උන්මාද මානම්කුල (9 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
•• හස්ති වාරන් වර ආරන්... සක් දුන් දෙවි වාරන් අති බැමි බිඳ වාරන් ගිරිකුල සාපි වාරන් දොහොත් මුදු දී වාරන් ගිරිපඬුරු අරබන් මේ වර ආරන්... •• අක්ශි කවුරු කිව්වාත් නතර වෙන්නෙ නැ. කෙල්ල අධිෂ්ඨාන කරාන් ඉවරයි. කෙල්ල වෙනුවෙන් නෙවෙයි. මානම්කුල යුක්තිය වෙනුවෙන්.

09 🍃

•• හස්ති වාරන් වර ආරන්…
සක් දුන් දෙවි වාරන්
අති බැමි බිඳ වාරන්
ගිරිකුල සාපි වාරන්
දොහොත් මුදු දී වාරන්
ගිරිපඬුරු අරබන් මේ වර ආරන්… ••

අක්ශි කවුරු කිව්වාත් නතර වෙන්නෙ නැ. කෙල්ල අධිෂ්ඨාන කරාන් ඉවරයි. කෙල්ල වෙනුවෙන් නෙවෙයි. මානම්කුල යුක්තිය වෙනුවෙන්.

සමාවෙන්න මාමේ… කවුරු කිව්වාත්.. මොන බාදාව ආවත්… මානවි පටන් ගත්ත කතාව මන් ඉවර කරනවා… මන් ආයෙත් ඉපදුනේ ඒකට… මට මානම්ව බේර ගන්න බැරි උනා… මානම් හින්දා බිලි උන හුගක් තරුන ජීවිත බේර ගන්න බැරි උනා… ඒත් මේ ජිවිතේ… මමයි පටන් ගන්නේ… මගේ ශාපය… මානම්ගෙ ශාපය…

කෙල්ලගෙ ඉල්ලීම ඒක.

අක්ශි බොඳ උන ඇස් වලින් නිවාන් නිදුක් දිහා බැලුවා.

මාව මානම්කුල සීමාවට එක්කන් යන්න නිනි… මගෙ ජිවිතේ මන් ඉල්ලන එකම ඉල්ලිම… මානම්ව බේර ගන්න දෙන්න… මානම්කුල පලිය ඉවර කරන්න දෙන්න…

අනෙ මිති… මන් ඔයාට පොරොන්දු උනා නන්ගි… මන් ඔයාට උදව් කරනවා… අපි මේක ඉවර කරමු… මේ හැමදේම හොයාගමු…

නිනි… මේ අලුත් අවුරුද්දෙ… ගිරිපඬුරු පුජාව පටන් ගන්නවා… අවුරුදු නමයකට සැරයක්… ගිරිපඬුරු ලේ පූජාව… වප් මස පුර පසලොස්වක දිනට සත් දිනකට පෙර පුර සතවක දින… ගිරිපඬුරුලෝදර පූජාව පටන් ගන්නවා… පුර සතවක ඉදන්… පුර තුදුස්වක වෙනකම්… ලෝදර පුජාව…

අක්ශි කියාගෙන ගියේ හිත වේදනාවෙන් විලාප තියද්දි.

ඒත් නිදුක් කෙල්ල කියන වචනයක් ගානේ හැමදේම සටහන් කලා. තිලක් පුටුවෙන් ඉදගෙන ඔලුවම අල්ලා ගත්තෙ කම්පනයෙන්. ගිතාගෙ මල්ලි නාමල්, ඉක්මනට තිලක්ව වාරු කර ගත්තේත් ගැහෙන හිතින්. රේනු දොතින්ම මුව වසාගෙන නාමල්ගෙයි රෙනුගෙයි දුවලා දෙන්නාගෙ අත් අල්ලා ගත්තේ බයෙන්.

අක්ශි බුදුන් දිහා බලලා කදුලු පිහදා ගත්තා.

ගිරිපඬුරු පුජාවට ලේ පුජා කරන්න ගන්නෙ කෙල්ලො නෙමෙයි… අවුරුදු පහලොවෙ දහ අටේ කොල්ලො… මානම්කුල දෙයියොන්ගෙ පවිත්රත්වයට… ඒක බොරුවක්… මගේ මානම් එහෙම නැ… ලේ පුජා කරන්න ගිය පිරිමි ලමයි අතුරුදහන් වෙන්නෙ නැ…

අක්ශිගෙ දෙනෙත් නපුරු උනා.

එහෙනම්… එදා මානම් එයාවම බිලි ගන්නකම් ඉන්නෙ නැ… මානම්කුල ඇත්ත එතනයි තියෙන්නෙ… මානම්කුල මුදුනේ… ගිරි දේවාලේ… ගිරි කුහරයේ…

අක්ශි එකපාරටම දෙපා පන නැතිව බිම දන ගැස්සුනේ නිවාන් කෙල්ලව වාරු කර ගනිද්දි.

