04 🍃
අක්ශි සිතලට තවත් බ්ලැන්කට් එකට ගුලි උනේ සිහින් මිමිනුමක් එක්ක.
°°’ ගිරි දෙයියො දෙයියො ගිරි දෙයියො…
සාදු දිලා දිලා දෙයියො…
ගිරි පඬුරු ලබන් සේසත් ගම්බාරන්…
මා දුන් ගිරි පඬුරු සෙත් වාඩන්…
දෙයියො දෙයියො…
මානම් දෙයියො…
සාදු සාදු සාදු සාදු…
වාඩන්… වාඩන්…
මානම්කුල දෙයියො…
අක්ශි ලොකු හුස්මක් පිට කලා. ඒ නිල් ඇස් වලට කදුලු අලුත් දෙයක් නෙමෙයි.
‘ කෙල්ලෙ… කෙල්ලෙ… ඔයැයි සිදොරිලැ කෙලි නේ…
‘ ඔව් සිදොරිලැ කෙලි තමයි… ඇයි මොකො… හොරෙන් හොරෙන් බලන්නෙ… කෙලිලා කැලැ බහිනො අරුමයක්ය… ‘
‘ අරුමයක් වෙයි තකහනියට… මේ මගෙ අඩවිය… එහෙම එලි බහින්න තමුන් මුලැදැනිද… ‘
‘ හපෙ හප්පෙ… කතාව මෙයයි වගෙ මුලැදැනි… මට කවුරුවත් කාරි නැ… මන් කැලැ බහින්නෙ මට ඕනැවට… බෙහෙත් කොල හොයා ගන්න… කාගෙ අඩවිය උනත් මට මොකේ… ‘
‘ කතාව බලහල්ලාකො… දුවපියයි කිව්වෙ මෙහෙන්… ආවා මෙතන කයිරාන් ගහන්න… කෙලි නොවි නම් මන් දනි කොරන දෙ… ‘
‘ ඇයි මක් කොරන්නද… කුමාර වහන්සෙ… ‘
‘ මොකද්ද බොල කිව්වෙ… මම මානම්… මේ මානම්කුල කන්ද බලා ගන්නෙ මම… ‘
‘ කාරි නැ කාරි නැ කුමාර වහන්ස… මේ ගැත්තිය යන්ටම්… ‘
‘ කෙලිගෙ නම කියාම්… ඊලග පාර අහු වෙන්න නෙමෙයි… ‘
‘ හා හොදායි… මන් ආවනන්නේ… සිදොරිස්ගෙ කෙලි… මානවි… වෙදගුරු සතරකුල මහාකංකාරි… ‘°°
හිත මතක යාමේ බොදව ගිය පෙම්බර කටහඩ තාමත් ශේශ වෙල කෙල්ලට මතකයි. ඒත් ඒ වචනයක් ගානේ ඇග කිලි පොලා යන බයන්කාර වේදනාව සහ බය අක්ශිට පපුවට දරා ගන්න බැරි තරම්.
කාමරේ දොරට තට්ටු කරන හඩින් අක්ශි ගැස්සිලා ගියේ ඒ මතකය බොද වෙද්දි. කෙල්ල සද්ද නැතුවම දොර දිහා බලාන් හිටියේ එන්නෙ කවුරු උනත් කිසිම උනන්දුවක් නැතුව. ඒත් කාමරෙ දොර ඇරගෙන ආපු කෙනා දැකලා අක්ශිගෙ ඇස් ලොකු උනා. ඒත් කාලයකට පස්සෙ හිතට ආදරනිය සැනසිමක් දැනුනේ ඒ රුව නිසා.
අනේ… නිනි…
අක්ශිට වාන් දැම්මා වගේ හැඩුම් ආවේ වේගයෙන්. කෙල්ල දන ගාගෙන ආවේ ඉකි ගගහා.
අනේ මගේ මැනික… ඇයි මේ…
නිනි හෙවත් නිවාන් පවනිගෙ අයියාගෙ ලොකු පුතා අක්ශිගෙ ලොකෙ ලොකු අයියා. අවුරුද්දකට සැරයක් වගේ බර්ලින් එන එක නිවාන් පුරුද්ද. ඒ මේ හුරතල් නන්ගිලා දෙන්නායි මල්ලියි බලන්න. කොල්ලාත් අක්ශා වගේම අක්ශි ගැන හැමොටම වඩා හිතන අවදානෙන් හිටියේ හුග කාලෙක ඉදන්. ඒත් මේ පාර නිවාන් ආවේ අක්ශි වෙනුවෙමයි.
