06 🍃
ටොනි නිවාන් අතේ හිටපු පුන්චි අක්ශව අතට අරන් නිවාන්ව වැලද ගත්තේ කෙල්ලො දෙන්නාව නිවාන්ට බාර කරන ගමන්.
මගෙ කෙල්ලො දෙන්නාව බාරයි නිනි… ඇස් දෙක වගේ බලා ගන්න… මොනවාම හරි ප්රශ්නයක් නම් මට ඒ වෙලාවෙම කියන්න… පුතා දන්නවානේ… මන් ඕනම දෙයක් කරනවා… මට කරන්න බැරි දෙයක් නැ…
අනිවාර්යයෙන් මාමි… මෙල් මිති මගෙ ඇස් දෙක… මේ ප්රශ්න ඉවර කරලා අපි ඉක්මනට එනවා…
මන් බලාන් ඉන්නවා… ඒ ආවාම ඔය දෙන්නාගෙ වෙඩින් එකත් ඉක්මන් කරන්න ඕන…
ටොනි කියද්දි අක්ශා ලැජ්ජාවෙන් පවනිට ලන් උනේ පවනිගෙ මුහුනටත් හිනාවක් එක් කරලා.
අක්ශා අක්ශි දෙන්නාම දෙමාපියන් වැලදගෙන අක්ශවත් නොසැහෙන්න ඉබලා නිවාන්ගෙයි නිදුක්ගෙ අතේ එල්ලුනේ මේ දේවල් ඉක්මන් කරලා ඉක්මනට ආපහු ගෙදර එන බලාපොරොත්තුවෙන්.
එයා බර්ලින් ගුවන් යානය වේගයෙන් ගුවන් ගත උනේ ගොඩාක් අරමුන බලාපොරොත්තු හිත් වල රදවාන්. අක්ශි පොඩි ජනේලයෙන් හිමින් ඇත් වෙන බර්ලින් නගර දිහා බලාගෙන රිදුම් දෙන පපුව අල්ලා ගත්තා. මේ බර්ලින් නගර අක්ශි අවුරුදු විස්සක් හැදි වැඩුන නගරය. කෙල්ලගෙ මව්බිම. ඒත් ඒ ආයෙත් එන ගෙදර.
මානවි ඒ සුන්දර මානම්කුල කදුකරයේ අහිංසක ජිවිතය ජිවත් වෙලා ඉවරයි. මේ අක්ශිගෙ බර්ලින් නගරයෙ අහිංසක ජිවිතයයි.
ජනේලය හිමින් වහපු අක්ශිගෙ ජැකට් එක තවත් තුරුලු කර ගන්න ගමන් නිවාන්ගෙ උරහිසට හේත්තු උනා.
මිති…
නිනි… එතකොට මට අවුරුදු පහලොව ලැබුවා විතරයි… අම්මායි අප්පච්චි මට නම තිබ්බෙ මානවි උතුම්දරි දිරිඇල්ල කියලා… මන් පව්ලේ හතර වෙනියා… අප්පච්චි සිදොරිස් දිරිඇල්ල… අම්මා කස්තුරි දිරිඇල්ල… මට වැඩිමල් අයියලා තුන් දෙනායි බාල මල්ලියි හිටියා… අප්පච්චි ගමේ හිටපු වෙද මහත්තයා… පොඩි කාලෙ ඉදන් අපේ පව්ල කිසිම ප්රශ්නයක් නැතුව හරිම සතුටින් හිටියා… මට එයාව හම්බ වෙනකම්… මානම්කුල ඉස්සර කාලේ ඉදන් පැවත එන සම්ප්රදායික ගිරිපඬුරු පූජාවෙදි…
‘ මානම්… මානම්කුල කන්දෙ ගොපල්ලා… එයාගෙ නම… මානම්… නැත්නම්… මානම්කුල… මානම් දෙවියො… ‘
ඒ කොල පාට ඇස්, දිය දරක් වගේ කොන්ඩෙ, හිනාවෙනකොට වල ගැහෙන ලස්සන කම්මුල්, ඇත් දල පාට වාත්තු කලා වගෙ රූපේ… කදුයායෙ සුන්දර දෙවියො… මගෙ මානම් මහත්තයො… මගෙ දෙයියො…
° ° ° °
ගිරි දෙයියො දෙයියො ගිරි දෙයියො…
සාදු දිලා දිලා දෙයියො…
ගිරි පඬුරු ලබන්…
සේසත් ගම්බාරන්…
අප දුන් ගිරි පඬුරු සෙත් වාඩන්…
දෙයියො දෙයියො…
මානම්කුල දෙයියො…
සාදු සාදු සාදු සාදු…
වාඩන්… වාඩන්…
මානම්කුල දෙයියො…
සීතල රෑ පුරා මානම්කුල කදු යායෙ පුරා ඈදි යන ඒ කවි ගායනය සීතල සුලගත් එක්ක මැකි නොමැකි ගියා වගේ. පහලොස් හැවිරිදි මානවි ලොකු ඇස් අදුරු අහස සිප ගන්න මානම්කුල කදු මුදුන දිහාම බලාන් හිටියා. ඒත් කෙල්ලගෙ ඇස් පුරා කදුලු ගලාන් ගියේ කදුයාය ගැන කුතුහලයෙන්.
