ටෙස්ටරය (ඉස්කෝලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ කාලෙ නම් හාන්දුරුවනේ ශිෂ්යයත්වය සමත්වීමට අවශ්ය වූයේ ලකුණු 113කි. මට ලැබුණේ 112කි ලකුණු 1ක් හෝ 2ක් අහිමි කරගත් ඒ ඓතිහාසික ප්රශ්නය මෙසේය.
විදුලි පේනු ආදියෙහි විදුලිය තිබේදැයි දැනගන්නට භාවිත කරන උපකරණය කුමක් ද?
පිළිතුර ටෙස්ටරය බව මම තක්කෙටම දැන සිටියෙමි. නිවසේ විදුලි උපකරණ ආදිය අලුත්වැඩියා කිරීමේ කාර්ය මගේ පියා විසින් පවරාගෙන සිටි අතර ඒ සදහා උපකරණ සොයා දී විදුලිපන්දම අල්ලාගෙන සිටීමේ කාර්ය මට පැවරී තිබුණි. එබැවින් ටෙස්ටරය, ස්පැනරය ආදි මෙවලම් මට අමුත්තක් නොවීය.
එබැවින් ක්ෂණිකව ටෙස්ටරය යනුවෙන් පැන්සලෙන් පිළිතුර ලීවෙමි. ටෙස්ටරය යනු tester යන්නෙන් බිදී එන්නකි. ඉංග්රීසී පදයකින් බිදී ආ තත්සම පදයක් වූ “ටෙස්ටරය” සිංහල මාධ්ය ප්රශ්න පත්රයක යෙදීම සුදුසු නැත. ඒ නිසා “ටෙස්ටරය” යන පිළිතුර අසලින්ම “(පරීක්ෂකය)” යනුවෙන් ලීවෙමි. ඒත් හිතට හරි මදිය. පසුව ටෙස්ටරය හා වරහන් මකා දමා පරීක්ෂකය පමණක් ඉතිරි කළෙමි. ජීවිතේ බොහෝ අවස්ථාවලදී මෙන්ම ශිෂ්යයත්වයද මා විසින් රසට අනාගන්නා ලද්දේ නොදන්නාකම නිසා නොව, පූරුවේ පිනට පහළ වූ බකපණ්ඩිතකම නිසාය. මින් ඉදිරියට අනාගන්නා දරුවන් පිළිබඳව ද මාපියෝ අනුකම්පාවෙන් බලන සේක්වා!

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!