මට එයා නැතිවුනා එච්චරයි මං දන්නේ
අපරාදේ දිවංක
ඇත්තටම ආදරේ කරපු ගෑණි නැතිවුනා මට..දරාගන්න බැරිතරම් වේදනයි..ගවන්ත
මෝඩකමනේ..යකෝ..ද
මැරෙන්න හිතෙනවා..මට මැරෙන්න හිතෙනවා යකෝ..ඇත්තමයි..
මැරියන් එතකොට නිදහස් වෙයි..
හොයාගන්නම බැරිද ගවන්ත..
බැහැ බං
එහෙම ලේසියෙන් කියන්න එපා උබ හෙව්වේ නැද්ද එහෙම නැත්නම් කාගෙන්වත් ඇහුවෙ නැද්ද
කිසිම කෙනෙක් දන් නැ..බං ඒ කෙල්ල ආශ්‍රය කරපු හැමෝගෙන්ම ඇහුවා මං
දිමිත්‍රි නොදැන ඉන්න විදිහියක් නැ
බැනුම් අහන්න හරි කියලා දිමිත්‍රිගෙන් ඇහුවා පැය ගානක් ඒකි ඇඩුවා…විමංගාග
අනේ දෙයියනේ මගේ කෙල්ල..රත්තරනෙ කොහෙද ඉන්නේ…මාව මැරෙයි…වරෙන් වස්තුවේ
මේ හැමදේටම උබ වැරදි කාරයා …උබට ලැබුන පනිෂ්මන්ට් එක…ඉන්නකන් ඒ ගෑනිව අගේ නැති වුනා දැන් විදවපන්
යකෝ..මට උදව් කරපන්..කෙල්ලව හෙයා ගන්න..
උබට උදව් කර කර තමයි තාමත් මං ඉන්නේ..
අපි මේ කෙල්ලව හොයා ගමු බං මගේ හුස්ම හිරවෙනවා වගේ
මට තේරෙන් නැ.මොකද කරන්න ඕන කියලා
යමං ලංකාවට නිවාඩු අරන්
එහෙම තමයි කරන්න වෙන්නේ
ටිකට් දාපන්
මේ අහපං දිවංක
ඇයි යකෝ
ගියත් හොයන එක බොරුවක් වෙයි වගේ
දැන්ම බලාපොරොත්තු අත් අරවන්න එපා මචං මගේ
මගේ හිත කියනවා මේ පාර උබව සදහටම අතඇරියද කියලා
පිස්සුද බල්ලෝ ඒකි මට එහෙම කරන් නැ…හැමදාම ඔහොම ඉදලා මට ගන්නවා
හරි බං ඒ වුනාට මේ පාර වෙන ප්‍රශ්නයක් නේද
ඒ කියන්නේ
විමංගා නැ කියලනේ..දිමිත්‍රි කෝල් කරේ..නිවාඩුවට ඇව්ත් ෂොප් එකට ගියාමනේ ඒකිත් දන්නේ
අනේ දෙයියනේ
ගෙදර යතුරු හැමදේම ෂොප් එකේ ලාච්චුවේ දාලලුනේ
ගවන්ත
ඇයි
වෙන මොකෙක් එක්ක හරි ගියාවත්ද
ගහන්නේ පයින් උබට ඔය කඩප්පුලි කතා හින්දා තමයි ඒකි උබට නැතිවුනේ පාහර කතා
සමාවෙයන් මචං
සැක කරලා කතා හදලා හිතරිද්දලා සමාව ඉල්ලන්න එපා බං වැඩක් නැ
සොරි..මචං
උබේ ඔය සැකේ නිසා ජීවිතේම අවුල් වුනා..බලපං කලින් උන් කරපු බලු වැඩ වලට අර අහිංසක ගෑනිගෙන් උබ පලිගත්තේ
විමංගාට මං ආදරෙයි නැතිවෙයි කියලයි මං එහෙම හැසිරුනේ
උබට සැක නම් උබේ මනස අවුල්නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙලා ට්‍රීට්මන්ට් කරගනින් අනිත් මින්ස්සු ඒවට පලි නැ
මතකනේ කලින් ගෑණු කරේම වෙන මිනිස්සු එක්ක නටපු එක මාවත් තියාගෙන
විමංගා එහෙම කෙල්ලෙක් නෙමේ දිවංක උබ ඇයි ඒක තේරුම් නොගත්තේ
මට බය හිතුනා සැක හිතුනා ඒකයි මං ඒකිට කෑගහ ගහ තියාගත්තේ
දැන් ඉන්නවද උබ ලග
හොයලා දීපං මගේ කෙල්ලව ගවන්ත
බලමු ට්‍රයි කරලා
මගේ පණ මට ඕන
ඕවා හිතන්න තිබ්බේ ඔයිට කලින් දිවංක
මට වැරදුනා හැම ගෑනිම එක මට්ටමේ හිතුවා
ටිකට් දාන්නම් ලංකාවට යමු වැඩක් වෙන් නැ..ඒත් උබේ හිතවත් හැදෙයිනේ
මට සදහටම විමංගා නැතිවුනාද
මට හිතෙන්නේ එහෙම
අනේ රත්තරන් ආපහු එන්න.මං ලගට කවමදාවත් ඔයාව සැක කරන් නැ රත්තරන්
ඇහෙයි තව ටිකක් කෑ ගහලා කියපං
😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳
දළදා මාලිගාවේ තේවාව හැමදාම අහන්න ආස හිතෙන හින්දා..මං දළදා මාලිගාව අහලටම එන එක පුරුද්දක් කරගත්තා..ඇත්තමය
නින්ද ගිහිල්ලද බලපං
මැරිලද
පිස්සු කියවන්නෙපා බං
බලපං හුස්ම වැටෙනවද කියලා
පිලිමයක්වත්ද
ඒ වචන ඇහුනමයි මං ඇස් ඇරලා බැලුවේ..මැදිවිය
එතනින් හිමිහිට නැගිටලා මං මාලිගාවෙන් පහලට හිමිහිට බැහැන් ආවේ.ඒ වාචාල බව අහන් ඉන්න බැරුවයි…හිමිහ
මිස්…
ඒ..නංගි…
මේ ….
