උන්මාද මානම්කුල (22 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උදිතාගෙ සැර අතුල් පහර අක්ශිගෙ සුදු මූන රතු කලේ කෙල්ලගෙ නිල් ඇස් වලින් කදුලු ගලද්දි. කෙල්ල කම්මුල අල්ලාගෙනම බිම බලා ගත්තේ කොපයෙන් දැවෙන අම්මා කෙනෙක්ගෙ ඇස් වලට වේදනාවෙන්. මට සමාවෙන්න උදිතා අම්මේ... කටවහපන්... උබ කවුරු කියලා හිතාගෙන මගෙ දරුවා එක්ක ඒ යක්ශ අඩවියට ගියේ... කියපන්... මගෙ ලොකු කොල්ලාට මොනවාද උබ කලේ... මායාකාරි... මොන දේසයකින් ඇවිල්ලාද මේ නාඩගන් කරන්නෙ... උදිතාගෙ වචන ඊ පහරවල් වගේ. හැමොටම මුකුත් කියා ගන්නවත් කල්පනාවක් නැ. පියවි සිහිහ ලැබුනාක් මෙන් මානම් දෙන්නාගෙම මැද්දට ආවා. අම්මා... මගෙ සුද්දිට ඔහොම කරන්න එපා... එයා මොනවාත් කලේ නැ... මේක මගේ අරමුන...
22 🍃
උදිතාගෙ සැර අතුල් පහර අක්ශිගෙ සුදු මූන රතු කලේ කෙල්ලගෙ නිල් ඇස් වලින් කදුලු ගලද්දි. කෙල්ල කම්මුල අල්ලාගෙනම බිම බලා ගත්තේ කොපයෙන් දැවෙන අම්මා කෙනෙක්ගෙ ඇස් වලට වේදනාවෙන්.
මට සමාවෙන්න උදිතා අම්මේ…
කටවහපන්… උබ කවුරු කියලා හිතාගෙන මගෙ දරුවා එක්ක ඒ යක්ශ අඩවියට ගියේ… කියපන්… මගෙ ලොකු කොල්ලාට මොනවාද උබ කලේ… මායාකාරි… මොන දේසයකින් ඇවිල්ලාද මේ නාඩගන් කරන්නෙ…
උදිතාගෙ වචන ඊ පහරවල් වගේ. හැමොටම මුකුත් කියා ගන්නවත් කල්පනාවක් නැ. පියවි සිහිහ ලැබුනාක් මෙන් මානම් දෙන්නාගෙම මැද්දට ආවා.
අම්මා… මගෙ සුද්දිට ඔහොම කරන්න එපා… එයා මොනවාත් කලේ නැ… මේක මගේ අරමුන…
මොකද්ද…
මානම් කිව්ව දේ නොතෙරුන උදිතා කොල්ලා දිහා බැලුවේ වේදනාවෙන්. ඒත් මානම්ට කිසි දෙයක් කියන්න තෙරෙන්නෙ නැ.
කමක් නැ මානම්… අම්මා හරි… මන් වැරදි… ඔයාව එක්කන් නොයා ඉන්න තිබ්බේ…
අක්ශි බිම බලාගෙනම කිව්වෙ ඒ අම්මාගෙ කේන්තිය සාදාරන හින්දා. අක්ශි නිදුක්ටයි සොනාල්ටයි වාරු වෙලා ඉන්න රහල් දිහා බැලුවා. එකපාරටම ඇබරුන රහල්ගෙ අතයි තුවල උන දන හිස් දෙකයි සුව වෙලා තිබ්බෙ පුදුමාකාර විදිහට. රහල් ඒ වගේම පුදුමයෙන් බයෙන් කෙල්ල දිහා බලාන් හිටියා.
තිලක්ට වාරු වෙලා හිටපු අක්ශි හිමින් උදිතා ලගට ඇවිත් බිම දන ගහලා වැන්දේ උදිතා විතරක් නෙමෙ අනිත් අයත් ගැස්සෙද්දි.
උදිතා අම්මේ… මගේ මානම්ව මෙච්චර කාලයක් බලා ගත්තාට පින්… ඉස්සරහට මානම්ව ආරක්ෂා කරන්න මට ඉඩ දෙන්න අම්මේ… මන් මායාකාරියක් වෙන්න පුලුවන්… ඒත් මගෙයි මානම්ගෙයි බැඳීම වෙන් කරන්න හදන්න එපා… අම්මාට පව් සිද්ද වෙයි…
මොන කුනුහරුපද මේ කෙල්ල කියවන්නෙ… අනේ පොලිසියේ මහත්තයො… මේන් වැන්දා… මගෙ ලමයි අහින්සකයි… මේ කරුම වලට මගෙ ලමයි ඇදලා ගන්න එපා මහත්තයො…
උදිතා අක්ශිගෙ වචනයක් කනකට ගන්නෙ නැතුව තිලක් ඉස්සරහා බැගැපත් උනේ දුකින්. තිලක්ට මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැ. කෙල්ල බිම දන ගහගෙනම හිටියේ මානම්ගෙ අම්මා මෙහෙම හැසිරෙයි කියලා හිනෙන්වත් නොහිතපු හින්දා. ඒත් මෙහෙම හැමදේම නවත්තන්න පුලුවන් නම් අක්ශි මෙච්චර දුරක් එන්නෙ නැ.
