15 🍃
සමන්ට වහන් උන මානම් බිම බලා ගත්තේ කිසි දෙයක් නොකියා. කොල්ලා කිසිම දෙයක් දන්නෙ නැ වගෙ. ඒත් මානම්ගෙ කොල පාට ඇස් අක්ශිට බොරුවක් නෙමෙයි. ඒ ආත්මීය ආදරය බොරුවක් නෙමෙයි. අදටත් අක්ශි පති දම් පිරුවේ බොරුවට නෙමෙයි. සදාකාලික ඔහුගෙම පතිනිය වෙන්න දිවුරුම් දුන්නෙ බොරුවට නෙමෙයි. සාරාසංකේය පතා ඔහුවම පැතුවෙ බොරුවට නෙමෙයි.
අක්ශිට ඒ නිහඩ බව වේදනාවකට වඩා මහා භයක් උනත් කෙල්ලගෙ හිත බොරුවක් නෙමෙයි.
මන් අදටත් මානම්ට ආදරෙයි… ඒ ආදරේ වැඩි උනා මිසක් සදහටම අමතක උනේ නැ… මගේ ආදරය… ආත්ම තුනක… සියවස් තුනක… සදාකාලික අමරනීය ආදරයක්… දිවුරුම් දුන්නෙ මානම්ගෙ නාමෙන්…
අක්ශි වෙව්ලන හඩින් කිව්වෙ මානම් ගල් ගැහිලා වගේ බලාන් ඉද්දි. කෙල්ල ඉක්මනට ඇතුලට දුවලා ගියේ ඔක්කොමලා හොල්මන් දැක්කාටත් වඩා බයෙන් බලාන් ඉද්දි.
ඒත් අක්ශිගෙ හිත කිව්ව මානම්ගෙ නිහඩබව ලොකු කතාවක් කියලා අනිත් අයට හිතුනා. ආත්මීය පොරොන්දුව අදත් ඒ අහබු හමුවීම හරි අපූරුවට සිද්ද උනේ අදටත් නොකියූ නොලියූ ඒ පෙම් කව ගිරිසාපි දේවි මානම්කුල දෙව් කතාවට සාදාරනයක් වෙන්න. ඒත් ඒ මානම්කුල මානම් හො මානම් කව්ද විතරක් කාටවත් තෙරුම් ගන්න බැ. අක්ශි ඇර.
ඒ මගෙ මානම් දෙයියො… මානවිගෙ මානම්… ඒ රුපය කිසිම වෙනසක් නැ… ගිරිසාපිගෙ මානම්කුල… මානවිගෙ මානම්… ඒත් අක්ශිගෙ… කව්ද…
කදුලුන්ගෙන් තෙත් උන කොට්ටෙ මිරිකාගෙන හිමින් මිනිනපු අක්ශිට කොල්ලාගෙ ඒ බකපන්ඩිත කතාවත් මතක් උනා.
” ඉන්නවා… මන් බලා ගන්නම්කො… ගමකට ගහන්න කතාව… මේ අක්ශිව අන්දන්න… හිතාගෙන ඇති… ගිරිසාපිටයි මානවිටයි ඔයාව ලබන්න පින නැති උනාට… මන් නිකම් බලාන් ඉන්නෙ නැ… මට බාදාවක් වෙන්නෙ කව්ද… සන්හාරයක් කරලා හරි මන් ඔයාව අයිති කර ගන්නවා… මගෙ මානම්… ”
අක්ශි ස්තිරවම හිතුවේ හිතේ එකම එක අදිශ්ටානයෙන්. ඒත් මානම්කුල කදු යාය නැවත වරක් මිනිස් රුව ගෙන අක්ශි ඉස්සරහටම ආවේ නිකම් නෙමෙ. ලොකු දෙයක් හින්දා කියලා කෙල්ලට තෙරුනා. එදා මානවි ඉස්සරහට ආවේ මානම්කුල දෙවියන්ගෙ අවතාරය මානම්කුල අඩවිය බලා ගන්න ගොපල්ලා උනාට අද අක්ශි ඉස්සරහට ආවේ ඒ මානම් නෙමෙයි ඇත්තම ඒ සැටියෙන්ම ගිරිසාපි පෙම්බැදි මානම්කුල දෙවියො.
කාමරේටම වෙලා කැමක් බිමක් ගැන කිසිම මතකයක් නැතුව කල්පනාවෙම ඉන්න අක්ශි දිහා බලාන් හිටපු නිදුක් පහල කැම කාමරයේ රැ කැම ගන්න සහොදරයෝ ලගට ආවේ කොල්ලාත් ලොකු කල්පනාවක ඉන්න ගමන්. මුලු කැම මේසයේම තිබ්බෙ ලොකු නැහැඩියාවක්. ඒත් නිදුක්ගෙ කල්පනාව තිබ්බෙ කෙල්ල කල්පනා කරන ඒ හේතු වල වේදනාව ඒ විදිහටම කොල්ලාටත් දැනෙද්දි.
