උන්මාද මානම්කුල (11 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එක් රැයටකට පස්සෙ මානවි ගෙදර ආවේ දිරිඇල්ල නිවසේ හැමොම ගිනි පත්තු වෙලා කෙල්ලව හොයන්න ගමම පීරද්දි. ඒත් කෙල්ල කිසි කතා බහක් නැතුව ගෙට ගොඩ උනේ ගෙදර ගම්මුයි ගෙදර අයයි හොල්මන් දැක්කා වගේ බලාන් ඉද්දි. ඒත් කෙල්ල ගෙට යනකම්ම් කවුරුවත් මුකුත් කියන්න එඩිතර උනේ නැ. කස්තුරි හැඩූ කදුලින් කෙල්ල ලගට යන්න හැදුවාට කස්තුරි ඉස්සරහට සිදොරිස් හරස් උනේ යන්න එපා කියන හැගිමෙන්. ගම්මු ඔක්කොම දැන ගත්තොත් හොදයි... මගේ කෙලි ගැන කිසි කතාවක් කෙරෙන්නෙ බැ... ...

11 🍃

එක් රැයටකට පස්සෙ මානවි ගෙදර ආවේ දිරිඇල්ල නිවසේ හැමොම ගිනි පත්තු වෙලා කෙල්ලව හොයන්න ගමම පීරද්දි. ඒත් කෙල්ල කිසි කතා බහක් නැතුව ගෙට ගොඩ උනේ ගෙදර ගම්මුයි ගෙදර අයයි හොල්මන් දැක්කා වගේ බලාන් ඉද්දි. ඒත් කෙල්ල ගෙට යනකම්ම් කවුරුවත් මුකුත් කියන්න එඩිතර උනේ නැ. කස්තුරි හැඩූ කදුලින් කෙල්ල ලගට යන්න හැදුවාට කස්තුරි ඉස්සරහට සිදොරිස් හරස් උනේ යන්න එපා කියන හැගිමෙන්.

ගම්මු ඔක්කොම දැන ගත්තොත් හොදයි… මගේ කෙලි ගැන කිසි කතාවක් කෙරෙන්නෙ බැ…

සිදොරිස්ගෙ එක වචනෙට ගම්මු හිස පාත් කලේ ඒ ගැන කිසි දෙයක් කතා නොකරන්න. ගමෙ ආරච්චිලාත් හිස නවන දිරිඇල්ල පව්ලේ වෙන කිසිම දෙයක් ගැන කිසි කෙනෙක් මුකුත් කියන්න තියා හිතුවෙවත් නැ. දිරිඇල්ල ගමේ වැදගතුන් වගේම ඊට එහා ගිය හුගක් දේවල් තියෙනවා.

ඒ වගේම දිරිඇල්ල උනත් විරුද්ද වෙන්න බැරි මානම්කුලගම ඉන්නෙ එකම එක්කෙනායි.

කාලකුරු මහා සාමි… මානම්කුල දෙවොල් ගුරු… සාප වෙනවා… මානවි එක්ක බලමු…

මානවි ජනේලයේ යකඩ කුරු මිරිකාගෙන මිමිනුවේ කේන්තියෙන්.

නම දවසක් ගෙවිලා ගියේ දිරිඇල්ල නිවස මල ගෙයක් තරම් වෙදනාවෙන් පිරිලා යද්දි. පව්ලේ අය අඩා වැලපුනාත් මානවිගෙ ඇහින් එක කදුලක් ගැලුවේ නැ. කෙල්ල දිහා බලන්න කිසි කෙනෙකුත් ඉස්සරහට ආවේ නැත්තේ එදා කෙල්ල අතුරුදහන් වෙලා ආපු දවසේ ඉදන්.

කෙල්ල මහ රැ මිදුලට වෙලා හිරිපොද වැස්ස අස්සෙන් මානම්කුල කදු මුදුනේ ගිනි එලිය දිහාන් බලාන් හිටියා. කෙල්ලට මානම්ව ගොඩාක් මතක් උනා. මානම් කිව්වාට කන්දට එන්න එපා කියලා. කෙල්ල අහන කෙනෙක් නෙමෙයි.

සමාවෙන්න මානම් දෙයියො…

මානවි හිමින් මිමිනුවා.

දෙයියො එක්ක වෛර බදින්න එපා නොනො…

කස්තුරි කෙල්ල ලගට එන ගමන් කිව්වෙ කෙල්ල අම්මා දිහා නොබලා බිම බලා ගනිද්දි.

දෙයියො එක්ක වෛර නැ අම්මා… මානම්කුල කම්පා වෙනවා… මානම්කුල සාපි අවදි වෙවි…

නොනො… මොනවාද මේ කියන්නෙ… මන් තාම ඇහුවේ නැ එදා කැලැ ගිහින් මක් උනාද කියලා… ඒත් මට කෙල්ල ගැන බයයි නොනා…

බය වෙන්නෙ ඕන මන් ගැන නෙමෙයි අම්මා… ගමේ කොල්ලො ගැන බය වෙන්නෙ ඕන… දොහේ අයියා අපේ කාන්ත අයියා… ඔක්කොම බිල්ලට දුන්නෙ දෙයියොන්ට නෙමෙයි…

මානවිගෙන් පිට වෙන වචනයක් ගානේ කස්තුරි මුව වසා ගත්තේ බීතියෙන්.

