ගෑණියෙක් තමන්ගෙ මිනිහගෙන් ඉල්ලා සිටිනකොට එයාගෙ ඇග උඩින් වැතිරෙන්න කියලා…, ඒ මිනිහ ඒකට කැමති නැත්නමි… ඒ මිනිහට එහෙම ඉන්න බැරි නමි…

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගෑණියෙක් තමන්ගෙ මිනිහගෙන් ඉල්ලා සිටිනකොට එයාගෙ ඇග උඩින් වැතිරෙන්න කියලා…, ඒ මිනිහ ඒකට කැමති නැත්නමි… ඒ මිනිහට එහෙම ඉන්න බැරි නමි… තව දුරටත් උන් එකට ඉන්න එකේ තේරැම මොකක්ද…? ” ගාර්ඩා ”

ටොමි හුපර් ගේ " The Danish Girl"

—————————————————————————ඩෙන්මාර්ක‍‍යෙ කොපෙන්හේගන් නුවර ඉහළ මධ්‍යම පාංතික කලා රසිකයන් අතර බොහොම ඡනප්‍රිය යුවලක් හිටිය 1926 වෙනකොට. කොල්ල එයිනා වාග්නර් කෙල්ල ගාර්ඩා වාග්නර් දෙන්නම මේ වෙනකොට කසාද බැදල අවුරැදු 7 ක්. නමුත් තවම දරැවො නෑ. එයාලට ඒ ගැන මහලොකු කනස්සල්ලකුත් නෑ. දෙන්නම ඉන්නෙ අතිශය ප්‍රමෝදයෙන් ලිංගිකවත් මානසිකවත්. එයිනා තම බිරිදට දීල තියෙන නිදහස කොචිචරද කියනවනමි එයිනා සිගරටි බොන්නෙ නෑ. ඒත් ගාර්ඩා සිගරටි එක බොන්නේ එයිනගේ ඇග උඩ ඉදගෙන එහෙමත් නැත්නමි ඕනෑම ප්‍රභූ සමාඡයක පිරිමින් හා කරට කර ඉදගෙන… එයිනා කියන්නේ අද්වතීය භු දර්ශන සිතුවමි කරැවෙක්. ගාර්ඩා වාග්නර් කියන්නේ ආලේඛ්‍ය සිත්තරාවියක්. දෙන්නම සිත්තරැ වුනාට තෝරාගන්නා විෂයයන් එකිනෙකට වෙනස්.
” එයිනා මට උදවිවක් ඔන බබෝ…! උලාට අමතර පන්තියක් තියෙනව කියල එයාගෙ චිත්‍රය සමිපුර්ණ කරගන්න අද එන්න බෑ කිවිවා. ඒකේ තව අදින්න තියෙන්නේ උලාගෙ කකුලකුයි සපත්තුවයි විතරයි. මං කියන එක තේරෙනවද…?”
” ඔවි.. ”
” ඔයාට තියෙන්නෙ එයාගෙ ස්ටොකින්ස් එක්ක සපත්තු දාගෙන මං කියන විදිහට ඉන්න විතරයි. හැබැයි තවත් ලස්සනයි උලාගෙ ගවුමකුත් ඔයාට පටලවගන්න පුලුවන්නමි…”
ඔන්න ඔය විදිහට තමන්ගෙ මිනිහව ගෑනියෙක් වගේ සරසපු ගාර්ඩා එයාගෙ සිතුවම සමිපුර්ණ කලා . සිතුවම සමිපුර්ණ කරලා ඉවරවුනාට පස්සෙ බිරිදට හිතුන ඇත්තටම තමන්ගෙ මිනිහව ගෑනියෙක් වගේ පරිවර්ථනය කරන්න. ඉතින් එයා එයිනාව ඇදගෙන ගියා ඇගේ කන්නඩි මේසේ ගාවට. ගිහිල්ල එයිනාගෙ වැඩි පුර ඇහිබැම ගැලෙවිවා, ඇස්වල අදුන් ගෑවා, තොල් සායමි කලා, කමිමුල් වල රෝස පාට ඉලුවා… දැන් ඇත්තටම එතැන හිටියේ මොකක්දෝ ලස්සනකින් වැහුණු අතිශය රාගික ගැහැනියක්. මේ වැඩෙන් දෙන්නම පුදුම සතුටක් වින්දා. ගාර්ඩා ඒ සතුට විදලා විතරක් නිකන් හිටියෙ නෑ… එයිනාව එක එක ඉරියවි වලට තියල සිත්තමට නැගුවා…. සිත්තමි වලට නමක් තිබිබ ලිලී එල්බී කියලා… පස්සෙ එයා මේ සිතුවමි ඩෙන්මාර්ක් කලා ප්‍රදර්ශනවලට ගෙනිචිචා… එහිදී එම සිතුවමි විචාරක පැසසුමි වලට ලක්වුනාට පස්සෙ ඔවුන්ට අවශ්‍ය වුනා මේ සිතුවමට පෙනී සිටිය ගැහැණියව දැක ගන්න. ගේර්ඩා කරේ තමන්ගෙ මිනිහව ගෑනියෙක් වගේ අන්දගෙන එකී ප්‍රදර්ශනවලට එක්කන් ගිය එක. මේක විහිලුවක් නෙවෙයි. 