10 🍃
දවස් කිහිපයක්ම විතාන නිවසේ රැදුන තරුනයින් මානම්කුල ගැන හුගක් දෙවල් කතා කරන ගමන් ඒ විස්තර එකතු කර ගත්තේ මානම්කුල යන්න කලින් අවම හොඩුවාව හරි එකතු කර ගන්න ඕන නිසා. ඒත් අක්ශි ඒ දිහා බලාන් හිටියේ නොව්මනාවෙන්. මානම්කුල අවුරුදු ගානකට කලින් වගේ කෙල්ලගෙ මතකයේ තිබ්බා වගේම දැන් වෙන දේවලුත් කෙල්ලට චායාවක් වගේ දැනෙනවා.
අක්ශි තවත් බලාන් ඉන්නෙ නැතුව පඩිපෙල බැහැලා එයාලාව පහු කරගෙන නිවසින් එලියට ආවේ ලොකු හුස්මක් ගන්න. නිවාන්ගෙ නිවස තිබ්බෙත් ලස්සන ගස් වලින් වට වෙලා ඒකම කෙල්ලට ලොකු සැහැල්ලුවක්. කෙල්ල ඒ ලොකු ගහක් යට තිබ්බ බන්කුවෙන් ඉදගෙන ලොකු හුස්මක් ගන්න ගමන් සිසිල් ගස් වැල් දිහා බලාගෙන සිහින් මිමිනුමක් කලේ ඒ සුන්දර මතකයන් අතරේ අතරමන් වෙන ගමන්.
•• දෙවි දේවි මා නුබේ භවි දේවි…
නුබ අමතන මා දේවි…
සොයමි භවි පුර නුබේ දේවී
පසන් කරන් මා දේවි…
මා දෙව් සොයමි නුබෙ දේවි…
පුන්සඳ වාන් නුබේ දේවි…
අවසර වාන් මා පෙම් දෙව් දේවි…
මා ආවා නුබේ දෙව් දේවි… ••
° ° ° ° ° ° °
උදේ හිරු මීදුම් එක්ක මානම්කුලට පායන් ආවේ අදුරු වලාවන් මොහොතකට පහ කරලා. මානවි කලු ගල් ඉස්සට වෙලා ඒ දිහා බලාන් හිටියේ පරන සරම් කැල්ලෙන් උදේ සීතලට ඇග වසාගෙන. කෙල්ල ඊලගට ගල් ඉස්ස උඩින් බලාන් හිටියේ ගල් බැවුමත් එක්ක තියෙන පොඩි පස් කන්ඩියෙ වැවිලා තියෙන බඩ ඉරිගු ගස් අස්සෙ මොනවාද කරන ඒ ඉටි රූපයක් වගේ ලස්සන රුව දිහා. ඒ රුව දකින වාරයක් ගානේ කෙල්ලගෙ හිත හිරි වැටුනේ අමුතුම විදිහට.
මානම් දෙයියො…
මානවි උඩ ඉදන් කතා කලේ කොල්ලාට. කොල්ලා සීතලට ගානක් නැතුව ඇදන් ඉන්න එකම සරම ගසලා ගැට ගහ ගන්න ගමන් ඔලුව උස්සලා බැලුවේ කෙල්ල දිහා කේන්තියෙන් වගේ. ඒත් කෙල්ල නම් ඇහි පිහ නොහෙලා බලාන් හිටියෙ කොල්ලා දිහා. වැඩි ඇග පතක් නැති හරි සියුම් ශ්වේත වර්න අත පය රෝස කම්මුල් තොල් කෙල්ලව සිහියෙන් එහා ගෙනිච්චා.
මේකිට පිස්සු…
මානම් අහක බලාගෙන කියවන එක මානවිට හොදට ඇහුනා. කෙල්ලට හිනාත් එක්ක. කොල්ලා බඩ ඉරිගු කරල් දෙක තුනකුත් ලනු කැල්ලක ගැටගහන් ඒ කාල වර්න වැවිච්ච කොන්ඩෙත් ගැට ගහන් ගල් ඉස්ස නැග්ගෙ හරි පුරුදු කාරයෙක් වගෙ. කොල්ලා කෙල්ල ලගින්ම හිටගෙන ඒ බඩ ඉරිගු කරල් දෙක තුන කෙල්ලගෙ ඔඩොක්කුවට දැම්මා.
