08 🍃
හැමොගෙම සුහද පිලි ගැනිමෙන් පස්සෙ අවදානය තිබ්බෙ තාමත් අක්ශාටයි නිදුක්ටයි පිටි පස්සෙ ඉන්න අක්ශි දිහාට. ගිතා ඇස් වල කදුලු පුරවාන් බලාන් හිටියේ ආදරෙන්.
මිති දුව නේද… එන්න මැනික… අපි කොච්චර ආසාවෙන්ද අපි හිටියේ… පොඩි කාලේ දැක්කාට පස්සෙ… දු සුරන්ගනාවියක් වගේ… දහම් අනෙ මේ පොඩි කෙල්ල…
අපේ මිතිත් දැන් ලොකුයි… ඇත්තටම දුව එනවා කිව්වාම… හරි සතුටුයි පුතෙ…
එන්න මිති දුවෙ… මට දුව බලන්න…
ගිතා කිව්වෙ සතුටු කදුලු එක්ක. කෙල්ල නිවාන් දිහායි නිදුක් දිහායි බලලා හිමින් ඉස්සරහට ආවා.
දූ මන් ඔයාගෙ නැන්දා… ගිතා… අපි එහෙන් එනකොට ඔයා හරි පොඩි… මතකද දූ…
ගිතා… ඉවසිල්ලක් නැ නේ… ගෙදර ගිහින්ම කතා කරමු අපි… ලමයිට මහන්සිත් එක්නෙ…
අනේ මටත් පිස්සු… එන්න… අපි ගෙදර යන්… සියාත් හරිම ආසාවෙන් බලාන් ඉන්නෙ… අපේ කෙල්ල බලන්න…
ගිතා කෙල්ලගෙ අත අල්ලාගෙන අක්ශාවත් අඩගහාගෙන අනිත් අය එක්ක නවත්තලා තිබ්බ වාහන දෙක ලගට ගියා. මේ දේවල් අක්ශිට නුහුරු උනත් මේ උනුසුම පව්ලේ ආදරය කෙල්ලට දැනෙනවා.
වැන් එකේ මැද්දෙ ගිතා ලගින්ම අක්ශා ඉද ගනිද්දි ඉස්සරහා නිවාන් ඉද ගත්තේ අනිත් අය පිටි පස්සෙ නගිද්දි. අක්ශි ඉස්සරහා අනිත් ශීට් එකේ ඉදගෙන හිටපු තරුනිය දිහා බලලා එතනින් ඉද ගන්න වාහනේට අඩිය තිබ්බෙ බිම බලාගෙනමයි.
කලුවර කරලා තිබ්බ අහසින් පොද වැස්ස ඇද හැලෙන්න පටන් ගත්තේ සීතල සුලගක් පර්යන්ත පුරා අක්ශිගෙ හිස වසා ගත් හූඩ් එක හරහා ගමන් කරලා. කෙල්ල ඔලුව වහන් හිටපු හීඩ් එක පහලට වැටුනේ ඒ රත් පැහැ රැලි කොන්ඩෙත් පහලට වැටිලා සුලගෙ රග දෙද්දි. ඒත් ඒ සීතල සුලග හමා එන්නෙ එක දිසාවකින් විතරයි.
සීතල සුලග කෙල්ලගෙ දෙසවන් අසල රඟ දුන්නෙ අක්ශිගෙ නිස් ඇස් පුරා කදුලක් ඉතිරි කලා. කෙල්ල නිවාන් දිහා බැලුවේ බොද උන ඇස් වලින්. නිවාන් වේදනාවක් උනත් කෙල්ලගෙ අතින් අල්ලා ගත්තා.
මිති…
මානම් දැන ගත්තා… මන් ආවා කියලා…
බය වෙන්න එපා… එයා බලාන් ඉදිවි… අපි ඉක්මනට යන්…
එත් නිනි…
හ්ම්ම්…
මානම්කුල දෙයියො… නෙමෙයි ඒ…
අක්ශි හිමින් කිව්ව දේට නිවාන්ගෙ ඇස් ලොකු උනේ ඇග පුරාම හිරියාක් යද්දි.
