උන්මාද මානම්කුල (21 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වෙච්ච හැම දෙයක්ම රහසක් විදිහට තියා ගන්න පන්ඩුගෙයි නීලායි අවවාද එක්ක අක්ශි මානම් දෙන්නා හවස් වෙන්න කලින් කඩ පිලට යන්න ලැස්ති උනා. ඒත් දවල් වෙච්ච දේ හින්දා බයේ පැනලා ගිය සිරිසේන හින්දා ප්‍රශ්න දුර දිග ගිහින් කියන එක හතර දෙනාම දන්නවා. ඒත් අක්ශි එහෙම බය වෙන කෙල්ලෙක් නෙමෙයි. කුලකුර පරම්පරාවම දුවිලි කරන්න තරම් කොපයක් එක්ක ශක්තියක් කෙල්ලට තිබ්බෙ ඒ ගිරිසාපිගෙ පොරොන්දුව මානවිගෙ බලාපොරොත්තුව එක්ක අක්ශිගෙ අරමුන එකතු උන ආත්ම තුනක ශක්තිය. ඒ වගේම අක්ශි ප්‍රාර්ථනා කරන අවසන් ආත්මයයි.
21 🍃
වෙච්ච හැම දෙයක්ම රහසක් විදිහට තියා ගන්න පන්ඩුගෙයි නීලායි අවවාද එක්ක අක්ශි මානම් දෙන්නා හවස් වෙන්න කලින් කඩ පිලට යන්න ලැස්ති උනා. ඒත් දවල් වෙච්ච දේ හින්දා බයේ පැනලා ගිය සිරිසේන හින්දා ප්රශ්න දුර දිග ගිහින් කියන එක හතර දෙනාම දන්නවා. ඒත් අක්ශි එහෙම බය වෙන කෙල්ලෙක් නෙමෙයි. කුලකුර පරම්පරාවම දුවිලි කරන්න තරම් කොපයක් එක්ක ශක්තියක් කෙල්ලට තිබ්බෙ ඒ ගිරිසාපිගෙ පොරොන්දුව මානවිගෙ බලාපොරොත්තුව එක්ක අක්ශිගෙ අරමුන එකතු උන ආත්ම තුනක ශක්තිය. ඒ වගේම අක්ශි ප්රාර්ථනා කරන අවසන් ආත්මයයි.
පන්ඩුගෙ දෙපා දන ගහලා වැදපු අක්ශි ආයෙත් ඉක්මනට එන පොරොන්දුවෙන් ඒ මහ ගෙදර දිහා ආදරෙන් වගේම දුකින් ආයෙත් හැරිලා බැලුවා. ඉස්සරහට කරන්න යන මහ වික්රමය එක්ක මහ ගෙදර නවතින්න එන්න තියෙන ආසාව කෙල්ලට තව උද්යෝගයක්.
හවස වෙද්දි පාලු කඩ මන්ඩියේ සයිමන්ගෙ බස් එකට ගොඩ උන දෙන්නාම කදු යාය දිහා මොහොතක් බැලුවේ දුකින්. ඒත් බස් එක කදු අතරින් මානම්කුල වැහෙන කැලැවෙන් යන්න ගියේ තවත් ආරම්භයකට පියවර තියලා.
හවස හය විතර වෙනකොට මානම්ගෙයි අක්ශිගෙයි ගෙවල් වලට යන කොටගෙ මාවතෙන් බැස්ස දෙන්නම අත් අල්ලාගෙන අදුරු පාලේ ලයිට් කනු වල ආලොකයෙන් ගමන් කලේ ඇස් වලිනුයි හිතිනුයි දොඩමලු වෙන ගමන්. අහින්සක ආදරයක අහබු හමු වීම් දෙන්නාගෙම හිත් පිරිලායි තියෙන්නෙ.
මානම් අක්ශි කියන්නෙ සාමාන්ය පෙම්වතු වගේ දවස් ගනන් දෙපැත්තට වෙලා හම්බ වෙලා හරි කුලුදුල් විදිහට පටන් ගන්න සම්බන්ධයක් වගේ නෙමෙයි. සන්සාරය පුරා පතාගෙන එන ආත්මීය ආදරයක්. සියවස් කිහිපයක් වසර ගනනාවක් මහ පොලොව අහස සාක්ශි දරන වන්දනීය ප්රේමයක්.
මහා මානම්කුල කදුකර දෙවියන් එක්ක ආදරෙන් බැදුන ගිරිපිඩු පුජා කල ගිරිසාපි දේවි.
මානම්කුල බලා ගන්න මානම් ගොපල්ලා එක්ක කැලැවෙදි අතරම් වෙලා ආදරෙන් බැදෙන මානවි.
මේ හැම කාල වකවානුවක්ම මතක අස්සෙ හිර කරලා නැවතත් ජිවිතයක් සොයන මානම් එක්ක ආදරෙන් බැදෙන සුදු ජාතික අක්ශි.
