අක්ශි ඉක්මනට ඒ කෙල්ල ලගට ගියේ කෙල්ල අමුතුවෙන් බලාන් ඉද්දි.
සොරි… එකපාරටම ඔයා කතා කලාම මන් පුදුම උනා…
ඔ. ඔයාට… සින්හල පුලුවන්…
ඔව් හොදට පුලුවන්… මගෙ අම්මා සින්හල… සොරි… බය කරන්න හිතුවේ නැ…
මම පුදුම උනා… මන් හිතුවේ මේ පාන්දර ඔයා අතරමන් වෙලා කියලා…
අනේ නැ… අර අපේ ගෙදර… ට්රැවල් කරන්න ආවේ… මේ අපේ නැන්දලාගෙ නෑවෙන කට්ටියක් ඉන්නවා ඒකයි… මම අක්ශි…
අක්ශිගෙ ප්රියමනාප කතාව ඒ කෙල්ලගෙ නොසන්සුන් ගතිය පහවෙලා ගියා.
මන් අදිකා… ඇත්තටම පුදුමයි… ඔයා පිටරට කෙනෙක් වෙලාත් සින්හල කතා කරන එකට… ඔයා ඇයි මේ වෙලාවේ…
අනේ ලොකු උදව්වක්… මට පාර පෙන්නන්නකො… දැන් මෙහෙ ගොඩක් වෙනස් හින්දා මට හොයා ගන්න බැ…
කෙල්ල වෙන මතකයකින් කියද්දි අදිකාට පුදුමයි. ඒත් ඒක අදිකාට එච්චර ගානක් නැ.
ඔයාට කොහාටද යන්න ඕන… අක්ශි… දුවෙක්ද නන්ගියෙක්ද මන්දා…
අනේ මන් පොඩි එක්කෙනෙක් වගේද… මට විස්සයි අනේ…
අක්ශි කිව්ව විදිහට අදිකාට හිනා.
අනේ මන් විහිලුවක් කලේ… ලස්සන නන්ගියෙක්… මටත් ඉන්නවා නන්ගියෙක්… ඔයාගෙ වයසේම… යන් මන් ඔයාට පාර පෙන්නන්නම්…
අනේ ගොඩාක් තැන්ක්ස් අක්කෙ…
අක්ශි සතුටින් අදිකාගෙ අත අල්ලා ගත්තා. හදිසියේම හම්බ උන මේ මිතුරු කම අක්ශිට තවත් සතුටක්. හුරුපුරුදු සීතල අහස යට තවත් ආරම්භයක්.
දෙන්නාත් එක්ක කතා කරන ගමන් උදෙන්ම පාසල් යන්න රැස් උන ලමයි තව තරුන තරුනියක් වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉන්න බස් හොල්ට් එකට ආවා. බස් එක එන්න තව වෙලා තියෙද්දි අදිකා අක්ශිට කතා කලා.
අක්ශි නන්ගි තනියෙන් යන එක හරි නැනේ… කාටවත් කිව්වෙ නැද්ද…
ඒයාලා නිදි මේ වැස්සෙ… මන් තනියෙන් යන එක හොදයි…
ඇත්තටම ඔයා වගේ සුදු ලස්සන කෙල්ලෙක් ඔහොම යන එක හරි නැනේ…
අව්ලක් නැ අක්කෙ… මට කවුරුවත් මොනවත් කරන්නෙ නැ…
හම්මො… නන්ගි මේහේ හොදට දන්නවා වගේ… ඔයා ටව්මේ කොහෙ යන්නද… ඕන්නම් මන් එක්කන් යන්නම්… මන් උගන්නන නර්සරි එක පටන් ගන්න තව වෙලා තියෙනවා…
අදිකා අත් ඔරලොසුව බලලා කියද්දි කෙල්ල හිනා උනේ අපහසුවෙන්. කෙල්ලට යන්න ඕන මානම්කුල උනත් ඒ නමත් නපුරු දෙයක් විදිහට සලකද්දි කෙල්ලට කියන්න දෙයක් නැ.
අව්ලක් නැ අක්කෙ… මට යන්න පුලුවන්…
ඒ උනාට මට මොකද්ද වගේ…
අනේ කමක් නැ… මට පුලුවන්…
අක්ශි මේ යන ගමන තනියෙන් යන්න කාටවත් කරදර නොකර. දවසින් දවස අක්ශි ශක්තිමත් උනේ ඒ නිසා.
