ජීවයේ සම්භවය ( )

“”””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””




අපි බලමු මොකක්ද මේ ස්වභාවික ජීව රසායනික සම්භවය කියන්නෙ කියලා 







ඉතින්….මේ මතය අනුව ආදී යුගයේ පෘථිවි
වායුගෝලය තුල ඔක්සිජන් සහ නයිට්රජන් වායු තිබිලා නෑ.
පෘථිවියේ අධික උෂ්ණත්වය
නිසා යකඩ, සිලිකන්, ඇලුමිනියම් වැනි ලෝහ මූල ද්රව්ය සමග ප්රතික්රියා කර ඔක්සිජන් සහ නයිට්රජන් වායු සෑදුණා….




ඉන්පසුව වායු ගෝලයේ ප්රධාන වශයෙන් නයිට්රජන්, ඇමෝනියා සහ මීතේන් වැනි වායූන් අඩංගු වුණා. පෘථිවියේ
අධික උෂ්ණත්වය
නිසා ජලය
වාශ්ප වී දූවිලි අංශු හා එක් වී වලාකුළු නිර්මාණය වුණා.



මේ නිසා හටගත් වර්ෂාව ඉතා දීර්ඝ කාලයක් පැවතුන නිසා උස් බිම් සෝදා පහළට ගලා ආ ජලය පහත් බිම් වලට එක් වී ආදි යුගයේ සාගර නිර්මාණය වුණා. මේ සාගර ජලය තුල තමයි ප්රථම ජීවියාගේ උපත සිදුවුනෙත්….



මේ නිසා පෘථිවි
වායුගෝලයට මෙම ශක්ති විශේෂ ලැබීම හේතුවෙන් සිදු වූ රසායනික ප්රතික්රියා වලින් කාබනික සංයෝග රාශියක් හටගෙන තිබෙනවා. මෙම සංයෝග අතරට ප්රෝටීන සඳහා අවශ්ය සීනි වර්ග හා ඇමයිනෝ අම්ල ද අයත් වුණා.

ආදී යුගයේදී සාගර ජලය තුල ජලය මිශ්ර උණුසුම් සූපයක් සෑදෙන තෙක් මෙම ද්රව්ය එක් වුණා.


මෙම ආරම්භක සූපය තුළ ජීවය හට ගන්නට ඇති බව හෙල්ඩේන් පෙන්වා දුන්නා.




“””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””
1953 දී චිකාගෝ විශ්ව විද්යාලයේ ස්ටැන්ලි මිලර් සහ හැරල්ඩ් යුරේ නම් විද්යාඥයින් දෙදෙනා විසින් ස්වභාවික ජීව රසායනික සම්භව වාදය සනාථ කරමින් පෘථිවියේ ජීවය හටගත් බවට සාර්ථක පරීක්ෂණයක් සිදුකළා. 




ඉතින් මෙම වායු පෘථිවියේ ආදි වායු ගෝලයේ තිබුණු වයූන්. මෙම වායු සංසරණය වීම සඳහා මිලර් විසින් විදුලි පුලිඟුවක් යොදාගත්තා. මෙහිදී ලීටර් 5 ප්ලාස්කුව ඉලෙක්ට්රෝඩ සවිකර ටෙස්ලා දඟරයක් ආධාරයෙන් විදුලි පුළිඟු විහිදුවීමට සලස්වා තිබුණා. වායු සංසරණය කරවීමට උතුරන ජලයෙන් ලබාගත් වාශ්ප ආධාරයක් වුණා.
දින 7ක් පමණ කාලයක් මෙසේ පුළිඟු විහිදුවීමට
ඉඩ සලස්වා කාබනික සංයෝග පරීක්ෂණයට ලක් කරා.