1926 දි ඩෙන්මාර්ක් වල ඇත්තටම වෙචිච සත්‍යය සිදුවීමක්… නමුත් එයිනා තමන්ගෙ මෙම ගෑනු රෑපයෙන් වශීවුනා… ඔහුට තව දුරටත් ඕන වුනා ගෑනියෙක් විදිහටම පෙනී ඉන්න. ඔහු ගාර්ඩා එක්ක ඇදට ගියෙත් ගෑනු ඇදුමි ඇදගෙන. ගෙදර හිටියෙත් ගෑනු ඇදුමි එක්ක. ඒ විතරක් නෙවෙයි එයා එලියට බැස්සෙත් ගෑනියෙක් විදිහට. ඊට පස්සේ එයිනාගෙ සිතුවමි කලාව නැවතුනා. එයා ගෑනියෙක් විදියට හැසිරෙන්න පටන් ගත්තා. එයා පාරට බැස්සම මිනිස්සු එයාගේ පස්සෙන් එන්න පටන් ගත්තා…. එයිනා උන්ට බෑ කිවිවම උන් මේ ගෑනිට ගැහුවා. මොකද එයිනාට ගෑනු පෙනුමක් තිබිබට ඇත්තටම තිබුනේ පිරිමි අවයව… එයිනාට උන්ව සතුටු කරන්න පුලුවන් වුනේ තොල් වලින් විතරයි… ඒක නිසයි මිනහා උන්ට බෑ කිවිවේ… එයිනාට තවදුරටත් ගාර්ඩා එක්ක ලිංගිකව එකතු වෙන්න බැරිවුනා. මොකද එයිනගෙ පිරිමි ශරීරය ඇතුලෙ දැන් ඉන්නෙ ලිලී කියන ගැහැණිය… බිරිදට ඕන වුනා මේ පිරිමි ශරීරය තුලට නැවත එයාගෙ ආදරණිය එයිනා වාග්නර්ව ගේන්න. එයිනා වාර්ගනර්ට ඕන වුනා තවදුරටත් ලීලි එල්බි කියන ගෑනිම වෙන්න. අවසානයේ ශෝකයෙන් මුසපත් වෙචිච ගාර්ඩා අඩ අඩා මේ සදහා වු ශල්‍ය කර්මයට තම ස්වාමි පුරැෂයට ඉඩ දෙනවා… හැබැයි එක පොරොන්දුවක් පිට… ඔහු ගෑණියෙක් බවට පරිවර්තනය වුනත් ඔහු ඇයත් සමග සිටිය යුතුයි කියන පොරොන්දුව පිට. මොකද ගාර්ඩගේ ලෝකෙ වුනේ එයිනා… එයිනා විතරමයි… එයිනා තමයි ඇගේ ආත්මීය සහකරැ සහ ඇගේ දිව්‍යමය පෙමිබරා…
ඒක තමයි පිරිමියෙක් ගෑනියෙක් කිරීමට උත්සාහ කල ලෝකයේ පලවෙනි ශල්‍ය කර්මය. පලවෙනි ශල්‍ය කර්මයෙන් පුරැෂ ලිංගය ඉවත් කරනවා… ඊට පස්සෙ කාලයක් ගිහිල්ල ස්ත්‍රී ලිංගයක් බද්ධ කරනවා….
ප්‍රථම ශල්‍යකර්මය සාර්ථකව කරලා දෙවැන්නට මුහුණ දීල දැන් අපිට පේනවා රෝහලේ ඇදක් උඩ එයිනා වාග්නර්ගේ ඔලුව තමන්ගෙ පපුවට තුරැලු කරගත් ඒ ආදරණීය ගාර්ඩා එයිනාගේ මූහුණ යාන්තමට සිය ඇගිලි වලින් ඔසවනවා.
” ඔයා තවදුරටත් මං ගැන බය විය යුතු නෑ ගාර්ඩා.”
” ඒක මගේ පරණ පුරැද්දක් එයිනා… මට වෙනස් වෙන්න කාලයක් යයි… ඒත් එක වෙනවා ඇත්තෙ බොහොම හෙමින්…. ”
” මං කොහොමද ගාර්ඩා මේ තරමි මට ආදරය කරපු ගෑනියෙකුට උරැම කමි කිවිවේ… තව දුරටත් ඔයා මේව විදින්න ඕන නෑ රත්තරනේ… ඔයා දැන් බය වෙන්න එපා…”
” නෑ…”
” මම ඔපරේෂන් එක වෙලාවෙදි හීනයක් දැක්කා. එක මහ පුදුම ලස්සන හීනයක්… මම ඒ හීනෙන් දැක්කා… බබෙක් විදිහට මම මගේ අමිමගේ තුරැල්ලේ ඉන්නවා…. ඇය මගේ දිහා බලලා මට කතා කලා…” ලිලී බබා ” කියලා…
එහෙම කිවිව එයිනා අර රත්තරන් ගාර්ඩගෙ උකුලට කඩා වැටුණා………

ඒ තමයි එයිනා වාග්නර්ගේ අන්තිම වචන ටික…

ඊට පස්සෙ තමන්ගෙ මුලු ඡිවිත කාලෙම ගාර්ඩා වාග්නර් කියන සිත්තරිය ඇදල තියෙන්නෙ එයිනා වාර්ග්නර්ගේ ඉරියව් තියෙන සිතුවම් විතරමයි….

සටහන – Upali Jayasinghe…

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!