මානම් මේ පුන්චි පව්ලේ අයට ගොඩාක් ආදරෙයි. මානම්ගෙ හුදකලා වේදනාබර ජිවිතය අවසන් වෙලා මේ ආදරය ලබන්න මානම් පෙරුම් පිරුවා. ඒක විනාශ කරන්න කෙල්ලට ඕන නැ. ඒත් අක්ශිගෙ මේ ආත්මයෙත් මානම්කුල එක්ක එකතු වෙන්න බැරි නම් කෙල්ලට මේ දේවල් වලින් පලක් නැ. ඒත් කොල්ලාගෙ සතුට අක්ශිගෙ සතුටයි.
අක්ශිගෙ නිල් ඇස් වලින් ගලන කදුලක් ගානෙ මානම්ව වෙව්ලලා ගියා.
මගෙ සුද්දි…
සොරි මානම්… මන් ඔයාව රැක ගන්නවා… මට වෙන කරන්න දෙයක් නැ… මට බැ ඔයාගෙ පව්ලේ අයගෙන් ඔයාව වෙන් කරන්න… සදාකාලිකවම තනි උන ඔයාට අවසානයේ ඔයාගේ සතුට ලැබුනා…
මොනවාද ඔයා කියවන්නෙ… සුද්දි…
අක්ශි මොකක් කරන්න හදනවාද කියලා හිතා ගන්න බැරි උන මානම් කෙල්ල ලගට යන්න හදද්දි උදිතා කොල්ලාට රවලා නතර කලා.
අනේ අම්මා… මගෙ සුද්දි…
උබේ සුද්දියෙක් මෙහෙ නැ… කර දඩු උස් උන පලියට උබලාට ඕන ඕන එව්වා කරන්න මේ අම්මා තාම මැරිලා නැ… යමන් ගෙදර…
උදිතා කොල්ලාව ඇදගෙන යන්න හැදුවේ සමන් අන්ත අසරන විදිහට තිලක් දිහායි නිහඩවම කොල්ලොයි කෙල්ලොයි දිහායි බලද්දි. ඒත් එක්කම සොනායා උදිතාට හරස් උනා.
ආන්ටි… ඔයා කරන්නේ ආත්ම හතක් පඩිසන් දෙන පාපයක්… මේ දැන් ඔයා මානම්ව අරන් ගියොත්…
ඇයි මොනවා කරන්නද… මේ මගෙ කොල්ලා… අහකට වෙයල්ලා… රට රාජ්ජෙන් ඇවිල්ලා මෙතන වින කරන්න…
උදිතා බෙරිහන් දුන්නෙ කීයටවත් නතර නොවෙන අදහසින්. ඒත් උදිතා කිසි දෙයක් දන්නෙ නැ.
අනේ අම්මේ…
අදිකා එකපාරටම බිම ඉන්දුනේ ඔලුවම අල්ලාගෙන. හැමොම කෙල්ල දිහා බැලුවේ උදිතා තවත් බය වෙද්දි.
අනේ මගේ දරුවා… මොන වින්නැහියක් දෙයියනෙ මේ වෙන්නෙ…
උදිතා සාප තිබ්බෙ අක්ශිට. ඒත් අක්ශි හිටපු විදිහමයි. මානම් පන නැති කදක් වගේ කෙල්ල දිහා බලාන් හිටියා. අම්මා කෙනෙක්ගෙ ආදරයයි කේන්තියයි ඉස්සරහා දෙන්නාම අසරනයි.
මට සමාවෙන්න මගෙ මානම් දෙයියො… මානවිට සමාවෙන්න… අක්ශි ඉවසන්නෙ නැ…
අක්ශි මුමුනපු වදන් මානම්ගෙ ඇගම ලොදියෙන් පිච්චුනාක් මෙන් උනා.
ඒත් ගත උනේ නිමේශයයි. අක්ශිගෙ නිල් පැහැ දෙනෙත් පිය උනේ නිදුක් දිත්යා සොනායා රහල් අදිකා කැ ගහගෙන කෙල්ල ලගට එන මතකයක් එක්ක. අක්ශි මානම්ව හිතේ ඇදගෙන මද සිනාවකින් තොල් සෙලෙව්වා.