අදිකා එක්කම ටව්මට යන බස් එකේම නැග්ග අක්ශි සුන්දර පරිසරය දිහා බලාගෙන කල්පනා ලොකේ නතර උනේ ඒ මතකයන් එක්ක.
රැස්වියගල පොඩි නගරය හරිම කඩිසරව කාර්යබහුල උනේ අක්ශිට එකපාරටම කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙද්දි. ඒත් අදිකාගෙ විස්තර අනුව පොඩි බස් ස්ටේශන් එකේ බස් රිදුරු කොන්දොස්තරවරු සහ ඒ තැන නිලදාරින් ගැවසෙන පොඩි කන්තොරුව හොයාගෙන කෙල්ල එතනට ගියා.
පොඩි මේසයක් ලග ඉදගෙන පත්තරයක් බලන ගමන් ඉන්න මැදි වයසේ පිරිමි කෙනා ලගට ආව අක්ශි වටපිට බලලා කතා කලේ හුගක් දෙනෙක්ගෙ අවදානය තිබ්බෙ කෙල්ලට කියලා ගානක් නැතුව.
අන්කල්… මට බස් එකක් ගැන දැන ගන්න පුලුවන්ද… නැතුව යන වාහනයක් ගැන…
අක්ශි පැහැදිලිව කතා කරද්දි ඒ පිරිමි කෙනා සුපුරුදු පුදුමයෙන් කෙල්ල දිහා බැලුවා.
ඔය නොනෙට කොහාට යන්නද… බදුල්ලෙ බස් එකද… පහලදියගමටද නැත්නම්…
මට මානම්කුල යන්න ඕන… මානම්කුල පලවෙනි නැවතුමට…
අක්ශි ඒ වචන පේලිය ටිකක් තදින් කිව්වේ මේසයට අත තියලා පැහැදිලි නිල් ඇස් වලින් පිරිමි කෙනාව අමුතුම කරලා.
මා.මානම්කුල්… අනේ නොනේ… ඒ යන්නෙ…
මට යන්න පුලුවන් විදිහ කියනවාද…
අක්ශි දෙවෙනි පාරටත් ඇහුවා. කෙල්ලගෙ කටින් මානම්කුල ඇහෙද්දි අවට හිටි උන් ඉක්මනට එහාට මෙහාට උනේ බයෙන් වගේ. ඒත් කෙල්ල දිහාම බයෙන් බලාන් හිටපු මනුස්සයාට අමුතුම විදිහට තමන්ව කවුරු හරි පාලනය කරන්නාක් මෙන් දැනෙද්දි කටහඩ අවදි කලා.
උදේ දහයට බස් එක්ක තියෙනවා… එකොලහට ආපහු එනවා… දවසට එකපාරයි බස් එක යන්නෙ…
Vielen Dank…( ස්තුතියි )
අක්ශි එච්චරයි කිව්වෙ. කෙල්ල එලියට ආවේ වලා අතරින් එලියට එන හිරු දිහා බලාගෙන.
” මන් මානම්කුල පය ගහනවා නම්… ඔයාට දැනෙන්න ඕන… මානම් උත්තරාධර දිරිඇල්ල… ඔයාට මාව දැනෙන්න ඕන… ”
කෙල්ල හිතට ශක්තිය අරන් බස් පේලි අතරින් කෙලවරම නවත්තලා තියෙන බස් එක ලගට ආවා. බස් එකේ උඩ බෝඩ් එකේ බොද අකුරින් මානම්කුල ගහලා තිබ්බෙ කෙල්ලගෙ හිතට අමුතු හිරියක් එක් කරලා.
අක්ශි ඉක්මනට අබලන් උන බස් එකට නැගලා වටපිට බැලුවේ උවමාවෙන්. බස් එකේ මැද්දට වෙන්නෙ බැග් එකක් තුරුලු කරගෙන නිදි කිරා වැටෙන කෙල්ලෙක් තව එහාට වෙන්න වයස යුවලක් හිටියා. කෙල්ල ඒ දිහා බලාගෙනම පස්සෙම පේලියෙන් ඉදගෙන ලොකු හුස්මක් ගත්තෙ චාරිකාව පටන් ගන්න.
කෙල්ලගෙ කල්පනා බිදගෙන ෆොන් එක වයිබ්රෙට් උනේ කෙල්ලවත් ගැස්සෙද්දි. හිතපු විදිහටම කොල් එක නිවාන්ගෙන්. කෙල්ල යටි තොල හපාගෙන කොල් එක කට් කරලා මැසේජ් එකක් දැම්මා.
