14 🍃
නිවසේ ගේට්ටුව ඇරගෙන. ලොකු කුඩේකුත් උස්සාගෙන ඒ මහ වරුසාව මැද්දෙන් එන ඒ හරි ලස්සන ඉටිරූපයක් තරම් සුන්දර ශ්වේත වර්නයෙන් අනූන ආත්මීය රුව ගේ ඉස්සරහට ඇවිත් පඩිය ලග හිට ගත්තේ එක අතක් ඉනටත් තියාගෙන ඔලුව ඇල කරලා බෙල්ල ලගට දිග කොන්ඩේ කන පිටි පස්සට කරලා සමන් දිහා බැලුවා.
අප්පච්චි…
ඒ කන්කලු කටහඩ දුර ඈත අතීතයෙ නොනිමි මතකයන් අතරින් කිසිදු වෙනසක් නැතුව අක්ශිගෙ දෙසවන් සිප ගත්තා. අක්ශි ඉස්සරහා සමන් දිහා බලන ඒ හරිත වර්න දිගු ඇස් කලබලෙන් වගේ එහෙ මෙහෙ ගියා. ඒ ගෙල මුලට දිගු කාලවර්ණ සිනිදු කොන්ඩය වැස්සට යන්තම් තෙත් වෙලා. ඒ මුහුනේ සුදු කම්මුල් රෝස වෙලා තොල් රත් පැහැ වෙලා සීතලට කන් රත් පැහැයෙන් තවත් ලස්සන උනේ ඒ රුව ආත්මයේ ඇදුනු කිසිම වෙනසක් නැතුව. එදා ගල් ගුහාවේ දුටු රුවම අද අක්ශි ඉදිරියේ හිටියේ මානම්කුල දෙවියොන්ගෙ ප්රාතිහාර්යයක් ලෙස. ඒ මානම්කුල දෙයියොමයි.
ඒත් ඒ මොහොත විතරක් ඇති අක්ශිට හැමදේම තෙරුම් ගන්න.
අප්පච්චි… අම්මා බලන්න කිව්වා ඇයි පරක්කු කියලා…
චුටි පුතෙ… මේ…
සමන් නිරුත්තර උනේ අක්ශි ඉස්සරහා. අක්ශි ඒ හුරුබුහුටි කිසිම වෙනසක් නැති එකම සමාන රුව මානවිගෙ පෙම්බරයා මානම් කුමරු ඒ ඇස් වලින්ම අක්ශිට දැනුනා.
අක්ශි ආත්ම තුනක් උවද මානම් එකම ආත්මයයි.
මිති… ඇයි දු… ඔහොම ඉන්න එපා…
සොරි සියා…
සමන් මේ අපේ මිති දුව…
තිලක් කතා කරන්න වචන හෙව්වේ සමනුත් නිරුත්තර වෙලා ඉද්දි. හැමොම දිහා බලාන් හිටපු කොල්ලා අන්තිමට අක්ශිගෙ නිල් ඇස් ඉස්සරහා නතර උනේ ඇස් ලොකු කරාන්. කොල්ලා ඉක්මනට කුඩේ බිම දාලා සමන්ගෙ පිටි පස්සෙ හැන්ගුනේ හරි ලැජ්ජාවෙන් වගේ.
අක්ශිව එකපාරටම අමුතු වෙලා ගියා. සමන් අපහසුවෙන් හිනා උනේ කොල්ලාගෙ ලැජ්ජාව හින්දා.
අපේ කොල්ලා හරි කුලැටියි… අයියාගෙයි අක්කලා දෙන්නාගෙයි හුරතලානේ… හුරතලේට හැදුනෙ… ගනන් ගන්න එපා…
මේ සමන්ගෙ පොඩි පුතා වෙන්න ඇති…
ඔව් මහත්තයො… අපේ පොඩි එකා… තාම උසස්පෙල කරන්නෙ… මේ එන අගොස්තුවේ…
ඒක නම් හොදා… හොදට පාඩම් කරන්න… අපේ මිතිට වඩා බාලයි එහෙනම්…
එහෙමද… මේක අපේ ඇස් දෙක… අපේ නොනේ පන ඇරලා පරිස්සම් කරන්නෙ…
ඒක නම් හිතා ගන්න පුලුවන්… හරි ලස්සන කොල්ලා…
තිලක් හිනා වෙලා කිව්වෙ ඇහි පිල්ලමක්වත් නොගහා කොල්ලා දිහා බලාන් ඉන්න කෙල්ලා දිහා බලන ගමන්. අක්ශි ඉස්සරහට අඩියක් තිබ්බෙ කොල්ලා තවත් හැන්ගෙද්දි.