ආපහු අර හඩ මගේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා..මුංගේ වයසටද කියලා හිතුනේ..මැදිවිය
එක්ස්කියුස් මී….
මොකද
ඔයාගේ එක සිලිපස් එකක් මග වැටිලා
ආ…හ්…
බනින්න නේද හැදුවේ
ම්..හ්…ආ…නෑ
බොරුනේ..
ම්ම්ම්ම්ම්ම්
අතන ඉදලම කතා කරා සිලිපස් එක දෙන්න හැරිලවත් බැලුවේ නැහැනේ
සොරි…
තව මොනා වැටිලද දන් නැ..
ආයි වැටෙන්න දෙයක් නැ
මං දැක්කා මාලිගාවේ වදිද්දි
ම්ම්ම්ම්ම්ම්
අපි එක්ක තරහෙන්ද
දළදාමාලිගාව කෑගහන තැනක් නෙමේ
සමාවෙන්න
මං ආවේ එතනට වන්දමාන කරන්න..
අපි ඩිස්ටර්බ් කරා නේද
ඔව්
අම්මෝ කියපු විදිහිය
මං යනවා තෑන්ක්ස් සිලිපස් එක ගෙනත් දුන්නට
හරි…
නංගි
ඇයි
මට ඔයා දැකලා පුරුදුයි
මං ඔයා දැකලා නැ..සමාවෙන්න මං යනවා..
……………
අඩෝ ..උබට වස නෝන්ඩිය
කටවහපං යකෝ
හීහීහීහි
මොකද දැන් විරිත්තන්නේ
සමාවෙන්න
උබ ඔය වචනෙ ආයේ කීවොත් රයිස් එක එයි මූණට
හරි හරි
මේ අහපංකො
කියපන්
ඒකිගේද ඒ ෂොප් එක
දන් නැ බං
වෙලාවට සිලිපස් එක වැටුනේ
ඔව් උබට ඒ මූණ ලගට බලාගන්න ඕන කියලනේ ඒකත් අරන් දිව්වේ
පට්ට ලස්සනයි බං
පාට මරු
පුදුම ආඩම්බරකමක් තිබ්බා ඒ මූණේ..
නුවර කෙල්ලෙක්නේ ඒකයි
ගවන්ත
ඇයි
ෂොප් එකට යන්න ක්‍රමයක් බලපං
හරි බං මගේ වෙඩිං එකේ වැඩනේ බලමු ගිහින් ෆොලෝරා
සෙට් එකම නොයා ඉමු
ඔව් ඔව් අපි ඔක්කොම ගියාම නිකන්ම දෙල් වෙනවා වැඩේ
දිවංක
ඇයි බං
එකකින් දෙකකින් තුනකින් නෙමේ හතරපහකින් මට්ටු වෙලා ඉන්නේ උබ
ඒ වුනාට මේකේ අමුතුම ගතියක් තියෙනවා..
