උන්මාද මානම්කුල (3 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ටොනි පවනි දිහා දුකින් බැලුවේ පවනි නොසන්සුන් වෙද්දි. පවනි... අපෙ මිති... ටොනි ඇයි මේ... ඇයි මිති මොකද්ද... කො දුව... දුව කාමරේ... එහෙනම්... පවනි... දුව ලන්කාවට යන්න ඕනලු... මොකක්...

03 🍃

ටොනි පවනි දිහා දුකින් බැලුවේ පවනි නොසන්සුන් වෙද්දි.

පවනි… අපෙ මිති…

ටොනි ඇයි මේ… ඇයි මිති මොකද්ද… කො දුව…

දුව කාමරේ…

එහෙනම්…

පවනි… දුව ලන්කාවට යන්න ඕනලු…

මොකක්…

පවනිට එකපාරටම කිය වුනා. මෙච්චර කාලයටකට ලන්කාවට යන එක තියා ලන්කාවෙ කිසිම දෙයක් කතා කරනවාට අකමැති උන අක්ශි එකපාරටම ලන්කාවට යන්න ඕන කිව්වාම පුදුම වෙන එක සාමාන්ය දෙයක්. ඒක ඇහුනා විතරයි අක්ශා වේගයෙන් දුවලා උඩට ගියේ පවනි තවත් නොසන්සුන් වෙද්දි.

අනේ ටොනි… ඇයි මේ එකපාරටම… මිතිට මොනවාද වෙලා තියෙන්නෙ…

මට තාම තෙරුම් ගන්න බැ පවනි… ඒත් මන් දන්නෙ… මගෙ දුවගෙ ජිවිතෙ අනතුරේ…

ආ… අනේ දෙවියනේ… ටොනි මොකද්ද උනේ… මට කියන්න…

පවනිට ඇඩුම් ආවේ මෙ කියන කිසි දෙයක් පැහැදිලි නැති තැන.

ටොනිගෙ ඇස් වල කදුලු ආයෙත් අලුත් උනා. තාමත් ටොනිගෙ ඔලුවේ අක්ශි අඩ අඩා කිව්ව දේවල් දොන්කාර දුන්නෙ වේදනාවෙන්. ඒ වේදනාව නිසාම කෙල්ලගෙ ජිවිතය ගැන ටොනිට බයයි.

පවනි… අපෙ දුව…

මාව බය කරන්න එපා ටොනි… මොකද්ද අපෙන් දූට තියෙන අනතුර… අනේ මගෙ දරුවා…

පවනිගෙ ඇඩුම් වැඩි උනේ ටොනි පවනිගෙ අත් අල්ලා ගනිද්දි.

අහන්න පවනි… මිතිට මුකුත්ම වෙන්න දෙන්නෙ නැ මන්… මන් කව්ද කියලා ඔයා දන්නවානේ… මේ ටොනි ඩියොන්ගෙ දරුවන්ට හානියක් කරන කිසි කෙනෙක් මන් අතාරින්නෙ නැ… ඒත් මෙතන ප්රශ්නය ඒක නෙමෙයි…

මොකද්ද එහෙනම් ටොනි… ඔයාට නොකරන්න බැරි දෙ මොකද්ද…

පවනි… මිති දුව… මෙච්චර කාලයක්… එයාගෙ ගිය ආත්මය අපේ දුව වෙනස් කරලා පවනි…

මොකක්… මොන විකාරද මේ කියන්නෙ…

අහන්න පවනි… කියලා ඉවර වෙනකම් ඉන්න…

ටොනි පවනිව උරහිසට වාරු කරන් කිව්වෙ පොඩි දේනුත් කලබල වෙන පවනිට හැමදේම පරිස්සමින් විස්තර කරන්න.

මිතිට එයාගෙ ගිය ආත්මේ මතකය අකුරක් නැර තියෙනවා… ඒ මතකය විතරක් නෙමෙ… අමුතු දෙයක් අපේ මිතිගෙ පස්සෙන් එනවා… මට තෙරෙන්නෙත් නැ පවනි… මිති කිසි දෙයක් හරියට කියන්නෙ නැ… එයා කියනවා… සාපයක් ගැන… තව කව්ද මානම්කුල දෙවියො කියලායි… මානම් බලාන් ඉන්නවා කියලායි කියනවා… ඊටත් වඩා… මිති… එයාට අමුතු දෙයක් තියෙනවා… මොනවාද මේ පවනි… මිතිට මේ හැමදේම ඉවර කරන්න ඕනලු… එයාට ලන්කාවට යන්න ඕනලු… මන් කොහොමද දැන දැනම මගෙ දුවව යවන්නෙ පවනි… ගිය ආත්මේ නෙමෙයි… මේ ආත්මෙ මිති මගෙ දුව…

