උන්මාද මානම්කුල (19 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අක්ශිගෙ ඇස් ඉස්සරහා රූස්ස ගස් වලින් වට උන ගරා වැටෙන්න ඔන්න මෙන්න තියෙන මහ ගෙදර දිහා කෙල්ල ඇස් වල කදුලු පුරොගෙන බලාන් හිටියා. දශක ගනාවකට කලින් මානවි ඉපදුන මහ ගෙදර. අයියලා මල්ලි එක්ක සෙල්ලම් කරපු මහ ගෙදර. සතුට වගේම වේදනාව විදපු ආදරනීය මතකයන් තියෙන මහ ගෙදර. මහ ගේ... අක්ශි මිමිනුවා. ඒත් කෙල්ලව එකපාරටම නොසන්සුන් උනේ නොපුරුදු කොපයක් එක්ක වේදනාවක් දැනෙද්දි. ලස්සනට අතු ගාපු මිදුලේ වතු සුද්ද මල් පිපුන මිදුලේ හේත්තු කරලා තියෙන අබලන් බයිසිකලයයි පරන මොටර් සයිකලයයි දිහා කෙල්ල කේන්තියෙන් බලලා මානම්ගෙ අත මිරිකලා අල්ලා ගත්තා.

19 🍃

අක්ශිගෙ ඇස් ඉස්සරහා රූස්ස ගස් වලින් වට උන ගරා වැටෙන්න ඔන්න මෙන්න තියෙන මහ ගෙදර දිහා කෙල්ල ඇස් වල කදුලු පුරොගෙන බලාන් හිටියා. දශක ගනාවකට කලින් මානවි ඉපදුන මහ ගෙදර. අයියලා මල්ලි එක්ක සෙල්ලම් කරපු මහ ගෙදර. සතුට වගේම වේදනාව විදපු ආදරනීය මතකයන් තියෙන මහ ගෙදර.

මහ ගේ…

අක්ශි මිමිනුවා. ඒත් කෙල්ලව එකපාරටම නොසන්සුන් උනේ නොපුරුදු කොපයක් එක්ක වේදනාවක් දැනෙද්දි. ලස්සනට අතු ගාපු මිදුලේ වතු සුද්ද මල් පිපුන මිදුලේ හේත්තු කරලා තියෙන අබලන් බයිසිකලයයි පරන මොටර් සයිකලයයි දිහා කෙල්ල කේන්තියෙන් බලලා මානම්ගෙ අත මිරිකලා අල්ලා ගත්තා. ඒත් කෙල්ල කතා කරන්න කලින් මානම් කෙල්ල එක්කම හරි උද්යොගයෙන් ඒ මහ ගේ ඉස්සරහට ගියා.

පුන්චාත්තේ…

මානම් හයියෙන් කතා කරගෙන කෙල්ල එක්ක ඉස්සරහට ගියා. ඒත් කෙල්ලගෙ ඇස් කේන්තියෙන් බලාන් හිටියේ මහ ගේ ඉස්සරහා ඉස්තොප්පු කැල්ලෙ ඉදගෙන ඉන්න නරුම පාට මිනිස්සු තුන් දෙනයි ගැනු කෙනායි හරිම දුකින් බිම බලාගෙන ඉන්න වයසකම මනුස්සයා දිහායි. මානම්ගෙ කටහඩට ඒ වයසක සීයා නෙමෙයි බැලුවේ අර මිනිස්සු තුන් දෙනා. මානම්ට එච්චර ගානක් නැ වගේ උනාට ඒ මිනිස්සු තුන් දෙනාගෙ ගිජු ඇස් වල මහ පෙරෙත බැල්ම අක්ශිගෙ ඇගෙ ලේ රත් කලා. අක්ශි කොල්ලාගෙ අත මිරිකලා පස්සට ඇදලා ගත්තේ ඒ සාපකාරි මහ නපුරු සිදුවිම කෙල්ලගෙ හිස හරහා ඇදෙද්දි.

