නිදහසේ ජීවිතේ විදින්න පුළුවන් ලස්සන සුන්දර පරිසරයක් හිමි ගමක ඇළ දොළ කදු නිම්න වෙල් ඉපනැලි වල දුව පැන ඇවිදපු ලස්සන කාලයක් මටත් තියෙනවා
ඒ ලස්සන පරිසරය දිවි ගෙවන අපේ ගමෙත් නොකියාම බැරි තව එක් මට විශේෂ වුනු කාරණයකුත් තිබ්බා
ඒ තමයි අපේ ගම ලස්සන වගේ ගමේ ඉන්න කෙල්ලොත් හරිම ලස්සනයි ඇත්තම කීවොත් එක නංගි කෙනෙක් ඉන්නවා එයා දකින ඕනිම කෙනෙක් වුනත් ඉක්මනට ඒයාට හිත යනවා ඒ තරමට ඒ කෙල්ල හරි ලස්සනයි අහිංසකයි හරියටම කීවොත් පංචකල්යාණි කෙල්ලෙක් වගේමයි
හැබැයි ඉතින් මේ කෙල්ල ගමේ අනිත් අය එක්ක වැඩිය කතාවක් නම් නෑ ඒක ඉතින් අනිත් අයට දුක හිතන කාරණයක් වුනත් මට නම් ඉතින් ඒක සතුටු වෙන්න පුළුවන් කාරණයක් ඒ මොක ද ඒ කෙල්ල මං එක්ක ගොඩාක් ෆිට් කට පුරාම අයියෙ කියලා මට කතා කරන හොද කෙල්ලෙක්නෙ ඉතින්
කොහොම කොහොම හරි හැබැයි මේ කෙල්ල ගමේ තියෙන උත්සව වලට සමිති සමාගම් වලට අරවට මේවට මං එන්න කීව ගමන් මේ කෙල්ල එනවා මාත් ඉතින් ගමේ තියෙන වැඩ කටයුතු වල දී මූලිකත්වය ගෙන වැඩ කරන්න යනවනෙ මොක ද ඉතින් වැඩේ හරියට වෙන්නත් ඕනිනෙ අන්තිමට ඉතින් වැඩේ ඉවර වුනාට පස්සෙ කෙල්ල කියනවා අයියා වැඩේ හොදට කරානේ කියලා මාව පොඩ්ඩක් ඉතින් වර්ණනා කරනවා
කොහෙන් කොහොම හරි දවසක් මට හදිස්සි වැඩකට ටවුන් එකට යන්න ඕනි වුනා මං මගෙ වැඩ ටික ඉවර වෙලා එද්දි පොඩ්ඩක් හවස් වෙලා තිබ්බා වැඩේ කියන්නෙ මං එන අතරම මග දැකලා පුරුදු ලස්සන මූණක් දැක්කා මං ආයෙම බයික් එක හරවා ගෙන ආපහු ඒ දැකපු ලස්සන මූණ බලන්න ගියා
ලගට ගිහින් බලද්දි මේ අපේ ගමේ අර ලස්සන නංගිනෙ මං ඉතින් බයික් එක නවත්තලා ඒ නංගි ලගට ගිහින් ඇහුවා මොකෝ නංගි මොකද මේ හවස් වෙලා මෙතැන කරන්නෙ
අයියා මං අම්මගෙ වැඩකට ටවුන් එකට ආවා ඒ වැඩ ටික ඉවර වෙද්දි හවස් වුනා අයියා දැන් ගෙදර යන්න බස් එක නැතුව ඉන්නෙ කියලා කෙල්ල ඉතින් මට කීවා මං ඉතින් අවුලක් නැතුව ඇති කියලා ගත් කටටම කීවා හරි නංගි එන්න මං එක්ක ගෙදර යං කියලා කෙල්ල මගෙන් ලගට ඇවිත් අහනවා අයියේ අයියට මාව එක්ක ගියාට අවුලක් නැද්ද අයියගෙ අක්කා දැන ගත්තොත් ප්රශ්නයක් වෙයි ද කියලා
මං ඇහුවා කවු ද මගෙ අක්කා කියලා මොකද මට අක්කලා නෑනේ නංගි කීවා අක්කා කීවෙ යාලු වෙලා ඉන්න කෙල්ලට අයියේ
ආ එයා ද නංගි එයා අවුලක් නෑ මොක ද මට එහෙම අක්කලා නංගිලා නෑනේ කියලා මාත් ඒකම නංගිගෙන් ඇහුවා දැන් නංගි මගෙන් ඇහුවනෙ අවුලක් නැද්ද කියලා එතකොට නංගිට අවුලක් නැද්ද මං එක්ක යන එක ගැන අයියා මුකුත් කියන්නෙත් නැති වෙයි නේද නංගි
