උන්මාද මානම්කුල (17 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මානම් කෙලින්ම ඇවිල්ලා කෙල්ල ලගින්ම ඉද ගත්තේ මූන රතු කරගෙන කොල්ලාට දෙකක් දෙන්න තරම් කේන්තියෙන් ඉන්න අක්ශිගෙ මූන දිහා බලාගෙන. මානම්... පිස්සුද... ඔයා කොහොමද... සමන් අන්කල් පිස්සු නටයි... යන දිහාක යනවකො මට මගේ වැඩේ කර ගන්න දිලා... අනේ මේ සුද්දි... නවත්ත ගන්නවා කියවිල්ල... අප්පච්චි දන්නවා මන් ආවා කියලා... අන්ඩපාල වැඩක් කරන්න යනවා කියලා දන්න හින්දා ආවේ... මන් මොන අන්ඩපාල වැඩේ කලාත් ඔයාට වැඩක් නැනේ... ඔයාට අදාලත් නැ... මන් යන්නෙ මගේ මානම්කුල අඩවියට... ඔයාට කිසිම අයිතියක් නැ මට බාදාවක් වෙන්න...

17 🍃

මානම් කෙලින්ම ඇවිල්ලා කෙල්ල ලගින්ම ඉද ගත්තේ මූන රතු කරගෙන කොල්ලාට දෙකක් දෙන්න තරම් කේන්තියෙන් ඉන්න අක්ශිගෙ මූන දිහා බලාගෙන.

මානම්… පිස්සුද… ඔයා කොහොමද… සමන් අන්කල් පිස්සු නටයි… යන දිහාක යනවකො මට මගේ වැඩේ කර ගන්න දිලා…

අනේ මේ සුද්දි… නවත්ත ගන්නවා කියවිල්ල… අප්පච්චි දන්නවා මන් ආවා කියලා… අන්ඩපාල වැඩක් කරන්න යනවා කියලා දන්න හින්දා ආවේ…

මන් මොන අන්ඩපාල වැඩේ කලාත් ඔයාට වැඩක් නැනේ… ඔයාට අදාලත් නැ… මන් යන්නෙ මගේ මානම්කුල අඩවියට… ඔයාට කිසිම අයිතියක් නැ මට බාදාවක් වෙන්න… එදා මන් බහුබුතයක් කිව්වා තමයි… ඒත් මන් හොදට දන්නවා… ඔයා මගෙ මානම් නෙමෙයි කියලා… මගෙ මානම්කුල මනුස්සයෙක් විදිහට ඉපදෙන්න විදිහක් නැ… එයා එහෙම ප්රාර්ථනා කලෙත් නැ… එයාව අදුර ගන්න මට පුලුවන්… එයාටත් මාව අදුර ගන්න පුලුවන්… ඒ හින්දා කරුනාකරලා යන්න… මන් තමුන්ව යවන්න කලින්… මට මගේ මානම්කුල ලගට යන්න ඕන… මට බාදාවක් වෙන්න එපා…

අක්ශි ආවේගයෙන් කියාගෙන ගියේ කෙල්ලට සහතික වෙන්න දෙයක් තිබ්බ නිසා. මේ කෙල්ල ඉස්සරහා ඉන්නෙ මානම් තමයි. ඒත් මානම් වෙනස් වෙලා. මානම්ගෙ රත් පැහැ වෙන ඇස් කෙල්ලව නොසන්සුන් කලාත් කෙල්ලට බයකට වඩා වේදනාවක් තිබ්බෙ. කොල්ලාගෙ කොල පාට ඇස් බොද කරලා කදුලු බෝල රෝස කම්මුල් දිගේ ගලාගෙන ගියේ අක්ශිට කිව්වෙ මොකද්ද අමතකම වෙලා හිතම ඇවිලිලා යද්දි.

අනේ සොරි මානම්… මට කේන්තියට…

ඔයා කොහොමද එහෙම කිව්වෙ සුද්දි… මට ගොඩාක් දුක හිතුනා… හම්බ උන පලවෙනි පාරම ඔයා මට ආදරෙයි කිව්වාම… පිස්සු හැදුනේ නැති ටික විතරයි… ඔයා මානම්ට නම් ආදරේ කරන්නෙ… එහෙනම් මටනේ ආදරේ කරන්නෙ… මන් මානම්කුලනේ…

මානම් ඉකි ගහන්න ඔන්න මෙන්න කියාගෙන යද්දි කෙල්ල නලලට අත ගහ ගත්තා.

ඔයා මානම් නම්… මෙහෙම හුරතල් වෙන්නෙ නැ… මානම්කුල, මානම්, මානම් උත්තරාධර… මේ තුන් දෙනාම එක්කෙනෙක්… එකම රූපය… එකම මානම්… ඒත් ඔයා…

මන් මානම්කුල තමයි… ඒත්… මානම්කුල මන් අමතක කලා… හැමදේම අවසන් කරන්න ඕන හින්දා… ඒත්… මන් හිතුවේ නැ කවදාවත් ඔයා… මානම්කුල ඒවි කියලා…

මානම් වචන ගොත ගගහා කිව්වෙ කෙල්ලව සීතල වෙලා යද්දි.