මගෙ නම මානම්ය කියලා ඔය නගා දන්නෙ කොහොම… මිට කලින් හෙයාවක්වත් දැකලා නැ මන් නන්… මේක කාලෙට කැලැවේ සක්මන් කරන එන හොද දෙයක් නෙමෙයි… ඕක තම්බන් කාලා… ඉර අවර වෙන්න කලියෙන් අඩවියෙන් යන්ට… ආයෙ මේ දොහේ එනවා නෙවෙයි…
මානම් සීතලට රොස පැහැ උන කන් දෙක අත ගා ගන්න ගමන් කිව්වෙ කෙල්ල බලාන් ඉද්දි. මානවි ඇස් වල කදුලු පුරවාන් බිම බලා ගත්තේ වේදනාවෙන්. කෙල්ල කරල් ටිකත් අතේ අල්ලාගෙන නැගිට්ටෙ කොල්ලා බලාන් ඉද්දි.
මට ආයේ ඒ ගමට යන්න බැ…
මොක ඒ කාරි…
යන්න බැ… සාපි ගම්මානේ… මානම්කුල දෙයියොවත් බලන්නෙ නැ සාපරාදේ…
මානවිගෙ හැඩුම් වැඩි උනා. මානම් කෙල්ල අතින් ඉරිගු කරල් අරන් කෙල්ලට කලියෙන් ඉස්සර උනේ ලග ලගම පේන මානම්කුල කදු මුදුන දිහා.
මානම්කුල මොනා කරන්නද… නව අවුරුදු ගිරිපඬුරුලොදර පුජාව නවත්තන්න කාට පුලුවන්ද…
ඇයි මානම් දෙයියොන්ට බැරිය… මේ බිලි දෙයියොන්ටයි… මොනා ලබන්නද… කියන්න මානම් දෙයියො…
මන්වත් නොදත්ති… මට මතක නැ…
අයියා… මානම් දෙයියොනේ… මේ මානම්කුල බාර දෙයියො…
මානවි ආවේගයෙන් කියද්දි කොල්ලා හැරිලා බැලුවේ නපුරින්.
මොකෙක් වැහිලාද… මන් මානම්… මානම්කුල දෙයියො නෙමෙයි… මට කාරි නැ මානම්කුල මොනා කරත්… යන්… වරු ගෙවෙන්නෙ කලියෙන් නගා ගම්මානෙට යන්න… හැබැයි එක්ක…
මානම් ආයෙත් කෙල්ල ලගට ඇවිත් කෙල්ලගෙ ඇස් දිහා ඒ කොල පාට ඇස් වලින් බැලුවේ කෙල්ලව ආයෙත් තිගස්සද්දි.
මාව දැක්කායි කියලා කවුරුවත් දැන ගන්න බැ… ඒක පන ගියත් රකින රහසක්… තේරුනාද…
මානම් හරි සැරෙන් කිව්වේ කෙල්ලගෙ ආත්මයම ඒ බැල්මෙන් සලිත කරලා. මානවි ඔලුව වැනුවේ හිනෙන් වගේ.
මානවි කොල්ලාගෙ පස්සෙන් ගල් බැව්ම බැහැලා අනිත් ගල් කන්දට ආවේ මානම්කුල ලගටම පෙනෙද්දි. මානම්ගෙ ගුහාව තිබ්බෙත් ඒ ලගම ගස් කිහිපයක් එක්ක.
ගුහාවෙ පැත්තකට නවලා තිබ්බ මැටි ඇතිලියක් අරන් ගල්ලිපෙන් තිබ්බ මානම් දර ලිපට කොටු දාලා ඇවිලුවේ හරි ඉක්මනට. මානවි කොල්ලා දිහා බලාගෙනම බඩ ඉරිගු කරල් සුද්ද කරලා කොල්ලා දිහාම බලාන් හිටියෙ ඇස් හිනි කරන්. කෙල්ලගෙ හිතට තිබ්බෙ එකම එක ප්රශ්නයක් විතරයි.
