07 🍃
මානම්කුල වසාගත් සීතල මහ වරුසාව අස්සෙ තනි උන මානවි කදු මුදුන දිහාම බලාගෙන හඩා වැටුනේ මානම්කුල දෙවියන්ට ඇහෙන්න. ඒත් කෙල්ලගෙ කන්නලව්ව අහන්න දෙවියො ආවේ නැ. වැහි වතුරට බොද උන ඇස් සීතලින් වෙව්ලන ගත මානවිට තවත් එක පියවරක් තියන්න බැ.
මානම්කුල දෙයියො…
මානවිගෙ ඇස් බොද වෙලා ගියේ සිහින් මිමිනුමක් එක්ක.
• උන්මාද මුතු මීදුම් සරන් දෙව් අඩවියේ…
ඔබය හරිත දෙව් මැව් පෙම් පුජාසන උත්තරියේ…
පමාවන්නට සාපේ කල් සාපි ආත්ම බවයේ…
අවසර දෙන් ඔබ පාමුල වැඳ සාපි අවසන් කරන්න සාපේ…
මා ගිරි පඬුරු දෙන්නම් උන්මාද මානම්කුල කදු මුදුනේ… •
සිහින් හඩින් මිමිනෙන කන ලග ඇහෙන හරිම කන්කලු කටහඩ මානවිගෙ හිතම සන්සුන් කලේ මහා කලහාකාරි මතකයන් එක්ක. කෙල්ල හිමින් ඇස් ඇරියේ උනුසුම් ගින්දර එලියෙන් ඇස් පැහැදිලි වෙද්දි. කෙල්ල ඔලුව අල්ලාගෙන හිමින් නැගිට්ටෙ මොකද්ද උනේ කියලා කල්පනා කරන ගමන්. ඒත් කෙල්ල හිටියේ ලා අදුරේ බිම ගල් වලින් වට කල ගිනි මැලයක් ලග දිරා ගිය පැදුරක පරන සරම් කැල්ලකින් සීතල ගත වසාගෙන. කලබල උන කෙල්ල බයෙන් වටපිට බැලුවා. කෙල්ල හිටියේ කුඩා ගුහා කව්ලුවක.
මානවිට එකපාරටම ඉන්නෙ කොහෙද කියලා හිතා ගන්න බැ. ගිනි එලියේ ආලොකෙට ගුහාව යන්තම් කෙල්ලට පෙනුනා. ගුහාවෙ මුල්ලක ගල් ගොඩක් බිම මැටි කලයක් පන් මල්ලක් තව පොඩි පෙට්ටගම් කිහිපයක් තව මොනවද තිබ්බ ගුහාව මානවිව නොසන්සුන් කලා. ඒත් එකපාරටම හිනෙන් වගෙ ඇහුන ඒ වේදනාබර කවි පේලිය ඇහුන දිහා කෙල්ල බැලුවේ මුලු ඇගම සීතලට වඩා බියෙන්.
මොර සූරන වරුසාව ඇහෙන ගුහාවෙ පොඩි කව්ලුව ලග බිම ඉදගෙන බිත්තියට හේත්තු වෙලා කෙල්ලට පිටුපාලා ඒ වරුසාව දිහා බලාන් ඉන්න රුව කෙල්ලගෙ හිතම සලිත කලා.
ඔයා කව්ද…
මානවි කියවුනේ ඒක. මානවි කෙල්ලට පිටුපාලා ඉන්න ඒ රුව යන්තම් ගැස්සුනා. උඩුකය නිරුවත් සිහින් සිරුරක් ඇති ඒ රුව පිට මැද්දට දිග කොන්ඩෙ අස්සෙන් මානවි දිහාට හැරුනේ මානවිගෙ හිතේ ගැස්ම තවත් වැඩි වෙද්දි.
ඒත් ඒ රුව කෙල්ල දිහාට හැරුනා. මානවි ගල් ගැහිලා වගේ බලාන් හිටියේ ඒ දැනෙන හැගිම කෙල්ලටවත් හිතා ගන්න බැරි වෙද්දි.
ඒ සුදුම සුදු මුනේ හිතම වශී වෙන කොල පාට දිගු ඇස් මානවිගෙ ආත්මයම සලිත කලා. ඒ නිහඩ රෝස තොල් පිරුනු කම්මුල් සුදො සුදු වත ඒ සුන්දර කඩවසම් රුව මිහිපිට සුරගනන් පැරදුවා. ඒත් මානවිගෙ ආත්මයම හෙල්ලු පිරිමි රුව මානවි දිහාම බලාන් හිටියේ ඇස් වල නොකියු හුඟක් දේවල් හන්ගාගෙන.
