20 🍃
අක්ශි දිරිඇල්ල මහ ගේ දිහා හැම අස්සක් මුල්ලාක් නෑ බැලුවේ ලස්සන මතකයන් අවදි කරන ගමන්. වැඩි ලොකුවන් නැති කාමර දෙකයි සාලෙයි ඉස්තොප්පු කැල්ලයි ගේ පිටි පස්සෙ ලොකු කුස්සියයි ඒ විදිහටම තිබ්බෙ කෙල්ලගෙ ඇස් ආයෙත් කදුලු එද්දි. ඒ කුස්සියේ දැලි බැදුන ගොම මැටියෙන් කරපු දර ලිපේ නීලා වතුර රත් කලේ තේ හදන්න කියලා. ඒ ලගම බන්කුවෙ ඉදගෙන බිම කොනහන කොල්ලා දිහා බලලා සීතල කදු යාය දිහා බැලුවා.
සුදු නොනේ… කහට ඩින්ගක් බොමු…
අනේ හොදයිනේ නැන්දේ… මන් හරි ආසයි ඉගුරු දාලා කහට එහෙකට…
අක්ශි මානම් ලගින්ම ඉදගෙන කිව්වෙ පන්ඩුත් අමාරුවෙ අඩිය තියලා කුස්සියට ඇවිල්ලා දැල් පුටුවකින් වාඩි වෙද්දි. අක්ශි හරි ලෙන්ගතු කතාව නිලාට සතුටුයි.
සුදු නොනේ එනවා කියලා අපේ පොඩි මාමා කොයි වෙලෙත් කියනවා… මේ ගම්මානේ හාස්කන් මොනාට බොරු කියනවාද… අපේ අප්පොලාගෙ පොඩි නන්ගි වෙච්ච මානවි ගැන මන් ගොඩාක් අහලා තියෙනවා…
නිලා නැන්දාගෙ අප්පො කව්ද… අපේ ගැමුනුද තිස්සද…
අක්ශි හරි උනන්දුවෙන් ඇහුවා. ඒ වචනෙට උනත් පන්ඩුට ඇහැට කදුලු ඉනුවේ රූපය වෙනස් උනත් මේ ඇස් පනා පිට ඉන්නෙ මානවි කියලා දන්න හින්දා.
අපේ අප්පො තිස්ස සුදු නොනේ… අප්පො හරියට නොනේ මතක් කලා ඒ කාලේ… ගමේ හිටිය ලස්සනම කෙල්ල… ලස්සන විතරක්ද… ලොකු අත්තාගෙන වෙද හෙදකන්, උපතින්ම ගෙනාව මන්ත්රය ගුරුකන්… දෙවෙනි නැ කුලකුර සාමිලාට… අපේ ආඩම්බරේ මානවි පුන්චා…
නිලා චීත්ත පොටෙන් ඇස් අග කදුලු පිහිදාලා කෙල්ල දිහා බැලුවා.
විස්තර කරලා කියන්න ඕන් නැ නෙව… සුදු නොනේ දන්නවානේ ඔක්කොම…
ඔක්කොම දන්නවා නිලා නැන්දේ… මන් මැරුන මොහොත වෙනකම්ම…
අක්ශි කිසි ගානක් නැතුව කිව්වා. මානම් කෙල්ල දිහා බැලුවේ දුකින්. පන්ඩු කෙල්ලගෙ ඔලුව අතගැවා.
මට සමාවෙන්න දුවේ… මට මගෙ අක්කාව බේර ගන්න බැරි උනා… එදා මට අද වගේ මතකයි… මගෙ ඇස් ඉස්සරහාමයි මගෙ අක්කාව…
අනේ සියේ… දැන් ඒ ගැන ඕන නැනේ… මන් දැන් මන් ගැන කියන්නම්… මෙතන චීන පටස්ටත් දැන ගන්න… දොඩන් ගෙඩියක් උස නැ ගමකට ගහන්න කතාව… පොඩ්ඩක් සැර කරාම ඇති කොහෙ හරි හැන්ගෙන්න…
අනේ සුද්දි…
මානම් ලැජ්ජාවෙ ඇබරෙනවා. නිලාට කොල්ලාගෙ මේ සතුට ගැන සැනසීමයි. ඒත් පන්ඩු ඇර හරි ඇත්ත කවුරුවත් දන්නෙ නැ. අක්ශි හිනා වෙලා ආදරෙන් මතක් කලේ පව්ලේ අය.