මාර ගස් කඩුල්ල ලග අත්තට හේත්තු වෙලා කෙල්ල සුසුමක් පිට කලේ ආපහු හැරිලා බූමිතෙල් පහන් එලියෙන් අදුරේ ගිලි ආලොක උන උලු ගෙයි දිහා. ගෙ දිහායි ඇහෙන නැන්දාගෙ ඉකිබිදුමත් අම්මාගෙ සැනසිලි වදනුත් මානවිට තවත් කුතුහලයක්.
නෝනා… උබ මොකැ කඩුල්ල ලග කොරන්නෙ… වරෙන් ගෙට… ගොම්මනේ ඉන්න එපාය කිලා තීනවා නේද…
ගෙයි දොරකඩ ලග ඉදන් ඉනටත් අත් දෙක තියාන් කෙල්ලට කතා කලේ තුන්වෙනි අයියා ගැමුනු. කෙල්ල ගැස්සිලා ගියාත් කෙල්ලගෙ ඇස් තිබ්බෙ කදු යායට.
අයියේ… අප්පච්චියි ලොක්කායියායි එන්න රෑ වෙයි…
ඒවා කාරි නැ… වරෙන් ගෙට…
මට කන්දට යන්නට ඕනේ…
උබට පිස්සුද බන්…
මොකද වෙන්නෙ අනේ… මන් ඕනැ තරම් කැලැ යන්නෙ… ඇයි අද විතරක්… හැම අවුරුද්දෙම මේ කාලෙට මට යන්න බැ කන්දට… මොන කොලමක්ද…
මානවි ගස්සලා තිස්සව පහු කරන් ගියේ කොල්ලාට නිරුත්තර කරලා. ඒත් කෙල්ලට මොනා කියන්නද කියලා තිස්සට තෙරෙන්නෙ නැ. තිස්සාත් කදු යායේ අහස් වලාකුළු ගැවෙන ඒ මුදුනේ තිතක් වගේ පේන ගිනි එලි දිහා බලාන් කදුලු වැගිරුවේ මහා වේදනාවක් හිතේ දරාන්.
ගෙදර නැන්දාගෙ විලාපය වේදනා දුන්නෙ ගෙදර මිනිසුන්ට විතරයි. දිරිඇල්ල ගෙදර ඉස්සරහා මානම්ගම ගම්මු රැස් වෙලා හිටියේ බිම් බලාගෙන. ඉර වහ ගත්ත කලු වලා එලියෙන් අදුරු උන මිදුලේ ගම්මු තැන තැන ඉදන් රතු මල් කහ මල් ගොක් අතු අට්ටාර මොනවදො හදනවා. මානවි ගෙයි පිලිකන්නෙ ඉදන් කෙල්ලගෙ මල්ලි පන්ඩුයි ගමේම කෙල්ලගෙ හිතවති සෙපාලි එක්ක බලාන් හිටියේ කේන්තියෙන්.
ලබන හැම අවුරුද්දකම මේ කාලෙට ගමේ කාගෙ හරි ගෙදරක මේ විදිහට මොනාදො පුජා විදි සැකසෙනවා මානවි මතක ඇති කාලෙ ඉදන් දන්නවා. මේ වගේම කෙල්ලගෙ ගෙදර වෙන දෙවෙනි පාර.
නොනා අක්කෙ… දොහේ අයියා ආවේ නැ… දවස් දෙකක්… අපෙ දෙවෙනි කාන්ත අයියා වගේ එයාත් නැවිත් ඉදිද අක්කෙ…
පන්ඩු ඇහුවේ කෙල්ලගෙ අත අල්ලාන්. කෙල්ල නිහඩ ඇස් වලින් බියෙන් බලාන් ඉන්න සේපාලි දිහාත් බලලා බිම බලා ගත්තා.
