උන්මාද මානම්කුල (23 කොටස) unmada manamkula

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අක්ශිගෙ වචනය විශ්වාස උන අක්ශා එකපාරටම ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවේ බලාපොරොත්තුවෙන්. කියන්න මිති... මේක ඉක්මනට ඉවර කරලා අපි යන්... මන් ඕන දෙයක් කරනවා... අක්ශා කදුලු පිහිද ගත්තේ කලබලෙන් වගෙ. අක්ශි දුක්බරව හිනා උනා. ඒත් කෙල්ල කියන්න යනදේ ගැන අනුමාන උනෙ දිත්‍යාටයි සොනායාටයි. # මෙල්... මට ගිරිපඬුරු බාර ගන්න ඕන... ගිරිකුහරයේ හිර උන මානම්කුල නිදහස් කරන්න ඕන... මට මානම්කුල දේවාලෙට යන්න ඕන... මානම්ට එයාගෙ ජිවිතය දෙන්න නම්... ගිරිසාපි බිලි වෙන්න ඕනේ... මගේ ආත්මය අවසන් කරන්න ඕන... මගෙ අන්තිම ප්‍රාර්ථනාව... මානම්කුල දෙවියො... මානම්කුල කදුයායම වෙන්න ඕන... ගිරිසාපි දේවි මැකිලා යන්න ඕන...
23 🍃
අක්ශිගෙ වචනය විශ්වාස උන අක්ශා එකපාරටම ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවේ බලාපොරොත්තුවෙන්.
කියන්න මිති… මේක ඉක්මනට ඉවර කරලා අපි යන්… මන් ඕන දෙයක් කරනවා…
අක්ශා කදුලු පිහිද ගත්තේ කලබලෙන් වගෙ. අක්ශි දුක්බරව හිනා උනා. ඒත් කෙල්ල කියන්න යනදේ ගැන අනුමාන උනෙ දිත්යාටයි සොනායාටයි.
# මෙල්… මට ගිරිපඬුරු බාර ගන්න ඕන… ගිරිකුහරයේ හිර උන මානම්කුල නිදහස් කරන්න ඕන… මට මානම්කුල දේවාලෙට යන්න ඕන… මානම්ට එයාගෙ ජිවිතය දෙන්න නම්… ගිරිසාපි බිලි වෙන්න ඕනේ… මගේ ආත්මය අවසන් කරන්න ඕන… මගෙ අන්තිම ප්රාර්ථනාව… මානම්කුල දෙවියො… මානම්කුල කදුයායම වෙන්න ඕන… ගිරිසාපි දේවි මැකිලා යන්න ඕන…
අක්ශිගෙ වචනයක් ගානේ අක්ශාගෙ ඔලුවේ දොන්කාර දුන්නෙ කෙල්ලගෙ අතින් බිම වැටුන විදුරු බන්දේසිය සිසි කඩ මහ හඩින් විසිරිලා යද්දි.
අක්ශි කිව්ව වචනයක් ගානේ බරපතල කම අක්ශි හිතුවේ නැ. වෙන කාටවත් වඩා මේ වේදනාව මේ භයානක ඇත්ත දරාන් ඉන්නෙ අක්ශි. ඒත් කෙල්ලගෙ පලවෙනි අරමුන මානම්ගෙ ආරක්ෂාව. මානම්කුල ගමෙදි වෙච්ච දේවල් හැමදෙම අකුරක් නෑර කෙල්ල කල්පනාවෙන් ඉන්නෙ. ඒ වගේම මානවිගෙ මල්ලි පන්ඩුට උන පොරොන්දුවත්.
ඇදට වෙලාම කල්පනාවේ ඉන්න අක්ශිගෙ කල්පනාව බිදුනේ කෙල්ල ලගින් ඉද ගත්ත නිදුක් නිසා. අක්ශි කොල්ලා එක්ක හිනා උනේ දුකින්.
