ටොනි පවනිගෙ අත අල්ලා ගත්තේ ලොකු තිරනයකින්.
මගෙ දූ… දු යන්න… මානවිටයි මානම්ටයි සාදාරනයක් කරන්න… මට දු ගැන විශ්වාසයි… ඒත් එක කොන්දේසියක්…
ටොනි කෙල්ලගෙ ඔලුව අත ගාලා කිව්වෙ කෙල්ල දිලිසෙන නිල් ඇස් වලින් තාත්තා දිහා බලද්දි.
මගෙ දූට මොනවාම හරි කරදරයක් උනොත්… මේ ඩැඩි නිකාන් ඉන්නෙ නැ… ඩැඩි ගැන දන්නවානේ…
හ්ම්ම්… තැන්ක්ස් ඩැඩි… ගොඩාක්… ආදරෙයි ඩැඩි… මන් පොරොන්දු වෙනවා…
මගේ දු… මගෙ පැටව් මගේ ලොකේ රත්තරන්… එහෙදි කවුරු හම්බ උනත් අමතක කරන්න එපා… මේ ආත්මේ දු මගෙ දු… ඉක්මනට එන්න…
ඔව් ඩැඩි… මේ මගෙ පව්ල… ඉක්මනට මන් එනවා ඔයාලා ලගට…
අක්ශි අඩමින් උනත් කිව්වෙ ලොකු සැන්සිමකින්. මානවිගෙ ජිවිතේත් මේ වගේම ලස්සන කාලයක් තිබ්බා. ඒත් දැන් තමන් අක්ශි මිත්ලානා ඩියොන් කියන එක මානම්කුල දෙවියන්ටවත් වෙනස් කරන්න බැ කියලා කෙල්ල දන්නවා.
‘ මානවි වෙනුවෙන් අක්ශි මේ සාපය ඉවර කරනවා… මානම්කුල දෙයියො… බලාන් ඉන්න… එදා ඒ අපරාදේ දිහා ඔබතුමා බලාන් හිටියේ නැ… මානම්කුල දෙයියො එයාවම බිලි ගත්තෙ ඇයි කියලා මන් හොයා ගන්නවා… මානවිව මරපු හැමොගෙනුත් පලි ගන්නවා… ඒ කවුරුවත් හිටියත් නොහිටියත්… එදා මානවි, වෙදගුරු සතරකුල මහාකංකාරි… අද… මම… ගුප්තරහස්, විදිමන්ත්ර මනොවිද්යා සිසු අක්ශි… ‘
අක්ශි තමන්ට පොරොන්දු දුන්නෙ ස්තිරවමයි.
ඒ නත්තල් පිරි දෙසැම්බර් මාසය බර්ලින් නගරය පුරා සිරි අසිරි ඉතිරුවේ තවත් ලස්සන අවුරුද්දක අවසානය ලන් කරලා. ඒත් අක්ශිගෙ ජිවිතයේ ලොකු අරමුනකට ඒ වසර ඉවර වෙලා අලුත් වසරක් ලන් උනේ ඉක්මනට. ඒත් එදා මානවිගෙ ජිවිතය අවසන් උනත් මේ අක්ශිගෙ පටන් ගැන්මයි.
ඇස් දෙකෙ රැදුන උපැස් උවල යන්තම් ගලවලා ඇස් දෙක පොඩි කර ගත්ත නිවාන් ලොකු හුස්මක් පිට කරලා සැටියට හේත්තු උනේ කොල්ලාගෙ උරහිසට හේත්තු වෙලා නිදාගෙන ඉන්න අක්ශා දිහා. විසි දෙහැවිරිදි අක්ශා නිවාන්ගෙ ආදරනිය පෙම්වතිය උනේ දෙන්නාගෙම දෙමාපියන්ගෙ ආශිර්වාදය එක්ක. පොඩි කාලේ ජර්මනියෙම එකම සොහොයුරන් එක්ක හැදි වැඩුන නිවාන් නිදුක් අනිත් සොයුරු සොයුරියන්ට වඩා අක්ශාටයි අක්ශිටයි ගොඩාක් බැදිලායි ඉන්නෙ. ඒ බැඳීම පුදුමාකාරයි.
නිවාන් අනිත් පැත්තේ ඉදගෙන ෆොන් එකේ මොනවාද කරන අක්ශි දිහා බැලුවා. කාලයකට කලින් කෙල්ලගෙ මැකිලා ගිහින් තිබ්බ ඒ හුරතල් මුනට දැන් එලිය වැටිලා. බටහිර පැවැත්මක් තියෙන අක්ශා අක්ශියි කිසිම විදිහකින් සින්හල අයට සමාන කමක් නොතිබ්බාත් ඒ දෙන්නාම හිතින් සම්පුර්ණ සින්හල ආබාශය තිබ්බෙ පවනි නිසා.