මිති… ඇති දොනි… තව එපා… ඔයා කොහොමද මේ දෙවල් දරා ගන්නෙ මැනික…

දරා ගත්තා නිනි… මගෙ ඇස් ඉස්සරහා… මගේම අය මැකිලා යද්දි… මට ආයෙත් බලාන් ඉන්න බැ… ඉතිරි වෙලා ඉන්න මානම්ගම මේ පව් ගෙවනවාට… මට ඇත්ත හොයා ගන්න ඕන… මානම් මට කියන්න ගිය දේ හොයා ගන්න ඕන…

ඔව් අපි හොයාගමු… අපි බදුල්ලෙ යන් මිති…

ඔයාට පින් නිනි… මට මගෙ මානම්ව බේර ගන්න බැරි උනා… ඒත් එයාව නිදහස් කරන්න මේ ආත්මෙදිවත්… එයා දෙවි කෙනෙක් නම්… මට පව් සිද්ද වෙයි අයියේ…

බය වෙන්න එපා මැනික… හැමදේම හොදින් වෙයි…

නිවාන් කෙල්ලව අත් දෙකට උස්සලා ගත්තේ ඒ නලල සිප ගන්න ගමන්. කොල්ලා දහම් දිහායි තිලක් දිහායි බැලුවේ ස්තිරවමයි.

අපි බදුල්ලෙ යනවා තාත්තේ… මිතිගෙ ජිවිතය හින්දා…

අපි බදුල්ලෙ යනවා මාමේ… මගෙ නන්ගිට ඉවර කරන්න බැරි උන දේ ඉවර කරන්න…

අක්ශා නිවාන් ලගට ඇවිල්ලා අක්ශිගෙ හිස අත ගාන ගමන් කිව්වෙ නිදුක්ට එයාලට එකග වෙන ගමන්. අක්ශි වෙනුවෙන් ඒ තුන් දෙනාගෙ අධිෂ්ඨානයට දහම්ට මුකුත් කියන්න හිතුනේ නැ. දහම් ලොකු හුස්මක් පිට කලා.

කරන දෙයක් පරිස්සමින් ලොකු… ඒත් මේ දේවල් ඇත්ත නැත්ත හොයලා ඉන්න…

හොයන්න දෙයක් නැ මාමේ… ඒවා ඇත්ත…

ඒ කටහඩට හැමොම හැරිලා බැලුවේ පුදුමයෙන්. නිවාන්ගෙ වයසේ කියන්න පුලුවන් තරුනයෙක් සහ තරුනියක් ඇතුලට එන ගමන් හැමොම දිහා බලලා අක්ශි දිහා බැලුවේ එක එල්ලෙ. අක්ශි නිවාන්ගෙ අත් දෙක තවත් තද කර ගත්තේ කේන්තියෙන් ඒ තරුනයා දිහා බලාගෙන. ඒ තරුනයාගෙ ඇස් තිබ්බෙත් කෙල්ල දිහා.

මචන්… නිවා…

දනු… උබ ආවා එහෙනම්…

දනුක නිවාන්ගෙ මිතුරෙක් කියලා කෙල්ලට තෙරුනා. ඒත් අක්ශිට දනුකගෙන නපුරු දෙයක් දැනුනේ කෙල්ලට දනුකව අප්රසන්න බවක් එක්ක.

දනු ඉද ගනින්… මන් කෙල්ලව කාමරෙන් තියලා එන්නම්…

හරි බන්… පස්සෙ හිමින් කතා කරමුකො…

දනුක අක්ශි දිහ ඒ වගෙම බැල්මක් හෙලලා කිව්වෙ කෙල්ල ගස්සලා අහක බලා ගන්න ගමන්. ඒකට නිවාන්ට අපහසුවක් උනත් අක්ශි හේතු නැතුව කාටවත් නරක විදිහට සලකන්නෙ නැ කියලා දන්නවා.

නිවාන් අක්ශි අක්ශායි එක්ක ආයෙත් උඩ කාමරේට ආවේ අක්ශී මුන දෙක කරගෙන ඉද්දි.