මගේ නන්ගි… අනේ මැනික ඔහොම අඩන්න එපා… අයියාට දුකයි පැටියො… දැන් මන් ආවානේ…
අනේ අයියේ… නිනි… මට බැ අයියේ…
මන් දන්නවා මැනික… ඔක්කොම දන්නවා… දැන් අයියා ආවනේ… හැමදේම හරි යයි… බය වෙන්න එපා… හ්ම්ම්…
නිවාන් කෙල්ලව තදින් තුරුලු කර ගත්තේ තාමත් අක්ශා කිව්ව දෙවල් ඔලුවේ දොන්කාර දෙද්දි. මෙච්චර ඇත්තටම විශ්වාස කරන්න බැරි තරම්. නිවානුත් ඇස් රතු කරගෙන වේදනාවෙන් කෙල්ලගෙ ඔලුව අත ගැවේ කාමරේට එන අක්ශායි නිවාන්ගෙ මල්ලි නිදුක් දෙන්නා එද්දි. නිදුක්ටත් දුකයි. ඒ දෙන්නාත් ඇවිත් කෙල්ල ලගින් ඉද ගත්තේ සීතල වෙලා තියෙන කෙල්ලගෙ අත අල්ලා ගන්න ගමන්.
නිනි… මාව අරන් යන්න අයියේ… මන් මැරෙවි… මට මානම්කුලට යන්න ඕන අයියේ… මානම් දෙයියො ලගට යන්න ඕන… මානම් මට කිව්ව දේ එයාගෙන්ම අහන්න ඕන… මානවි එයාට ගොඩාක් ආදරේ කලා… ඒත් එයාට ඒ ආදරේ මදි උනා අයියේ… එයා මගෙන් ලොකු දෙයක් හැන්ගුවා… මන් සාප කලා නිනි… සාප කලා… මානම් දෙයියොන්ව බිලි දුන්න ඒ මානම්කුලටම සාප කලා… මට ඒ සාපේ ඉවර කරන්න ඕන… මානම්ගෙ අහන්න ඕන… මාව අරන් යන්න නිනි… අත් දෙක එකතු කරලා ඉල්ලන්නෙ මගෙ අයියේ…
අක්ශි තවත් හිර කරන් ඉන්න බැරි මේ ආත්මිය වෙදනාව, ආදරය පුද දුන් වේදනාව කදුලින් දිය කලේ නිවාන්ගෙ තුරුලේ. කෙනෙක්ට මේ තරම් පෙර ආත්මය එක්ක බැදෙන්න බැ. ඒත් අක්ශිගෙ ආත්මගත වේදනාව ඒ පසුපසම හබා එන සාපය අවසන් කරන්නයි කෙල්ලට ඕන. කෙල්ලවත් නොදන්න ඒ මානම් දෙවියන්ගෙ සාප ලත් රහස.
අනේ… නිනි අයියේ…
මිති… මගෙ දොනියො… අයියා පොරොන්දු වෙනවා… ඔයා වෙනුවෙන් මන් ඕනම දෙයක් කරනවා… අපි යන් මැනික… ඔයා මේ දේවල් ඉවර කරන්න…
මගෙ අයියාට පින් අනේ…
අක්ශිගෙ ඉකිබිදුම අස්සෙ කෙල්ලගෙ නලල සිප ගත්ත නිවාන් කදුලු පුරවන් බලාන් ඉන්න අක්ශා දිහා බැලුවා. අක්ශා හිමින් නිවාන්ගෙ අත අල්ලාගෙන නිදුක්ට වාරු උනේ කාටත් කතා කරන්නවත් වචන ඉතිරි නොකර.
කාමරයෙ දොර ලග ටොනිට වාරු වෙලා මේ හැමදේම අහන් හිටපු පවනිට තවත් බලාන් ඉන්න බැරි තැන අඩාගෙන ගියේ ටොනි සුසුමක් පිට කරද්දි.