මානම්ගෙ කටහඩ ඇහුන වයසක කෙනා මහ කලබලයෙන් හැරමිටියට වාරු වෙලා නැගිට්ටේ කොල්ලා දිහා කේන්තියෙන් බලන ගමන්.

චූටි පුතේ…

ඒ වෙව්ලන කටහඩ අක්ශිගෙ මුලු හදවතම කම්පා කලා. අක්ශි මානම් දිහා කේන්තියෙන් බලලා පුදුමයෙ හැමොම දිහා බලල මානම්ව ඇදලා කෙල්ලගෙ පස්සට කර ගත්තා.

මේ ඉන්නෙ… අපේ සමන්ගෙ පොඩි පුතා… අපි මේ කාලෙකින් දැක්කෙ නැති හින්දා කතා උනා විතරයි…

මහ කෑදර විදිහට එහෙම කියාගෙන නැගිට්ට සොමපාල අනික් පිරිමි දෙන්නාටත් සන් කලේ හරි සතුටින් වගේ. ඒ වයසක සියා දිහා හරි බයෙන් වෙවලන අත් එකතු කරන් මොනවාද කියා ගන්න බැරුව අසරනව අර ගැනු එක්කෙනාට වාරු උනා. මෙතන මොකද්ද වෙන්නෙ කියන එක අක්ශිට අරුමයක් නෙමෙ. මේ මහ ගෙදරදි ආයෙත් එවන් දෙයකට අක්ශි මුකුත් හිතන්න ගියෙ නැ.

කොහොමද පුතා ඉතින්… මොකො මෙහෙ ආවේ නැත්තේ… පුතාව අපි අන්තිමට දැක්කෙ අවුරුදු පහ හයකට කලින් නේද…

සමන් කොල්ලාව ගේ අස්සෙම දාගෙනනේ… කොල්ලො කෙල්ලො වගේ හදන්න ඕනද…

ඇත්ත… ඒ උනාට කොල්ලා හරි හැන්ඩියා… මේ ගම් හතකවත් නැතුව ඇති සමන්ගෙ කොල්ලා වගේ එකෙක්…

ඉතින් පුතා… හදිසියේම සියා මතක් වෙලා… අපිව බලන්න එන්න එපා…

කාඩ මිනිස්සු තුන් දෙනා කොල්ලා ලගට එන ගමන් කිව්වෙ කෙල්ල දිහාත් අමුතු විදිහට බලන ගමන්.

මේ අලුත් යාලුවෙක් වෙන්න ඇති… සුදු නොනා කෙනෙක්…

නන්ද එහෙම කිව්වෙ නොරුස්සන හඩින්. කෙල්ලට සමච්චල් හිනාවක් පැන්නෙ මානම් කුතුහලයෙන් වගේම නොසන්සුන් බයකින් කෙල්ලට ලන් වෙද්දි.

සුදු නොනලාට වලන්ගු දිහාවක් නෙමෙ මෙහෙ… පිට උන්ට තහනම්… ඇ කොල්ලො… මේ නොනා ඇයි මෙහෙ…

නන්ද සැරෙන් වගේ ඇහුවේ කොල්ලා එකපාරටම බියපත් වෙද්දි. සිරිසේනත් සරම උස්සලා ගැට ගහගෙන අනිත් දෙන්නා එක්කම කෙල්ලයි කොල්ලායි වට කර ගත්තේ හරි ඉක්මනට.

අනේ සුද්දි… ඇයි මේ මාමලා…

මානම්ට කියවුනා. කෙල්ලට දුකයි මානම් ගැන. ඒත් මේ පුන්චි දේට බය කෙල්ලෙක් නෙමෙයි අක්ශි. අක්ශි මානම්ගෙ අත අරන් හාදුවක් දුන්නෙ මිනිස්සු දෙන්නා තවත් කුලප්පු වෙද්දි.