ග්ලයිසීන්, ඇලනීන්, ඇස්පාර්ටික් අම්ලය හා ග්ලූටමීන් අම්ලය වැනි ඇමයිනෝ අම්ල වර්ග 4ත් ඒ වගේම මිශ්රණයේ ඉතා සරල මේද අම්ල වන
ෆෝමික් අම්ලය, ඇසිටික් අම්ලය හා පොපියොනික් අම්ලය ද අඩංගු වුණා. මීට අමතරව ජෛව ක්රියාවලියේදී අත්යවශ්ය ද්රව්යක් වන යූරියා සංයෝගය ද අඩංගු වෙලා තිබ්බා. දැන් ඔබට පේනවනේ ජීවය හටගන්නට අවශ්ය ගොඩක් දේවල් මෙතන තියනවා…… 






ඉතින්, පෘථිවියේ
මුල් අවධියේදී ගිනි කඳුවල ක්රියාකාරීත්වය ඉතා දැඩිව පැවතුණා. ළදරු අවස්ථාවේ පසු වූ පෘථිවිය ක්රමයෙන් හැඩගැසී සැකසෙත්ම ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවි පෘෂ්ඨය හැකිලීමකට ලක් වුණා. කල් ගත වීමේදී අධික තාපයක්ද උත්පාදනය වුණා. 


මේ අතරතුරේදී පෘථිවිය
අභ්යන්තරයේ සිදු වූ විකිරණශීලී ක්රියා හේතුවෙන් අභ්යන්තර උෂ්ණත්වය ඉහළ ගියා. මේ යුගයේදී වායු ගෝලයේ ඔක්සිජන් වායුව තිබුණේ නෑ. එහෙත් ප්රථම ජීවියා බිහි වීමට අවශ්ය කාබනික සංයෝග රාශියක් තිබුණා.

තවද ආදී වායු ගෝලයේ තිබුණු ජල වාෂ්ප සූර්යයාගෙන් නිකුත් වූ පාරජම්බූල කිරණ නිසා හයිඩ්රජන් සහ ඔක්සිජන් වායු ලෙස විඝටනය වුණා. ඒ කියන්නේ බෙදී වෙන් වුණා. 

ඔක්සිජන් වායුව බරින් වැඩි නිසා ගුරුත්වාකර්ෂණය හමුවේ පෘථිවියේ මතු පිටට ආසන්නයේ රැඳී පැවතුණා.
එහෙත් හයිඩ්රජන් වායුව සැහැල්ලු නිසා ඉහළ අහසට ඇදී ගියා. ජලය,
පාරජම්බූල කිරණ මගින් මෙසේ ප්රභා විඝවිඝටනය වීම නිසා කාලයක් ගත වීමේදී නැවත විඝටනය වීමට නොහැකි තත්ත්වයට පත් වුණා. එනම් ආලෝකය ලැබීම නිසා එම ද්රව්යයයේ අඩංගු මූලද්රව්යය බෙදී වෙන් වුණා කියන එකයි. ජලය ප්රභා විඝටනය වීම නිසා හටගත් ඔක්සිජන් වායුව පාරජම්බූල කිරණ වැදීම

හේතුවෙන් ඕසෝන් වායුව සෑදුණා. මෙම ඕසෝන් වායුව සූර්යයාගෙන්
නිකුත් කරන අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට පැමිණීම වළක්වන ස්තරයක් ලෙස ඉහළ වායු ගෝලයේ තැන්පත් වුණා. මෙය ඕසෝන් ස්තරයයි.








මේවා කොඇසවේට් අංශු වල අඩංගු වුණා.
මේ නිසා කොඇසවේට් අංශු වලට ප්රචලිත වීමේ හැකියාව පැවතුණා. එනම් සමාන පිටපත් හදාගන්න පුළුවන් වුණා. මෙය ප්රාග් සෛල ආකාරයක් ලෙස සැලකෙනවා. මෙම ප්රාග් සෛලය වටේට ලිපිඩ ස්ථරයකින් ආවරණය වෙලා මුල්ම ජීවී සෛලය සම්භවය වෙලා තියනවා…..