කොලබ රාජගිරියේ පිහිටි නිවාන්ගෙ දෙමහල් නිවසේ මුලු දවසක්ම විවේක ගත්ත අක්ශිට ගමන් මහන්සිය වගේම දේශගුනේට ඉක්මනට හුරු වෙන්මත් ලොකු විවේකයක් ලැබුනා. ඒත් කෙල්ලට හුග කාලෙකට පස්සෙ දැනෙන සැහැල්ලුව කියා ගන්න බැරි තරම්. මේ දැනෙන හැගීම හරිම සැහැල්ලුයි. අක්ශා කොට්ටෙ බදාන් නිදාන් ඉද්දි අක්ශි ඉක්මනට නාගෙන ලැගේජ් එකෙන් කෙල්ල ගෙනාව ලස්සන ෆෙයාඩ් ගව්ම ඇදලා දිග රතු පාට ගන කොන්ඩේ දෙකක් වෙන්න ගොතලා කන්නාඩියෙන් කෙල්ල දිහාම බලාන් හිටියා. මේ විදිහට අක්ශිට දැනුනේ සැහැල්ලුවක්. ඒත් කෙල්ලගෙ කොන්ඩෙ රතු පාට එකවත් ඇස් නිල් පාට එකටවත් කෙල්ල දුක් උනේ නැ. ඒ ගැන කෙල්ල ආඩම්බර උනා. ඒ දේවල් කෙල්ලගෙ ලස්සන තවත් වැඩි කලේ පුදුමාකාර විදිහට.
අවුරුදු ගානක් හන්ගාන් හිටපු ඒ රෝස තොල් වල ලස්සන හිනාවෙන් අක්ශි පහලට දුවාන් ආවේ නිවාන් නිදුක් දෙන්නා හොයාගෙන. කෙල්ල එනකොටත් සාලයේ හැමොම ඉදගෙන බැරැරුම් කතාවකයි හිටියෙ.
නිනි…
කෙල්ල දිහා හැමොම බලාන් හිටියේ ඇස් ලොකු කරාන් පුදුමයෙන්. දහම් ගිතා සියා තිලක් තව කෙල්ලො දෙන්නෙකුයි කාන්තාවකුයි පිරිමි කෙනෙකුයි කෙල්ල දිහාම බලාන් හිටියා.
මගෙ සුරන්ගනාවි… හරිම ලස්සනයි…
ඇත්තමයි අයියේ… අපෙ කෙල්ල හරි ලස්සනයි… හැමදාම හිනා වෙලා ඉන්න ඕන…
මගෙ මිනිබිරීට දලඳා හාමුදුරුවන්ගෙම පිහිටයි…
මිති… දු…
ගිතා කෙල්ලට කතා කරන් ලගින් ඉදවා ගත්තේ කෙල්ල ලස්සන හිනාවෙන්ම හැමොම දිහා බලද්දි.
මිති… ඔයාට මෙහෙ අමාරුවක් නැනේ…
අනේ නැ… හුග කාලෙකින් මට ලොකු සැහැල්ලුවක් දැනුනා… පුරුදු පරිසරේ නැතුව පාලුවෙන් හිටියේ…
අක්ශි සැහැල්ලුවෙන් කිව්ව දේ තෙරුනේ නිවාන්ටයි නිදුක්ටයි විතරයි. ඒ තුන් දෙනා ලගම තිබ්බෙ ලොකු නිහැඩියාවක්.
අපි පස්සෙ කතා කරමුකො… දැන් කාලා ඉමු… කො මෙල්ටත් මන් කතා කරගෙන එන්න… ඔක්කොටම කලින් මේ දෙන්නාගෙ කසාදෙ ඉවර කරන එකයි මගෙ සැනසීම…
ගිතා කියාගෙන උඩට ගියේ අනිත් අයගෙ මුහුනට සිනාවක් එක් කරලා. ගිතා උඩට යනවා බලාන් ඉදපු අක්ශි අයියලා දෙන්නා දිහා බැලුවේ උනන්දුවෙන්. කෙල්ලගෙ හදිස්සිය දෙන්නාට තෙරුනා. ඒත් එයාලා වගේම කෙල්ලත් දන්නවා මේ දේවල් එච්චර ලේසි නැ කියලා. කෙල්ල හැමදේම දැනගෙන හිතේ හන්ගාන් ඉන්නේ ඉස්සරහට කියන්න යන දේවල් කෙල්ලට වඩා අනිත් අයට දරා ගන්න බැරි එක.
නිදුක් කෙල්ලට අඩගහලා ලගින් ඉදවා ගත්තේ අනිත් අයත් බලාන් ඉද්දි.
පිස්සි… එකපාරටම එහෙ යන්න බැනේ… හැමදේම හොයලා බලලා… අපිට එහෙ ඉන්න පුලුවන් තත්වයත් බලලා…
නිදු… පහු වෙන එක තත්පරයක් ගානේ… එයාලා දරුනු වෙනවා… ගෙව්න අවුරුදු හැටටම… කීයක් නම් ජීවිත විනාශ උනාද…
අක්ශි කියාගෙන ගියේ කොල්ලො දෙන්නාගෙ ඇස් ලොකු වෙලා අනිත් අය පුදුම වෙද්දි. අක්ශිගෙ වෙනස අනික කෙල්ල හදිසියේ එන්න හේතුව තවම කාටවත් කියලා තිබ්බෙ නැති අතර මෙ දෙවල් ටිකක් විතර දැනන් හිටියේ දහම් විතරයි.