අනේ ඇත්තමයි… ගොන් අලියා…

අක්ශි ගත් කටටම කිව්වෙ කොල්ලාගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාලා. ඒත් කෙල්ලව කරකවලා ඇතැරියා වගේ මානම් එහෙම කිව්වාම. මානම්ව දැක්ක පලවෙනි පාරම දැනුන ඒ නොසන්සුන් කම ඇයි කියලා කෙල්ලට දැන් තෙරෙනවා. මානම්ටත් අමතක ඒ අතීතය හැමදේම ඉවර කරන්න උනත් මේ පොඩි කොල්ලා මොනා කරනවාද කියන ප්රශ්නයත් කෙල්ලට හිතුනා.

ගිරිසාපිගෙ මානම්කුල ශක්තිමත් දරුනු වගේම කරුනාවන්තයි. මානවිගෙ මානම් ඒ වගේම කරුනාවන්තයි. ගොඩාක්ම නිහඩ කෙනෙක්. ඒත් මේ උසස් පෙල විභාගය කරන්න ඉන්න මානම් උඩ ඉදන් පහලටම මැටි අලයක් කියලාමයි කෙල්ලගෙ හිත කිව්වෙ. ඒත් කෙල්ල එදා ඉදන්ම පිස්සු වැටුනේ මේ කොල පාට ඇස් දෙකටයි කන්කලු කටහඩටයි.

මානම්… ඔයාට මාව මතකද…

කෙල්ල ශීට් එකට හේත්තු වෙලා හුස්මක් ගන්න ගමන් ඇහුවා. කොල්ලා කදුලු පිහිදාලා ලස්සනට හිනා උනා.

සුද්දිනේ…

අක්ශි ඔලුව අල්ලාගෙනම ශීට් එකට හේත්තු උනේ මානම් කෙල්ලට තවත් ලන් වෙලා හේත්තුව දාද්දි. මානම්ගෙ මේ හරි කොලම් හැසිරිම අක්ශිට පුදුමයක් වගේම නොසන්සුන්කමක් උනත් මානම්කුලගෙයි මානම්ගෙයි ඒ හැම ඉරියව්වක්ම හැම හැසිරිමක්ම මානම්ට තිබ්බෙ තව සාක්ශි ඕන නැතුවට. ඒත් ඒ කොලපාට ඇස් කෙල්ලගෙන් ගොඩාක් දේවල් හන්ගනවා. මේ විසි එක්වන සියවසේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි උනත් අක්ශි ලේසි නැ.

ඒත් එදා මානම් ගල් කුහරයෙන් අවසන් මොහොතේ මානවි දිහා නිහඩවම බලාන් හිටපු හේතුව කෙල්ලට තාමත් හිතට වදයක්. ඒත් අතිතය ආයෙත් ලිය වෙන්න පටන් අරන්. අක්ශි කියටවත් ඒකට ඉඩ දෙන්නෙ නැ. ගිරිසාපිගෙ බලය මානවිගෙ ආත්මිය ආදරය අක්ශිගේ නිර්භිතකම එක්ක අක්ශි සම්පුර්ණයි. කෙල්ල මානම්ගෙ අත මිරිකලා අල්ලා ගත්තා.

මාත් එක්ක ගිරි දෙවාලෙට යන්…

මොකක්… පිස්සුද… අප්පච්චි අයියායි මාව හම ගහයි…

ඒක මන් බලා ගන්නම්… ආවේ නැත්නම් මමයි හම ගහන්නෙ… හවස් වෙන්න කලින් ආයෙත් යන්න ඕන…

ඔයා කියයි… කන්දට නගින්නම දවසම යයි… අනික මට බැ එහෙ යන්න… මන් සියලාගෙ ගෙදර යනවා…

මානම් හිතුවක්කාර හඩින් කියද්දි කෙල්ල බැලුවේ අමුතු සතෙක් දිහා බලන් ගානට. ඒත් කෙල්ලට ඊලගට මතක් උනේ කොල්ලා කියන සීයා ගැන. ග්රාමසේවක සමන් දිරිඇල්ල මානවිගෙ සහොදරයෝ කාගෙ හරි දරුවෙක්. ඒක කෙල්ලට තෙරුනා.