මේ ජීවියා ප්රාථමික සෛලයක්. ඒ කියන්නෙ ඒක සෛලික ජීවියෙක්…. 



මේ සෛලය අද පවතින සෛල වලට වඩා ඉතා සරලයි. මේ ඒක සෛලික ජීවියා අජීවී ද්රව්ය වලින් වෙන්වුනේ තම වර්ගයා බෝ කිරීමේ හැකියාවත්, ද්රව්ය වියෝජනය කිරීමේ හැකියාවත් හා කාබනික ද්රව්ය ආහාරයට ගෙන ජීවත්වීමේ හැකියාවත් නිසා ය. ඒවගේම මේ ජීවීන්ට ඔවුන්ගේ ශ්වසනයෙන් වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදා හැරීමේ හැකියාව ද තිබුණා. ක්රමයෙන් පරිණාමයට පත්වීමෙන් හා හරිතලව
වර්ධනය වීමෙන් ප්රථම ප්රභාසංශ්ලේෂී ජීවියාගේ උපත සිදුවුණා. ජීවයේ පැවැත්මට ප්රධාන සාධකය වූයේ මේ ප්රභාසංශ්ලේෂී ජීවියායි. මේ ජීවියාගේ විශේෂිත හැකියාව වූයේ ස්වයංපෝෂී වීමයි
.





“””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””
පෘථිවියේ ආදිතම ජීවියා වසර මිලියන 3100ක් පැරණි ෆොසීල බැක්ටීරියාවක්
බව හඳුනාගෙන තිබෙනවා. ජීව විද්යාඥයින්ට ගැටලුවක් වූ පෘථිවි ජීවයේ රහස සානාථ කිරීමට මෑත යුගයේ විද්යාඥයෙක් වන හාර්වඩ් විශ්ව විද්යාලයේ එල්සෝ බර්ග්හුන් සමත් වුණා. 1985 දී දණ්ඩක් ආකාර බැක්ටීරියාවක් සේ සිතිය හැකි ෆොසීලයක් දකුණු අප්රිකාවෙ සොයා ගැනීමට ඔහු සමත් වුණා. මෙම බැක්ටීරියාවට වසර මිලියන 3100ක් පමණ වන බව පරීක්ෂණ වලින් හෙළි වුණා. මෙම බැක්ටීරියාව ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් උපත ලබන්නට ඇති බව විද්යාඥයින්ගේ මතයයි.







ඒක සෛලික ජීවියාගේ සිට බහු සෛලික ජීවියා දක්වා ගමන් මග ගත් කළ සාගරයේ
ජලජ ජීවියෙක් ලෙස උපත ලැබූ ප්රථම ජීවියා නිර්වායු, විෂමපෝෂී ප්රාග් න්යෂ්ටික සෛලයක් කියන්න පුලුවන්.











සෛලයේ ක්රියාකාරීත්වය සඳහා කුඩා අවයව වන ඉන්ද්රිකාවල වර්ධනයත් සමග සරල සෛල සංකීර්ණ සෛල බවට පත්වුණා. මේ වන විට දියුණු න්යෂ්ටි සහිට ඒක සෛලික ජිවීන් සංකීර්ණ තත්ත්වයය පත්වුණා. තව දිගු කාලයක් යන විට ප්රාග් න්යෂ්ටිකයන් මෙන්ම ‘සූ’ න්යෂ්ටිකයන්ගෙන් තනි සෛල එකට ගොනු වීමෙන් සරල ප්රාග් න්යෂ්ටික බහු සෛලික ජීවීන්ගේ උපත සිදු වුණා. මේ ජීවීන්ගේ දේහය සරල සෛල කිහිලයක් එක් වී සැදී තිබුණා.

මොවුන් බහු සෛලික ජීවීන් ලෙස හඳුන්වන්න පුළුවන්.






පරීක්ෂණාත්මකව ඔප්පු කළ මෙය ස්වභාවික ජීව රසායනික සම්භවය ලෙස හඳුන්වනවා….. 