ලොකු… අපි හෙට මානම්කුල යනවාද…
නිදුක් හැමොටම කලින් කතා කලේ ඔක්කොමලා කොල්ලා දිහා බලද්දි. නිවාන් තිලක් දිහා බලලා සුසුමක් පිට කලා.
මානම්කුල යන එක ටික දවසක් කල් දාන්න ඕන… අපි තාම මුකුත් ප්ලැන් කලේ නැනේ… ඊටත් වඩා… රැස්වියගල ග්රාමසේවක සමන් අන්කල් අක්ශිගෙ නෙමෙ මානවිගෙ අයියාගෙ පුතා කියන එකත් එකපාරටම එලි වෙච්ච් එක… මේ ඔක්කොටම වඩා…
නිවාන් කැම ගන්න එප පැත්තකට දාලා නිදුක් දිහා බැලුවා.
සමන් අන්කල්ගෙ පුතාට… මානම්ට… අපේ එකා මුනටම කිව්වානෙ ආදරෙයි කියලා… සමන් අන්කල්ගෙ මුන බලන්නත් මට මොකද්ද වගේ… ඒ කොල්ලා ලස්සන ඇති… නමත් මානම් උනාට…
අපෙ එක නම් ගොන් ගහක්මයි…
අනේ සුවීට්නෙ අපේ මිති… දැක්ක ගමන් ආදරෙයි කිව්ව එක… ඇත්තටම මට බලන්න ඕන ඒ කොල්ලා කව්ද කියලා… අනික මල්ලියෙක්… සියා ඇත්තටම ඒ කොල්ලා ලස්සනද…
දිත්යා… මේ ලමයි නම් අනේ මන්දා… ලස්සනයි ලස්සනයි… මටත් පුදුමයි සමන්ට එච්චර ලස්සන පුතෙක් ඉන්න එක… කොල්ලා හරි ලැජ්ජා කාරයා වගේ… මිති එහෙම කිව්වාම බලන්න එපැ කොල්ලාගෙ මුන… ලස්සන කොල පාට ඇස් දෙකක්..
තිලක් පවා හරි වර්නනාවෙන් කිව්වෙ හැමොම හිනා වෙද්දි. ගෙදරට වැඩට ආව දිස්නා අතුරුපස සහිත පලතුරු බොල් එකයි අයිස්ක්රීම් පෙට්ටියයි මේසෙන් ගෙනත් තියලා එයාලාගෙ කතාවට සවන් දුන්නේ ඒ අතරෙ. ඒත් නිදුක් හිටියේ එයාගෙම කල්පනාවක.
දිස්නා ආන්ටි… සමන් අන්කල් ගැන විස්තර කියන්නකො… ඔයා මෙහෙමනේ ඉන්නෙ…
හම්මෙ රත්තරන් මනුස්සයා… ග්රාමසේවක මහත්තයා මානම්කුල පදිංචිය උනාට කොල්ලා කාලේ මෙහෙ පදිංචියට ආවේ… කෙල්ලොම තුනක් වෙද්දි ගම්බාර දෙයියොන්ට පින් සිද්ද වෙන්න රත්තරන් වගේ හරි අහිංසක කොල්ලෙක් හම්බ උනා… ඒ පුතා තමා ඔය… යමුනා ඇහේ තියාන් ඔය කොල්ලා හැදුවේ… කෙල්ලො තුන් දෙනාට වඩා කොල්ලාව හැදුවේ මලක් තරම් පරිස්සමට…
දිස්නා හරි උජාරුවෙන් කියෙව්වෙ කියවන්න ලැබුන අවස්ථාවෙන් උපරිම ප්රයොජන ගන්න ගමන්.
එතකොට ඇන්ටි මානම්කුල ගිහින් තියෙනවාද…
දිත්යා එකපාරටම අහද්දි දිස්නාගෙ මුන වෙනස් වෙලාම ගියා.
අනේ බුදු සන්තො… ඔය නමවත් කියන්න එපා… මහා සාපකාරි නමක්… මානම්කුල ගිය කිසි කෙනෙක් ආයෙ එන්නෙ නැ… එහේ උදවියවත් ගමෙන් පිට එන්නෙත් නැ…
හම්මො බය කරන්න එපා දිස්නා ඇන්ටි… මන් නිකම් ඇහුවේ…
නිකන් උනත් සෙල්ලම් නෙමෙ නොනේ… මානම්කුල දෙයියො කම්පා වෙලා ඉන්න කාලේ තුන්කොටි දෙවියන්ටත් වඩින්න බැ…
දිස්නා සද්දෙන් කියාගෙන කුස්සියට ගියේ කොල්ලො කෙල්ලො ආයෙත් නිහඩ වෙන ගමන්.