අනේ පලයන්
ඇයි බං
හැමඑකකටම ඕකමනේ කිව්වේ
හරි බං
උබලා ආතල් ගන්නනේ සෙට් කරගන්නේ
නැතුව කසාද බැදගන්නද
යකෝ අපි මැරිලා හම්බ කරනවා..කොතනක හරි අපිට ෆන් එකක් තියෙන්නත් ඕන
දැන් උබේ කෑල්ල කොහොමද
අනිද්දා අදිනවා නුවරඑළියේ
අම්මට සිරි ඔව්ද
අපේ ගෑනි ඇහුවොත් උබලත් එක්ක මං යන්නේ කියපං
එලස්…දෙන්නම් නියමෙට
දිවංක
ඇයි
මං හෙට අර අනුරාධපුරේ කෑල්ල අරන් එනවා කැන්ඩ්
ඉතිං
උබ මගේ අයියා කියපන්
මං එන්නේ ඇයි
වරෙන් ..මගේ තනියට…
මට අරකි බලන්න යන්න ඕන
මං එන්නම්..කොහොම හරි ඒකිව සෙට් කරලා දෙන්නම්…
මං දිවංක අපි යාලුවො පස්දෙනා ජර්මනියේ ජොබ් එක කරන්නේ..හුගක් දුක්වින්දා ඇත්තම කතාව ඒකයි අවුරුදු ගානක් ගියා ස්ථාවරයක් හදාගන්න.. අපි පස්දෙනා වෙන වෙන තැන්වල ජොබ් කරත් ඒ රටේ නිවාඩු දවසෙදි එකට එකතු වෙලා විනෝද වෙනවා .අපිපස්දෙනා මේ පාර එකට ලංකාවට නිවාඩු ආවේ.. ගවන්තගේ මංගල්‍ය නිසා..ඇත්තම කතාව පවුල් ජීවිත අතරේ හැමෝම හිටියත් අපේ ජීවිත වල පෙම්වන්තියෝ හිටියා..ඇත්තම කතාව වියදන් කරලා සතුටෙන් ඉන්න මානසිකත්වයක් තමයි අපිට තිබුනේ..අවුරුදු
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මිස්
කියන්න
අද ෆ්රෙෂ්බොකේස් ටික හරිද
හරි මං අන්න ටේබල් උඩ තියලා ඇති..
මිස්
කියන්න තිලිනි
අද පෝරු සෙට් දෙකත් එක්ක සෙටිබෑග්
යවන්න තියෙනවා
ඔක්කොම යවන්න..හරියට බලලා පටලන්න එපා …අපි ප්ලේස් දෙකට ගිහින් සෙට් කරලා එමු..
හරි මිස්
තිලිනි ඔයයි දන්නේ..අවශ්‍ය ටික ලොරියට පටවද්දි කල්පනාවෙන් මිස් එකක් තියන්න එපා
මං බලන්නම් හරියටම මිස්
නැත්නම් සෙට් කරන්න ගියාම අඩුපාඩු තියෙයි
කිරිබත් කපන එක දෙපැත්තටම යනවද මිස්
ඔව් ඇයි මතක නැද්ද කේක් අයිටම් එක දෙවෙනි ඕඩර් එකේදි ඕන කිව්වට ඊටපස්සෙ ගිහින් එපා කියලා කෝල් කරානේ
එතන තරුවක් දාලා ලකුණු කරලා ඒකයි ඇහුවේ මිස්
ගෝල්ඩ් ඇන්ඩ් රෙඩ් බ්ලු ඇන්ඩ් ගෝල්ඩ් කලර් ටීම්..
ඒවා හරි මිස් …
මං විමංගා තුල්මිනි සේනානායක.. තුල්මිනි ෆ්ලෝරා ආයතනයේ හිමිකාරිය..සෙංක
අම්මයි තාත්තයි තුල්හිරිය මධ්‍යමහා විද්‍යාලයේ ගුරුවෘත්තියේ නියැලුනා..ඒ දෙන්නා පුදුම ආදරේකින් ජීවත් වුනා..ආවේ ගියේ කෑවේ බීවෙ එකට…ඒ දෙන්නා හැමදාම කිව්වේ මේසසරේ වගේම ඊලග බවයෙත් මෙහෙම එකට එනවා කියලා..ඒ වචන හැබෑ කරමින්…ඒ දෙන්නා යන එන මෝටර් රථය කෝච්චියට ඇදිලා ගිහින් තිබුනේ..ආපහු නොයෙන්නම..වරද වුනේ තාත්තා උදේ කලබලේට සිග්නල් ලයිට් දැක දැක රේල් පාරෙන් කාර් එක ධාවනය කරලා අනිත් පසට…හිතන්නවත්
එතනින් එහාට මං අවුරුද්දක් යනකන් අවසිහියෙන් කදුළු හලමින් ..සියළු දේ කණපිට හරවලා …ඉගෙනීම ජීවිතේ ඔක්කොම ගෙවිලා තිබුනේ ඒ වෙද්දි….තියෙන
මිස්
අම්මෝ මං ගැස්සුනා
මිස් කොහෙදෝ අතරමං වෙලා
අතීතේ
කල්පනා කරන් එපා මිස්
කරන් නැ කල්පනා වෙනවා දරුවෝ
අද තේවාව අහන් හිටියද ගිහින්
ම්ම්ම්ම්ම්ම්
මං ආපු මුල කාලේ හිතුවේ මිස් බෝයි හම්බෙන්න යනවා කියලා
හීහීහීහි
අන්න බලන්න මිස්ගේ ලස්සන හිනාව
බෝයිලා නෑ එතන
හරි හරි අපි දන්නවා
කතා ඇති අන්න බලන්න බෙල් කරා..