මානම් මේ කන්දේ කොහොමද ඉන්නෙ. කවදා ඉදලාද. මානම්ව කෙල්ල කවදාවත් දැකලා තිබ්බෙත් නැ එහෙම කෙනෙක් ගැන අහලා තිබ්බෙත් නැ. ඒත් කෙල්ලට සැකයක් තිබ්බෙත් නැ.
මානම්කුල දෙයියො…
මානවි මිමිනුවෙ සිහින් හිනාවකින්.
මානම්කුල කන්දේ මීදුම අස්සෙන් ඉර මුදුන් වෙද්දි මානම් ඒ ඇග පොලාගෙන යන සීතල ගානක් නැතුව කන්ද බැස්සෙ මානවිත් කිසි කතාවක් නැතුව කොල්ලාගෙ පස්සෙන් එද්දි. එක මොහොතකට වෛර බැඳපු මේ මානම්කුල කන්ද බහින්න මානවිට දැනුනේ දුකක් එක්ක අකමැත්තක්.
මානම් දෙයියො…
මොක…
මන් ආයෙත් කන්දට එන්නම්…
මානවි ඇහුවේ බිම බලාගෙන. කොල්ලා එකපාරටම හැරිලා බැලුවේ රවලා.
ඒ මක් කරන්නද… මේ කන්ද කෙල්ලන් ගාටන තැනක් නෙමෙ… ආයේ නාවට කාරි නැ…
මානම් සැරෙන් කිව්වෙ තෙත බරිත පදුරු එහා මෙහා කරන ගමන්. මානවි දුකින් කෙල්ලට පිටු පාලා යන මානම්ගෙ ශ්වේත වර්න නිකැලැල් වත දිහා බලලා සුසුමක් පිට කලා. ඒත් කෙල්ල යටි තොල හපා ගත්තේ කපටි කමින්.
මානම්කුල අඩවිය පෙනෙම මානයේ කුබුරු නියාම් සිමාවේ නතර උන මානම් ඒ දිහා බලලා කෙල්ල දිහාට හැරුනා.
නගාට මෙතනින් එහාට යන්න පුලුවන්නේ… මන් ගම්මානෙට එන්නෙ නැ… නගා මන් ගැන රහසක් විදිහට තියා ගන්න…
මන් කාටවත් කියන්නෙ නැ දෙයියො… දෙයියො මගෙ රහසක්…
මානවි බිම බලාගෙනම කිව්වා. කෙල්ල දුකින් කියන එක කොල්ලාට නොතෙරුනා නොවේ. ඒත් මානම් නිහඩ උනා.
නගා යන්ට එහෙනම්…
මානම් දෙයියො…
මොකො…
මානම් දෙයියො ගිරිපඬුරු බාර ගන්නොද… අපේ දොහෙ අයියා ආයේ ආවේ නැ කන්දට ගියායින් පස්සෙ…
මානවි ඇස් දෙකෙ කදුලු පුරොගෙන කොල්ලාගෙන අහද්දි මානම්ට බිම බැලුනා.
මානම් දෙයියොන්ට ඔය ගිරි පඬුරු කාරි නැ නගා… මානම් දෙයියො කම්පා වෙලා ඉන්නෙ… මන් මොනා කරන්නද… මානම්කුල දැන්… වේදනායි… මේ පපුව වෙදනා දෙනවා…
මානම් පපුවට අත තියා ගෙන කිව්වෙ කොල්ලාත් ඇස් වල කදුලු පුරවගෙන.
මානම්කුල දෙයියොන්ට මේ පව දරන්න බැ… ගිරිපඬුරු මානම්කුල දෙයියොන්ට එපා… මන් දන්නො ඒ ගැන… මානම්කුල සාපයක් වේවි… කාටද ගිරිපඬුරු… කාලකුරු සාමිටද…
•• ගිරිපඬුරු සාපි
රාක්ශ කාල සාපි
මානම්කුල සාපි ••
මානම්ගෙ වචන කම්පා කලෙ මුලු මානම්කුල අඩවියමයි.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)