12 🍃
දනුක ඇස් විසල් කරගෙන හිරි වැටිලා තිබ්බ දෙදනට වාරු වෙලා කෙල්ල දිහා බලාන් හිටියා. ඒ නිල් ඇස් කේන්තියෙන් දිලිසුනේ දනුකව අලු කරලා දාන්න තරම් කේන්තියෙන්. පලවෙනි වතාවට මේ පුන්චි කෙල්ලගෙ සැගැවුන ඒ ශක්තිය දනුකට තෙරුනේ නොතෙරෙන බලවේගයක් සමානව. ඒත් දනුකගෙ සවන් ලග දොන්කාර දුන්නෙ එක වචනයයි.
මානම්කුල… ගිරිසාපි… මිති… කොහොමද දන්නෙ…
දනුකට මිමිනුනා. දනුක කකුලට බර දිලා නැගිටින්න හැදුවාට දනුකට නැගිටින්න බැ. දනුකගෙ බෙල්ල පුරා නාරටියේ පහලට යනකම් මහා බරක් තියෙනවා වගෙයි දැනුනේ. නිවාන් ඉක්මනට දනුකට නැගිටින්න උදව් කලත් දනුකට එක කකුලක් හොලවන්න බැ. දනුක කෙල්ල දිහා බැලුවේ කේන්තියෙන්.
මොනවාද මට කලේ තමුන්…
දනුකගෙ කටහඩ උස් උනේ අනිත් අය තවත් බය කරලා. අක්ශි නපුරු ඇස් වලින්ම දනුක ලගට ආවා.
මන් මුකුත් කලේ නැ…
අක්ශි ඒක කිව්වෙ නපුරු හිනාවකින් කියන එක දනුකට විතරක් නෙමෙයි අනිත් අයටත් තෙරුනා. ඒත් නිවාන් අසරන උනේ ඒ දෙන්නා ලගමයි.
අක්ශි ගෙට යද්දි යන්තම් හැරිලා බැලුවෙ දනුක බලාන් ඉද්දි. ඒ මොහොතෙම වගේ දනුකට නැගිටිමට පුලුවන් උනා. දනුක නිහඩවම නිවාන්ගෙ අතත් ගසලා නැගිට්ටෙ කේන්තියෙන්. දනුකගෙ හිතේ තියෙන ඒ දේවල් ඒ විදිහටම කෙල්ල දන්නවා කියන එක දැන් දනුකට විශ්වාසයි.
” කුරකුල සාමි… ගිරිසාපි… මානම්කුල දෙවි… මහා සාපය… ඔයා මානම්කුල ජිවත් උන කෙල්ලෙක්ගෙ ආත්ම කතාවක් උනත්… අක්ශි නන්ගි අපි බලාගමු… ”
දනුක හිතුවේ අත මිටි මොලවාගෙන.
අක්ශි ලොකු හුස්මක් අරන් බුදු මැදුර දිහා බලාගෙනම හිටියා. කෙල්ල මොහොතකට ඇස් පියා ගත්තේ එකම එක අරමුනක් මෙනෙහි කරගෙන.
” සිදොරිස් අප්පච්චි… අප්පච්චි හන්ගන් හිටපු ඒ එකම රහස වැලලිලා ගියා… ඒත් මේ ආත්මයේ ඒ රහස මට ශක්තියක් වේවි… මානම්කුල දෙවියන්ට පතිනි භාර පුරන ගිරිසාපි… සිදොරිස් අප්පච්චිගෙ දොනි මානවි… මේ ආත්මයේ… ටොනි ඩියොන් ඩැඩියේ මිති… ගිරිසාපි මේ මම මානවි, අක්ශිමයි… මානම් වෙනුවෙන් සදාකාලිකව පතිනි භාර ගිරිසාපි… ”
•• හස්ති ගිරි මුදුනින් ඉර යවාපිය…
දෙවොල් ගිරි පාමුලින් සඳ එවාපිය…
ගිරි කරඩු කර උඩ හිදවාපිය…
ගිරි තෙදෙසින් දේවි සාපි ගිනි නිවාපිය…
මානම්කුල ගිරි මොනරි සත්පිල නටාපිය…
මානම් දෙවි පතිනි භාරන් පෙම් කවි කියාපිය…
ලේ බිලි ගනි මන් ගිරිසාපි දේවි වඩාපිය… ••
සීතලම සීතල අහස කුස සිප ගන්න කදුයායෙන් පිරුනු සුන්දර බදුලු පුරවරය අක්ශිගෙ හුරුපුරුදු මතකය එක්ක ඒ නිල් ඇස් වලට කදුලක් එක් කලේ හරි ඉක්මනට. අක්ශි ඇස් දල්වාගෙනම බෑව්ම් මාර්ග එක්ක ඇදෙන කාර් එකේ විදුරු ජනේලයෙන් ඒ දිහාම බලාන් හිටියා. මේ පුරුදු සැහැල්ලු හැගීම ඈත කාලයක සැගවිලා ගිය ඒ ආදරනීය මොහොතවල් අක්ශිගෙ මතකය තවත් අලුත් කලා.