කස්ටමර් කෙනෙක් වගේ මිස්
ඔයාලා කතා කරන්න..අවසානෙට මට කතා කරන්න
හරි මිස්…
දිමිත්‍රිගේ ආදරේ එයාගේ දෙමව්පියන්ගේ ආදරෙත් එක්ක මං මේ ජීවිතේට හුරු වුනා..හැමදාම පුරුද්දක් විදිහියට මං දළදා තේවාව විදින්න යනවා..කම්මැලි හිතුනම අහස්බැම්මට වෙලා නුවර වැව දිහා බලන් ඉන්නවා…මේ පූජනීය නගරේ මට පුදුම සැනසීමක් ගෙනත් දුන්නා..ජීවිතේ දුක කියන්නේ මොකක්ද කියලා තේරුනට පස්සෙ කිසිම දුකක් කාටවත් දැනෙනවට මං කැමති වුනේ නැ…දරුවෙක් පාරක සිගමන් යැද්දොත් මං ඒ දරුවා පස්සේ ගිහින් අවශ්‍ය දේ කරලා ආවා..මගේ ඇස් ඉස්සරහ කාටවත් මං දුකක් දැනෙන්න දුන් නැ..ඒ හින්දමද කෙහෙද දළදාහාමුදුරුවෝ මාව රැක්කා…..දිමි
මිස්
ඇයි තිලිනි
අන්න එන්නකෝ
ඇයි
පිස්සො දෙන්නෙක් ඇවිත්
ආ….ඒ කවුරු
මංදන් නැ පෝරු සෙටිබෑග් බලන්න ඇවිත් අපිවත් කොලොප්පන් කරනවා අනේ
යමු..බලන්න
ජෝකර් කෙනෙක් වගේ එකෙක් ඇවිත් හිනස්සනවා
වැඩකට නෙමේද ඇවිත් ඉන්නේ
දන් නැ මිස්ම කතා කරන්නකෝ
ඔහොම ඒවත් එනවනේ හිටපු ගමන් යමු බලමුකො
ලොබියේ..ඔක්කොම ඇල්බම් ටික දිග ඇරන් බලන ඒ චරිත දෙක දැක්කම මට හිනා ගියා ඇත්තටම…දළදාමා
..සර්ලා දෙන්නා අවශ්‍ය දේ හොයාගත්තද
ආ….ඔව්නේ…
සිලෙක්ට් කරාද
මේ ඔයාද මෙතන ඕනර්
ඔව් සර්
මේ ළමයි ඇතුලට ගියානේ මිස්ට එන්න කියන්නම් කියලා අපිත් බලන් හිටියේ මිස් එනකන්
සර්ලා ෆ්ලෝරද බලන්නේ
ඔව්…අපි සින්ඩ්‍රෙල්ලා හොයනවා
මොකක්ද…
මේකයි .මගේ වෙඩිං එක මේ මාසේ තිහ
එහෙමද සර්
මට හොටෙල් ඇරෙන්ජ්මන්ට් එකක් ඕන
ඇල්බම් ටික බලන්න සර් ..
මට මෙව්වා ඔක්කොම පැටලිලා විකල් වෙලා ඉන්නේ
හීහීහීහි සමාවෙන්න මං උදව් කරන්නද සර්ට
අනිවාර්යයෙන්ම
සර්ගේ බලාපොරොත්තුව කොහොමද කියනවද මට
රිච් ලුක්.එකක් ඕන..රෙඩ් වලින්
අපි කරලා දෙන්නම් සර්
මිස් අපි මේ ෂොප් එක හොයන් ආවේ අමාරුවෙන්
එහෙමද
ඇත්තටම සින්ඩ්‍රෙල්ලා හොයන් ආවේ
හීහීහීහි …
හිනාවුනාට ඇත්ත කතාව ඒකනේ
ඔව් නේද
සිලිපස් එක හින්දා මෙච්චර දුරක් ආවේ
ඇත්තටම වෙඩිං එක නෙමේද
නැ..නැ..වෙඩිං එක
ෂුවර්ද
සීයට සීයක්…මගේ වෙඩිං එක මේ තිහ..අමායා එකේ තියෙන්නේ..මට ඒ වැඩ ටික බලලා කරලා දෙන්න…ප්ලීස්
හරි සර් මං කරලා දෙන්නම්
ඇත්තටම නංගි අපිට සර් කියලා කියන් එපා අපි ඔයාගේ හිතවත් සහෝදරයෝ කියලා හිතන්න
එහෙම හොදද
නංගි අපිත් සාමාන්‍ය මිනිස්සු ඒවට විශේෂණ පද ඕන නැ
මං අමායා එකේ පෙරේදත් ෆන්ශන් එකක් ඩෙකරේෂන් කරා..ඒ නිසා..ප්‍රශ්නයක් නැහැ අයියාගේ හිතට ෆිට් එක කියන්න මේ ෆොටෝස් වලින්
හොදයි ලස්සනයි කියන විදිහියට කරන්න…ගාන ප්‍රශ්නයක් නැහැ වැඩේ කොලිටි එකටයි ..ලස්සනටයි මට ඕන
ඉතිං ඒ ඇරබුම…කොපමණ දුරකට ගියාද ගවන්ත අයියගේ වෙඩිං එකට කලින් දවස් පහලොවක් තිස්සේම දිවංකයි ගවන්තයි ෂොප් එකට යන එන වාර ගනන වැඩිවෙද්දි අපි අතර තිබ්බ හිතවත් කමත් වැඩිවුනා..මුල මුල තිබුනු ආගුන්තුක ගතිය පහවෙලා හොදම සහෘදයන් වුනා..මං දිමිත්‍රිට කතා කරන ගානේ දිවංකත් කතා කරා..ඇත්තටම පුදුම සුන්දර බවක් ඒ බැදීම් වල තිබුනා..