අයියා…
නිදුක්ගෙ කටහඩින් නිවාන් අක්ශි දෙන්නාම බැලුවේ මේ වෙලාවෙ එයාලගෙ අවදානය තිබ්බෙ එක දෙයකට විතරයි.
නිදු… මොකද උනෙ… බදුල්ලෙ ලලිත් මාමලා දන්නවාද…
නිවාන් කලබලෙන් වගේ අහද්දි ටොනිත් ලැප් එක පැත්තකට කරලා අවදානය දුන්නා. හැමොම නිදුක් දිහා බලාන් හිටියේ නොසන්සුන්කමින්. ඒත් නිදුක්ගෙ මුහුනම සුදුමැලි වෙලා වගේ අක්ශි දිහාම බලාන් හිටියා. අක්ශි දුකින් බිම බලා ගත්තේ ඒ හේතුව තෙරුන හින්දා.
නිදු… මොකද… කියන්නකො…
නිනි… මේ… මේ…
නිදු… පුතා… ඇයි…
හැමොම කොච්චර කතා කලාත් නිදුක් නිහඩයි. කොල්ලා ෆොන් එකේ ෆොටො කිහිපයක් අරන් නිවාන්ට දුන්නෙ අක්ශි ලග සැටියෙන් ඉද ගන්න ගමන්.
බදුල්ලෙ ඇතුලටම වෙන්න… දුශ්කරම පලාතේ… ඊටත් එහා… මානම්කුල ගම තියෙනවාලු… මානම්කුල කන්දත්…
නිදුක් ගොත ගහන ගමන් කිව්වෙ අක්ශි දිහා සැරින් සැරෙට බලන ගමන්. නිවාන් ඒ ෆොටො අක්ශිට ලන් කලේ කෙල්ල නොව්මනාවෙන් බලද්දි. ඒත් කෙල්ල වෙව්ලන අතින් ෆෝන් එක අරන් ඒ ෆොටො දිහා ඇහි පිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාන් හිටියේ අලුත් වෙන කදුලු එක්ක.
මේ… මානම්කුල… කන්ද තමයි… මානම්ගෙ අඩවිය… මානම්කුල දෙවියොන්ගෙ අඩවිය… ඒත්…
අක්ශි ඒ ෆොටො වල ලොකු වෙනසක් දැක්කා. කෙල්ල එකපාරටම බැලුවේ නිදුක් දිහා.
නිදු අයියේ… මේ ෆොටො කොහොමද…
දහර මල්ලි එව්වෙ… එයාගෙ යාලුවො කට්ටියක් මාස දෙකකට කලින් මානම්කුල ගිහින්… ඔය ඒයාලා අන්තිමට එව්ව ෆොටොලු… එදා අද වෙනකම්… ඒ යාලුවො ගැන ආරන්චියක් නැ… දහර මල්ලි බය වෙලා මම මානම්කුල අහන්නෙ ඇයි කියලා… බදුල්ල දෙනියායටම මානම්කුල කියන නමත් තහනම් වචනයක්ලු…
මානම්කුලට මොකද උනේ… මට මානවි මැරුන දවසේ ඉදන් කිසි දෙයක් මතක නැ… මේ මානම්කුල… මීදුම… මොකද්ද මේ…
මන් දන්නෙ නැ මිති… මානම්කුල… දැන්… යක්ශ අඩවියක්ලු… මානම්ගම ගම්මානේ මානම්කුල අඩවිය වෙන් වෙන සීමාවක් වෙලාලු…
නිදු… එතකොට මානම්කුල යක්ශ අඩවියක් කියන එක මොකද්ද…
ටොනි ඇහුවෙ කෙල්ල අතින් ඒ ෆොටො අරන් බලන ගමන්. අක්ශි සැටියෙන් නැගිටලා තාමත් දුකින් බලාන් ඉන්න පවනි ලගට ගිහින් දෙදනේ ඔලුව තියා ගත්තා.
ඒක තමයි මගෙ සාපය…
• පව්ල් පිටිල් පව්ල් මල යකුන් වෙවා…
බත බුලත මල පෙරෙත සැතිර වේවා…
නියම්ගම් නියම් ධන ශුන්යය වේවා…
නිදොකල් නුබලා නිදොස් නොවෙවා… සාපි සාපි මහා සාපි… •
අක්ශිගෙ සියුම් කටහඩින් ඒ හඩ පිට වුනේ හැමොගෙම ඇගම හිරිගඩු පිපෙන තරම් සලිත කරලා. පවනි දොතින්ම මුව වසා ගත්තා. ඒත් අක්ශි හරිම සන්සුන්.