මානම් දෙයියො…
මානවිගෙ ඒ හරිත ඇස් මතක් කලේ ඒ වචනය විතරයි.
° ° ° ° ° °
එයාබර්ලින් ගුවන් යානයෙන් බසින මගීන් ප්රවාහනයට බස් රතය පැමින ස්වයංක්රීයව විවර වන පිය ගැට පෙල ඉස්සරහා නතර උනේ වෙලාවට අනුව. ගුවන් යානයෙ දොරින් එකින් නෙක මගින් එලියට ආවේ ගමන් මහන්සියෙන්. ඒත් නිවාන්ගෙ අත අල්ලාගෙන ගුවන් යානයෙ දොරෙන් පියගැට පෙලට ආව අක්ශි පහලට තියන පියවරක් ගානේ බලාන් හිටියේ බස් රතයට ගොඩ විම සඳහා දුර සහිත පොලව දිහා.
අක්ශි අවසන් පඩිය ලග නතර උනේ කොන්ක්රිට් ශීට් දැමු පොලව දිහා. මේ වෙලාවෙ අක්ශිගෙ හිත දන්නෙ කෙල්ල විතරමයි. කෙල්ලගෙ අත අල්ලාන් බිම හිටපු නිවාන් නිදුක් අක්ශා තුන් දෙනාම බැලුවේ කෙල්ල දිහා.
මිති බහින්න… කට්ටිය පිටි පස්සෙ බ්ලොක් වෙනවානේ…
මිති… එන්නකො…
ඒත් අක්ශි ඔලුව උස්සලා බැලුවේ පලවෙනි වරට පැමිනි ලන්කාව දිහා. කොලබ කටුනායක ගුවන් තොටුපල අක්ශිගෙ ගමනේ ආරම්බය.
නිවාන් නොසන්සුන්කමින් අනිත් දෙන්නා දිහා බලලා කෙල්ලගෙ අත මිරිකුවා.
මිති… ඔයා ආයේ හැරෙන්නෙ නැ නේද…
නැ නිනි… ඒත්… මන් දැන් මේ ලන්කා මහ පොලවට කකුල තිබ්බා කියන්නෙ… මානම්කුල දැන ගන්නවා… මන් ආවා කියලා…
අක්ශි කිව්වෙ සන්සුන් හඩින්. ඒත් නිවාන් තවත් නොසන්සුන් උනා.
මිති… ඒත්…
මානම්කුල දැන ගත්තා කියන්නෙ… සාපය සීමාව පනිවි… අපි එහෙ යන්න කලින්… අපිව හොයාන් ඒවි… ඒක… හොඳ දෙයක් නෙමෙයි…
මිති… දැන් ඔයාට හැරෙන්න බැ… මොන දේ උනත්…
දන්නවා නිනි… ඒ නිසායි මන් ආවේ… එදා මන් දුර්වලයි… අද…
අක්ශි නිවාන්ගෙ අත අරන් අත් දෙක මිටි මොලවා ගත්තා.
අද මමයි කතාව ඉවර කරන්නෙ…
කිසිම දවසක නොදුටු කෝපාන්විත මුහුනකින් අක්ශි හිමින් හඩ අවදි කලා.
•• මහා පොලො දරනී…
පැමිනි ඔබේ දියනී…
මොහොතක අවසර වන්නී…
අවසන් කරනට අරභන්නී… ••
අක්ශිගෙ මුවින් පිට උන වචන එක්ක කෙල්ල දකුනු පය පොලොවට තිබ්බා. කෙල්ල කිව්ව කිසි දෙයක් අනිත් තුන් දෙනාට නොතෙරුනත් මහ අමුතුම හැගිමකින් හිත් වෙව්ලාගෙන ගියේ මහ බයාක් එක්ක. අක්ශි සන්සුන් ලෙස බැලුවේ පැහැදිලිව තිබ්බ අහස අදුරු කරන දිහා.
” පොලොවත් නුහුලන ඒ කේදාන්තය වසා ගත් මානම්කුල… දැන් දන්නවා මන් ආවා කියලා… මන් සාප කලේ මානම්කුල නිහඬ නිසා… ඒත් සාපය… මන් නොදන්න දෙයක් උනා… ඔයා මොනවාද එදා මගෙන් හැන්ගුවේ මානම්කුල කදු දෙයියො… ”
අක්ශි ලොකු හුස්මක් අරන් නිවාන්ගෙ අත අල්ලා ගත්තා. ඉස්සරහට තිබ්බ කකුල කෙල්ල ආපස්සට ගත්තෙ නැ.