ඈ බොල මොකද්ද මේ නාඩගම… කොල්ලො… මේ නොනා මොකක් මේ කරන්නෙ… ගමේ කොල්ලොන් මෙහෙම පිට යනවාද…

ගිහින් දාපන් ඔය නොනාව… මෙතන වෙන වින්නැහියක් වෙන්න කලින්…

මිනිස්සු මානම්ව අල්ලන්න වගේ අත් දිගු කරන ගමන් කිව්වෙ කෙල්ලට ආයෙත් හිනා යද්දි.

මොකද්ද… වින්නැහිය… අනික පිට උන්… මේ මම පිට උන්… මන් ආවේ මගේ මානම්කුල දෙයියො හොයාගෙන… මන් අයිති මගෙ මානම්කුලට… ගිරිපඬුරු බාර ගන්න…

අක්ශි හරි පැහැදිලි සින්හල වචන වලින් කතා කරද්දි මිනිස්සු දෙන්නා එකපාරටම බය බීරන්ත උනා. සොමපාල එතනම දන ගැස්සුනේ දෙපා අඩපන වෙලා. නන්ද අත් දෙකෙන්ම ඔලුව අල්ලා ගත්තේ මොනවාද මුමුනා ගන්න ගමන්. සිරිසේන පස්සෙන් පස්සට ගිහින් බයිසිකලේ අල්ලාගෙන නගින්න බැරුව ඇදගෙන යන්න ගියේ හැරි හැරි මර බයෙන් බලන ගමන්. ඒත් අක්ශිගෙ රත් පැහැ නිල් ඇස් ඉස්සරහා අඩ පන උන මිනිස්සු දෙන්නා දොහොත් මුදුන් දිලා අඩා වැටෙන්න පටන් ගත්තේ වයසක සියායි ගැනු කෙනායි ගල් ගැහිලා බලාන් ඉද්ද්දි.

අනේ… අපිට සමාවෙන්න… අපි දන්නෙ නැ… අනේ සුදු නොනේ අපිව අතාරින්න… අපි මුකුත් කලේ නැ… සුදු නොනෙටම ගිරිපඬුරු දෙන්නම්…

නො.නොනේ… කව්ද සුදු නොනේ… වදින්නම් අපිට යන්න දෙන්න…

මිනිස්සු දෙන්නා නැගිට නග්ග බැරුව වැද වැටුනේ අක්ශිගෙ බලය ඉස්සරහා අසරන වෙලා. අක්ශි ආඩම්බර හිනාවකින් මානම්ගෙ අත අල්ලාගෙන මිනිස්සු දෙන්නා දිහා බැලුවා.

ආයෙත් කියනවාද මන් පිට උන් කියලා… මේ ගිරිසාපිව…

අක්ශි එක ඒ වචනය ඇහුන සොමපාල එතන සිහිනැති වෙලා වැටුනේ නන්දව ගල්පිලිමයක් වගේ බලාන් ඉද්දි.

ඒත් කෙල්ල කරපු දේට නම් මානම්ට ආයෙත් කේන්තියි.

සුද්දි… මන් එපා කිව්වා… මොකද්ද අනේ මේ කරන්නෙ…

මන් කරන්නෙ මට ඕන එක මානම්… මුන්ට ඕන මේ පාර ගිරිපඬුරු පුජාවට ඔයාව බිලි දෙන්න… ඔයාට ආයෙත් බිලි වෙන්නද ඕනේ… ආයෙත් ඔයාවම බිලි ගන්නද ඕන… මේ මානම්කුල විනාශ කරන්නද ඕන… ඔයාගෙ හීන විනාශ කර ගන්නද ඕන… මාව විනාශ කර ගන්නද ඕන…

නැ දෙයියනේ නැ…

මානම් හයියෙන් කැ ගැහුවා. කෙල්ල නිහඩ උනේ කොල්ලාගෙ කදුලු ඉස්සරහා. ඒත් දෙන්නාගෙම හිත් වේදනායි.