” හරියටම හවස හයට කලින් මන් ගෙදර… බඩු වගයක් ගන්න තියෙනවා… බය වෙන්න එපා… මන් පොඩි නෝට් එකක් තිබ්බා… ඒකේ විදිහට කරන්න… මන් වෙනුවෙන් නිනි… ”
අක්ශි බාගයක් ඇත්ත බාගයක් බොරු විදිහට මැසෙජ් එක දැම්මා. නිවාන් දුර දිග නොබලා මුකුත් කරන්නෙ නැ කියලා කෙල්ල දන්නවා. ඒත් මේ වෙලාවේ කෙල්ලට එක දෙයක් හොයා ගන්න ඕන.
උදේ දහය පහු වෙලා විනාඩි කිහිපයක් යන්න කලින් බස් එකේ වයසක රියදුරු උගුර කාර කාර ශීට් එකෙන් ඉද ගත්තේ කොන්දොස්තරත් ටිකට් ගන්න ඕනැවට එපාව එද්දි.
ටිකට් ගන්න…
කොන්දොස්තර කියද්දි කෙල්ල ඉක්මනට බෙල්ට් බැග් එකෙන් සීයේ කොලයක්ම අතට ගත්තා. කොන්දොස්තර ඉස්සරහා නිදි කිරන කෙල්ල ලගට ගිහින් බලාන් හිටියේ කෙල්ල ඔහේ ඉද්දි.
මේ ටිකක් ගන්න… නිදි කිරන්න නෙමෙ… බස් එකේ යන්නෙ පිනටද…
කොන්දා කැ ගැහුවේ අක්ශිත් තිගස්සලා. ඒ කෙල්ල නින්දෙන්ම ලොකු බැග් එකෙන් මොනවාද ඇදලා කොන්දොස්තරට දුනා. කොන්දොස්තර ඊලගට වයසක යුවලගෙනුත් සල්ලි අරන් කෙල්ල ලගට ආවා.
මානම්කුල ටව්මට…
විසි පහයි නොනා…
මේකම ගන්න මන් ගාව මාරු නැ…
අක්ශි හිනා වෙලා කිව්වාට කොන්දොස්තර ඇස් ලොකු කරන් සල්ලි දිහායි කෙල්ල දිහායි බලලා බය වෙලා වගේ ආපහු හැරිලා ගියා. කෙල්ලට නම් ගානක් නැ.
මානම්කුල බස් එක ස්ටාට් කරලා හිමින් හරො ගන්න හදද්දි එකපාරටම ගැස්සිලා නැවතුනේ ඉයර් ෆොන් දෙක කනේ ගහන් හිටපු අක්ශි වටපිට බලද්දි.
ඔහොම ඉන්න… සයිමන් මාමේ…
ඒ කටහඩට අක්ශිගෙ ඇගම හිරි වැටිලා හිත ගැහෙන්න ගත්තේ ආත්ම ගත පුරුද්ද නිසා. ලස්සන බෙල්ල ලගට කොන්ඩේ යන්තම් ගැට ගහගෙන අලුත් විලාසිතාවේ ඩෙනිමයි ජැකට් එකයි සපත්තුයි දාගෙන සයිඩ් බෑග් එකකුත් එල්ලගෙන එක පිම්මට බස් එකට ගොඩ උන මානම් කෙලින්ම ඇස් හිනි කරලා බැලුවේ අක්ශි දිහා. කෙල්ල යකෙක් දැක්කා වගේ හිටියේ.
මාමෙ යන්…
හප්පෙ කොල්ලො… මොකො හදිසියේ… සියා බලන්නෙ…
ඔව් මාමේ… සියා බලන්නත් එක්ක තමා… තව කොටි දෙනක් ආම්බන් කරන්න ඕනනේ…
මානම් කෙල්ල දිහා හරි ලස්සනට රවන ගමන් කිව්වෙ කෙල්ලගෙ බයයි නොසන්සුන්කමයි පැනලා ගිහින් කොල්ලාව මරන්න තරම් කේන්තියෙන්.
කොටි දෙනක්…
ඔව් අනේ… යන්කො… රැ වෙන්න කලින් එන්න ඕනේ… මාමා හවසට එනවානේ…
පුතා එහෙ යනවා නම් එන්න පුලුවන්…
අනේ පින්…
මොනා කියනවාද…
සයිමන් හයියෙන් හිනා වෙලා බස් එක ඇද්දුවේ මානම්කුල යන්න. අක්ශි නිල් ඇස් ලොකු කරන් බලද්දි මානම් කොල පාට ඇස් වලින් කෙල්ලට රවනවා.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)