හුගක් වෙලාවට ගවන්ත අයියා මට කතා කරේ සින්ඩ්‍රෙල්ලා කියලමයි..ඒ හැම වෙලේම දිවංකගේ ඇස්වල ආදරනීය බවක් ජනිත වුනා..ඉදින් මේ හැගීම් සමුදාහය අප්රකාශිත ආදරයක් ලෙස අපි අතර දෝලනය වුනා.. දළදාමාලිගාවට ඉස්සර තනියම දුවපු මං ඊටපස්සෙ ගේට්ටුව ලග රැදුනා…දිවංක එක්කම යන්න…
දිවංක
ම්ම්ම්ම්ම්ම්
අද දිමිත්‍රි එනවා
මං දන්නවා
කිව්වද
ම්ම්ම්ම්ම්ම්
හවස යමු කීවේ…ගැටබේපංස
යමු…
මොකද නිකන් ගොළු වෙලා
මං ඊයේ දිමිත්‍රිට කතා කරා
ඉතිං
එතකොටයි මං දන්නේ.ඔයා ගැන
ඉතිං ඇයි එක එක්කෙනාගෙන් මං ගැන අහන්නේ
මං ඇහුවේ නැ
මගෙන් ඇහුවනම් මං මං ගැන කියනවනේ
මට හරි අප්සට්
ඒ ඇයි
ඔයා තනියම කීවම මේ ලෝකේ
තනි කොහෙද අනේ …දිමිත්‍රි ඔයා ගවන්ත දිමිත්‍රිගේ ගෙදර අය යාලුවො ඉන්නේ
විමංගා
අපියමු..නැත්නම්
විමංගා කියලා ආමන්ත්‍රණය එක්ක මං එයාව මගහැරියේ..හැමදා
..
හවස් වරුවේ..දිමිත්‍රි ගන්න බස් එක ලගට මමයි දිවංකයි .. මේ මුල්ම අවස්ථාව හින්දා ඒ දෙන්නා දකින.මට ඕන වුනේ ඒ දෙන්නගේ හැගීම් දකින්න .ඒ වුනාට ඒ දෙන්නා එදා දැක්ක විදිහියට නෙමේ අවුරුදු ගානක මිත්‍රයන් වගෙයි හැසිරුනේ..මං හිතන්නේ නිතර කතාබහ කරන නිසා වෙන් ඇති..කියලා මං හිතාගත්තා
විමංගා
ම්ම්ම්ම්ම්ම් කියන්න දිමිත්‍රි
හවස පංසලට යමු නේද
දැන් ඔයාලා වේලාසන යමු කීවේ
පංසලේදි දෙයක් තියෙනවා කියන්න
මොනාද
ඒක එතනදි කියන්නම් සින්ඩ්‍රෙල්ලා
ඔයත් මට විහිලු කරනවා නේද
නැ..විමු…මං ආදරේයි ඔයාට…මං ගෙනාව අත්තටු කැඩුණු කුරුළු පැටියා දැන් ලොකුයි
ඒ ඉතිං දිමිත්‍රිගේ ආදරේ හින්දනේ
සතුටුයි කෙල්ලේ…ඇත්තමය
හවසට පංසල් අදින්නේ මොනාද
සාරි😅😅😅😅
හිනාවෙනද අඩනවද
දෙකම
අයන් කරන්න ඇහුවේ
අපි සායවල් වලට ටීෂර්ට් දාමු
හා එහෙනම්
විමංගා
ම්ම්ම්ම්ම්ම්
දිවංක අයියා මොනවගේ කෙනෙක්ද
ගුප්තයි වෙලාවකට
ඔන්න කිව්වා
හිත හොදයි .උණුවෙන චරිතයක්..එයාගේ යාලුවො වගේ නෙමේ
ඒ කිව්වේ මොකකද්
යාළුවො නරකයි දිමිත්‍රි
මට දිලංක අයියා කිව්වා
හවස් වරුවේ පංසල් ගියේ අපි පුදුම සතුටෙන් සැහැල්ලුවෙන් ..දිවංක අයියා ඇවිත් තිබුනේ..ගවන්ත අයියා එක්ක..අපි හතරදෙනාම බෝමළුවේ ඉදන් එදා තිබුන බෝධිපූජාවට සහභාගි වුනා..මං බලන බලන ගානේ දිවංක අයියගේ ඇස් තිබුනේ මං ලග
දිමිත්‍රි
ම්ම්ම්ම්ම්ම්
ඔයා ප්‍රාර්ථනා කරේ මොනවද බෝධින්වහන්සේ ලගදි