නො.නොනේ… මේ නොනේ නේද… අපේ මානවි අක්කා නේද… මානම්කුල හාමුදුරුවනේ… මගෙ රත්තරනේ…

මානවිගෙ මල්ලි මානම්ගෙ සියා පන්ඩු දිරිඇල්ල වෙව්ලන අත් එකතු කරලා පින් දුන්නෙ මානම්කුල දෙවියන්ට. පන්ඩුගෙ ඒ වෙව්ලන කටහඩ ඉස්සරහා දෙන්නාම බැලුවේ අසරන විදිහට.

පන්ඩු එක්ක හිටපු නීලා අහල පහල මිනිස්සු කිහිප දෙනෙක් එක්කන් ඇවිත් නන්දවයි සොමපාලවයි වාරු කරගෙන අරන් ගියේ වෙලා තියෙන්නෙ මොකද්ද කියලා කතා වෙන ගමන්. අක්ශි වැල් පුටුවට බර වෙලා බිම බලාගෙන හිටියේ කෙල්ලට රවන මානම් දිහා හොරෙන් බලන ගමන්. මානම්ගෙ රතු වෙලා තියෙන මුන කෙල්ලට හරි ආසයි.

නොනේ… මන් දැනන් හිටියා මයේ නොනේ අක්කා ගෙදර එනවා කියලා… මන් බලාන් හිටියා මගෙ අක්කෙ…

පන්ඩු කෙල්ල ලගම ඉදගෙන ඒ අත් දෙක අල්ලාගෙන තාම අඩනවා. මානවි ආයෙත් එනවා කියන විශ්වාසන පන්ඩු මේ වෙනකම් බලාන් හිටියා. පන්ඩුට පුදුමයි අක්ශි ආව එක. ඒත් අක්ශිට දුකයි සතුටුයි.

මට සමාවෙන්න පන්ඩු… දැන් මල්ලි කියන්න බැනේ… මගෙ පන්ඩු මල්ලි අර චීන පටස්ගෙ සියානේ…

අක්ශි කදුලු අස්සෙ හිනා වෙලා කියද්දි පන්ඩු රැලි වැටුන අහින්සක මුනෙන් හිනා උනා.

කමක් නැ… මන් පින් කරලා මගෙ අක්කා මෙහෙම දුවෙක් වෙලා දකින්න ලැබුනාට… මන් වාසනාවන්තයි… මානම්කුල දෙයියො මගේ කන්නලව්ව ඇහුවා…

ඒකනේ සියා මෙච්චර හොදට ඉන්නෙ… සියාය අසුවක් වෙලාත්… තව කල් ඉන්න ඕන මගේ සියා…

මානම් කිව්වෙ පන්ඩුගෙ උරහිස වටේ අත දාගෙන කෙල්ලට දිව දිගු කරන ගමන්. කෙල්ල රවලා ආයෙත් පන්ඩු දිහාට හැරුනා.

පන්ඩු සියේ… දැන් මන් ආවානේ… බය වෙන්න කිසි දෙයක් නැ… මන් සියාගෙ මැනික ආරක්ෂා කරනවා… සියා මානම්කුලට උන පොරොන්දුව දැන් මන් ඉශ්ට කරනවා… මේ මැටි අලේව… මන් අරන් යනවා…

අක්ශි කිව්වෙ ස්තිරවම. කොල්ලාගෙ මුන ජම්බු ගෙඩියක් වගෙ රතු උනා. පන්ඩු කෙල්ලගෙ අත් දෙක අල්ලාගෙන නලලට තියා ගත්තේ සැනසිමෙන්.

පින් වෙවා… මගෙ ගිරිසාපි දෙයියො…

පන්ඩු මේ සැනසිම මේ සතුට ලබන්න අවුරුදු ගානක් බලාන් හිටියා. දැන් අක්ශි ඉන්නවා හැමදේකටම.

…….

මතුවට.

 

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!