ලොකු පුතා… ටොනි කිව්ව දේවල් ඇත්ත එහෙනම්… මිති දුව… ගිය ආත්මේ ගැන කියන්නෙ…
දහම් බැරැරුම් හඩින් කියද්දි තිලක් පවා නොසන්සුන් උනා.
පුතා… මොනවාද මේ කියන්නෙ…
තාත්තේ… පස්සෙ විස්තරේ කියන්නම්… ඒත් ලොකු පුතා… ඔයාලා මේ කරන්න යන දේට නම් මගෙ කැමැත්තක් නැ… ගිය ආත්මේ කියන දේවල් සාමාන්යයි… කාලෙත් එක්ක වෙනස් වෙනවා… හොදම විසදුම… ඩොක්ටර්…
දහම් නොපහන් හඩින් කියාගෙන යද්දි අක්ශි එකපාරටම නැගිට්ටෙ නිවානුත් නැගිටිද්දි.
මිති… තාත්තේ… මොනවාද කියන්නෙ ඔයා… ඩොක්ටර් කෙනෙක් පෙන්නන්න ඕන නම් අපි මෙහෙ එන්නෙ නැ… ජර්මනියෙම ඉන්නවා හොද ඩොක්ටර්ස්ලා… මේක ඊට වඩා වෙනස් බයානකයි… මට බැ මගෙ නන්ගි විදවනවා බලන්න… ඊටත් වඩා… ඔයාලටවත් විශ්වාස කරන්න බැරි දරුනු දේවල් වෙනවා…
ලොකු පුතා… වැලලිලා ගිය දේවල් ආයෙත් අව්ස්සන්න ගියාමයි දරුනු දේවල් වෙන්නේ… ඔය විකාර කරන්න එපා… මොන අනතුරු වෙනවාද මන්දා… මමත් අහලා තියෙනවා බදුල්ලෙ ඔහොම ගම් පලාතක් ගැන… ගිතාලැ නන්ගිලා බදුල්ලෙ ඉන්නෙ… මන් නම් කොහොමත් මේ වැඩේට කැමති නැ… දුවලා මෙහේ දන්නෙත් නැ…
දහම් එක හෙලාම විරුද්ද උනේ ලමයින්ගෙ හොදට. ඒත් අක්ශිට නවතින්න බැ. අක්ශි මානම්කුල යන්නම ඕන. කෙල්ල අත මිටි මොලවාගෙන බිම බලාන් හිටියා.
ඒත් අක්ශි ලන්කාවේ පොලවට පය තියපු ඒ මොහොතේ ඉදන් ආයෙත් සැරයක් දෛවය ලිය වෙන්න පටන් ගත්තේ පුදුමාකාර විදිහට. ඒත් එදාට වඩා අද වෙනස්. ඒ වගේම භයානකයි. ඒක කෙල්ල දන්නවා. අක්ශි කදුලු ඇස් වලින් දහම් දිහා බලලා නිවසේ දොර දිහා බැලුවා. නිවානුත් කෙල්ලගෙ අත අල්ලා ගත්තේ මොකද්ද වෙන්නෙ කියලා ඉවෙන් වගේ තෙරෙද්දි.
මාව නවත්තන්න එපා මාමේ… මට විරුද්ධ වෙන්න එපා… මන් එහෙ යන්න ඕන… එයාලා බලාන් ඉන්නවා… මගේ ශාපය මන් බාර ගන්න ඕන…
අක්ශි හැඩුම් එක්ක සද්දෙන් කිව්වෙ හැමොටම තිගැස්මක් එක් කරලා. ඒත් ඇස් වලින් ගලන් කදුලු බිදුව බිමට වැටෙන්න කලින් කෙල්ල දොර ලගට දුවලා ගිහින් සද්දෙන් දොර වහලා දැම්මේ කට්ටිය තවත් නොසන්සුන් වෙද්දි. නිදුක් නිවාන් දිහා බලලා ඉක්මනට කෙල්ල ලගට ආවා.
මිති…
මන් නොගියොත්… එයාලා සීමාවෙන් එලියට ඒවි… මන් නෙමෙයි… ඔයාලයි අනතුරේ…
අක්ශි කදුලු අතරින් ගෙදර බුදු පහන දිහා බැලුවා. කෙල්ල ඒ ලගට ගිහිල්ලා අත් දෙක එකතු කරලා නලලට තියාන් ඒ බුදු රුව දිහා බැලුවා.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)