රැස්වියගල වසා ගත්ත අදුරු වලාකුළු උදේ හිරුත් වසා ගත්තේ රැස්වියගල සීතල තවත් වැඩි කරලා. අක්ශි ඒ හිරිගඩු පිපෙන උදේ ස්ලිම් ෆිට් ඩෙනිමයි ස්වීටර් එකර උඩින් තවත් ජැකට් එකයි මේසුයි බූට්ස් සපත්තුයි දාලා ලස්සන දිග රතු කොන්ඩේ දෙකක් වෙන්න ගොතාගෙන ලෑස්ති උනේ උදෙන්ම ගෙදරින් පනින්න. නිවාන් මානම්කුල යන එක කල් දැම්මාට කෙල්ලට ඒ මානෙට යන්න උවමනාව තිබ්බෙ හිතේ ගොඩාක් දේවල් ගැන කල්පනා කරන ගමන්.
ගේට්ටුව ලග ඇවිල්ලා ආපහු හැරිලා බලපු අක්ශි අතේ තිබ්බ බෙල්ට් බැග් එක ඉන වටේ දාගෙන ලොකු හුස්මක් ගත්තා. කෙල්ල වම් අත අරන් සුලගිල්ල සුලගිල්ල නවලා අත නලලට තියාගෙන ඇස් පියා ගත්තා.
•• අවසර පතන් භූමී දේවි
මා අඩවිය මා දනන් දේවී
කල් ගත වන් මා දෙනුවන් දේවි
මා බලගතු මා බල රැක දේවී
අවසර පතන් සීමා මේ මා දේවී… ••
අක්ශිගෙ මිමිනුම හිරිහැරයක් නොව ආදරනීයයන් වෙනුවෙන් අක්ශිගෙ පැතුම. බල සම්පන්න මේ අඩවියේ තුන් වර භවි අක්ශිට සම කවුරුවත් නැ. කෙල්ලට බාදා වෙන්නවත් කාටවත් බැ. ලොව සුපතල කෙරුම් කාරයින්ටවත් මේ මාතෘ අඩවියේ අක්ශිට ලන් වෙන්නවත් බැ.
ලොකු සැහැල්ලුව දැනුන අක්ශි ගේට්ටුව ඇරගෙන මාවතට ආවේ දෙපැත්තම බලන ගමන්. ඒත් කෙල්ලගෙ නිල් ඇස් දෙක නම් හෙව්වේ මාවතේ ගෙවල් කිහිපයක් එහාට වෙන්නෙ තියෙන ග්රාමසේවක නිවස දිහා. උස් ගස් වලින් වට වෙලා තාප්පෙනුත් වැහුන ඒ ගෙදර වහලෙ විතරයි කෙල්ලට පෙනුනේ. ඒත් මානම් රහසක් කියලා කෙල්ල දන්නවා.
එක්ස්කියුස්මි… ආර් යූ… ලු..ලුකින්… ස.සන්මන්…
කැඩිච්ච දන්න තාලෙන් ගැට ගහ ගත්ත වචන වලින් ඇහුන කටහඩට කෙල්ල ගැස්සිලා ඔලුව උස්සලා බැලුවා. කෙල්ල ඉස්සරහා ලස්සන සාරියක් ඇදලා ජැකට් එකක් ඇදගෙන ඉන්න චාම් ලා තලෙලු පාටක් තියෙන තරුනියක් හිනා වෙලා බලාන් ඉන්නවා. අක්ශි අමුතුවෙන් ඔලුව හරොලා බැලුවේ.
Was hast du gesagt… (මොකද්ද ඔයා කිව්වේ)
අක්ශි ගත් කටටම කෙල්ලගෙ භාශාව ජර්මන් භාශාවෙන් ඇහුවේ ඒ කෙල්ල කරකවලා ඇතැරියා වගේ වෙද්දි. කෙල්ල එහෙම්මම නලලට අත ගහ ගත්තා.
සො.සොරි… සොරි…
ඒ කෙල්ල ඉක්මනට අක්ශිව මගහැරලා යන්න හැදුවේ කෙල්ල හිනාව හිර කරගෙන ඉද්දි. ඒත් මේ වෙලාවේ කෙල්ලට තිබ්බෙ වෙන උවමනාවක්.
අනේ ඉන්න පොඩ්ඩක්…
අක්ශි හරි ලස්සනට කතා කරද්දි ඒ කෙල්ල ආයෙත් බැලුවේ බය වෙලා වගේ.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)