අනේ අයියෙ මටත් එහෙම කවුරුත් නෑ
එහෙනම් නංගි අපි දෙන්නම එකම බෝට්ටුවේනෙ ඉන්නෙ එහෙනම් අවුලක් නෑනේ මං එක්ක යං කියලා මං ඒ නංගිව බයික් එකේ දා ගත්තා
කොහොම කොහොම හරි මං නංගිව දා ගෙන බයික් එකේ යද්දි එක පාරටම බ්රේක් එකක් ගැහුවා විතරයි නංගි මගෙ කරේ මට කර කියා ගන්න දෙයක් නෑ නංගිටත් හිනා ඉතින් මං කීවා හිතල නම් මං බ්රේක් කරේ නෑ නංගි සොරි කියලා
ඒක කීවා විතරයි නංගි කීවා අනේ අයියේ ඒක අවුලක් නෑ හැබැයි එහෙම වෙන එක කොච්චර හොදද කියලා නිකන් මුමුණවනවා වගෙත් මට ඇහුනා
පස්සෙ මං කීවා ඉතින් එහෙනම් නංගි මගෙ බඩෙන් අල්ල ගන්න කෝකටත් හොදයිනෙ කියලා
මෙන්න කීවා පමාව විතරයි කෙල්ල මගෙ බඩ තද කර ගෙන මාව බදා ගත්තනෙ
මට නිකන් කිචි වගේ මං කීවා මට නිකන් කිචි වගේ කියලා
කෙල්ල කියනවා අප්පෝ අයියේ ඕකට ඔහොම කිචි ද කියලා
මං කීවා ඉතින් මීට කලින් මෙහෙම වෙලා නෑනේ නංගි ඒකයි ඉතින් කියලා
කෙල්ලට ඉතින් ඒකට හිනා…
දැන් තව ටිකකින් අපි දෙන්නට ගෙදර යන්නත් පුළුවන් වෙයි නේද කියලා මං නංගිට කියලත් මගෙ යටි හිත කියනවා අනේ තව ටිකක් වෙලා කතා කර කර ඉන්න තියෙනවා නම් කොච්චර හොදයි ද කියලා
වැඩේ කියන්නෙ දේවාලයක් දැම්මා වගේ මං හිතපු දේ හරි ගියා කියන්නකෝ මගෙ බයික් එක ගමට ඔන්න මෙන්න තියෙද්දි මග නැවතුනානෙ හැබැයි ඉතින් මට ඒකට පුදුම සතුටක් ආවේ
නංගි මාර වැඩේනෙ වුනේ බයික් එක කැඩිලනෙ දැන් ඉතින් තල්ලු කරන් පයින් තමයි යන්න වෙන්නෙ
කෙල්ල නිකන් එක පාරටම කීවා කියන්නකෝ අනේ ශෝක්නෙ අයියා අපිට එහෙනම් ගෙදරට යනකන් බයික් එක තල්ලු කරන් කතා කර කර යන්න පුළුවන් නේද අයියා
ඒක කීවා විතරයි මටත් ඉතින් පුදුම සතුටක් ආවෙ ඉතින් මොක ද ඉතින් කවු ද අකමැති ලස්සන කෙල්ලෙක් එක්ක කතා කර කර හවස් යාමයේ තනියම යන්න ඉතින්
කොහොම කොහොම හරි ඉතින් අපි දෙන්නා කතා කර කර පයින් යද්දි මං එක පාරටම කෙල්ලගෙන් ඇහුවා නංගි නිකන් මං මොන වගේ කෙනෙක් කියල ද හිතෙන්නෙ ඇහුවා
කෙල්ල කීවා ඉතින් අනේ අයියා කොච්චර හොද කෙනෙක් ද අපේ ගමේ අනිත් අය එක්කවත් කතා නොකර අයියා එක්ක මං මෙහෙම කතා කරන්නෙත් අයියා ගොඩාක් හොද කොල්ලෙක් හින්දනේ ඇත්තටම අයියා වගේ කොල්ලෙක් ලබන්නත් කෙල්ලෙක් පිං කරන්න ඕනි අයියා ඒ තරමට අයියා ගොඩාක් හොද කෙනෙක්නෙ
අනේ නංගි ගොඩාක් පිං මං ගැන ඒ තරමට හොද කීවට
හැබැයි ඊට පස්සෙ නංගි මගෙනුත් අහනවා අයියට මං ගැන මොක ද හිතෙන්නෙ කියලා