විශේෂ දෙයක් ඉල්ලුවේ නැ
මං නම් ඉල්ලුවා
ඒ මොනාද
අම්මයි තාත්තවයි
අපි යමු පහලට කෙල්ලේ අර දෙන්නත් බලන් ඉන්නවා
හා යමු එහෙනම්
දිවංක අයියේ
කියන්න නගා
මොනාහරි කාලාම යමුද
එලියට යන්න එපැයි ඒකට
ඔව් …ඒක තමා කිව්වේ
විමංගා
ඇයි දිවංක අයියේ
චුට්ටක් එන්න මා එක්ක
කොහෙටද
බෝධියට දුවලා එමු
ඒ ඇයි ආපහු
පිරිත් නූලක් බැදගන්න ඕන ස්වාමීන්වහන්සේට
යමුද දිමිත්‍රි
ඔයා අයියා එක්ක ගිහින් එන්න මං ගවන්ත අයියා එක්ක කදයක් දාන් ඉන්නම්
ඇයි තනියම මා එක්ක ගිහින් නැද්ද
එහෙම දෙයක් නැ යමු…
විමංගා
ඇයි අයියේ
මං ලබන සතියේ යනවා ලංකාවෙන්
ම්ම්ම්ම්ම්ම් මං දන්නවා
දුක නැද්ද
දුකයි
මටනම් දුකම දුකයි
මොනා කරන්නද ඉතිං
විමංගා
කියන්න
මං කැමති ඔයා මැරිකරන්න
ආ…මොකක්
ඔව් ..ඇත්තමයි
අයියා මට අනුකම්පා කරනවද
නැහැ
එහෙනම්
ආදරේ කරනවා
ඔයාට මං ගැන දිමිත්‍රි කීවට පස්සෙද මැරි කරන්න හිතුනේ
නැහැ
එහෙනම්
සිලිපස් එක අරන් පස්සෙන් ආව වෙලේ ඉදන් සින්ඩ්‍රෙල්ලා
හීහීහීහි
හිනා නෙමේ මොකද කියන්නේ
හිතන්න දෙයක් නැ..ඒ වුනාට දිමිත්‍රිගෙන් අහමු..
එයා කැමති
එයා කිව්වද
ඇත්තටම විමංගාට ආදරේ නම් විතරක් මැරි කරන්න කිව්වා..එච්චරයි
එහෙනම් මට දෙන්න උත්තරයක් නැහැ එයා දීලනේ
ඒ ඇරබුම ආදරේ ….කියන්න වචන නැතිවුනා.ඇස්පිල
…සතියක් ඇතුලත මං දිවංකගේ පතිණිය වුනා..ඒ සතුට මට ලංකරේ දිමිත්‍රි …හැමදාමත් මාව සතුටෙන් තිබ්බේ එයා ..දිවංකයි මමයි..අතේ ඇගිලි ගානට වටවුනු පිරිසක් අතරේ පුංචි සාදෙකින් අපේ සතුට සැමරුවා..පිරිස නෙමෙයි අපිට වැදගත් වුනේ…හිත්වල සතුට විතරයි..දිවංකගේ
විමංගා
ඇයි
ෆෝන් එක කෝ
කාගෙද
ඔයාගේ
සයිඩ් බෑග් එකේ ඇති
ඇයි ඒක හංගලා
හංගන්නේ මොකටද
කෝ ගන්න ඒක
ඉන්න ගෙනත් දෙන්නම්
විමංගා
ඇයි
කිසිම දෙයක් රහස් බැහැ තේරුනද
මට රහස් නැ අයියා
හරි ..එහෙනම්
මෙන්න ෆොන් එක
මේක ඕෆ් කරලනේ
චාර්ජ් නැතුව ඇති
චාර්ජ් කරන්න
මං මේකේ..චාජරේ ගෙනත් නැ වගේ
මොකක්
ඔව් බෑග් එක අදිද්දි අහුවුනේ නැ
ඔයා මාර ළමයෙක්නේ
ඇයි
තමන්ගේ ෆෝන් එක ඕෆ්..බිස්නස් කරන්නේ කොහොමද
ඒ ෆෝන් එක අර කන්නාඩිමේසෙ උඩ තියෙන්නේ
ඒ බිස්නස් ලයින් එකද
ඔව් අයියේ..
ඕක දෙන්න දැන් ටවුමට යද්දි ගේමු චාජර් එකක්
හරි..
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊……………
දිවංක
ඇයි
අතනින් කමුද උණුවඩේ. රසයි
යමු..