කාර් එක ඩ්රයිව් කරන නිවාන් ඉස්සරහින් යන දනුකගෙයි තිලක්ගෙයි වාහන දිහා බලලා සුසුමක් පිට කලේ දනුක පිටත් උනේ හිත හොදින් නෙමෙයි නිසා. ඒත් මේ වෙලාවේ කොල්ලා හිතුවේ අක්ශි ගැන. අක්ශි එන්න එන්නම සාමාන්ය ශක්තිය තියෙනෙ කෙනෙක්ට වඩා එහා ගිය දෙයක් තියෙනවා කියලා නිවාන්ට මේ දවස් ටිකට තේරුනා. අක්ශිගෙ පෙර භවය මානවි වෙද පරම්පරාවකින් පැවත ආවත් ඊට වඩා ගැබුරු දෙයක් මානවි වටා තිබ්බා වගේම ඒ බලපෑම දෙගුන වෙලා අක්ශි ඉදිරියට ආවේ වෙනස්ම කෙනෙක් වගේ.
හවස් වෙනකොට හැමොටම බදුල්ලෙ ඇතුලටම වෙන්න දුශ්කරම ප්රදේශය රැස්වියගල පදින්චි රේනුගෙ නන්ගි නිලානිලාගෙ ගෙදර එන්න පුලුවන් උනා. රැස්වියගල සිමාව පේන මානයේ මානම්කුල ගම්මානයට වගේම මානම්කුල අඩවියට යන්න එච්චර වෙලාවක් යන්නෙ නැ. රැස්වියගල ටව්මට කිට්ටුව වාහන හරවද්දි හැමොම දැක්කෙ කදු යායේ ඉහලට යන්න තියෙන තවත් ප්රදාන පාරක්. ඒ පාර විතරක් මීදුමෙන් රූස්ස ගස් වලින් වැහිලා තිබ්බෙ මුලු හිතම මහා බයකින් පිරිලා යද්දි.
ඒත් අක්ශි ඒ මාර්ගයේ ගහලා තිබ්බ බෝඩ් එක දැක්කෙ හොදට.
” මානම්කුල ”
අක්ශි පපුවට අත තියා ගත්තේ බයකට නෙමෙයි වේදනා දෙන හිත සන්සුන් කර ගන්න.
නිනි… පොඩ්ඩක් නවත්තන්න… නිනි…
අක්ශි ඉක්මනට කියද්දි කොල්ලාත් කලබලයෙන් වාහනේ නතර කලේ අනිත් වාහන වලට හොන් එක ගහද්දි.
නිවාන්ගෙ කාර් එකේ හිටපු අක්ශා නිදුන් නිවාන් කෙල්ල දිහා බැලුවේ නොසන්සුන්කමින්.
මිති… ඇයි නන්ගි… ඔයාට අව්ලක් නැනේ…
මිති… යූ ඕකේ බේබි…
මන් හොදින්… මට ටිකක් මෙතන බහින්න ඕන…
ඒත් මිති… මේක…
මානම්කුල පටන් ගන්න තැන…
අක්ශි එහෙම කියලා ඉක්මනට සපත්තු මේස් ගැලෙව්වේ අනිත් තුන් දෙනා නොසන්සුන් කුතුහලයෙන් බලාන් ඉද්දි. අනික් වාහන වලින් තිලක් දිත්යා වගේම දනුක හන්සිත් කුතුහලයෙන් එයාලා ලගට ආවා.
පිටි පස්සෙ දොර ඇරපු නිදුක් නිවාන් දිහා බලලා තාමත් කාර් එකේ ඉන්න අක්ශි දිහා බැලුවා.
මිති… ගොඩාක් සීතලයි… සපත්තු දා ගන්නකො…
මට මානම්කුල දැනෙන්න ඕන නිදු…
අක්ශි නිදුක්ගෙ අත අල්ලාගෙන දකුන කකුල පොලොවට තිබ්බේ ඒ මීදුමෙන් වැසුන කදුයාය දිහා බලාගෙන. කෙල්ල කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව බලාන් ඉද්දි අක්ශි නිදුක්ගෙ අත අතහැරලා ඊලග කකුලත් සීතල පොලොවට තිබ්බෙ ඇස් පියා ගන්න ගමන්.