මගෙ අම්මා සින්හල… තාත්තා ජර්මන්… ජර්මන් කියන්නෙ සුද්දන්ගෙ රටක්… දන්නවානේ…
හපේ ඔව්… එන්ගලන්ත මහ රැජිනගෙ රටනේ…
ඒ වගේ වෙන රටක්… ඉතින් මන් සින්හල නෙමෙ පිටරට කෙනෙක්… මගේ නම අක්ශි මිත්ලානා ඩියොන්… මන් පෙනුම තනිකරම සුද්දියක් උනාට සම්පුර්ණ සින්හල හොදේ… මට ඉන්නවා අක්කායි මල්ලි… මල්ලි නම් ගොඩාක් පොඩි… ලන්කාවේ ඉන්නවා ගොඩාක් නැදැයො… මානවිට වගෙම ලස්සන පව්ලක්… මන් ගොඩාක් වාසනාවන්තයි… ඒත් මට මානවිට අසාධාරණයක් කරන්න බැ… ඒ වෙච්ච දේ මන් මානවි විදිහට ඉවරයක් කරන්න ඕන… ඒ වගේම… මානම්කුලට සැනසිමක් දෙන්න ඕන…
අක්ශි කිව්වෙ හිතට දැනෙන හුගක් දෙවල් පාලනය කරන ගමන්. මේ වචනයක් පාසා දැනෙන වේදනාව තාමත් වෙනසක් නැ. පන්ඩු සුසුමක් පිට කරලා අතේ මිටි මොලවාන් හිටපු පරන උන රෙදි උන්ඩියක් හිමින් දිගාරින්න උනේ කෙල්ල බලාන් ඉද්දි.
සියේ…
මන් බලාන් හිටියේ මෙච්චර කාලයක් සුදු දුවේ… සුදු නොනෙට අයිති දෙයක් දෙන්න… සුදු නොනේ නෙමෙයි…
පන්ඩු කොල්ලා දිහා බලලා උන්ඩිය කෙල්ලගෙ අතේ තිබ්බා.
නොනේගෙ අතින් හදලා මානම්කුල දෙයියොන්ට පුජා කරපු මානම්නාය මැනික් ගල… හාස්කම් බැදලා මහා ආරක්ශ විදි ජප කරලා මානවි හදපු මානම්නාය ගල… පුජා වෙවා පුජා වෙවා…
පන්ඩු අත් දෙක දොහොත් මුදුන් දිලා කිව්වෙ නිලාත් අත් දෙක වැද ගනිද්දි. කෙල්ල රෙදි කඩ දිග ඇරලා වර්න කිහිපයකින් දිලිසෙන ඒ කුඩා මුත් මහා බලගතු බලයක් දැනෙන ඒ මානම්නාග මැනික දිහා බලාන් හිටියා. මේ මැනික් වර්ග තුනක් රත් කරලා හදලා මහා බලගතු ආරක්ශ මන්ත්රය දෙසිය හැට අට වරක් මතුරලා හදපු මානම්නාය මැනික මානම්කුල අප්රකට හාස්කම් කියන මානම්කුල දෙවියන්ට පිදු මැනික අක්ශිට අයිති වගේම මානම්ටත් අයිති වස්තුවක්. ඒත් මානවි එදා ඒ ගල හැදුවේ ලොකු අරමුනකට.
යන්තමින් දිලිසෙන ඒ ගලේ පුන්චි හිල අමනපු නුල් පටිය ගලවලා ගත්ත අක්ශි කෙල්ලගෙ බෙල්ලේ තිබ්බ පවනිගෙ අම්මා දිපු බර රත්රන් මාලය අරන් ඒ ගාන්චුවේ මානම්නාය ගල ආයෙ ගැලවෙන්නෙ නැති වෙන්න ඇමිනුවා.
අක්ශි ඒකත් අරන් මානම් ලගින් හිට ගත්තෙ කොල්ලා ඇස් ලොකු කරගෙන බලාන් ඉද්දි. අක්ශි ඒ රොස තොල් හිමින් මිමිනුමක් කලේ මානම්ගෙ හිස මුදුන ඉදන් පා දාන්තයටම හිරි වැටිලා යද්දි.