ගිරිපඬුරු කාටද දෙයියො… මානම්කුල දෙයියො…
මානවි හිමින් මුමුනා ගත්තේ කෙල්ලගෙ හිත දන්න නොදන්න ගොඩාක් දේවල් එක්ක.
ගොක් කොල වලින් අට්ටාරයක් හදන ගමන් රතු උන ඇස්වල උනන කදුලු පිහදාලා ආයෙත් අට්ටාරෙ අල්ලා ගත්ත ගැමුනු ගෙයි පිලිකන්න දිහා බැලුවේ කෙල්ල බිම ඉදගෙම කොල්ලා දිහා බලාන් ඉන්න හැටි.
මොකො… මාය එක්ක තරහයි…
ගැමුනු ඇහුවේ අමාරුවෙන් මුනට හිනාවක් ගන්ම ගමන්. ගැමුනු එක්ක හිටපු අනිත් කොල්ලො දෙන්නා අහක බලා ගත්තේ කෙල්ලට මුන දෙන්න බැරුව වගෙ. මානවි එකපාරටම නැගිට්ටා.
ඔක්කොම බොරු කාරයො… ගමේ නාබර කොල්ලො මානම්කුල දෙයියොන්ට බිල්ලට දෙන්නෙ මොනා ලබන්නද… දෙයියොන්ට ඕන බිලි නෙමෙයි… මේ සාප දෙන උබැලැයි උමතු ආසාවල් කම්පා කරන්න… සහ ගහපිය ගිරිකුල දේවාල කාරින්ට… මානම්කුල දෙයියොම බලාවි…
මානවි එකපාරටම බෙරිහන් දිලා කිව්වෙ ගම්මු ඔක්කොමලා බය බීරන්ත වෙලා නැගිටිද්දි. ගැනු අත් ඔලුවට තියාන් බිම දන ගහගෙන පිරිමි බයෙන් පස්සට උනේ මානවි ඇස් ඉස්සරහා අසරන වෙලා.
මානවි… කටවහපන්…
ගෙයි ඉදන් කස්තුරි දුවාන් ආවේ කෙල්ල අල්ලන්න. ඒත් කෙල්ල එකපාරටම බිමට පාත් වෙලා වම් අතින් ඉරක් ඇන්දේ කෙල්ල දිහාට දුවාන් එන කස්තුරියි තව ගැනු දෙන්නෙකුයි එතනම ගල් ගැහිලා වගේ නතර වෙද්දි.
දෙයියොන්ට එහෙම කරන්න එපා… උබලාට පව්… හෙන ගහනවා…
මහා හැඩුම් එක්ක කැ ගැහුව මානවි කඩුල්ල පැනලා නියර දිගේ මානම්කුල අඩවිය දිහාට දුවලා ගියේ ගැමුනු ඇස් වල කදුලු පුරවන් බලන් ඉද්දි. මානවිගෙ පිට උන වචනයක් ගානෙ ඒ තෙරුම් වේදනා දුන්න ඇත්තක්. ඒත් මානම්ගමට ඒ වචන අකැපයි.
කලු කර ගත්ත අහස වැහිපොත හිමි හිට මානම්කුල කදු යායට ඇද හැලෙන්න පටන් ගත්තේ මාරුතයක් වගේ. විදුලි කොටාගෙන ලගම ලගම එන කුනාටුව දෙවෙනි උනේ නැ මානවිගෙ ඇඩුමට. කෙල්ල පාවහන් නැති පය කටු කොල තන අතරේ තියලා දුවගෙන ගියේ මහා රූස්ස ගස් අතරින් ගම කැලැව අස්සෙන්. ඒත් අනොරා වැස්සෙ අදුරු කැලැව කෙල්ලට කිසිම බයක් දැනුනේ නැ. හිත පලාගෙන එන වේදනාව කලකිරිම ඇත්ත සගවා ගත්ත ඇත්ත කෙල්ලට දරන්න බැරි තරම්.
ගස් වැල් අස්සෙන් කලු ගල් අතරින් ලිස්සම පය අමාරුවෙන් පියවරට පියවර දහයක් තියලා කෙල්ල දිව්වෙ මානම්කුල කන්දට. ඒත් මානවිගෙ හැඩුම් කෙල්ලව නැවැත්තුවා.
අනේ මගේ දෙයියො… මානම්කුල දෙයියො… මේ අපරාදේ දෙයියො නෙමෙයි… මට කියන්න දෙයියො…
මානවිගෙ හැඩුම් හඩ කදුයාය පුරා වරුසාව එක්ක සගවා ගත්තෙත් කෙල්ලත් ඒ වරුසාවෙ මහ අඩවියෙ තනි වෙද්දි.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)