නොනේ උබ…

කස්තුරි… ගෙට පලයන්…

සිදොරිස්ගෙ කටහඩට ගැස්සුන කස්තුරි කෙල්ල දිහාත් බලලා ගෙට ගියේ ඇඩුම් එක්ක.

මානවි සිදොරිස් දිහා බැලුවේ අඩන්න ඔන්න මෙන්න. සිදොරිස් කෙල්ල ලගට ඇවිල්ලා ඔලුව අතගැවා.

අප්පච්චි…

මගෙ දුවේ… මට තව හන්ගන් ඉන්න බැ කියලා මන් දන්නවා කෙල්ලෙ…

අනේ අප්පච්චි… මේ අපරාදේ නතර කරන්න… මානම් දෙයියොන්ට පඬුරු එපා… දෙයියො කම්පා වෙලා… සාප කරාවි…

දන්නවා දුවේ… දෙයියො ඔක්කොම බලාන් ඉන්නෙ… ගිරිපඬුරු දෙයියොන්ට නෙමෙයි… දෙයියොත් අසරනයි… ගිරිසාපි ලග…

ගිරිසාපි…

ඔව් සාපි…
ගිරිකුල සාපි…
කාලකුර සාපි…
මහා දේවි සාපි…

සාපි… මන් සාපි… ගිරිසාපි…

මානවි සිදොරිස් ලග දන ගහලා ඒ දෙපා වැන්දේ අප්පච්චි නොකියා කිව්ව හැමදේම කෙල්ලට තේරුන නිසා. එතනයි හැමදේම ආරම්භ උනේ.

° ° ° ° ° °

සටහන් පොත වහලා මේසෙන් තිබ්බ නිදුක් බෙල්ල ලගට කෙටි කොන්ඩෙ ඔක්කොම පස්සට කලේ තමන්ව සන්සුන් කර ගන්න. නිදුක්ගෙ අතින් ලියවෙන වචනයක් ගානේ කොල්ලාට දැනුනේ කොල්ලාගෙ ආත්මයම අමුතුම බයකි පිරිලා යනවා වගේ. අක්ශිගෙ මතකයේ හැමදේම තොරතුරු විදිහට කොල්ලා ලියා ගත්තාට ඊට වඩා දෙයක් ලියන්න ඕනකම නිදුක්ට අවශ්ය වෙලා තිබ්බෙ අක්ශිගෙ කතාව අහපු වෙලාවේ ඉදලාමයි. නිදුක්ට හොදටම තේරිලායි තියෙන්නෙ ලොකෙටම ලොකු රහසක් උන අභිරහසක් මේ මානම්කුල හැන්ගිලා තියෙනවා කියලා. ඒකත් සාමාන්ය ගුප්ත විද්යා හො මනො විද්යාවට එහා ගිය දෙයක්.

වැඩිහිටියන්ගෙ කොච්චර විරුද්දත්වය තිබ්බත් කොල්ලො කෙල්ලො ටික බදුල්ලෙ යන්න සුදානම් උනේ එයාලගෙ සියා තිලක්ගෙ ආරක්ෂාව යටතේ. මුලින්ම හැමොම තිරනය කලේ බදුල්ලෙ ඇතුලටම වෙන්න දුශ්කර මානම්කුල අඩවිය පටන් ගන්න සිමාවේ රැස්වියගල පදින්චි රේනුගෙ අක්කාගෙ නිවසට යන්න. අක්ශි හැමදේම නිහඩව බලාන් හිටියේ නිවාන් හැමදේම කල්පනාවෙන් කරන හින්දා.

ජර්මනියෙ ටොනි පවනි එක්ක කොල් එකෙන් පස්සෙ අක්ශි ගේ ඉස්සරහා නවත්තලා තියෙන වැන් එක දිහා බලාන් හිටියේ බැග් ඇතුලට දාන නිදුක් නිවාන් දනුක දිහා. කෙල්ලට දනුක ගැන කේන්තිය එන්න එන්නම වැඩි උනා. දනුක මේ දේවල් දැන ගන්න එක කෙල්ල කැමතිම නැති දෙයක්. ඒකට ලොකු හේතුවක් කෙල්ල හොදටම දන්නවා.

දිත්යා… කියන එක අහනවා… ඔයා කොහෙවත් යන්නෙ නැ…

බැ… මන් මිතිලා එක්ක යනවාමයි…

දිත්යා…

රේනු කැ ගහගෙන එලියට ආවේ ඇදුම් බැග් එකක් එල්ලන් එන රෙනුගෙයි නාමල්ගෙයි පොඩි දුව දිත්යා පස්සෙන්. දිත්යා රේනු කියන එක අහන්නෙම නැතුව අක්ශි ලගට ඇවිත් කෙල්ලට වහන් උනේ රේනුගෙන් බේරෙන්න.