මේ බැඳීම ස්භවාදර්මයෙන්ම ආශිර්වාද ලද ආදරයක්. ඒත් ඒ අහිංසක ආදරයට සාප කලේ මේ මානම්කුල ගිරිසාපි වන්දනාවමයි.
අක්ශිගෙ ගේ පුරාවටම ලයිට් දාලා ගේට්ටුව හොදටම ඇරලා වාහන හතර පහක්ම නවත්තලා තියෙනවා දැක්ක දෙන්නාම මුනට මුන බලා ගත්තා. මානම්ට නම් අන්දුන් කුන්දුන් වගේ උනාට වෙලා තියෙන්නෙ මොකද්ද කියන එක නම අක්ශි හොදට දන්නවා. කෙල්ල කොල්ලාගෙ අත අල්ලාගෙන දෙමහල් ගේ දිහාට ආවේ හුගක් දෙනෙක්ගෙ කටහඩවල් එක්ක ගැනු කෙනෙක්ගෙ හැඩුම් හඩද හොදටම ඇහෙද්දි. ඒ හැඩුම් හඩ ඇහුන මානම් කෙල්ල දිහා බැලුවේ බය වෙලා.
අනේ සුද්දි… අපේ අම්මා…
කොල්ලා හඩන්න ඔන්න මෙන්න වගේ කියාගෙන කෙල්ලත් ඇදගෙන ගේ ඉස්සරහා දොර ලගට ගියා.
අනේ අම්මා…
මානම් අඩාගෙන වගේ කිවේ අක්ශි ඇස් ලොකු කරගෙන මුලු සාලෙම පිරි වරාගෙන ඉන්න අය දිහා බලාගෙන. අක්ශිගෙ පව්ලේ අයයි මානම්ගෙ පව්ලේ අයයි තව අක්ශිගෙ නැ වෙන සහොදරයෝ සොනාල් සොනාලි ජෙස් තුන් දෙනාත් හිටියා. ඒත් හැමොම කන්න වගේ බලාන් හිටියේ මේ දෙන්නා දිහා.
අනේ චූටි පුතේ…
මානම්ගෙ අම්මා උදිතාගෙ හැඩුම වැඩි වෙලා දුවගෙන ඇවිත් කොල්ලාව බදා ගත්තේ නැති උන මැනිකක් ලැබුනාටත් වඩා සතුටින් බයෙන්.
අනේ මගෙ රත්තරන් කොහෙද දෙයියො ගියේ… මේ අම්මාව මරා ගන්නද ඕනේ… මන් කියලා තියෙනවා නොකියා කොහෙවත් යන්න එපා කියලා… කොහෙද පුතේ ගිහින් හිටියේ… මන් මැරුනා රත්තරන්… මගේ පන ටික…
උදිතා කොල්ලාගෙ මුනම ඉම්බේ උතුරන දරු සෙනෙහසින්. සමන් කොල්ලා ලගට ආවේ කේන්තියෙන් වගේම දුකින්.
චූටි පුතා… ඇයි ඔහොම අපිව බය කරන්නෙ… පන්ති කියලා මොන දීපන්කරේද ගියේ…
ඔක්කොම තාත්තලාගෙ හුරතලේ තමා… මන් කිව්වේ මෙකාව ඕනැවට වඩා හුරතල් කරද්දි…
වහලේ උඩ යන්න සද්දෙන් කියාගෙන ආවේ මානම්ගෙ අයියා රහල්. රහල්ගෙ කේන්තිය ඉස්සරහා මානම් බයෙන් වෙව්ලන හැටි කෙල්ලට දුකයි මානම්ගෙ අක්කලා දෙන්නා අදිකායි සමාලිත් කොල්ලාට බැන්නෙ ආදරේට.
ඒත් අක්ශි ඊලග හොරෙන් වගේ බැලුවේ කෙල්ලව සම්බොල කරන්න තරම් කේන්තියෙන් ඉන්න අක්ශායි නිවානුයි තිලකුයි දිහා. ඒත් ඒ හැමොම පහු කරගෙන ආවේ අක්ශිගෙ අයියා ටොනිගෙ අයියාගෙ පුතා ජෙස්.
du dumme schwester… wohin gehst du… wir sorgen uns so sehr… ( මෝඩ නංගි… ඔයා කොහෙද යන්නේ… අපි ගොඩක් දුක් උනා… )
ජෙස් සැරෙන් කියාගෙන ආවේ කෙල්ල බිම බලාගෙනම ඉද්දි.
Entschuldigung Jes… ( සමාවෙන්න ජෙස්… )
ජෙස් ජර්මන් භාශාවෙන් අක්ශිට සැර කරද්දි කෙල්ලට දුකයි. ඒත් කෙල්ල වද උනේ මානම් ගැන. උදිතා හොදටම කොල්ලාට බනිනවා. රහල් කොල්ලාට ගහන්න ගිහින් සමන් අමාරුවෙන් බේර ගන්න හදනවා. මානම්ගෙ ඇස් තිබ්බෙත් කෙල්ල ලග.
