උන්මාද මානම්කුල (18 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උදේ හිරු සගවාගෙන පොලොව සිප ගන්න තරම් ඝන මීදුමෙන් වසා ගත් මානම්කුල පොඩි ටව්මේ එකම බස් හොල්ට් එකෙන් බස් එක නතර කලේ අක්ශිගෙ ඇස් කෙලින්ම බලාන් හිටියේ සන්සාරගත අමතක කල නොහැකි ඒ මනස්කාන්ත මුත් භයනාක මීදුමෙන් වැසුන මානම්කුල කදු යාය දිහා. අතීත මතකයන් නොව හැබැහින් අක්ශි එදා ආදරය කල අද වෛරයට වඩා වේදනා දෙන ඒ පෙම්බරය හමු වූ පෙම්බර අඩවිය අක්ශි බලාගෙන හිටියා. මන් ලස්සනයි නේද...

18 🍃

උදේ හිරු සගවාගෙන පොලොව සිප ගන්න තරම් ඝන මීදුමෙන් වසා ගත් මානම්කුල පොඩි ටව්මේ එකම බස් හොල්ට් එකෙන් බස් එක නතර කලේ අක්ශිගෙ ඇස් කෙලින්ම බලාන් හිටියේ සන්සාරගත අමතක කල නොහැකි ඒ මනස්කාන්ත මුත් භයනාක මීදුමෙන් වැසුන මානම්කුල කදු යාය දිහා. අතීත මතකයන් නොව හැබැහින් අක්ශි එදා ආදරය කල අද වෛරයට වඩා වේදනා දෙන ඒ පෙම්බරය හමු වූ පෙම්බර අඩවිය අක්ශි බලාගෙන හිටියා.

මන් ලස්සනයි නේද…

මානම් කෙල්ලගෙ මුනට ලන් වෙලා ඒ කදුයාය දිහා බලලා කිව්වෙ ලස්සන හිනාවෙන්. ඒත් අක්ශිගෙ මුහුන වේදනාවෙන් පිරිලා.

ගොඩාක් ලස්සනයි… ඒත් එදා තිබ්බ ඒ සුන්දර මානම්කුල ඔයා හන්ගාගෙන…

මන් හැන්ගුවා… මාව විනාශ කරපු හින්දා…

මුන රතු කරගෙන නපුරින් කිව්ව මානම් කෙල්ලගෙ අත අල්ලාගෙන නැගිට්ටා. සාමාන්ය කෙල්ලෙක් කොල්ලෙක් නම් මෙහෙම හැසිරෙන්නෙ ඒක අසාමාන්යයයි. ඒත් මානම් අක්ශි සන්සාරගත ආදරවන්තයන්. ඒත් අක්ශි මේ මානම් වෙනම දෙකක්.

සයිමන් උගුර කාරලා කෙල ගහලා ඇදන් උන් ජසීය තවත් තද කරගෙන කොන්දොස්තර කොල්ලා ඒක්ක බස් එකෙන් බැහැලා ආවේ බස් එකෙන් බහින වයසක යුවලයි අර අමුතු කෙල්ලයි බහිද්දි. මානම් අක්ශිගෙ අත අල්ලාගෙන බහිද්දි සයිමන් ඇස් ලොකු කරගෙන බලාන් හිටියා.

ඈ රාධර පුතේ… මේ නොනාව දන්නවායි… මන් පුදුම උනා මේ සුදු නොනා එකපාරටම බස් එකෙ නැග්ගාම…

මේ අපේ සුද්දි මාමේ… සියා බලන්න ආවේ… මාමා එහෙනම් හවස් වෙලා එන්නකො… අපි ඉක්මනට එනවා…

මානම් හිනා වෙලා කිව්වෙ හරි ලස්සනට කතාව මගහැරලා. ඒත් අක්ශි හිටියේ ඒ අවදානෙන් නෙමෙ. අක්ශි කොල්ලාගෙ අත ආයෙ අත නොහැරෙන්නම තදින් අල්ලාගෙන බලාගෙන හිටියේ මානම්කුල ගම්මානය දිහා.

මානම්කුල අඩවියේ පොලවේ පය ගහන් හිටපු අක්ශිගෙ පාදාන්තයේ ඉදන් ඉහලට ඇගම විදිල්ලක් කොටාගෙන හිසම වෙව්ලලා ගියේ කෝපයෙන් වේදනාවෙන්. ඒ වගේම කලකිරිමෙන්. ඒත් අක්ශිට ඒ වදන් මතකයි.