•• උන්මාද මුතු මීදුම් සරන් දෙව් අඩවියේ…
ඔබය හරිත දෙව් මැව් පෙම් පුජාසන උත්තරියේ…
පමාවන්නට සාපේ කල් සාපි ආත්ම බවයේ…
අවසර දෙන් ඔබ පාමුල වැඳ සාපි අවසන් කරන්න සාපේ…
මා ගිරි පඬුරු දෙන්නම් උන්මාද මානම්කුල කදු මුදුනේ…
සමා වන්න මා දෙවි ස්වාමි ගිරිසාපි අවදි වෙන්නම් ඔබේ නාමේ…
අවසර දෙන්නම් ගිරිසාපි… වඩින් සොයා නුබේ පෙම් දෙව් නාමෙන්… වරන් ගනිමි නුබේ භව මා පිලි ගන්නට… අරබමි නුබ හා මානවිගෙ පැතුම්… මානම්නාය ගිරිසාපි ලොදර රුහිර සාපි… ••
මුලුවම පුපුරන්න තරම් අමාරුවෙන් ඔලුව උස්සපු අක්ශිට එකපාරටම වටපිටාව පෙනුනේ බොද වෙලා. කෙල්ලගෙ ඇගම වෙව්ලුවේ නොසන්සුන්කමට. ඒත් කෙල්ලගෙ ඇස් වල හිර උන කදුලු බිදු ඇස් අගින් ගලාගෙන ගිහින් කොට්ටෙට වැටුනේ අක්ශිගෙ පපුවම දරන්න බැරි වේදනාවෙන්. කෙල්ල දරාන් බැරිව වේදනා දෙන පපුව අල්ලාගෙන උඩ සිවිලිම දිහා බලාගෙන එන ඇඩුම් හිර කරගන්න උත්සහා කලා.
” අනේ මානම්… මගෙ දෙයියො… “
අක්ශි හීල්ලුවේ පෙරවගෙන හිටපු බ්ලැන්කට් එකත් මිරිකාගෙන. පපුවම පැලෙන්න තරම් මේ ආදරේ කෙල්ලට වේදනා දුන්නෙ දරන්න බැරි තරම්. මේ ආදරේ කාට නම් තේරුම් කරන්නද. මානම් දෙවියන්ටත් දරන්න බැරි උන මේ අහින්සක ආත්මයේ ආදරය.
මිති… මිති ඔයා… අනේ ඔයාට සිහිය ඇවිත්…
අක්ශිව බදාගෙන නින්දෙ හිටපු දිත්යා එකපාරටම නැගිටලා බෙරිහන් දුන්නෙ හැමොටම ඇහෙන්න. ඒත් අක්ශිට තවත් දරන්න බැ. කෙල්ල තිරනයක් අරන් ඉවරයි.
අක්ශා හරිම නිහඩවම බත් කටක් අනලා ඔහේ බලාන් ඉන්න අක්ශිගෙ මුවට ලන් කරද්දි කෙල්ලට කට ඇරලා බත් කට හපන්නෙ නැතුව ගිල්ලෙ ඕනැවට වගෙ. අක්ශාත් බත් කැව්වේ බොනික්කෙක්ට වගේ. මේ දිහා සොනායා බලාන් හිටියේ ඒ වගේම දුකින්.
මිති… අපි ගෙදර යමු…
අක්ශා හිමින් කිව්වෙ නිහඩ බව බිඳලා.
අක්ශි විදුරු ජනේලයෙන් කදුයාය දිහා බලාගෙනම සුසුමක් පිට කලා.
මානම් කො මෙල්…
එයා ගෙදර ගියා… උදිතා ආන්ටි මානම්ට ගෙයින් එලියට බහින්න දෙන්නෙ නැ… උදේ රහල් අදිකා දෙන්නා ඇවිල්ලා ගියා… ඔයාට සිහිය ආවේ දවස් දෙකකට පස්සෙ… ඔයා මොනවාද නන්ගි කරන්නේ… මන් ඔයාව බලා ගන්නවා කියලා මමිටයි ඩැඩිටයි පොරොන්දු උනා… ඒත් මේ වෙන දේවල්… කවුරුවත් පිලි ගන්නෙ නැ මිති… අපි යමු යන්න…
අක්ශා කියාගෙන ගියේ මෙච්චර දවසක හිතේ හිර කරගෙන හිටපු දුක. ඒත් අක්ශිට හැරෙන්න බැ.
සොරි මෙල්… මට මේක ඉවර කරන්න ඕන… මේ මගෙ අන්තිම චාන්ස් එක… මන් පටන් ගත්ත පුජාවයි… ශාපයයි… මමම ඉවර කරන්න ඕන…
විකාර ඇති මිති… මන් තවත් ඉවසන්නෙ නැ… එක එක මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නයි… මේ අත්භූත දෙවල් කරන්නයි… අමතක කරන්න මිති… අපි යමු… මේ අපි අයිති තැන නෙමෙ… අපි යන්… අපේ රටට… ජර්මන්… ප්ලීස්…
අක්ශා අඩන්න ඔන්න මෙන්න අක්ශිගෙ අත අල්ලාගෙන කිව්වා. දිත්යා අක්ශාව නවත්තන්න හැදුවත් අක්ශි සන් කලා.
අපි යමු මෙල්… ඒත් ඊට කලින්… මට එකම එක දෙයක් කරන්න ඉඩ දෙන්න…
අක්ශි කියද්දි අක්ශා ඔලුව උස්සලා බැලුවා.
……
මතුවට.

 

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!