දර ඇවිලෙමින් ගිනි ගන්න ගිනි උදුන ලග සාලයේ වටේට ඉදගෙන ඉන්න හැමොම අතරේ තිබ්බෙ ලොකු නිහැඩියාවක්. ටොනි නලල අල්ලාගෙන නිවාන් දිහා බැලුවෙ නිවාන් කියටවත් කිසි දෙයක් අහන්නෙ නැති හින්දා.
නිවාන්… ඔයා මිතිව අරන් යනවා… ඒකෙ වෙනසක් ඇත්තෙම නැද්ද…
නන්ගි විදවනවා මට බලන්න බැ මාමි… එයා ඔයාගෙ දුව වගේම මගෙ නන්ගි… පොඩි කාලේ අපි මෙහෙ හැදුනේ එකට… එදා ඉදන්ම මෙල් වගේම මමත් මිති ගැන අවදානෙන් හිටියේ… මිති වෙනුවෙන් එයාගෙ ඉල්ලිම ඉශ්ට කරන්න මට ඉඩ දෙන්න මාමි… මන් පොරොන්දු වෙනවා මිතිව ඇස් දෙක වගේ බලා ගන්න…
මන් දන්නවා නිවාන් මිතිව කරදරයක් නොවෙන්න බලා ගන්නවා කියලා පුතා… ඒත් ඒක නෙමෙයි ප්රශ්නය…
ටොනි කෙලින්ම බැලුවේ අත් අල්ලාගෙනම ඉන්න අක්ශි දිහා.
මිතිට… තියෙන හැකියාව ගැන… මිතිගෙ ඒ හැකියාව ගිය ආත්මේ ඉදන් වෙන්න පුලුවන්… ඒත් මේ ආත්මයේ හුගක් වෙනස්… මමත් ඒ දෙවල් දන්නවා…
මට තෙරෙනවා මාමි… ඒ නිසාමයි මිති යන්න ඕන… ඒත් ඊට කලින් මේ දෙවල් හොයලා ඉන්න ඕන… ඒ හැමදේම මම බලා ගන්නම්… මාමි නැන්දි බය වෙන්න එපා… මිති මෙල් දෙන්නා මගෙ පන…
නිවාන් කිව්වෙ අනිත් අතින් අක්ශාගෙ අත අල්ලා ගන්න ගමන්. පවනිට තවත් බලාන් ඉන්න බැ. පවනි මුකුත් කියා ගන්න බැරුව ඉකි ගැහුවේ අක්ශිත් දුකින් බලාන් ඉද්දි. කෙල්ලට යන්න දෙන්න පවනිගෙ කිසිම කැමැත්තක් නැ. එතන තියෙන බයානක කම අමුතුවෙන් දැනෙන දෙයක් නෙමෙයි.
මමි… මට සමාවෙන්න මමි… ඒත් මට යන්න ඕන…. මම එහෙ ගියේ නැත්නම්… මට ගැලවිමක් නැ… මට නිදහසේ ජිවත් වෙන්න බැ… මගෙ කලින් ආත්මය… මානවිට සාදාරනයක් කරන්න ඕන… මට දැන ගන්න ඕන…
අක්ශි පවනි ලගට ඇවිල්ලා දන ගහලා කිව්වෙ පවනි හැඩුම් එක්ක කෙල්ලව තුරුලු කර ගනිද්දි.
මට බැ දුවේ ඔයාව යවන්න… මන් මැරෙයි අනේ…
මන් මෙහෙ නිකම් හිටියො මන් මැරෙයි මමි… මට යන්න දෙන්න… මන් ඉක්මනට එනවා මමි ලගට… මමි බය වෙන්න එපා… ප්ලීස් මමි… මන් පොරොන්දු වෙනවා… ඉක්මනට එනවා කියලා… මේ දෙවල් ඉවර කරලා මන් ඉක්මනට ගෙදර එනවා මමි… ඩැඩි… ප්ලීස්…
අක්ශි අම්මායි තාත්තායි ලග ඉල්ලුවේ මෙච්චර කාලෙකට කෙල්ල දෙමාපියන්ගෙ ඉල්ලපු එකම දේ වගේම පලවෙනි ඉල්ලිම. කෙල්ලගෙ වදන් ටොනිට විශ්වාසයි.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)