මෙහේ අපි ටොයියෝ බයියෝ කියලා මරාගන්නවා ලැබෙන දෙයක් නෑ උන් සැප විදිනවා අපි හැමදාම හිර වෙච්චි කෝච්චියේ වැඩට යනවා ඒකම තමා ප්‍රභාකරන්ගෙන් දෙමල මිනිස්සුන්ටත් උනේ තමගේ වාසියට ජාතිවදය අවුස්සනවා ඒක දැන් සිරිතක් වෙලා තියන්නේ. අපේ රට 1948 නිදහස ලැබුවා සිංහල දෙමල මුස්ලිම් අපේ මුතුන්මිත්තන් එකට එකතුවෙලා සටන් කරලා ඒක ලබා ගත්තා අපි ඉස්කොලේ ඉගන ගත්තේ එහෙම නේද එත් අපි තමත් වහල්ලු. ජාතිවදය නැති තැනක් නෑ මේ ලෝකේ. මම කිතුනුවෙක් ඉතින් කිතුනු පල්ලියේත් තියෙනවා මේ ජාතිවාදේ සැරටම ඉතින් තව මොන කතාද. ඔබ දන්නවාද දේශපාලන කරන අයගේ ප්‍රභලම අවිය තමා ජාතිවාදය අපි ඒකට අහු වෙනවා. ප්‍රභාකරන් පාවිච්චි කලෙත් ඒක. මේ රට අපේ උබලගේ නෙමේ. මේක අපේ අරක උබලගේ මේ ලෝකේ අපි හැමෝටම අයිතියි අපිට විතරක් නෙමේ මේ ගහකොළ සත්තු හැමෝටම අපිට කාටවත් ඉරි දැඳලා තියාගන්න බෑ. බහුතරය සුලුතරය කොන් නොකර හැමෝම හැමෝවම එක වගේ බලා ගන්න ඕනී. නැත්නම් හැමදාම ඉස්කෝලේ ඉගන්වයි අපි දියුනු වෙමින් පවතින රටක් කියලා. පුංචී කාලේ අපි බලපු සරෝජා, පුංචි සුරංගනාවි චිත්‍රපටි වල තිබ්බ පනිවිඩ මතකද ඔගොලන්ට ? එවගේම යුද්දේ නිසා ජිවිතේ හොයාගෙන කොලඹට ආපු හැම හැම දෙමල මිනිහෙක්ගෙම ජිවිතේ ලස්සන නෑ ඒකේ වගකීම දෙගොලන්ටම අයිතියි. අහින්සක දෙමල මිනිස්සු මැරුනා සිංහල මිනිස්සු මැරුනා මුස්ලිම් අයත් මැරුනා

අපි හැමෝම අහු උනා මේ උඟුල් වලට. අපි තරුණ ප්‍රජාව විදිහය අපිට පුලුවන් මේවා තෙරුම් අරන් මනුශ්‍යත්වය වෙනුවෙන් පෙනී හිටින්න එක තමා මේ ලෝකේ ධර්මතාවය අනුමත කරන්නේ. හැම ආගමික සාශ්තෘ වරයෙක්ම කියන්නේ අපි හැමෝටම මෛත්‍රී කරමූ ප්‍රේම කරමු
ස්තුතියි

– යොහාන් චන්ද්‍රසේකරන්
Yohan Chandrasekaran

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!