මිති…
නිදු… ඔයාලා ඇයි ගිරිසාපිට පඬුරු දුන්නෙ… ඔයා විතරක් නෙමෙ… දිත්යා, සොනායා, රහල් අදිකා… තව…
අක්ශි කිව්ව දේ නිදුක්ට හොදට තෙරුනා. කොල්ලා කෙල්ලගෙ අත අල්ලා ගත්තා. ඒ ඇස් කදුලින් පිරෙන්න වෙලාවක් ගියෙ නැ.
ඔයා වෙනුවෙන් මිති… ඔයා වෙනුවෙන්…
නිදුක් කිව්වෙ වෙව්ලන හඩින්. අක්ශි හුස්මක් අරන් ආයෙත් කොට්ටෙට හේත්තු උනා.
අතිතය ආයෙත් ලිය වෙනවා… මේ ආත්මෙත් මටයි මානම්ටයි එකතු වෙන්න බැරි වේවි… ඒත් දුකක් නැ… අපි අයිති තැන් වලට යන්න ඕන…
ඔයා හදන්නේ මානම්ව ආපහු ඒ කදුයායට භාර දෙන්නද… ඔයා ඔයාම වෙන්නද…
ඔව් නිදු… ගිරිසාපි මේ කදුකරයට ආදරේ කලේ නැත්නම්… මානම් දෙවියො අවදි වෙන්නෙ නැ… එහෙම නොව්නා නම්… මේ තරම් ජිවිත විනාශ වෙන්නෙ නැ… මානම් මානම්කුල කදුයායම වේවි… මන් ගිරිසාපි මානවි අමතකම කරාවි… හැමදේම හරි යාවි…
මිති… ඔයා කිව්වේ මානම්ට මේ ජිවිතේ දෙන්න ඕන කියලා නේද…
නිදුක් වේදනාවෙන් කියද්දි කෙල්ල හිනා උනා.
ඔව්… මේ මානම්කුල බලාපොරොත්තු උන මතකය… මට කවදාවත් දෙන්න බැරි උන ජිවිතය… එයාට ඒ ජිවිතය දෙන්න නම්… අපි අපිම වෙන්න ඕන…
අක්ශි නොකිය කියන දෙවල් වේදනාකාරි. ඒත් ඇත්තට මූන දෙන්න ඕන. තවත් සැගවුන ගොඩාක් දේවල් මේ අඩවියෙ තියෙනවා. ඒ හැමදේම විසඳගෙන අක්ශිගෙ අරමුනට යන්න නිදුක් හිතාගෙන ඉවරයි.
මිතියො… මෙහෙ එනෝ… ඉක්මනට…
දිත්යාගෙ කැ ගැහිල්ලට දෙන්නාම ගැස්සුනා. අක්ශි නොසන්සුන් කමින් නිදුක්ට වාරු වෙලා ඇදෙන් බැස්සේ එකපාරටම හිත දැනුන බය හින්දා. කෙල්ල නිදුක් එක්කම කාමරෙන් එලියට ආවේ පහල ඉන්න වැඩිහිටි දෙන්නෙක් එක්ක අඩන අදිකා.
අක්ශි ඉක්මනට නිදුක් එක්ක පහලට ආවා.
අදිකා අක්කෙ…
අක්ශිගෙ කටහඩට අදිකා කෙල්ල ලගට දුවලා ආවා.
අනේ බුදු නන්ගි… මගෙ රත්තරන් මල්ලි බේර ගන්න…
අදිකාගෙ වචන අක්ශිගෙ ඔලුව උඩ හෙනයක් පිපිරුවා වගෙ.
මොකද්ද අක්කෙ කිව්වෙ… මානම්… ඇයි…
අනේ අක්ශි… අපේ අම්මා මල්ලිව මහප්පලා දිහා යවන්න හදනවා… විභාගෙ ලන් කරලා එවන්න කියලා… මහප්පලා හොද මිනිස්සු නේමේ… උන් කුලකුර පව්ලේ කටු කන බල්ලො… අනේ අක්ශි නන්ගි… අපේ අයියා අම්මලා එක්ක රන්ඩු… චූටි කාමරෙන් එලියට එන්නෙ නැ…
අදිකා කියාගෙන යන වචනයක් ගානේ අක්ශිව වෙව්ලුවා. මේ ටික දවසට වෙන දේවල් කෙල්ල හිතුවෙවත් නැ. ඒත් කෙල්ල හිත හිත හිටියේත් නැ.