මං කීවා ඇත්තටම නංගි ගොඩාක් හොද පංචකල්යාණි කෙල්ලෙක් වගේම ගොඩාක් ලස්සනයි නංගි වගෙ කෙල්ලෙක් ලබන්නත් කොල්ලෙක් ගොඩාක් පිං කරන්න ඕනි ඒ තරමට නංගිව ගොඩාක් වටිනවා කියලා
කෙල්ලටත් ඉතින් ගොඩාක් සතුටුයි කෙල්ල ආයෙමත් අහනවා ඉතින් අයියා බලාපොරොත්තු වෙන්නෙ හොයන්නෙ මොන වගේ කෙල්ලෙක් ද කියලා
මං ඉතින් ගත් කටටම කීවා නංගි වගේ කෙල්ලෙක් ලබන්න පුළුවන් නම් මං ගොඩාක් වාසනාවන්තයි කියලා
කෙල්ලට ඉතින් ඒක අහලා කට පුරාම පොඩි හිනාවකුත් ගියා
කොහොම කොහොම හරි දන්නෙම නැතුව අපි දෙන්නම ගෙවල් කිට්ටුවටම ඇවිත්
එහෙනම් නංගි පරෙස්සමින් ගෙදර යන්න බුදු සරණයි කියලා මාත් ගෙදර ගියා
හරි අයියා අයියට ගොඩාක් පිං මාව පරෙස්සමින් ගෙදර එක්ක ආවට අයියත් පරෙස්සමින් ගෙදර යන්න බුදු සරණයි
මං ඉතින් බයික් එක ගෙදරට දාලා ඇග හෝද ගෙන රෑට කෑම කාලා ඇදට ආව විතරයි ටික් ටික් කියලා මට මැසේජ් එකක් ආවා බලද්දි මේ නංගිනෙ මැසේජ් එකක් දාලා තියෙන්නෙ
“අයියා මොක ද කරන්නෙ කෑම කෑව ද බයික් එක හදා ගත්ත ද” මගෙන් ඇහුවා
මං හරි ආසාවෙන් මැසේජ් එකක් දැම්මා “නංගි ඇග හෝද ගෙන කෑමත් කාලා දැන් තමයි ඇදට ආවේ නංගි තාම නම් බයික් එක හැදුවෙ නෑ නංගි කියලා”
කෙල්ල මට කියනවා අයියා මං මෙහෙම කීවට මුකුත් හිතන්න එපා කියලා
මං ඉතින් කීවා අනේ මං මුකුත් හිතන්නෙ නෑ කියන්නකො බලන්න කියලා
අයියා ඇත්තටම ගොඩාක් හොදයි ගමේ ඉන්න කොල්ලන්ගෙන් අපේ ගෙදර අයත් අයියගෙ හොදමයි කියන්නෙ අනික මාත් දැකලා තියෙනවා අයියා ගමේ වැඩ වලට උදව් කරන හැටි ගමේ අය එක්ක හොදින් ඉන්න හැටි මාත් ඉතින් අයියා කියන හින්දමයි ඔය ගමේ තියෙන රැස්වීම්, උත්සව වලට උනත් එන්නෙ
මට ඉතින් මං ගැන එහෙම කියද්දි ගොඩාක් සතුටුයි
නංගි මගෙන් ඇහුවා නේද මං බලාපොරොත්තු වෙන හොයන කෙල්ල කොයි වගේ ද කියලා
ඔව් අයියා මං ඇහුවා තමයි
ඒත් නංගි මට කීවෙ නෑනේ නංගි බලාපොරොත්තු වෙන්නෙ කොයි වගේ කොල්ලෙක් ද කියලා
ආ අයියා ඒක ඉතින් අයියා වගේ කොල්ලෙක් ලැබෙනවා නම් ඉතින් කොච්චර හොදයි ද ඉතින්
මට ඒක කීවට පස්සෙ ඉතින් කෙල්ල ගැන පොඩි බලාපොරොත්තුවක් ආවා
කොහොම හරි එදා රෑ අපි මැසේජ් කර කර ඉදලා දන්නෙම නැතුව නින්දට වැටුනා
පහුවෙනිදා උදේ මැසේජ් එකක් ඇවිත් තිබ්බා ගුඩ් මෝනින් අයියා පොඩි උදව්වක් කරන්න පුළුවන් ද අම්මගෙනුත් මං ඇහුවා අපෙ අම්මා නම් අයියා ගැන කීවට පස්සෙ අවුලක් නෑ කියලත් කීවා
ගුඩ් මෝනින් මොකක්ද නංගි කියන්න බලන්න