ටොනිට හැඩුම් එකපිට එක ආවේ පවනිටත් හැඩෙද්දි. කවදාවත් මෙහෙම දෙයක් කවුරුවත් බලාපොරොත්තු උනේ නැ. ඒත් මෙච්චර කාලෙකට අක්ශි කිසිම දෙයක් කියලා තිබ්බෙ නැති එකට වඩා දැන් වෙන දෙවල් වලට උත්තරයක් තිබ්බෙ නැ. අක්ශි මේ කාලයේම හැමදෙම එලි කලේ ඇයි කියන්නවත් හිතා ගන්න බැ. පවනියි ටොනි අතරමන් උනේ දරුවන් හින්දා.

අක්ශා දුකින් බැල්කනිය ලග විදුරු ජනේලය ලග බිම ඉදගෙන කල්පනා කරන අක්ශි ලගින්ම ඉද ගත්තෙ අහන්න ගොඩාක් දෙවල් තිබ්බත් කටින් එක වචනයක් පිට නොවෙද්දි.

මිති…

අක්ශා කෙල්ලගෙ අත අල්ලාගෙනම සුසුමක් පිට කලා. අක්ශි දුකින් අක්ශා දිහා බැලුවා.

මිති… ඔයා මෙච්චර කාලෙකට මට කිසිම දෙයක් කිව්වෙ නැ… එකම එක ඉගියක්වත්… ඒත් මන් ඔයා දිහාමයි බලාන් හිටියේ… පොඩි කාලේ ඉදන්ම… පොඩි වෙන්සක් උනත්…

අක්ශා විරාමයක් තියලා කෙල්ල ලගටම ඇවිත් ඒ උරහිසට හෙත්තු උනා.

ඔයා ගොඩාක් ලස්සනයි… හැමොම ඔයාට ආදරෙයි… අපෙ ප්රින්සෙස් ඔයා… ඒත් ඔයා හරිම නිහඬයි… කොච්චර යාලුවො ඔයාව වටකරාන් හිටියත් ඔයා හිටියේ තනියෙන්… ඒත් ඔයා බලාගත්ත දිහා බලාන් හිටියා… ඒත්… ඔයාගෙ ලොකු වෙනසක් තිබ්බා මිති… ඔයා අපේ පව්ලම නරක දේවල් වලින් ඇත් කලා… මොනවාම හරි ප්රශ්නයක් වෙනකොට ඔයා අපිව ආරක්ශා කලා… මේ හැමදේම මන් දන්නවා නන්ගි…

අක්ශා කියන හැමදේම අක්ශි අහන් හිටියා. කෙල්ලට පුදුමයකට වඩා සිහින් සැනසිමක් දැනුනේ මේ දෙවල් අවසන් කරන්න කාලය හරි හින්දා.

මට කියන්න නන්ගි… ඔයා වෙනුවෙන් මන් ඕනම දෙයක් කරනවා… දැන්වත් අපිට ඔයා වෙනුවෙන් උදව් කරන්න දෙන්න මිති…

සොරි අක්කෙ… සොරි… ඔයාලට දුක් දෙන්න බැරි හින්දා… මන් හැමදාමත්… ඒත් මට ගැලවෙන්න බැ අක්කෙ… මගෙ ඉරනම… වැරැද්දක් නැතුව… එක ජිවිතයක් විතරක් නෙමෙයි… මට යුක්තියක් ඉශ්ට කරන්න බැරි උනා… මන් සාප කලා මෙල්…

මොන සාපයක්ද නන්ගි… අනෙ රත්තරන්…

අක්ශාටත් ඇඩුම් ආවේ හිර කරගෙන ඉන්න බැරිම තැන. අක්ශි හුල්ල හූල්ල අක්ශාට තුරුලු උනා.

මන් හැමදේම කියන්නම් මෙල්… ඒත් ඊට කලින් මට ලන්කාවට යන්න ඕන… මට සැනසීමක් ලැබෙන්නෙ මේ දේවල් ඉවර කලොත් විතරයි… මානම් මට නොකිව්ව ඒ ඇත්ත සාපයක් වෙලා මගෙ සාපය විනාශක් උනා මෙල්…

මට තෙරෙන්නෙ නැ මිති… ඒත් ලොකු භයානක දෙයක් වෙනවා කියලා මට තෙරෙනවා… ඔයාට ඔයාගෙ කලින් ආත්මය ගැන මතකය විතරක් නෙමෙයි… ඒ හැම දෙයක්ම මේ ආත්මෙත් ලැබිලා කියලා මන් දන්නවා…

මෙල්…

අක්ශි අක්ශා දිහා බැලුවේ පුදුමයෙන්. අක්ශි නොකිව් තව දෙයක් අක්ශා දන්න එක කෙල්ලට පුදුමයි.