අක්ශි එකපාරටම ඇදන් හිටපු දිගු සාය යන්තම් ගසලා වම් කකුල පොලොවට ගැහුවේ එතන හිටපු හැමොවම මොහොතකට කම්පා කරලා.
මහා ගිරි යකුනි… නැගිටපල්ලා… මහාභාරි දෙවියොන්ගෙ නාමේ ආරක්ශා බහිරව තුන් යක්ශා… සන්නාතගිරි, නීලාරගිරි, කාකවිදගිරි… වරෙල්ලා… ගිරිසාපි වාරන්…
අක්ශිගෙ සැර වදන් මොහොතකට හැමොවම කම්පා කලා. අදිකා එක්ක හිටපු කාන්තාවයි පිරිමියායි අත් දෙක එකතු කර ගත්තේ බයෙන්.
උන් පටන් ගත්තා නම්… මාත් පටන් ගන්නම්… ගිරිසාපි නැගිට්ටෙ නිකම් නෙමෙ…
අක්ශි ගින්දර වැනි රත් පැහැ කොන්ඩෙ ගසලා අදිකා ලග පහත් උනා.
මගෙ අක්කේ… ඔයා පැතුවානේ ගිරිසාපිට මානම් වෙනුවෙන්… මන් පඬුරු බාර ගන්නම්… මානම්ව රැක ගන්න… මානම්කුල අවදි වෙන්න…
මගෙ නන්ගි පින් දෙයියො…
අදිකා එහෙම කියලා සිහිනැති උනේ දිත්යා ඉක්මනට කෙල්ලව අල්ලා ගනිද්දි.
මිති…
දිත්යා කෙල්ල දිහා බැලුවේ දුකින්. අක්ශි දිත්යාගෙ අත අල්ලා ගත්තා.
මගෙ දියො… මානවිගෙ වෙදකන් රැක ගන්න… මට ඒ ගැන වෙලාවක් නැ… නිදුට ශක්තියක් වෙන්න… ඔයාගෙ පඬුරු මන් බාර ගන්නවා…
පොරොන්දු වෙනවා මිති…
නිදු…
අක්ශි නිදුක්ගෙ අත අල්ලා ගත්තා.
මිති…
නිදු ඔයාට දරා ගන්න වෙනවා අදිකාගෙ විලාපය… මානම්කුල කම්පා දේවි අදිකාගෙ විලාපය හින්දා… ඔයාට වේදනාව දරා ගන්න පුලුවන්නේ… ඔයාගෙ පඬුරු වලට පින්… ගිරිසාපි ගිරිපඬුරු හතක් පිලි ගත්තා… හත් වෙනි නාමය ඉක්මනට පිලි ගනිවි… ඒත් හය වෙනි නාමයට තව කල් තියෙනවා…
හරි මිති…
දිත්යා කිව්වෙ විශ්වාසයෙන්. අදිකාව දිත්යාටයි නිදුක්ටයි බාර දුන්න අක්ශි හිට ගත්තේ අත් දෙක මිටි මොලවාගෙන. දවස් කිහිපයකට කලින් අක්ශි අවසන් විසදුම නිදහස් කලා. දවස් කිහිපයක් නිහඩව හිටියේ හරි මොහොත එනකම්. ඒත් තවත් බලාන් ඉන්න බැ. මානවිගෙ මතකය අස්සෙන් සැගැවුන ගිරිසාපි අවදි වෙන්න ඕන. කාලයේ සැගවිලා ගිය ගිරිසාපි මානම්කුල ප්රේමය අතරින් මානම්කුල දරන භයානක ශාපය මකන්න කාලය ඇවිත්. ඒ මානම්කුල අඩවිය වෙනුවෙන්මයි.