ඔයා ආස නැද්ද
ඔයා එතනින් කාලා තියෙනවද මීට කලින්
ඔව්
ඒ කොහොමද
දිමිත්‍රිගේ අම්මලා එක්ක ට්‍රිප් ආපු වෙලේ
කොල්ලත් ආවද
කොල්ලා කිව්වේ
යාළුවෙලා හිටපු
කවුද
ඔයා
මං කා එක්කවත් යාළු වෙලා හිටියේ නැ
හරි යංකො එතනින් කාලා රූම් එකට එමු
ම්ම්ම්ම්ම්ම් .
එදා හවස් වරුවම දිවංක කරේ මගේ ෆෝන් එක චාර්ජ් කරන් ..ෆොන් එකේ අස්සක් මුල්ලක් නෑර බලපු එකයි..එයා මොනවා හරි හොයනවා කියලා තේරුනට ඒ මොනවද කියලා මට තේරුන් නැ
දිවංක
ම්ම්ම්ම්ම්ම්
ආව සතුට දැන් නැ වගේ ඔයාගේ
මේකේ පින් එක මොකක්ද
මොකේද
ගැලරියේ මේ ෆෝල්ඩර් එකේ
දන් නැ
ඒ මොකද දන් නැ කියන්නේ
ඒකේ ..අම්මගෙයි තාත්තගෙයි මළගෙදර ෆොටෝ …ඒවා මං දැක්කේ දිමිත්‍රි අරන් තිබ්බ නිසා.මට එදා සිහියක් තිබ්බේ නැහැනේ
ඉතිං
හැමවෙලේම ඒක බලලා අඩනවා කියලා දිමිත්‍රි ලොක් කරා ඒ ෆෝල්ඩර් එකම
දිමිත්‍රිට කෝල් එකක් ගන්න
ඒ ඇයි
කීවම ගන්නවා
😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳
හා…ඉන්න
මට දැනගන්න ඕන ඒ පින් එක
ඉන්න මං අහනකන්
නුවරඑළියේ යද්දි තිබුනු පිරුනු මුහුණුවල් ආපහු නුවරට එද්දි තිබුන් නැ මගේ…ඒකට හේතුව වුනේ දිවංක
.දිවංකට පුදුම සැකයක් තිබුනා කොයිවෙලෙත් සැක කරන්න පුරුදු වුන ගතියක් තිබුනා..ඒ ගතිය මාව පුදුම අපහසුතාවයකට පත් කරා මුලින් තියා කවදාවත් එයාගෙන් පිලිබිඹු නොවුන ඒ ගතිය එකපාරටම ඉස්මතු වෙලා ආවේ නුවරඑළියේදි..එය
දිවංක
ඇයි
හෙට තියෙනවා පෝරුවක් සෙට් කරන්න
ම්ම්ම්ම්ම්ම් යමු
ඔයා අනිද්දා හවසනේ යන්නේ
ඉතිං
.
අපි දිමිත්‍රිගේ ගෙදර යමුද
බලමු වැඩ ගොඩක් තියෙනවා කරගන්න
විවාහයෙන් පස්සෙ දිවංක පුංචි නිවහනක් අපි වෙනුවෙන් මිලදී ගත්තා..නුවරින්ම
දිවංක
ඇයි
ආදරේයි ගොඩක්
මොකද බටර් පාර
බටර් නෙමේ
එහෙනම්
මං ඇත්තටම ආදරෙයි
හරි හරි
ඔයා ගියාම මට පාළුයි
පාළුයි කියලා නටන්නෙ එහෙම නැ වෙන උන් එක්ක
වෙන උන්??????