මානම්… ඔයාගෙ සියා කව්ද… නම මොකද්ද… එයා ඇයි මානම්කුල ඉන්නෙ… රැස්වියගල එන්නෙ නැත්තෙ ඇයි…

කව්ද දන්නෙ… සියාට මහගේ දාලා එන්න බැ කියනවා… ඔයා එනකම්ලුනේ ඉන්නෙ…

ඇයි මන් එනකම්…

සියා මොකද්ද පොට්ටියක් පරිස්සම් කරනවා මන් දන්න කාලේ ඉදන්… හැබැයි පෙට්ටියෙ මොනාද තියෙන්නෙ කියලා නම් මන් දන්නවා…

මොකද්ද…

මොකද්ද අහන්නෙ…

මානම් ඒ ලස්සන ඇස් නටවලා කියද්දි කෙල්ලව වශී වෙනවා වගේ.

මරු එක්කෙනා මගෙන් අහන්නෙ… ඒ පෙට්ටියේ තියෙන්නෙ ඔයා මට දීපු මාලේ… අර ඔයාගෙ අතින්ම වෛරොඩි, පුශ්පරාග, ගෝමෙද මැනික් කුඩු කරලා අමුතුවෙන්ම මැනිකක් හදලා… මගේ බෙල්ලෙ එල්ලුවේ…

මානම් කටර් එක වගේ කියොගෙන යනවා. අක්ශිට දහසක් මතකයන් අස්සෙ ඒ මානවිගෙ අතින්ම හදපු ඒ මැනික කෙල්ලට මතක් උනා.

මානවනාය මාලේ…

ඔව් ඒක තමයි…

ඒත් ඒක කොහොමද ඔයාගෙ සීයාට…

අපේ සියා ඔයාගෙ මල්ලිනේ… පන්ඩු දිරිඇල්ල… මෝඩි…

මානම් හයියෙන් කිව්වා. අක්ශිගෙ නොසන්සුන් උනත් කෙල්ලට ඒ වචනය පවා දැනුනේ සෙනෙහෙබර සැනසීමක්.

මගෙ මල්ලි… අනේ මාව එහෙ එක්කන් යන්න… අපේ මහගෙදර…

එහෙ තමයි යන්නෙ… හැබැයි දැන් ඒ මගේ සියා හරි…

අනේ මේ මානම්…

අක්ශි රවාගෙන කොල්ලගෙ මුනට ලන් උනේ කෙල්ලගෙ සැරට මානම් ටිකක් ගැස්සුනා. අක්ශිගෙ ඇස් කොල්ලාගෙ අහිංසක මුන දිහාම බලාන් හිටියේ සන්සාර පුරුද්දෙන්. මානම්ගෙ කෙල්ලෙක්ටත් වඩා ලස්සන සුදු රෝස කම්මුල් රතු තොල් කොල පාට දිගු ඇස් ඒ මානම්කුල දෙවියන්ගෙම රුව. රුව නොව හැබැහින්ම කෙල්ල ලග ඉන්න මානම්කුල දෙයියෝ. අක්ශිගෙ සන්සාර ගත ආත්මිය ප්රේමයේ ප්රතිරූපය.

ඇයි ඔයා මෙහෙම උනේ මානම්… මෙච්චර අහින්සක උනේ ඇයි… ඇයි ආයෙත් ආවේ… එදා ඔයා ගිරිකුහරයේ මැකිලා යද්දි… සත්තයි… මන් ගිනි ගත්තා… මගෙ රත්තරන්…

සොරි සුදු… මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැ… ඒදා මන් එහෙම්මම හිටියා… මොකද්ද උනේ ඊට පස්සෙ…

මානම් කිව්වෙ කෙල්ල දිහාම බලාගෙන දුක්බර විදිහට. මානම්ට ඔක්කොම මතකයි. ඒත් කෙල්ලට තෙරුනා මානම් අමතක කලේ නපුරු සිදුවීම්.

මානම්… ඔයා මට වෛර කරනවාද… මානම්කුලට මේ වෙච්ච් දේවල්… මගේ සාපය හින්දා…

ඔයා විතරක් නෙමෙනෙ… මමත් සාප කලානේ… ඒත් අපිට ගැවවෙන්න බැ… ඔයා ආව හින්දා… මට තවත් නිහඩව ඉන්න බැ…

මට සමාවෙන්න මානම්… ඒත්… මේ රහස මේ වේදනාව… මේ සාපකාරි ගිරිපඬුරු මමයි ඉවර කරන්න ඕන… මේ පාර මමයි ඔයාව ආරක්ෂා කරන්නෙ…

සුද්දි… පිස්සු කියවන්න එපා… එතන මොනවා තියෙනවාද කියලා කව්ද දන්නෙ…

මානම් කෙල්ලගෙ බැල්ම මගහැරලා කිව්වා. කෙල්ල දුකින් හිනා උනා.

එතන ඉන්නෙ… ඔයා මානම්… ඔයා හිර කරපු ඔයා ඉන්නෙ… මානම්කුල…

අක්ශි මානම්ගෙ කම්මුලට අත තියලා කිවේ කොච්චර වේදනාවක් උනත් දරාගෙන.

…….

මතුවට.

 

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!