අක්ශි ඇදන් හිටපු දිගු සුදු සායට රත් පැහැ අත් දිගු ටොප් බ්ලව්ස් එකට රත් පැහැ ලාවට ගොතන ලද දිගු කොන්ඩය එක්ක කෙල්ලව දිස් උනේ අමුතුම ගාම්බිර බවකින්. අක්ශි ඔහේ බලාන් ඉන්න තිලක් ලගට ගිහින් දන ගහලා වැන්දා.
මේ හැමදේම ඉවසාගෙන දරාගෙන මන් වෙනුවෙන්ම ඉන්න මගේ සීයට පින්… මාත් එක්කම ඉන්න සීයේ…
මගේ දූ පරිස්සමින් මැනික… මට බය නැ… මගෙ දෝනි බලවත්… දෝනිගෙ ඒ ජිවිතයට සාදාරනයක් කරන්න…
තිලක් කිව්වෙ දුකින් උනත් කෙල්ල ගැන විශ්වාසයෙන්. අක්ශි හිනා වෙලා මානම්ගෙ පුන්චි බාප්පාගෙනුත් වැදලා ආශිර්වාද ගත්තා.
නිනිලා ආවම කියන්න… කිසිම දේකට භය වෙන්න එපා… දැන් මාව නත්තන්න කාටවත් බැ… බලමු මානම්කුල බිල්ලට ගන්න හැටි… මගෙ බිල්ල මමයි ගන්නෙ…
අක්ශි පාවහන් නැති සුදු දෙපා ගෙයින් එලියට තිබ්බෙ අදුරු අහස හෙන එලි ගහද්දි. ඒත් කෙල්ල තනියෙන් නෙමෙයි. අක්ශි තියන පියවරල් ගානේ නිහඩ මානම්කුල අඩවිය අවදි වෙන්න පටන් ගන්නවා. අක්ශි ලගින්ම ඒ දැනෙන චායාවන් තුන එන්න එන්නම බලවත් වෙනවා. ගිරිසාපිගෙ ආරක්ෂකයින්. මානම්කුල අඩවි භාර මානම්කුල මුර දේවතාවන්. නිහඩ මානම්කුල දෙවියන්ගෙ සෙන්පතීන්.
සන්නාතගිරි, නීලාරගිරි, කාකවිදගිරි… රකින්න මානම්කුල දෙවි… ශක්තිය වෙන්න… මානම්නායගිරි…
අක්ශිගෙ මිමිනීම මහා බලගතු බහිරව දෙවියෙකුගෙ ආගමනය වෙනුවෙන්. කෙල්ල මාවතේ කෙලවර මානම්ගෙ ගේ දිහාට ගමන් කලේ නිල් ඇස් ගිනි බොල වෙද්දි. ඒ දෑත් ගිනි ගද්දි. මානම්ගෙ ගේ ඉස්සරහා පොඩි ගේට්ටුව කෙල්ල ඉස්සරහා නිකම්ම ඇරිලා ගියේ ගේ ඉස්සරහා නවත්තලා තිබ්බ මොටර් සයිකලේයි මොටර් රතයෙයි රෝද නිකම්ම දිය වෙලා පුපුරලා යද්දි. සද්දෙට ගෙදර හිටපු පිරිමි එලියට ආවේ හරියට කලින් ලැස්ති වෙලා හිටියා වගේ.
සුදු නොනේ…
සමන් අසරනකමින් ගෙයින් එලියට ආවේ රහල් එක්ක වාරුවෙන්. උදිතා පුපුරන කේන්තියෙන් කෙල්ල දිහා බැලුවා. ඒත් අක්ශිගෙ ඇස් තිබ්බෙ එදා මානම්කුල මහගෙදරදි දැක්ක සිරිසේනයි තවත් වැදගත් විදිහට ඇද ගත්තු නපුරු පාට මිනිස්සු දෙන්නෙකුයි දිහා.
ආ මේ සුදු නොනේ වෙන්න ඇති මහ ලොකු වීරකන් කරන්නෙ…
මහත මිනිහෙක් කෙල්ල ඉස්සරහට ආවේ රෝද උනු වෙලා තියෙන වාහන දිහා ඇස් කොනින් බලන ගමන්.
……..
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!