නංගිගේ මනාලයා (01 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අම්මේ ...මේ අරයට කියන්න එළියට නම් එන්න එපා කියලා.එයාව දැක්කොත් එ මිනිස්සු බය වෙයි..එ මිනිස්සු තියා මමත් බයයි මේ මුණ බලන්න.. හරි හරි පොඩ්ඩි බය වෙන්න එපා එ ගැන මං බලාගන්නම් ,යන්න ඔයා ගිහින් ලැස්ති වෙන්න. එ මිනිස්සු මේ මගුලට කැමති වෙනවා තියා බත් ටිකක් වත් කන එකක් නැ මේ මුණ දැක්කම..

01 කොටස
🌹🌹🌹🌹🌹🌹🌹

නංගිගේ මනාලයා

අම්මේ …මේ අරයට කියන්න එළියට නම් එන්න එපා කියලා.එයාව දැක්කොත් එ මිනිස්සු බය වෙයි..එ මිනිස්සු තියා මමත් බයයි මේ මුණ බලන්න..

හරි හරි පොඩ්ඩි බය වෙන්න එපා එ ගැන මං බලාගන්නම් ,යන්න ඔයා ගිහින් ලැස්ති වෙන්න. එ මිනිස්සු මේ මගුලට කැමති වෙනවා තියා බත් ටිකක් වත් කන එකක් නැ මේ මුණ දැක්කම..

මට දැනුනේ මං ගැනම උපන් දුකක්…අම්මගෙයි නංගිගෙයි කතාව මට ඇහුනත් අහගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැ..එයාලා කියන කතාව ඇත්ත.මගේ මුණ බලන්න බැරි තරම් විරුපි වෙලා..අද මගේ නංගී බලන්න මනාලයෙක් එනවා ,එත් මට මේ කාමරෙන් එළියට යන්න බැ.

මං මෙහෙම ඉදපු කෙනෙක් නෙමෙයි.ඉස්සර අප්පච්චි කියන්නේ මගේ ලොකු කෙල්ල රෝස මලක් වගේ ලස්සනයි කියලා. ඉස්සර මං තමයි අපේ ගමේ හිටපු ලස්සන කෙල්ල එහෙම කියන්නෙ මං නෙමෙයි ගමේ අය..මං සුදුයි කොන්ඩේ දණහිසට පල්ලට තියේනවා..

එත්…..දැන් මගේ මුණ බලන්න බැරි තරම් විරූපී වේලා..මුණේ හැමතැනම ගෙඩි,එවා පැසවලා ලොකු වෙලා..ලොකු තුවාල කැලෑල් මුණ පුරාම.දැන් මාව දකින ඕන කෙනෙක් මාව පිළිකුල් කරනවා..

නංගී නම් මං තරම් සුදු නැ.මං තරම් නැති උනත් නංගි සාමාන්ය ගානට ලස්සනයි ..නංගී හැමදාම මගේ රූපේට ඊර්ෂ්යා කරා…එත් දැන් නංගී සතුටු වෙනවා මාව මෙහේම දැකලා..නංගීට හපන් අම්මා..ඉස්සර ඉදන්ම මාව අම්මට පේන්න බෑ.නංගී පොඩි කාලේ ඉදඅ කරේ අම්මට බොරු කේලම් කියපු එක..අම්මා නංගී කියන දේවල් අහලා හැමදාම කරෙ මට ගහපු එක.එත් අප්පච්චි මට හරි ආදරෙයි.අප්පච්චි ඉන්න වෙලාවට අම්මා වගේම නංගිත් මට හරි ආදරෙයි.අප්පච්චි නැති වෙලාවට එයාලගේ වේස් පෙරලෙනවා..

මගේ කල්පනාව බිදුනේ කවුද දොරට ගහම සද්දේට…..

” ලොකූ පුතේ….

මට ඇහුනේ මං හැමදාම අහන්න මග බලාගෙන ඉන්න කටහඩ..

” අප්පච්චි …මං දොර ඇරියම අප්පච්චි කාමරෙට ආවේ..

පුතේ ….පාළුයිද… මං අදයි හෙටයි නිවාඩු …

අනේ ඇත්තද අප්පච්චි ..

ඔව් පුතේ..අපි හෙට යමු හොද දොස්තර කෙනෙක් බලලා බෙහෙත් ටිකක් ගන්න..මගේ කෙල්ල කොහොම ලස්සනට ඉදපු කෙල්ලෙක්ද..

වැඩක් වෙන්නේ නැ අප්පච්චි .කොච්චට බෙහෙත් කරත් වැඩක් නැ.දැන් මට මේවට හුරුයි.