මානම්ව පරිස්සම් කරන්න දැන් මන් ඉන්නවා… සමන් අන්කල්ගෙ බය දැන් ඉවරයි…
කෙල්ල එහෙම කියද්දි සමන් තව ටිකක් බය බිරන්ත උනේ කොල්ලාත් පුදුම වෙද්දි.
අනේ දුවේ… දුව කොහොමද… මොනවාද… අපේ පුතා… අනේ පොලිසියේ මහත්තයො…
මිති දුව…
එ දෙන්නාම බය වෙලා බලාන් ඉද්දි සමන්ගෙ පිටි පස්සෙ බලාන් හිටපු කොල්ලා ලස්සනට වල ගැහැනෙ රෝස කම්මුල් වලින් හිනා වෙලා කෙල්ල ලගට ආවා.
මන් මානම් උත්තරාධර දිරිඇල්ල… ඔයා…
අක්ශිත් ඇස් හිනි කරලා ලස්සනට හිනා උනා.
මන් අක්ශි මිත්ලානා ඩියොන්…
ලස්සන නමක්…
මානම් අක්ශි හරි හුරතල් විදිහට හිනා උනේ හුග කාලෙක ඉදන් දන්නවා වගේ. තිලක් සමන් කම්පනයෙන් වගේ බලාන් ඉද්දි නිදුක් ඈනුම් අරින එලියට ආවේ ඒ එක්කමයි.
මිති… ඔයා නැගිට්ටාද… මොකො මේ එලියේ…
නිදු…
අක්ශි ඉක්මනට කොල්ලා දිහා බැලුවා. නිදුක්ට පුදුමයි බය වෙලා වගෙ බලාන් ඉන්න තිලක් සමන් දිහා බලද්දි.
සියා… ඇයි මේ…
පොඩි පුතා… මේ… මේ සමන්…
නිදු… මේ සමන් අන්කල් අපේ සිදොරිස් අප්පච්චිගෙ මුනුපුරා…
අක්ශි හරි සැහැල්ලුවෙන් හිනා වෙලා කිව්වෙ පලාතම එලිය කරලා තවත් මහ අකුනක් කොටද්දි. නිදුක්ව මේ සීතලේ දහදිය දාගෙන ගියා අක්ශි හරි සැහැල්ලුවෙන් කියාගෙන යද්දි. කෙල්ල එක්ක ඉන්න ඒ ලස්සන පොඩි කොල්ලාත් හිනා උනේ කිසි දෙයක් ගැන ගානක් නැතුව වගේ.
හෙන ගෙඩි පුපුරන අස්සෙ මේ කෙල්ලයි කොල්ලායි දිහා තුන් දෙනාම ලොකු කම්පනයෙන් බලාන් හිටියා. සමන් දෙපා වාරු නැති වෙද්දි ලග පුටුවෙන් වාඩි උනේ මානම් ඉක්මනට සමන්ව අල්ලාගෙන උදව් කරද්දි.
අනේ අප්පච්චි… ඇයි මේ…
ඇයි අහන්නෙ… මොනවාද මේ කියවන්නෙ… අපේ ලොකු අත්තා ගැන කොහොමද මේ දුව දන්නෙ…
අප්පච්චි එවා හිතන්න එපා… යන් ගෙදර… උදේට එමු… අරහේ අර තුන් දෙනා බිස්කට් නැ කියලා මාව මරාන් කන්න හදනවා… කඩේට යන්නත් ඕන…
චුටි… මට කියලා ඉදපන්… මොකද්ද මේ හරුපේ කියලා… මේ දුව ලොකු අත්තාව කොහොමද දන්නෙ… අනේ දුවේ… දුව කොහොමද මේ දේවල් දන්නෙ… අනික මගෙ කොල්ලාගෙ නම මානම් කියලා…
සමන්ගෙ ප්රශ්න කොටියටම අනිත් දෙන්නාගෙත් ප්රශ්නය. ඒත් අක්ශිට කියන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැ. කෙල්ලත් ඇස් දෙක බොල කරාන් බලාන් ඉද්දි මානම් නලලට අත ගහා ගත්තා.