පුදුම වෙන්න දෙයක් නෙමෙයි මිති… මට ඒක තෙරුනා… ඔයා අපේ පව්ලට වාසනාව ගෙනාවා වගෙම… ඒ හැකියාවත්… අපි සින්හල අයට බැඳීමක් තියෙනවා… මේ දෙවල් සාමාන්යයි… එහෙම නේද…

අක්ශා අක්ශිගෙ ඔලුව අතගාන ගමන් කිව්වෙ සැහැල්ලුවෙන්.

ඔයාට තැන්ක්ස් අක්කෙ…

මගෙ පිස්සි… අහන්න… දැන් මෙහෙම මේ දේවල් කරන්න බැ… ඔයා අපිට කියන්න ඕන මොකද්ද කරන්නෙ කියලා… ඔයාගෙ ඒ ආත්මය ගැනම…

මන් කියන්නම් අක්කෙ… ඒත්… ඔයාලට දරා ගන්න පුලුවන් වෙයිද… ඒ තරම් වේදනායි අක්කෙ… මිහිපිට කාටවත් ඒ වේදනාව දරා ගන්න බැරි වෙවී…

මට පුලුවන්… ඔයා වෙනුවෙන් ඕනම දෙයක්… මිති…

ඔයාට ගොඩාක් තැන්ක්ස් අක්කෙ… ඒත්… මමි ඩැඩි කියටවත් මාව යවන එකක් නැ ලන්කාවට… තව කාලයක් මන් හිටියොත්… මහා විනාශයක් වෙන්නෙ මෙල්…

ඒ ගැන බය වෙන්න එපා… හැමදේම අපි බලාගමුකො… හ්ම්…

හ්ම්ම්…

අක්ශා ස්තිර හඩින් කිව්වෙ ගොඩාක් දෙවල් හිතන ගමන්. අක්ශාත් අක්ශි වගේම මෙච්චර කාලයක් හැම වෙනසක්ම දැනගෙන දරාගෙන හිටියේ අක්ශි මේ දෙවල් එලි කරන දවස එනකම්. අක්ශිට මේ වෙලාවෙ කරන්න පුලුවන් හැමදේම කරන්න අක්ශා හිතාගෙන ඉවරයි. සැගවුන දේවල් ඉක්මනටම ඉවරයක් කරන්න ඕන. අක්ශාට නොකිව්වාට හුගක් දෙවල් ඉවෙන් දැනිලා තියෙන්නෙ.

අක්ශිගෙ හන්ගගෙන හිටපු රහස පව්ලේ අයම දැනගෙන දවස් කිහිපයක් ගෙවිලා ගියෙ ටොනිවත් පවනිවත් කිසිම විදිහකින් ඒ ගැන මතක් නොකර. දෙමාපියන්ගෙ නිහඬ බවේ තෙරුම කෙල්ලො දෙන්නාටම අමුතුවෙන් අහන්න දෙයක් තිබ්බෙ නැ. ඒත් අක්ශි දවසින් දවස එයාගෙම ලොකෙක තනි වෙන එක වැඩි උනා. අක්ශාට ඒ දෙවල් බලාන් ඉන්න බැරිම තරම්.

බර්ලින් නගරයට සීතල හිම වැටෙන නත්තල් දවසට කලින් දවසේ හැමදාම වගේ අක්ශි විසල් විදුරු ජනේලය ලගට වෙලා ලෝම් බ්ලැන්කට් එකත් තුරුලු කරන් ඒ රැ නගරය දිහා බලාන් හිටියා. ගෙදර හැමොම නත්තලට ලැස්ති උනේ හරිම සතුටින්. පවනි බෞද්ධ උනත් ටොනි කතොලික උනේ ලමයිනුත් සාමාන්ය විදිහට බෞද්ධ ආගම සහ කතොලික ආගමට සමාන විදිහටම ගෞරව කරන ගමන්. ඒත් අක්ශි ඒ හැමදේකින්ම ඇත් වෙලා හිටියේ ජිවිතෙම කලකිරිලා වගේ.

……

මතුවට

 

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!