එහෙම කියලා කොහොමද පුතේ..මට බැ මගේ කෙල්ල හැමදාම මෙහෙම ඉන්නවා බලන්න.මං මැරෙන්න කලින් උඹව පිලිවෙලක් වෙනවා බලන්න ඕන..

අනේ අප්පච්චි මට මෙහෙම හොදයි.කව්ද මට කැමති වෙන්නේ,……එත් එක්කම තමයි ලොකු පුතේ කියාගෙන අම්මා කාමරේට ආවේ..

අනේ මං එත් බැලුවා ලොකු කෙල්ල කෝ කියලා.අනේ යමු පුතේ බත් ටිකක් කන්න..මං කොච්චර කියනවද ඒයි කෙල්ලට මේ කාමරේටම වෙලා ඉන්නේ නැතුව ටිකක් එළියට එහෙම එන්න කියලා…

අම්මා එහෙම කිව්වේ මං දිහා කට කොනින් හිනා වෙන ගමන්..

මට අම්මා ගැන පුදුම හිතුනේ නෑ..අම්මා තාත්තා ඉස්සරහා ආදරණීය මවකගේ ජවනිකාව රගදක්වනවා…අනේ අප්පච්චි දන්නවා නම් අප්පච්චි නැති වේලාවට මට කරන වේනස්කම්…..

එකනේ ලොකූ පුතේ අම්මා මට හැමදාම කියනවා කෙල්ල කාමරේටම වේලා ඉන්නවා කොච්චර කිව්වාත් එලියට එන්නේ නැ කියලා…

මං මොනවා කියන්නද..මං කරේ හිනා වේලා නිහඩ උන එක..

මහත්තයා දැන් අර කට්ටිය එනවත් ඇති…අපි යමු ඉස්සරහට …මං ලොකු පුතාට කතාකරා එලියට යමු කියලා…නංගී බලන්න මනාලයෙක් ආවාම අක්කාත් ඉන්න එපැයි.කෝ ඉතිං කෙල්ල කියනවා එලියට එන්න බැරිලු..

උඹට එන්න බැරි නම් කාමරේට වෙලා ඉදපං පුතේ…මං කෑම එකක් අරන් එන්නම්…අප්පච්චි එලියට යනකම් ඉදලා අම්මා මට ලං උනේ…

උඹ මං ගැන මහා එකාට කේලම් කියලා තිබුනොත් උබට තියේන මුණත් නැති කරනවා දැනගනිං..ආහ් උඹ එලියට එහෙම එනවා නේමෙයි ඔය මුණත් තහඩුව අරගෙන..

අම්මා එහෙම කියලා මට ගස්සගෙන එලියට ගියේ…

ආයේ කාමරේ දොර වහාගෙන මං කරෙ අඩපු එක..

අඩලාම මට නින්ද ගිහින් ,මට ඇහැරෙන කොට නංගි බලන්න ආපු අය ගිහිල්ලත්..අනෙ නංගිට හොඳ කෙනෙක් ලැබුනොත් හොදයි.. මගේ හිතේ නංගි ගැන පුංචි තරහක් වත් නැ.මේ මං ලබපු හැටි..එත් මට තවමත් හිතාගන්න බැ මට මෙහෙම උනේ කොහොමද කියලා…

අම්මා මං අරයට කැමතියි ..එයා හරිම අඩම්බරයි..අම්මලා කිව්වනේ මට එයා එක්ක කතා කරන්න කියලා,මාත් එක්ක හිනා උනේ වත් නැ.

එහෙම තමයි පොඩි හැදිච්ච කොල්ලො.උඹ කැමති උනාට එ ළමයා කැමතිද කියලා කවුද බං දන්නේ…

ඔව් අම්මා එයා කියනවා එයා කැමති නැලු.මට කියන්නලු මං මේකට කැමති නැ කියලා.එ මොනවා උනත් මට එයාව ඕනේ අම්මේ මොනවා හරි කරලා…

එක පස්සේ බලමු..දැං රෑට කෑම කාලා ඉන්න..අරකි මේ පැත්තට ආවොත් අපිටත් කෑම එපා වේනවා බං..

අනේ අම්මා මේ මට නම් දැක්කත් වමනෙට එනවා.බැරිද කොහේ හරි යවන්න.ඉස්සර හිතාගෙන හිටියේ එයා රූප සුන්දරි කියලනේ…හොඳ වැඩේ….

කෙල්ලේ කට පරිස්සමට කතා කරපං මහා එකා ගෙදර ලියලා අමතක උනාද….

අම්මො…මට එක අමතක උනානේ…ඇහුනොත් අපිව එලවලා දායි…

” මං කොහොමද දෙයියනේ මේවා අහගෙන ඉන්නේ..මං මැරිලා වත් යන්නේ නැති හැටියක්……

 

මධු භාෂි
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (22 කොටස)
නංගිගේ මනාලයා (23 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!