‘ මගෙ දෙයියො… මගෙ මහත්තයො… මාව දාලා යන්න එපා රත්තරන්… උබලාට සාප වෙනවා… මේ අපරාදේ කරන්න එපා… උබලා මැරිලා පලයල්ලා… මගෙ දෙයියො… මට බැ මගේ දෙයියො නැතුව ඉන්න… අතැරපන් මගෙ මහත්තයාව… මගෙ රත්තරන් මහත්තයො… මානම් දෙයියො… ‘

‘ පව්ල් පිටිල් පව්ල් මල යකුන් වෙවා…
බත බුලත මල පෙරෙත සැතිර වේවා…
නියම්ගම් නියම් ධන ශුන්යය වේවා…
නිදොකල් නුබලා නිදොස් නොවෙවා… සාපි සාපි මහා සාපි… ‘

ආත්මීය මානවිගෙ භවයේ ඒ කටහඩ අක්ශිගෙ දෙසවන් ලග දොන්කාර දුන්නේ ගතම මහා කොපයෙන් පලි ගැනිමේ චේතනාවෙන් ගම්මානයක්ම අහින්සක පෙම විනාශ කල ඒ පලියෙන්. ඒත් මානවිගෙ ශාපය අදටත් ශාපයක්.

මානම්කුල ගම්මානය අක්ශිගෙ ඇස් ඉස්සරහා මානවිගෙ ශාපයෙන් ගිලිලා. මහ මූසල පාලු කඩකැලි. දිරාපත් උන පැරනි ගොඩනැගිලි ගෙවල් දොරවල්. නිස්සාරන ගස් වැල්. පාලු ශුන්ය වුන ගොවිතැන්. සාප කල අවසන් නොව සාප රැගත් ලෙඩ නපුරු අපිරිසිදු මිනිස්සු.

මානවිගෙ ශාපය ගමක් බිලි අරන්. ඒ මූසල ශුන්ය ගම්මානය වසා ගත් අන්දකාර සාපය මරනයෙන් පස්සෙත් ගෙන ගිය මල යකුන් පෙරෙතයින් රජ කරන නිජ භූමියක්. අක්ශිගෙ නිල් ඇස් ඉස්සරහා ඒ භයානක මානම්කුල ගිල ගත්ත ගිරිපඬුරු පුජාවෙන් ලේ බිල්ලට ගත් දෙවියන්ගෙ කොල පාට ඇස් බලාගෙන ඉන්න හැටි කෙල්ල දැක්කා. අක්ශි එදා හිටපු ගිරිසාපිවත් මානවිවත් නෙමෙ.

දෙවියන්ගෙ සාපය ඉදිරියේ මානම්කුල දෙවියන් සැගවුන යක්ශ මානම්කුල සොයන මානම්කුල දෙවියන්ගෙ අක්ශි විදිහට.

අක්ශි ආපහු හැරිලා කෙල්ල දිහා බලාන් ඉන්න මානම් දිහා බැලුවා. මානම්ගෙ ඒ ඇස්. මානම්කුල දෙවියන්ගෙ ඇස්. කෙල්ල ඒ අත අතහැරලා පස්සට අඩියක් තිබ්බා. කෙල්ල ඒ එක්කම හැරිලා ආයෙත් මානම්කුල දිහා බලලා වම් අත ඉස්සරහට කරලා ඇගිලි පහලට වෙන්න හරො ගත්තා. අක්ශි මානම්කුල දිහා බලාගෙම මොහොතක් හිටියා. අක්ශි දිහාම ඇස් ලොකු කරගෙන අර කෙල්ලයි වයසක යුවලයි සයිමන් කොන්දොස්තර දෙන්නායි පුදුමයෙන් බලාන් හිටියා. ඒත් මානම් අක්ශි ලගට අඩියක් තියලා එතනම නතර උනෙ එක මොහොතින්.

වඩින්න අවසර නැත මානම්කුල…
වරම් ගන්නට මා ආවාය කුලකුර…
මා ගනිම් බිලි ගිරිපඬුරු ගිරිසාපි…
පටන් ගනිමි පෙම්බර නුබේ මානවි…
නටපන් දැන් තාලේට මන් අක්ශි…

අක්ශිගෙ මිමිනුම ඉස්සරහා මානම් හිරි වැටිලා ගියේ කොල්ලාගෙ ඇගම කේන්තියෙන් වෙව්ලද්දි. මානම් වෙගයෙන් ඇවිත් කෙල්ලව අල්ලා හරො ගත්තා.

නවත්තනවා සුද්දි… මාව කේන්ති කරන්නෙ නැ…

මානම්…

එනවා යන්න…

කොල්ලා අක්ශිව ඇදගෙන වගේ කඩ පේලීය ලගින් ඇතුලට යැවෙන මාවත දිගේ යන්න ගියා. ඒ දෙන්නා දිහා අර කෙල්ල බලාන් හිටියේ හරි සන්සුන් විදිහට.

