ඔයාගෙම ද? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද මට ජරාම වැඩක් උනා. මට හිතුනා කොහොමත් මම පච උන ඒවා ලියපු එකේ මේකත් ලියලා දාන්න.
මේක මෙහෙමයි.
අද මම කවුන්ටර් එකේ ඉන්නකොට ලංකාවට සල්ලි යවන්න කෙනෙක් ආවා. දැන් මෙහේ සල්ලි යවන්න කෙනෙක් ආවම කෝටියක් දේවල් අහන්න තියෙනවා. එයින් එකක් තමයි සල්ලි ලැබෙන කෙනාට යවන කෙනාගේ තියෙන සම්බන්ධය.
අපේ ගොඩාක් අය කියන්නේ මගේ අයියට, මගේ මල්ලිට, මගේ අක්කට, මගේ නංගිට කියලා. ඒත් බැලුවම වාසගම් දෙකක්. බලනකොට මේ එක්කෝ ඥාති සහෝදරයාට, නැත්නම් ඥාති සහෝදරියට, නැත්නම් මස්සිනාට, නෑනට ඔය වගේ ගොඩාක් දේවල්.
ඒක නිසා අයියට යවන්නේ කිව්වම අපි අහනවා ඔයාගෙම අයියටද කියලා. ඔය විදියට දැන් අපි පුරුදු වෙලා නෑකම කියපු ගමන් ඔයාගෙම අයියද, ඔයාගෙම අක්කද, ඔයාගෙම නංගිද ඔහොම අහන්න.
අද හොඳ වැදගත් පෙනුමක් තියෙන කෙනෙක් ඇවිත් සල්ලි දාන්න. ඔක්කොම කරලා මම ඇහුවා කාටද සල්ලි මේ දාන්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා පුතාට කියලා.
මම මී හරකා වගේ ඇහුවා ඔයාගෙම පුතාද කියලා. කියන කොටම තේරුනත් වචනේ පිට වෙලා ඉවරයි.
මේ මනුස්සයා හිනා වෙලා කිව්වා. එහෙම තමයි වයිෆ්නං කිව්වේ කියලා.
මියුසික් ..
දිල්වාලේ පුචනේදේ චා… ඕ.. ඕඔ..
උපුටා ගැනීම : Sajitha Roshan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!