ජිවිතේ පලවෙනි පාරට ලන්කාවට පය තියපු අක්ශිගෙ මතකයෙ තිබ්බෙ අවුරුදු දශක ගානක අතිතයේ ලන්කාව ගැන. කෙල්ල කටුනායක පර්යන්ත ශාලාව පුරා ඇස් ලොකු කරාන් බලාන් හිටියේ ඇදන් හිටපු ජැකට් එකේ හූඩ් එකෙන් ඔලුව තවත් වහ ගන්න ගමන්. අස්ශි නිවාන්ගෙ අත අතහැරලා අක්ශාගෙ අතම බදාගෙන රිලා පැටියෙක් වගේ තද උනේ කොල්ලො දෙන්නාට හිනාවක් නැගෙද්දි.
අයියො… කෙල්ලෙ… බය වෙන්න එපා… අපි ඉන්නවානේ…
මෙහෙ ගොඩාක් වෙනස්…
මෝඩි… වෙනස් වෙනවානේ… ඔයා හිතුවාද ඒ කාලෙ වගේමයි ලන්කාව කියලා… මන් හතර සැරයක් ලන්කාවට ආවා… ඒ එන හැම සැරයක් ගානේ ලන්කාව ගොඩාක් දියුනු වෙලා වෙනස් වෙලා… පිස්සි…
අක්ශා හිනා වෙලා කිව්වෙ අක්ශිගෙ අත අල්ලාගෙන. ඒත් අක්ශි බිම බලාගෙනම හිටියේ නොසන්සුන් කමින්.
යමු නේද… තාත්තලා ඇවිල්ලා ඇති… නිදු කොල් එකක් දිලා බලන්න…
ඇවිල්ලා අයියේ… අපි යන්…
කොල්ලො දෙන්නා බැග් අරන් කෙල්ලො දෙන්නාගෙ බැගුත් ට්රොලොයට දාන ගමන් එලියට යන්න හැරුනා. අක්ශි නිදුක්ගෙ අත අල්ලා ගත්තේ එතකොටමයි.
නිදු… නිනි…
මිති… ඇයි… මොනවාත් අමතක උනේ නැනේ…
නිදුක් ඇහුවෙ කෙල්ල දිහා කරුනාවෙන් බලලා.
නිනි… නිදු… මේ ඔක්කොම ඉවර කරලා… අපි ඔක්කොම… බර්ලින් යමු…
අනිවාර්යයෙන් මිති… පොරොන්දුවක්…
නිදුක් නිවාන් දිහා බලන ගමන් කිව්වා. මේ ආත්මේ අක්ශිගෙ ලොකය මේ. ඒක වෙනස් වෙන්නෙ නැ.
සොයුරන් හතර දෙනා එලියට යන දොරටුවෙන් ආවේ එලියේ රැස් වෙලා ඉන්න රට ඉදන් එන ආදරනීයන් බලාපොරොත්තු ඉන්න සෙනග දිහා බලාගෙන. හතර දෙනාම වටපිට බලලන ගමන් ආවේ නිවාන්ගෙ තාත්තා, පවනිගෙ අයියා දහම්ව හොයන ගමන්. අක්ශි නම් අක්ශාගෙ අත ගලව ගන්න බැරි තරම් තදින් අල්ලාන් හිටියා.
ලොකු පොඩි… අපි මෙහෙ…
මැදි වයසේ කාන්තාවක් අත වනමින් කතා කලේ කොල්ලො දෙන්නා ඒ දිහා බලද්දි.
අම්මා…
නිදුක් ඉක්මනට ඒ දිහාට ගියේ කාලෙකින් අම්මාව දකිනවා වගේ. කෙල්ලො දෙන්නා නිවාන් එක්කම ට්රොලි තල්ලු කරන් ගියේ දහම්, ගීතා වගේම ඒ එක්කම ඉන්න තව කිහිප දෙනෙක් ලගට.
හේයි… ගී…
අක්ශා බටහිර විදිහටම ගීතව වැලද ගත්තේ ගීතා මද හිනාවකින් කෙල්ලව පිලි ගනිද්දි.
මෙල් දුව තව ලස්සන වෙලා… ආසාවෙන් හිටියේ දුවේ…
ඒකනේ දහම්… මිස් යූ ටූ මච්…
අක්ශාගෙ කතාව දිහා අක්ශි ඇස් ලොකු කරාන් බලාන් හිටියෙ පුදුමයෙන්. අක්ශාගෙ සින්හල කතාව ගොඩාක්ම වෙනස් උනත් කෙල්ලට කිසිම සින්හල කමක් ගැවිලාවත් නැ. ඒත් ඒක දහම්ටයි ගිතාටයි ගානක් උනේ නැ. අක්ශා කොහොම උනත් හොද කෙල්ලෙක් නිසා.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)