මානම් අක්ශිවත් ඇදගෙන ගොඩක් දුර පයින්ම ආවා. කෙල්ලත් බිම බලගෙන මුකුත් නොකියා ආවේ කොල්ලාගෙ කේන්තිය දැනුන හින්දා. රූස්ස ගස් අස්සෙන් අබලන් උන පාර දිගෙ ඈතින් ඈත තියෙන පාලු පාට ගෙවල් කිහිපයක්ම පහු කරගෙන දෙන්නම ආවේ කිසි කතා බහක් නැතුව. ඒත් අක්ශි කොල්ලා දිහා බලාගෙන සුසුමක් පිට කලා.

තරහාද මානම්…

කටවහනවා සුද්දි… ඔයා මොනවාද කරන්න හදන්නෙ ආ… මාව නැගිට්ටලා මොකද්ද කරන්න හදන්නෙ…

මට මගේ මානම්කුල ඕන…

මම මානම්කුල කියලා කී පාරක් තමුසෙට කියන්න ඕනද සුද්දි… මට ආයේ මානම්කුල වෙන්න ඕන නැ… මේ ජිවිතේට මන් කැමති… මගේ දෙමාපියන් සහොදරයින්ට දුකක් දෙන්න බැ මට… එයාලා මන් ගැන ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නෙ… මට එක්සැම් එක කරන්න ඕන… කැම්පස් යන්න ඕන… ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන… මට වෙන මුකුත් නෙමෙයි ඕන… මේ ජිවිතේයි මට ඕන…

මානම් කියාගෙන ගියේ වේදනාවෙන්. අක්ශිට ඊට වඩා වේදනායි. මේ අක්ශි බලාපොරොත්තු උන දේවල් නෙමෙයි. කෙල්ල කොල්ලාගෙ අත ගසලා දැම්මා.

මන් නැති ජීවිතයක්ද මානම්… එහෙනම් ඇයි ඔයා මේ ජිවිතේ හොයාගෙන… මීට අවුරුදු දහ අටකට කලින්… මානම්කුල ගිරිදෙවාලේ ඉස්සරහා… මානම්නාය ගල බිදගෙන ඉපදුනේ… ඔයාගෙ අම්මා උදිතා තාත්තා සමන්… නැ… ඔයාව හදා ගත්ත දෙමාපියන්… මානම්කුලට ජිවිතයක් නැ… මානම්කුල මේ කදු යායයි… ගිරිසාපි ආදරෙන් බැදුන කදුයාය… ගිරිසාපිගෙ ආදරයේ නාමයෙන් අවදි උන මානම්කුල… ඔයාට ඕන මේ ජිවිතය නම්…

අක්ශි කදුලු අස්සෙන් කියන වචනයක් ගානෙ කොල්ලා අත් මිටි මොලවාගෙන අහගෙන හිටියා. ඒත් කෙල්ල ඒ කේන්තියට ආදරෙයි. කෙල්ල ඒ ලගටම ආවා.

මේ මගේ අන්තිම ආත්මය… තවත් ආත්මයක් පතන්නෙ නැ… ඔයාගේ මේ ජිවිතය වෙනුවෙන්… මගෙ ජිවිතය කැප කරනවා…

අක්ශි කිව්වෙ කෙල්ලගෙ හිතේ තියෙන ඒ අන්තිම ප්රාර්ථනාව. මේ සන්හාරය අවසානයේ මානම්කුල දෙවියන්ගෙන යදින අවසන් ඉල්ලිම.

මානම් අක්ශි දිහාම නිහඩවම බලාන් හිටියා. ඒ වචන කොල්ලාට කොහොම දැනුනාද කියන්න කෙල්ල දන්නෙ නැ.

සුද්දි… මේ අවසන් ආත්මය නම්… මානම්කුල නිදහස් කරන්න… ඔයා ඒ ඇත්ත හොයා ගන්න… ඒත්…

කොල්ලා කෙල්ලගෙ කම්මුලට අත තිබ්බා.

මට ආදරෙයි කියපු අක්ශිව මට ඕනේ… මේ ආත්මේ අපි එකතු වෙමු…

මානම්ගෙ ඒ වචන අක්ශිට පුදුමයක් නෙමෙයි. ඒ සන්සාර ගත ආදරය බැඳීම.

එකතු වෙන්න නෙමෙයි… මන් ඔයාව මගේ කර ගන්නවා… මැටි අලේ…

අක්ශි හිනා වෙලා කියද්දි මානම්ගෙ හුරතල් හිනාව ඒ මුහුනේ ඇදුනේ ආත්මීය ආදරය තුන් වෙනි චාරිකාව පටන් ගන්න අඩිය තියමින්.

…….

මතුවට.

 

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!