මිති… du dumme schwester ( මෝඩ නන්ගි )
අක්ශා කේන්තියෙන් අක්ශිගෙ අත අල්ලා ගත්තේ. නිවාන් පවා කෙල්ල දිහා වේදනාවෙන් බලාන් හිටියා. කවුරු කොහොම කේන්ති ගියාත් නිවාන් කේන්තියෙන් ඉන්න එකට අක්ශිට බයයි වගේම දුකයි. කලේ වැරැද්දක් තමයි ඒත් කෙල්ලට දැන ගන්න ඕන දේවල් තියෙනව.
සොරි නිනි…
අක්ශි නිවාන්ව වැලද ගත්තේ කොල්ලා සුසුමක් පිට කරලා කෙල්ලගෙ ඔලුව අත ගාන ගමන්.
මට ඔයා ගැන බය නැ මිති… අපි ඉන්න තත්වය එක්ක ඔහොම කරන්න එපා… ටව්මට යනවා කියලා මැසෙජ් එකක් දාලා…
නිවාන් කෙල්ල දිහා ටිකක් නපුරින් බැලුවා.
කාටවත් ගෙයින් එලියට බහින්න බැරි වෙන්න වැඩක් කරලා… ඇයි දොනි… මන් බය උනා මැනික…
ඔයාලගෙ ආරක්ෂාවට නිනි… සොරි…
එතකොට කව්ද ඔයාව ආරක්ෂා කරන්නෙ… මාව පිස්සෙක් කරන්න එපා රත්තරන්…
නිවාන් ගොඩාක්ම වේදනාවෙන් කෙල්ලව වැලද ගන්න ගමන් කිව්වෙ. එයාල ලගට ආව සොනාල් කෙල්ල දිහා රවලා කෙල්ලගෙ ඔලුව අත ගැවා. අක්ශිට ඒ තරම් ආදරයක් වගේම මානම්ටත් ඒ ආදරයම ලබන්න මේ ආත්මය මේ ජිවිතය වාසනා වන්ත උනා.
ඇත්තමයි අප්පච්චි… දැන් හොදටම ඇති… එක පාරක් මෙහෙ උනා කියන්නෙ… මන් මේකට…
රහන් එකපාරටම හයියෙන් කැ ගහගෙන සමන්වත් තල්ලු කරගෙන කොල්ලාට ගහන්න ගියේ උදිතාගෙ කැ ගැහිල්ල අස්සෙ. මානම් උදිතාට තවත් තුරුලු උනේ බයෙන්. ඒත් ඊලගට වෙන්නෙ හොද දෙයක් නෙමෙයි කියලා දැනුන අක්ශි එකපාරටම නිවාන්ගෙ මිදිලා ඉස්සරහට යද්දි නිදුක් දිත්යා ඉස්සර උනේ පුදුම වේගයෙන්.
රහල් එපා…
අනේ අයියේ… එයාට මුකුත් කරන්න එපා…
නිදුක්ගෙයි දිත්යාගෙයි කැ ගැහිල්ලට හැමොම තිගැස්සුනත් ප්රමාද වැඩි. මානම්ට අත උස්සපු රහල්ගෙ අත එකපාරටම ඇබැරිලා ගිහින් රහල්ව බිම දන ගැස්සුනේ දනහිස් හිරිලා ලේ විලක් එක්ක. ඒ වෙච්ච දෙයින් බය බීරන්ත උන අදිකාටයි සමාලිටයි කැ ගැහෙද්දි. රහල් වේදනාවෙන් බෙරිහන් දුන්නෙ එකපාරටම මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව. උදිතා ගල් ගැහිලා වගේ බලාන් ඉද්දි මානම් රහල් දිහා බලාන් හිටියේ බයකට වඩා සන්සුන් ඇස් වලින්. ඒ කොලපාට ඇස් අමුතුම විදිහට දිස්නය දුන්නෙ ඇයි කියන්න අක්ශිට හිතා ගන්න බැරි උනා.
මානම් එපා… ඒ ඔයාගෙ අයියා…
අක්ශි එකපාරටම හයියෙන් කියාගෙන මානම්ව ඇදලා අරන් ඒ ඇස් වහලා පපුවට තුරුලු කර ගත්තේ වේගයෙන්.
නිදුක් ඉක්මනට රහල්ව වාරු කරගෙන හරො ගත්තේ රහල්ගෙ කැගැසිම ගනන් නොගෙන. දිත්යා ඉක්මනට රහල්ගෙ ඇබරුන අත උඩ ඉදන් පහල අත ගාලා හරිම පහසුවෙන් අනිත් පැත්තට හැරෙව්වෙ රහල්ව තවත් බය කරලා.
මොනවාද දෙයියනේ මේ වෙන්නෙ…
උදිතාගෙ විලාපයෙන් මුලු ගේම හෙල්ලුනා.
……
මතුවට.

 

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!