නිනි… කව්ද ඒ නියගලා අලේයි නියගලා මලයි…

නිය.. අල… මොකක්… හම්මෙ මිති… මොකො ඔච්චර නපුරු… ඒ මගෙ යාලුවෙක්… අපේ දහර මල්ලිලාගෙ පැත්තෙන් නැ වෙන්නෙ… මන් එයාට ආපු ගමන් කතා කලා… දනුක බදුල්ලෙම කොල්ලෙක්… එයා හුගක් දේවල් දන්නවා… මන් තාම වැඩිය කිව්වෙ නැ… ඒත්…

ඒත් මොකද්ද… මට එයාව පෙන්නන්න බැ… එයා හොද එක්කෙනෙක් නෙමෙයි…

අක්ශි තවත් මුරන්ඩු උනා. අක්ශා නිවාන් දිහාත් බැලුවේ කර ගන්න දෙයක් නැතුව. ලගක් වෙනකම් හරිම නිහඩ කෙල්ලෙක් උන අක්ශිගෙ හැන්ගිලා තිබ්බ දගකාරකම පොඩ්ඩ ඇත්නම් කේන්ති යන ගතිය දැන් දැන් එලියට එනවා.

මෝඩි… මන් දන්නවා… ඔයාට දැනෙන්න ඇති… දනුකලාගෙ පව්ලම දේවාල පැත්තෙන් වැඩ කරන අය…

එයාලා අදාල නැනේ… මට තනියෙන් කර ගන්න පුලුවන්… මානවිත් වෙද ශිප්ල විතරක් නෙමෙයි… අනික මම මනෝවෛද්යව ඉගෙන ගන්න ශිෂ්යයෙක්…

හරි මැනික හරි… ඒත් අපිට මේ වෙලාවේ විස්තර දන්න අය ඕනනේ… දනුකගේ ඒ දේවල් නෙමෙයි අදාල වෙන්නෙ…

ඕන එකක්… ඒත් එයා හොද දේවල් වලට එයාගෙ ශාස්ත්රය පාවිච්චි කරන එක්කෙනෙක් නෙමෙයි… නිනි කිව්ව ගමන් දුවාන් එන්න එයාටත් හේතු ඇති…

අක්ශි බලාන් ඉන්නවා වගේ හැමදේම කියද්දි නිවානුයි අක්ශායි නිරුත්තරයි. අක්ශා විශ්වාස කලේ අක්ශිව. කෙල්ල නිවාන්ගෙ අත අල්ලා ගත්තෙ බයෙන්.

අනෙ නිනි… ඔයාට වෙන අය ඇත්තෙම නැද්ද…

බලමුකො… දනුක එහෙමයි කියලා මම හිතන්නෙ නැ… ඒත් මිති කියන දේයි මම හිතන්නෙ… ඒ හින්දා බය වෙන්න එපා… මගෙ පන… මායි නිදුයි විතරක් නෙමෙයි… ඔයාගෙ අනිත් අයියලා දෙන්නායි අක්කායි… සොනියා සොනාල් ජෙස් තුන් දෙනාත් හෙට අනිද්දා සෙනාවට සෙට් වෙයි…

නිවාන් රහසක් එලි කරන්න වගේ කෙල්ලගෙ නහය මිරිකලා කිව්වෙ අක්ශිට තවත් පුදුමය වගේම සතුටක් එකතු කරලා.

නිනි… සිරියස්ලි… අයි ලව් යූ නිනි…

අක්ශි කොල්ලාව බදා ගත්තේ අක්ශාවත් පෙරලගෙන.

මේ ආත්මේ ඔයාලවම ලබන්න මන් ගොඩාක් වාසනාවන්තයි නිනි… මානවිට ගොඩාක් දේවල් නැති උනා… ඒත් මන් කාටවත් වැරැද්දක් කලේ නැ නිනි… ඒ හින්දා…

ඒ හින්දාම විතරක් නෙමෙයි… අපේ සුරන්ගනාවි අපිටම අයිති හින්දා අපි ලගට ආවේ… මගෙ පන ඔය දෙන්නා…

නිවාන් කෙල්ලො දෙන්නාව තුරුලු කර ගන්න ගමන් කිව්වා.

එතකොට මන් කව්ද ලොකු… මන් ඔයාගෙ නෙමෙයි…

නිවාන්ගෙ ආදරේට මදි නොකියන්න ඊර්ෂ්යා කරන නිදුක් මුන දෙක කරන් කාමරෙ දොර ලගට වෙලා බලාන් ඉන්නවා. කොල්ලාටයි කෙල්ලො දෙන්නාටයි හිනා.

එනවා එනවා… මගෙ අනික… යකූ මේ නන්ගිලා… ඊරිසියා කරන්න ලැජ්ජ නැද්ද…

හරි වැඩෙ…

නිදුක් මුන රතු කරන් එයාලා ලගින්ම ඉද ගත්තා. පොඩි කාලේ ඉදන් මේ නොවෙනස් බැදීමට අක්ශි ගොඩාක් ආදරේ කලා. කෙල්ලට ගොඩාක් දේවල් මගහැරුනා කියලා කෙල්ලට දුකයි. ඒත් ඉස්සරහට හැමදේම වෙනස් කරනවා කියලා කෙල්ල හිතාගෙන ඉවරයි.

…….

මතුවට.

උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)

 

 

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!