අයියා අත්තම්මට අසනීප වෙලා හොස්පිටල් එකේ නවත්තලාලු අම්මට යන්න විදියක් නෑ මට ගිහින් එන්න කීවා මං අම්මගෙන් ඇහුවා තනියම යන්න බැරි හින්දා අයියා එක්ක යන්න ද කියලා අම්මා කීවා දෙන්නා එක්ක පරෙස්සමින් ගිහින් එන්න අවුලක් නෑ කියලා අයියට පුළුවන් ද මාව එක්ක යන්න
හරි නංගියෝ නංගි කියන ඕනි තැනකට මං යන්න එන්නම්
අනේ මගෙ හොද අයියා ගොඩාක් පිං එහෙනම් අයියා හෙට උදේ අපි යං
හරි නංගි එහෙනම් අපි හෙට උදෙන්ම යන්කෝ
මාත් දැන් උදෙන්ම පිටත් වුනා නංගි එක්ක අත්තම්මව බලන්න යන්න
බයික් එකේ යද්දි එදා වගේමයි නංගියා මගෙ බඩ තද කරගෙන මාව බදා ගෙනමයි ඉන්නෙ
ටික දුරක් යද්දි නංගි මගෙන් අහනවා අයියා මෙහෙම යද්දි අයියට මොක ද හිතෙන්නෙ කියලා
මං ඉතින් කීවා හැමදාම මෙහෙම යන්න තියෙයි නම් කොච්චර හොදයි ද කියලා
කෙල්ලට හිනා කෙල්ල කියනවා අනේ ඒක නම් ඇත්තමයි අයියා මාත් ආසයි හැමදාම මෙහෙම යන්න නම් ඒත් ඉතින් අයියා ඉතින් කැමති වෙයි ද මං එක්ක එහෙම යන්න
ඒ කීවෙ නංගි මට තේරුනේ නෑ
ඒ කීවෙ අයියා මං එක්ක ජීවිත කාලෙම මෙහෙම යන්න කැමති ද
ඒ කියන්නෙ නංගි මට කැමති ද මං එක්ක ජීවිත කාලෙම මෙහෙම ඉන්නවට
ඔව් අයියා මං අයියට ගොඩාක් කැමති අයියගෙ මනුස්සකමට අයියගෙ ගතිගුණ වලට මං ගොඩාක් ආදරේ කරනවා අපේ ගෙදර අයම අයියගෙ හොද කියන දවසෙ ඉදලමයි අයියා මගේ කර ගන්න මං හීන බැලුවා අයියේ
ඒකයි අද අම්මගෙන් අහලා අයියත් එක්කම මේ ගමනත් ආවේ
මං අයියට ගොඩාක් කැමති ගොඩාක් ආදරෙයි අයියා අපි එක ගමක වුනත් අපිට අපේ ගෙවල් වලින් අකමැති වෙන්නෙ නෑ අයියා
අයියා මට කැමතියි ද ආදරෙයි නේද
ගමේම ඉන්න හොද ගුණ යහපත් ලස්සනම කෙල්ල නංගිනෙ ඉතින් නංගිට අකමැති වෙන්න හේතුවක් නෑ මං නංගිට ගොඩාක් කැමතියි ගොඩාක් ආදරෙයි
අයියා අපි හැමදාමත් මෙහෙම ආදරෙන්ම ඉමු
මගෙ අයියට මං ගොඩාක් ආදරෙයි
මගෙ නංගි අපි හැමදාමත් ආදරෙන් සතුටින් ඉමු මාත් මගෙ නංගිට ගොඩාක් ආදරෙයි
තමන්ගෙ ආදරේ තමන්ගෙ උරුමක්කාරයා කොහේ හිටියත් අනිවාර්යයෙන්ම දවසක මුණ ගැසෙනවාමයි ඒ කෙනා තමන් ඉන්න ගමේ වෙන්නත් පුළුවන්
ඒක අවශ්ය වන්නේ කාලය එනතුරු බලා හිදීමයි
මේ වගේ ආදරයක් ලැබුන අයත් ඇති එහෙම ආදරයක් හොයන අයත් ඇති ඒ වගේම හිතේ තියා ගෙන බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඇති ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා
ඒ ආදරේට ගමේ අය විහිළු කරයි ඒත් එහෙම ආදරයක් ලැබුනොත් ඒ ආදරේ පරෙස්සමින් බලා ගන්න.
-කවිශ්ක මධුෂාන්