මට ඒ වචන ආයෙත් ගන්න බැ… මානම්ව දකිනකම්…
මා.මානම්… දකිනකම්… මිති… ඒ කොහොමද… මානම් මැරිලා දැන් කොච්චර කල්ද… අනික එයා මනුෂ්යයෙක් නම්… දැනටමත්… අවුරුදු කීයක්ද…
නිනි… මටත් දැන ගන්න ඕන ඒක… මානම් මනුෂ්යයෙක්ද… නැත්නම් මගේ මානම් දෙයියොද… දෙයියො නෙමෙද…
මිති… මොනවාද මේ කියන්නෙ…
පවනිට තව මේ දේවල් අහන් ඉන්න බැරි තරම්. අක්ශි එකින් එක කියන දේවල් මහා කම්පාසගතයි. ටොනි ඉක්මනට පවනිව වාරු කර ගත්තෙ පුන්චි අක්ශවත් දැතට ගන්න ගමන්.
පුතා ඔයා කතා කර ගන්න… පවනි අපි යන් උඩට… ඔයාට මේ දේවල් දරා ගන්න බැ… ඒත් ඔයා ඇත්තටම මූන දෙන්න ශක්තිමත් වෙන්න… අපෙ දුව ශක්තිමත්…
ටොනි කිව්වෙ කෙල්ල ගැන ආඩම්බරෙන්. අක්ශි කාලෙකට පස්සෙ ඒ ලස්සන හිනාවෙන් තාත්තා දිහා බැලුවා. ඒ හිනාවම ඇති ටොනිට සැනසිමක් වෙන්න. ටොනියි පවනියි ගියාට පස්සෙ නිවාන් අවදානය දුන්නෙ අක්ශිට. නිදුක් සුසුමක් පිට කරලා කෙල්ල ලගින් ඉදගෙන කරට අත දා ගත්තෙ කෙල්ලට ශක්තියක් වෙන්න.
මේ හැමදේකටම අපි උත්තර හොයමු… ඒක පොරොන්දුවක් මිති…
නිදුක් කෙල්ලගෙ හිස සිප ගත්තේ නිවාන් දිහා බලන ගමන්. නිවාන් හිස සලා එකග උනේ මොනදේ උනත් ආයෙත් හැරෙන්නෙ නැති වෙන්න. දැන් නිදුක්ට වගේම නිවාන්ටත් මේ ආත්මිය සාපය සහ මානම්කුල යක්ශ අඩවිය ගැන එලි කරන්න ඕන.
ඒත් අක්ශිගෙ එකම සැකය විතරක් අනතුරු අගවද්දි කෙල්ල තියා වෙන කවුරුවත් තාම දන්නෙ නැ මානම්කුල ඒ දෙවියො සදාතනික පෙම් පුජාව කල ඒ පෙම් දේවතාවිගෙ ආශිර්වාද බලාන් ඉන්න බව.
රොස්ටොක්-ලේග් ගුවන් තොටුපලේ ශ්රී ලංකාව බලා යන ගුවන් යානයට පැයක් තිබියදි පවනි තවමත් කෙල්ලො දෙන්නාට යන්න නොදි වැලදගෙන හැඩුවේ අම්මා කෙනෙක්ට උනත් මෙච්චර වේදනාවක් වාව ගන්න බැරි නිසා. අක්ශි සදහටම යන ගමනක් නොව්නත් කෙල්ලගෙ තත්වය එක්ක පවනි වගේම ටොනිත් හිටියෙ බයකින් පීඩනයකින් වගේම වේදනාවෙන්.
මගෙ දොනි… ඔයාලා දෙන්නාගෙන් එක්කෙනෙක්ට හරි මොනවා හරි උනොත් මන් ඉදලා වැඩක් නැ රත්තරන්… ආයෙත් හිතන්න මැනික…
මන් ඉක්මනට එනවානෙ මමි… මට මුකුත් වෙන්නෙ නැ… කාටවත් මට මුකුත් කරන්න බැ මමි… ඒත් මන් යන්න ඕන… මේ හැමදෙම ඉවර කරලා… මන් ඉක්මනට මමි ලගට එනවා… අපිට ගොඩාක් සතුටින් ඉන්න පුලුවන්…
මගෙ දු…
පවනි කෙල්ලො දෙන්නාම වැලදගෙන ඉකි ගැහුවා. ටොනි දුකින් උනත් නොහැඩු ඇස් වලින් නිවාන් දිහා බැලුවේ විශ්වාසයෙන්.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)