•• මානම්කුල වාරන් මානම්කුල දෙවි
වදිනට වරන් වඩාන දෙයියො දෙවි
සත් මල් පූජා වේවා මේ හට දෙවි
අඩවි පුරාන තෙදසින් කුමරු දෙවි
පෙම්බර පින් ගැති ගිරිසාපි දේවි
බාර ගන් ගිරිපඬුරු ලද පින් දේවි
වාඩන් මුර දේවි මානම්කුල දෙවි
රැක දෙන් මගෙ නාමෙන් මා දෙවි
වාඩන් මුර දෙව් මානම්කුල දෙවි ••
අක්ශිගෙ මිමිනුව තෙරුම් ගන්න බැරි උනත් ඒ වචනයක් ගානේ රැදුන මහා බලගතු බලය මන්ත්ර දෙසිය හැට අටක බලය එකතු උන දෙවි වරම් බලයක් බව පන්ඩුටත් නීලාටත් දැනුනේ ඇග වෙව්ලන බයක් එක්ක. නිලා අත් එකතු කරලා වැන්දේ මේ ආශ්චර්ය නිලාටත් දැන් දැන් පැහැදිලි වෙද්දි. පන්ඩුට ඇස් දෙකෙන්ම මේ බලය දකින්න වාසනාව තිබ්බා. ඒත් මේ ගිරිසාපි මානවි විතරක් නෙමෙ අක්ශි එකතු උන බලගතු බලයේ පුන්චි දෙයක් විතරයි.
අක්ශි මානම්නාය ගල පැලැදු රත්රන් මාලය කොල්ලාගෙ බෙල්ලෙ එල්ලුවේ ඒ මාලය අයිති තැන හින්දා. අක්ශි පාත් වෙලා මානම්ගෙ සුදු නලල සිප ගත්තේ දරන්න බැරි තරම් ආදරයකින්.
මගෙ දෙයියොන්ගෙ බලයයි මගෙ බලයයි එකතු උන මානම්නාය මගෙ රත්තරන්ව ආරක්ශා කරනවා… යක්ශ රජ්ජුරුවො ආවත් ඔයාට මුකුත් කරන්න බැ… එහෙම උනොත් ඒ මේ ගිරිසාපිගෙ ලේ හොල්ලලා තමයි…
සුද්දි…
මුකුත් කියන්න එපා… දැන් මුලු ගමම පිස්සු බල්ලො වගේ ඇවිස්සෙයි… කුලකුර පව්ලේ කටු කන තිරිසන් බල්ලො… මගෙ දෙයියොන්ගෙ පස්සෙන් පන්නයි… මේ අගොස්තුවේ එන අවුරුදු නමයකට පස්සෙ තියෙන ගිරිපඬුරු පුජාවට ආයෙත් මගේ මානම්ව බිල්ලට ගන්න උන් මොනවා හරි කලොත්… මම නිකම් ඉන්නෙ නැ… මානවිට කරන්න බැරි උන එකම එක දෙයයි… ඒක මන් කරනවා…
සුද්දි ඔයා විකාර කරන්න හදන්න එපා… ඔය කවුරුවත් මට මොනවත් කරන්නෙ නැ…
ඒක මන් බලා ගන්නම්… මේ මගෙ සටන… තමුන් කටපියාගෙන මගෙ ඇස් මානෙන් ඉන්නවා… ඔයාට එක හීරිමක් හරි වෙලා තිබ්බොත්… ගිරිසාපිගෙ සාපයයි මානවිගෙ සාපයයි එකතු වෙලා… මේ අක්ශි පලි ගන්නවා… හරිනේ…
ඔයා මාව බය කරනවා සුද්දි… මට මොනවත් වෙන්නෙ නැ… මගෙ සුද්දි ආයෙත් මට…
ඒවා හදේ කිරි චූටියො…
අක්ශි අන්තිමට ඇහැක් ගහලා කිව්වෙ මානම්ට වචනත් හිර වෙද්දි. ඒත් අක්ශිගෙ කේන්තිය බලය ඉස්සරහා පන්ඩු දැස් දල්වා බලාන් හිටියේ බයෙන් නෙමෙයි බලාපොරොත්තු ගොඩකින්. නිලා මේ හැමදේකටම ආශිර්වාද කලා මානම්කුල පොලව හැන්ගිලා ගිය ඒ දිරිඇල්ල පව්ලේ අයගේ නාමයෙන්. ඒකයි හැමොගෙම බලාපොරොත්තුව. මේ මානම්කුල ගිරිපඬුරුලොදර අවසන් කරන්නයි.
……
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)