අනේ මිති… මාත් එනවා… මොනවා කරන්නත් මමත් එනවා… අපේ අම්මාට කියන්නකො…

දිත්යා… එත්…

දිත්යා උබ ගියොත් මන් නිකාන් ඉන්නෙ නැ…

මන් යනවාමයි…

කියන එක අහපන්… එහේ මොන මොනවා වෙනවාද කව්ද දන්නෙ… මිති දුව යන එකටත් මන් පොඩ්ඩක්වත් කැමති නැ… ඔය විකාර නවත්තන්න අනේ…

බැ. බැ.. බැ…

දිත්යා සද්දෙන් කියාගෙන වැන් එකට නැග්ගෙ අනිත් අයත් බලාන් ඉද්දි. රේනුට දුකයි මොනා උනත් ඒ දුව හින්දා. ඒ වගේම දුකක් පවනිටත් දැනෙනවා කියලා අක්ශි දන්නවා. අක්ශිගෙ අත අල්ලා ගත්ත අක්ශා රෙනු දිහා බැලුවේ මද හිනාවකින්.

දිත්යා යනවා නම් ආපු දෙන් රේනු… මන් ඉන්නවානේ… අනික අපි එකපාරටම මානම්කුල යන්නෙ නැනේ…

ඒත් මෙල් දු…

බය වෙන්න එපා… දිත්යා ආස ඇති අක්කලා අයියලා එක්ක යන්න… බය වෙන්න එපා… මන් මොනවාත් වෙන්න දෙන්නෙ නැ…

අක්ශි කිව්වෙත් රෙනුගෙ අත අල්ලා ගන්න ගමන්. අක්ශිගෙ විශ්වාස රේනුට අවිශ්වාස නැ. ඒත් රේනුත් අම්මා කෙනෙක්. නිවාන් ඇවිත් රේනුගෙ කරට අත දා ගත්තේ අනිත් කොල්ලො දෙන්නාත් එද්දි.

බය වෙන්න එපා පුන්චියො… අපි ඔක්කොම ඉන්නවානේ… අනික අපි යන්නෙ ඔයාලගේ ගමේනේ…

අනේ මන්දා පුතා… මට නම් බයයි…

අනේ රේනු නැන්දේ බය වෙන්න එපා… මන් නන්ගි ගැන බලා ගන්නම්…

දනුකත් කතාවට එකතු උනේ අක්ශි දරුනු විදිහට දනුකට රවද්දි. දනුක කෙල්ලගෙ ඒ බැල්ම දැක්කාට කිසි ගානක් නැතුව ඉන්න එක නිදුක් හොදට දැක්කා. ඒත් අක්ශි ලේසි.

බය වෙන්න ඕන… දනුක අයියා ඉන්න හින්දා…

අක්ශි එකපාරටම කිව්වෙ දනුකගෙ මුන වෙනස් වෙලා යද්දි. දනුක කෙල්ල දිහා බැලුවේ ඇස් හිනි කරලා.

මිති නන්ගි… ඔයා මොකද්ද කියන්නෙ…

කිව්වේ… බය වෙන්න ඕන ඔයාට කියලා…

මිති…

නිවාන් ඉක්මනට කෙල්ලව ඇදලා ගත්තේ දහම් නිමල් දෙන්නාත් කෙල්ලගෙ සද්දෙට එතනට එද්දි. ඒත් දනුක ටිකක් නොසන්සුන් උනේ හැමොම මැද්දෙ හින්දා.

මිති නන්ගි… ඔයාට මන් උදව් කරන්න හදන්නෙ… ඔහොම කතා කරන්න එපා…

උදව්ව මොකද්ද… කුලකුර සාමිගෙ මීමුනුපුරා දනුක වාසල කුලකුර… තමුන් මගේ අයියාගේ කව්ද කියන්න මන් දන්නෙ නැ… ඒත්… මගේ අයියලා එක්කෙනෙක්ට හරි එක හිරිමක් උනොත්… තමුන්ව බිල්ලට ගන්නෙ මානම්කුල දෙයියො නෙමෙයි… මානම්කුල ගිරිසාපි…

වචනයෙන් වචනය උස් හඩ වෙලා වේගයෙන් කියාගෙන ගිය අක්ශිගෙ ඒ නිල්පාට ඇස් පුරා රත් පැහැ වෙලා සාමාන්ය උන පරිසරයම කලබාගෙන ආ සැර හුලගට කෙල්ලගෙ ඒ රත් පැහැ කොන්ඩය ගින්දර වගේ ලෙල දුන්නෙ දනුකව එකපාරටම බිම දන ගැස්සෙද්දි. අක්ශිගෙ මුවින් තවත් එක රහසක් එලි උනේ හැමොටම තවත් කම්පනයක් එක් කරලා. ඒත් මානම්කුල ගිරිසාපි ගිරි දේවි මානවි නුතන ආත්මය අක්ශි එදාට වඩා අද ගොඩාක් වෙනස්. කාටවත්ම හිතා ගන්න බැරි තරම්.

……

මතුවට.

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!