•• මහා පොලො දරනී…
පැමිනි ඔබේ දියනී…
මොහොතක අවසර වන්නී…
අවසන් කරනට අරභන්නී… ••
” ගිරිසාපි ”
අක්ශිගෙ මුවින් මිමිනුන වාදන් කාටවත් ඇහුනේ නැ. ඒත් කෙල්ල නිල්පාට ඇස් වලින් කදුයාය දිහාම බලාන් හිටියා. ඇගේ නිහඩ බව අනිත් අය තවත් නොසන්සුන් කලා.
මිති… අනේ කතා කරන්න… බය කරන්න එපා…
මිති මගෙ නන්ගි…
නිදුක් කෙල්ලගෙ අත ඉක්මනට අල්ලා ගත්තා. ඒත් නිදුක්ගෙ ඇගපුරාම විදුල්ලක් වගේ ගිනියම් හැගීමක් ඇදිලා ගියේ කොල්ලාව පස්සට විසික් වෙද්දි. නිදුක්ට එක මොහොතකට අක්ශිගේ හදවත පුරා ගිනි ගන්නා අතීතය වර්තමානය අනාගතය එක් උන වේදනාව අතරින් මහා භයානක අබිරහසක චායාව එක උන ඒ හැගීම හිත පුරා වෙලා ගත්තෙ බිම දන ගැස්සෙද්දි. නිදුක්ට ඒ මොහොතේ එක දෙයක් අක්ශිගෙන් ලැබුනා. ඒ වේදනාවක ආරම්භක මොහොත. නිවාන් ඉක්මනට නිදුක්ව වාරු කර ගත්තා.
නිදු… මිති… මොකද්ද වෙන්නෙ… නන්ගි…
නිවාන්ට කියවුනේ වේගයෙන්. ඒත් අක්ශිගෙ ඇස් වලින් ලේ පාටට ලේ කදුලු ගලාගෙන ගියේ හැමෝවම බයබීරන්ත කරලා. දනුක පවා බයෙන් පස්සට උනා.
මිති… අනෙ නන්ගි…
මගේ දරුවො… ලොකු පුතා… කෙල්ලව අල්ල ගන්න… අනෙ දෙවියනේ…
මිති… නන්ගි…
නිවා… කෙල්ල ලගට පලයන්… නිදු… කතා කරහන් මල්ලි…
අනේ නිදු අයියේ… මිති…
දිත්යාගෙ හැඩුම් මැද්දෙ දනුක ඉක්මනට නිදුක්ව වාරු කරගෙන නිවාන්ව අක්ශි ලගට තල්ලු කලා. අක්ශා ගල් ගැහිලා තිලක්ගෙ අත මිරිකා ගත්තා. හන්සියි නිවානුයි කෙල්ල ලගට ගියේ කෙල්ලගෙ ඇඩුන් එක්ක.
ඒත් අක්ශිගෙ වේදනාව දැනුනේ නිදුක් විතරයි. නිදුක් එතනම අක්ශි සමානව හඩා වැටුනේ ඒ භයානක වේදනාව නිසා. අක්ශි ලේ කදුලු පිරුනු ඇස් වලින් කදුකරය දිහා බලාගෙනම හිටියා. කෙල්ලගෙ ඇඩුම් මැද සීතල රැස්වියගල අමුතුම අදුරක් පරිසරයම වෙලා ගත්තේ මීදුම් ගන කරලා. ලග ලගම මාරුතයක් එන බව සටහන් කරමින් පාරේ ගමන් කල වාහන කිහිපයක්ද නතර කලේ මහ වරුසාව ලග ගමන බාදාවක් වෙන හින්දා.
ඒත් අක්ශි මානම්කුල පාර පටන් ගන්න තැන පාවහන් රහිත සුදු රෝස පැහැ පය තිබ්බා. කෙල්ල අත් දෙක මිටි මොලවාගෙන හඩ අවදි කලා.
මානම්කුල දෙයියො… මන් ආවා මගෙ මහත්තො… මගෙ රත්තරන්ව හොයාගෙන මන් ආවා… මානම් දෙයියො… මගෙ මහත්තයො…
අක්ශිගෙ වේදනා බර හඩ මීදුම් සුලගෙ ගසාගෙන ගියේ ඒ හඩ අහන් ඉන්න හදවත් කම්පා කරලා.
ඒ එක්කම අක්ශිගෙ ඇස් බොද කරලා නිවාන්ගෙ අතට ඇදගෙන වැටුනේ සිහිනෙන් වගෙ ඒ ආදරනීය ආත්මිය පෙම්බරයාගෙ හඩ දෙසවන් ලගින් ඇහෙද්දි.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)