සොරි අන්කල්… මන් කියවගෙන ගියා… අන්කල්ලාට විකාරයි වගේ ඇති…
විකාර නැතුවැ… ගහෙන් ගෙඩි එන්න වගේ බයිල කියොගෙන යද්දි… කටට බ්රේක් නැනේ… පුදුමයි සුද්දියෙක් සින්හල කතා කරනවා…
මානම් මහ කටකාරයෙක් වගේ කියාගෙන යද්දි අක්ශිට කේන්ති ගියේ කොල්ලාට දෙකක් අනින්න තරම් කේන්තියෙන්.
මොකද්ද කිව්වේ… දොඩන් ගෙඩි දෙකක් තරන් උස නැ… දෙන්නේ අඩියක් බහින්න…
අක්ශි අත මිටි මොලවලා කියද්දි නම් මානම්ගෙ මුන රතු වුනා. කොල්ලා සමන්ට තවත් ලන් උනේ කෙල්ලට බයෙන් වගේ. සමන් කොල්ලාට හොදට රවනවා.
දුවේ… පැහැදිලි කරනවාද අපිව තවත් අව්ල් කරන්නෙ නැතුව…
සමන් කතා කලේ ඉල්ලිමක් විදිහට. ඇත්තටම මේ වෙන දේවල් එක්ක ඒ තුන් දෙනා අව්ල් වෙන එක පුදුමයක් නෙමෙයි. ඒත් ඊටත් වඩා ඒ තරම්ම අපහැදිලි මනසකින් අක්ශි ඉන්නෙ කියන එක කෙල්ලටම හිතා ගන්න බැ. මෙහෙම හරිම සැහැල්ලුවෙන් මානම් එක්ක ඇස් ඉස්සරහා කතා කලත්. අක්ශි හිනාව මැකිලා ගිය මුහුනින් කොල්ලා දිහා බැලුවා.
අවුරුදු ගනනාවකට ඈත එදා මානම්කුල අඩවියෙදි ආත්ම ගත පොරොන්දුවක් ලෙස සිදු උන හමුවීම අදත් ඉරනම් සහගත විදිහට මෙහෙම හම්බ උනා.
” ඒක ගිරිසාපිගෙයි මානම්කුලගෙයි පොරොන්දුවක්… ඒ පොරොන්දුව සාපයක් උනා මානවිටයි මානම්ටයි… ඒත් මට ඕන ඒ පොරොන්දුව ඒ සාපය ඉවර කරන්න… ගිරිපඬුරුලොදර අවසන් කරන්න… මානම් වෙනුවෙන්… ”
අක්ශිගෙ වචන කන ලග දොන්කාර දුන්නා සේ නිදුක් තිලක් සමන් තුන් දෙනාටම දැනුනා. ඒත් මානම් කෙල්ල දිහා බලාන් හිටියේ දුකින්. ඒත් කෙල්ල කෙලින්ම මානම් දිහා බැලුවා.
මානම්කුල ගිරිසාපිගෙන් ගිරිපඬුරු ඉල්ලුවේ සාපය නිවන්න… ඒත් මානම් ඒ සාපෙට එයාම බිලි උනා… ඒත් අද ඇයි ආයෙත් ගිරිපඬුරු ඉල්ලන්නෙ… ඇයි මානම්… මානම්කුලම බිලි ගන්නෙ ඇයි…
අක්ශිගෙ පැහැදිලි කඩහඩ වරුසාව අස්සෙන් ගිගිම් අස්සෙන් දොන්කාර දුන්න. ඒත් මානම් නිහඬයි.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)