හැමදේම කරලා දීලා තියෙන්නේ බිස්නස් එක කරන් ලස්සනට ඉන්න
ම්ම්ම්ම්ම්ම්
සිලිපස් හතරවටේ විසිකර කර යන්නැතුව
හීහීහීහි
හිනාව තමයි මාව කෑවේ
දිවංක
කියන්න
ඇත්තටම මට තනියි ඔයා ගියාම
මේ පාර ගිහින් ඇවිත් නතර වෙන්නම්
ම්ම්ම්ම්ම්ම්
විමංගා
කියන්න
මගේ ගෞරවේ එක්ක ජීවත් වෙන්න
මං වැරදි කරන් නැ
අතීතේ නෙමේ වර්තමානේ අනාගතේ ගැන මං කියන්නේ
අතීතෙත් වැරදි කරලා නැ මං දිවංක
ඒවා වැඩක් නැහැ දැන්
මොනාද කියන්නේ දිවංක ඔයාගේ හිතේ මොනාහරි වැරදි වැටහීමක් තියෙනවද
දිමිත්‍රිගේ අයියා ඔයා එක්ක එෆෙයාර් එකක් තිබ්බා නේද
අනේ දළදාහාමුදුරුවනේ
එහෙනම් ඇයි ඌ බබා කියලා මැසේජ් කරේ
අයියා එදත් එහෙමයි අදත් එහෙමයි මට බබා කියලා කතා කරන්නේ
දුකයි කියලා තියෙන්නේ ඇයි එහෙනම්
මාලේ ගිහින් ඉන්නේ වෙඩිං එකට එන්න වුනේ නැහැනේ ඒකයි
හාකෝ එහෙනම්
දිවංක ඔයා නම්
ඒක අතඇරලා දාන්න සොරි
දිවංක ලංකාවෙන් ගියා…ගියේ මගේ හිතත් අරන්මයි..එයා නැති ගෙදර මට පුදුම පාළුවක් දැනුනා..දිවංක සීසීටීවි සවිකරලා ගියේ ගෙදරටයි ෂොප් එකටයි..ඒකෙන් එයාට බලන්න පුළුවන් නිසා මං තනියමනේ..කියලයි
විමංගා
ඇයි
සීසීටීවි වහලා ඇයි
ඕෆ් කරලා නැ අයියේ
මොකාද ආවේ
කවුරුත් ආවේ නැ
එහෙනම් ඕෆ් ඇයි
ඉන්න මං බලන්නම්
බලන්න දෙයක් නැ ඕෆ් කරලනේ ඔන් කරනවා
මං ඕෆ් කරේ නැ
සැකේ කියන ඝර්ටනේ එතන ඉදන් අපේ ජිවිත වලට පුදුම සාපයක් වුනා..දිවංකට මං හැරුනත් බැලුනත් වැරදි වුනා..දිමිත්‍රිගේ ගෙදර යන එක තහනම් වුනා ඒ අයියා මාලේ ඉදලා ඇවිත් තිබුන හින්දා..වැරදි නැතත් චූදිතයා ලෙස දිවංක මාව නම් කරා..පුදුම වේදනාවක් මගේ හදවත පුරා දිව්වා..කලකිරීම
මොකද ඔය කෙට්ටු වෙන්නේ විමංගා
මහන්සි වෙනවනේ ඒකයි
එහෙමද අලුත් එකා කිව්වද මහතයි කියලා
කවුද ඒ
අර ඇවිත් ඉන්නේ
දිවංක…වචනෙන් දෙකෙන් ඇරබුන වාග්ප්‍රහාර දරුණු විදිහියට එල්ල වුනා ඊටපස්සෙ අපි දෙන්නා තරගෙට රංඩුවුනා..ඔහුට නොදෙවෙනි වෙන විදිහියට මාත් හැසිරුනා..වෙන විකල්ප මාර්ගයක් මට තිබුන් නැ..සති ගනන් මාස ගනන් අපි කතා නොකර හිටියා ෆොන් ඕෆ් වුනා..ජීවිතේ නීරසම කාලේ උදාවුනා කිව්වොත් ම නිවැරදියි…දිම
විමංගා
ඇයි
මොකද කටු විතරයි ඇගේ
මගේද
නැතුව මගේද
නිකන් වෙන්න ඇති
මං ලග ඉද්දි සැපට ලස්සනට හිටියනේ හිතේ සතුටෙන්
දැනුත් එහෙමයි දිමිත්‍රි
පේනවා ඒකනම්
තාමත් අරකා සැක කරනවද
දැන් නැහැ
එහෙනම් කමක් නැ
දිමිත්‍රි
ම්ම්ම්ම්ම්ම්
කාලද ඉන්නේ
නැහැ තාම.. උයන් ආවද
ඉව්වේ නැ කඩෙන් කමු
අරකට කියලා ඉදපන් නැත්නම් මෙතන අඩිඅල්ලයි
හ්ම්ම්
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
විමංගා
ඇයි අයියේ
අරකත් ආවද ලන්ච් එක ගන්න
කවුද
දිමිත්‍රිගේ අයියා
නැහැ
දිමිත්‍රිට තිබුනේ ඔයාට ඌව බන්දලා දෙන්න
ඒ අයියට ගර්ල් කෙනෙක් ඉන්නවා
හොරගෑනිටද ඔයාව තියාගත්තේ
මොනවද කියන්නේ……..
විමංගා ඔයා කෑගැහුවට වැඩක් නැ මං දැන් සියළු ඇත්ත දන්නවා
මොනාද මිනිහෝ දන්නේ
ඒකත් එක්ක නටපු නාඩගම්
මොනාද මේ සහගහන කතා
ඒකත් එක්ක නිදියගත්තද උබ
දෙ..යි..ය..නේ..
අපි මෙහෙ දුක් විදිනවා ගෑණු ඔහෙ ෆන් කරනවා
මං කරපු ෆන් එකක් නැ
එවන සල්ලිත් ඌට දෙනවද
මං ඔයාගේ සල්ලි කාටවත් දෙන් නැ
කැමරා ඕෆ් කරන් දගලන්නේ ඌ ආවම නේද
දිවංක……
ඒ මගේ අවසාන වදන විය …දිවංක..මෙතනි
සියළු දේ කාටත් හොර රහසේ මා තීරනය කළෙමි..මින්මතුව
❤️❤️නිමි❤️❤️